:: Chalke Teri Aankhon Se.. කළ්‍යාණියේ ඔබ නෑසූ.. ::



ඔන්න ඉතින් ආයෙත් ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන ආවේ මාසෙකින් විතර.. ඉස්සර වගේ වැඩිපුර ලිපි ලියවෙන්නැති එක ගැන නම් අහිතක් හිතන්න එපා..

"චල්කේ තෙරි ආන්කෝන් සේ..
ශරාබ් ඔර් ස්යාදා..
කිල්තේ රහේ හෝටෝන් සේ..
ගුලාබ් ඔර් ස්යාදා.."

"ඔබගේ දෙනෙතින් මධුවිත වෑහේ..
මදක් වැඩියෙන්..
ඔබගේ දෙකො‍පුලෙන් රෝසමල් විකසිත වේ..
මදක් වැඩියෙන්.."

අද අරගෙන ආවේ 1965 තිරගත වුන "ආර්සූ" (Arzoo) චිත්‍රපටියේ ජනප්‍රිය ගීතයක්.. රාමනන්ද් සාගර් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ "ආර්සූ" කියන නමේ තේරුම "පැතුම" යන්නයි.. ජීවිතයයි ඉරණමයි පරදවලා ආදරය ජයග්‍රහණය කරන හැටි තමයි මේ කථාවේ අන්තර්ගතය වුනේ.. සුපිරි නළු නිළි යුවලක් වුන රාජේන්ද්‍ර කුමාර් සමග සධානා ප්‍රධාන චරිත වලට රඟපෑවා.. ෆේරෝස් ඛාන් තමයි දුෂ්ඨයාගේ චරිතේ රඟපෑවේ.. ෆේරෝෂ් ඛාන් කියන්නේ අද සුපිරි නළුවෙක් වන ෆර්ඩීන් ඛාන්ගේ තාත්තා.. ඉතින් 1965 වර්ෂයේදී බොක්ස් ඔෆිස් වාර්තා තබපු මේ චිත්‍රපටි‍ය එම වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ සම්මාන 05කට පවා නිර්දේශ වුනා.. ශංකර් - ජයකිශන් සහෝදර යුවළගේ සංගීතයෙන් හැඩවුනු මේ චිත්‍රපටියේ ගීපද ලියවුනේ හස්රත් ජයපුරීගෙන්.. සුපුරුදු විදිහට ගායනය මොහොමඩ් රාෆි මහත්මයාගෙන්.. ඔන්න පහලින් අහන්න බලන්න බාගන්න අවශ්‍ය පහසුකම් තියෙනවා..



චල්කේ තෙරී ආන්කෝන් සේ.. - මොහොමඩ් රාෆි


"කළ්‍යාණියේ ඔබ නෑසූ කථාවාක් කියන්නම්..
ඇත්තයි එය මම දිවු‍රා.. කෙසේදෑ කියන්නම්.."

දැන් මතක ඇති නේද සිංහල කොපිය මොකක්ද කියලා.. ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරන මේ ගීතයේ පද ලියවුනේ කරුණාරත්න අ‍බේසේකර මහත්මයාගේ අතින්.. අද වෙන කොට චලක චමුපති, ප්‍රියංකර පෙ‍රේරා යන පුතුන් දෙදෙනාම මේ ගීතය අපූරුව‍ට ගායනා කරනවා.. හින්දී ගීයට වඩා මේ ගීය අපිට බොහොම සමීප ගතියක් දැනෙනවා.. ඒත් පහලින් තියෙන එම්.පී.3 එක නම් නව රිද්මයට තියෙන නිසා එච්චරම හරි නෑ වගේ.. ඒත් පහලින් තියෙන දෙරණ ලිට්ල් ස්ටාර් වල පසිඳු සචින්ත ළමයා නම් හරි අපූරුවට සජීවීව ගායනා කරනවා.. ඒ වගේමයි උදෙශ් ඉන්දුලත්..





කළ්‍යාණියේ ඔබ නෑසූ.. - මිල්ටන් පෙරේරා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Teri Pyari Pyari... ඔ‍බ වේවා වේවා පහන මගේ.. ::



ඔන්න අළුත් මාසේ අළුත්, ඒත් සෑහෙන්න පරණ සින්දුවක් අරගෙන ඔන්න ආවා...

"තෙරි ප්යාරී ප්යාරී සූරත් කෝ
කිසීකී නසර් නා ලගේ.."

සිංහල ‍තේරුම:

"ඔබේ ඔය ලස්සන සොඳුරු වතට
කිසිවෙකුගේ ඇස්වහක් නොවදින්න.. "

1960 වර්ෂයේ ටී. ප්‍රකාශ් රාඕ අධ්‍යක්ෂණය කල "සසුරාල්" චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. 1959 තිරගත වුන "ඉල්ලරිකම්" යන චිත්‍රපටියේ හින්දි පිටපත තමයි "සසුරාල්" කියන්නේ.. රාජේන්ද්‍ර කුමාර් සමග බී. සරෝජා දේවී ප්‍රධාන චරිත වලින් මේ චිත්‍රපටියට දායක වුනා.. සුපුරුදු විදිහට ශංකර්-ජයකිශන් සහෝදර දෙපල තමයි සංගීතය අධ්‍යක්ෂණය කලේ.. ගීතය ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. ඒ වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම ගීතයට තේරුනෙත් මේ ගීතයමයි..

ඔන්න පහලින් බාගන්න බලාගන්න අවස්ථාව තිබේ..



තෙරී ප්යාරී ප්යාරී - සසුරාල්

-----------------------------------------------------------------------------------------


ඉතින් මේ ගීතයේ සිංහල පිටපත තමයි මේ..

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී...

ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා 1961 වර්ෂයේ තමයි මුලින්ම මේ ගීතය ගායනා කලේ.. අදටත් සෑහෙන්න ජනප්‍රියයි.. පෙරේරා මහත්තයාගේ පුතුන් දෙදෙනා වන ප්‍රියංකර පෙරේරායි චලක චමුපතියි දැන් මේ ගීය ගායනා කරනවා..

ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා.. නව රිද්ම ආකාරයට..


ඔබ වේවා වේවා පහන මගේ
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Duniya Hase.. නිල් අහසේ උමතු වළා.. ::




ඔන්න දින කීපකයට පස්සේ තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීතයක් සහ ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත් අරගෙන රජරට පුත්‍රයා ආවා..

අද ගෙනාවේ මෙන්න මේ ගීතය.. මතකද බලන්න..

"දුනියා හසේ..
හසිති රහේ..
මේහු ගන්වාර්..
මුජේ සබ්සේ හේ ප්යාර්.."

මෙන්න මේකයි ඒ පද කීපයේ සිංහල තේරුම..

"ලෝකයා සිනාසෙයි..
සිනාසෙමින් සිටී..
කවටයෙකි මා..
හැමදෙනා මා හා ලබැඳියි.."

1970 භාරතයේ තිරගත වුනු නරේෂ් කුමාර් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කල "ගන්වාර්" (Ganwaar) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. රාජේන්ද්‍ර කුමාර් "ගෝපාල්" යන චරිතයෙනුත් වෛජයන්ති මාලා "පාරෝ" යන චරිතයෙනුත් ‍හැඩගැන්වුනු මේ චිත්‍රපටියේ සුපුරුදු විදිහට දුෂ්ඨයාට රඟපෑවේ ප්‍රාන්.. නවුෂාඩ්ගේ සංගීතයෙන් හැඩවුනු මේ චිත්‍රපටියේ මේ ගීය ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. ඔන්න පහලින් අහන්න බාගන්න අවස්ථාව තියෙනවා වෙනදා වගේම...



දුනියා හසේ - මොහොමඩ් රාෆි






දැන් නම් ඉතින් මතක ඇති මේකේ සිංහල ගීතය මොකක්ද කියලා.. පහුගිය වතාවේ ලිපියේ තිබුනු "මේ දෑස කුමටද" චිත්‍රපටියේම අඩංගු වුන ගීතයක් තමයි මේක..

"නිල් අහසේ.. උමතු වළා..
ගොළු වී දුක සේ පා වෙනවා..
ගිම්හානේ හිරු නැගලා..
පිපුණු කුසුම් පෙති පරවෙනවා.."

1972 තිරගත වුන "මේ දෑස කුමටද? චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ තාත්තා) අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න හැකියාවක් ලැබුනා.. විජය කුමාරණතුංග සමග මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ..

සුපුරුදු විදිහට එච්. ආර්. ජෝතිපාල මහත්මයා තමයි මේ ගීතයත් ගායනා කරන්නේ.. හැබැයි අද නම් ඔන්න බලන්න චිත්‍රපටියේ ගීතයවත් වෙන කෙනෙක් කියන එක වත් නෑ.. ඒත් බාගන්න ඕනේ නම් පහලින් සබැඳිය දීලා තියෙනවා.. නව සංගීතයටත් පරණ ඔරිජිනල් එකත් දෙකම තියෙනවා.. මම නම් අනුමත කරන්නේ පරණ එක.. අහලාම බලන්නකෝ..

නිල් අහසේ උමතු වලා - එච්. ආර්. ජෝතිපාල (නව සංගීතය)


නිල් අහසේ උමතු වලා - එච්. ආර්. ජෝතිපාල (පැරණි සංගීතය)
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Aulad Walo.. සෝබාව හංගා මේ ලෝ තලේ.. ::



හරියටම දවස් දෙකකට පස්සේ තවත් ගීතයක් ලබා දෙන්න තරම් උනන්දුවක් ඇති වුන එක ගැන මටම සතුටුයි.. පහුගිය මාස කීපයේ ලිපියක් ලියන්න බැරි වුන නිසා පැරණි හින්දි ගී රසික රසිකාවියෝ කීපදෙනෙක්ම මග ඇරෙන්න ඇති.. ආපහු ඒ අය දැනුවත් කරන්නත් එක්ක තමයි මේ ළඟ ළඟ ලිපි ලියන්න හිතුනේ..

හරි.. ඔන්න අද ගෙනාවේ අති ජනප්‍රිය අදටත් එක එක වැඩසටහන් වල ඒ වගේම වේදිකාවෙත් ඇහෙන ජනප්‍රිය පැරණි හින්දි ගීතයක්.. බලන්න මතකද කියලා...

ඕලාද වාලෝ පූලෝ බලෝ..
ඕලාද වාලෝ පූලෝ බලෝ..

බූකේ ගරීබ් කී යේ හී දුවාහේ..
ඕලාද වාලෝ පූලෝ බලෝ...

මේ වචන පෙලේ තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්..

"දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..

සාගින්නේ පෙළෙන දිළිඳන් මෙසේ ප්‍රාර්ථනා කරයි..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා.. "



1969 භාරතයේ තිරගත වුන අති ජනප්‍රිය "ඒක් පූල් දෝ මාලික්" (Ek Phool Do Mali) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. මේ නමේ තේරුම "එක මලයි.. අයිතිකාරයෝ දෙන්නයි" කියන එක.. සංජේ ඛාන්, බල්රාජ් සාහ්නී සමග සධානා ශිව්දාසනී තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. වැඩිය ජනප්‍රිය නළු නිළියෝ නොවුනට අති සාර්ථක රංගනයක් කලා කියන්න පුළුවන්.. ලංකාවේ මේ චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැති තරම්.. අපේ තාත්තා 12 වතාවක් මේ චිත්‍රපටිය බලලා තියෙනවා.. ඉතින් හිතා ගන්න පුළුවන් ඇතිනේ චිත්‍රපටියේ ජනප්‍රියත්වය.. ඒ වගේම මේ චිත්‍රපටියේ ගීත 08ක් අඩංගු වෙලා තිබුනා.. රවි ශංකර්ගේ සංගීතයෙන් තමයි ඒ ගීත සියල්ලම හැඩ වුනේ.. ‍මේ ගීතයේ පද ටික ලියැවුනේ නම් ප්‍රේම් ධවාන් ගෙන්.. සුපුරුදු පරිදි ගායනය මොහොමඩ් රාෆිගෙන්, යුග ගායනය ආශා බෝස්ලේගෙන්.. අහලා බලන්නකෝ ආශා බෝස්ලේගේ කටහඬ ඉස්සර.. හරිම ලස්සනයි.. ඔන්න පහලින් බාගන්නත් බලාගන්නත් පුළුවන්...



ඕලාද් වාලෝ - Aulad Walo







හරි අපි දැන් බලමු මේ තනුවට ගායනා වුන සිංහල ගීතය මොකක්ද කියලා.. ඔන්න බලන්න මතකද කියලා..

සෝබාව හංගා මේ ලෝ තලේ...
ආලෝකයෙන් මා ඇයි වෙන්කලේ..
අනුකම්පා නැති දෛවේ හිනාවේ..
සෝබාව හංගා...

1972 තිරගත වුන "මේ දෑස කුමටද? චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ තාත්තා) අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න හැකියාවක් ලැබුනා.. විජය කුමාරණතුංග සමග මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. හින්දි එක යුග ගීයක් වුනාට මේ සිංහල ගීය නම් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා විතරයි.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා.. බලන්න චිත්‍රපටියේ ගීතය නම් නෑ.. ළඟදී ගිය ස්ටාර් වැඩසටහනක යූටියබ් එකක් නම් තියෙනවා.. කැමති නම් බලන්න..

එහෙනම් ගිහිං එන්නම් තවත් සින්දු දෙකක් අරගෙන.. :)

බලන්න ඕනේ නම් යූටියබ්

සෝබාව හංගා - Sobawa Hanga
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Aajab Hai Malik.. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි.. ::



හරියටම මාස තුනකටත් වැඩි කාලෙකට පස්සේ තමයි ඔන්න අළුත් ගීතයක් අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. මුලින්ම සමාව ඉල්ලලා ඉන්නවා මාස තුනක නිහැඬියාවට..

ඔන්න අද අරගෙන ඇවිත් තියෙන්නේ තවත් ජනප්‍රිය ගීතයක්..

ආජබ් හේ මාලික් තෙරා ජහාන්
චිරාග් කහා රෝෂනී කහා...
ආග් ලගේ නහී උටේ දුවා
චිරාග් කහා රෝෂනී කහා...

ගොඩක් අය මේ ගීතය අහලා ඇති.. ඒත් දැකලා නම් නැතුව ඇති.. 1959 තිරගත වුන "චිරාග් කහා රෝෂනී කහා" (Chirag Kahan Roshni Kahan) කියන චිත්‍රපටියේ තේමා ගීතය තමයි මේ.. මේ නමේ තේරුම "පහන කොහේද ? නමුත් ආලෝකය කොහේද ?" කියන එක.. දේවේන්ද්‍ර ගොඒල් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ හින්දි සිනමාවේ කඳුලු බින්දුව මීනා කුමාරි එක්ක රාජේන්ද්‍ර කුමාර්... රවි ශංකර් මහත්තයා සංගීතවත් කල මේ ගීතය ගායනා කරන්නේ සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා.. 1960 වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළියට සහ හොඳම කථාවටත් නිර්දේශ වුනා.. ඔන්න පහලින් බාගන්නත් බලා ගන්නත් අවස්ථාව තියෙනවා..



ආජබ් හේ මාලික් තෙරා ජහාන්...





ඉතින් පස්සේ කාලෙක මේ චිත්‍රපටියම සිංහ‍ලින් දෙබස් කවලා ලංකාවේ ප්‍රදර්ශණය වුනා "මගේ පුතා" නමින්... මේ ගීතය මේ ආකාරයෙන්ම පරිවර්තනය වෙලත් තිබුනා.. කාටත් මතක ඇති...

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
පහණ ළඟයි ආලෝකේ දුරයි...

මේ ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි මහත්තයා.. ඔන්න කැමති අයට පහලින් බාගන්න එහෙම පුළුවන් ඔන්න..

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Do Din Ke Liye.. ලෝ අම්බලමේ.. ::






හරියටම මාසෙකට පස්සේ තමයි ඔන්න අළුත් ලිපියක් අරගෙන එන්නේ.. රජරට පුත්‍රයා මුලින්ම සමාව ඉල්ලා සිටිනවා පමාවට..

ඉතින් පහුගිය කාලේ රාජකාරී වැඩ කෝටියක් තිබුනා.. ඒ අතරෙදි අපේ බ්ලොග් සහෘද‍යන් කීපදෙනෙක්ම මුණගැහෙන්නත් වෙලාවක් කලාවක් ලැබුනා.. ඒ අතරින් අපේ නොදරුවා එක්ක සෑහෙන ලොකු චැට් එකක් දාන්න ලැබුනා රංගි අක්කලාගේ ගෙදර රට බීම බෝතල් බාගයක් හිස් කරන ගමන්ම.. මේ චැට් එකට නොදරුවාගේ බිරියයි, අපේ ආගන්තුකයායි, ඇබ්නොර්මල් මලීයායි, පිස්සු අසංකාත් සෙට් වුනා.. විශ්ව සංගීත සාගරයම කළඹලා වොඩ්කා වලට සැන්ඩි කරලා බිව්වා කිව්වොත් ලාවට වගේ හරි.. :P ඉතින් නොදරුවා කියන්නේ ම‍ගේ මේ බ්ලොගේ හොඳ ෆෑන් කෙනෙක්.. ෆෑන් කෙනෙක් නෙමෙයි ඒ.සී. මැෂින් කෙනෙක්.. :D අද දාන මේ ලිපිය නොදරුවා වෙනුවෙන් දාන්නේ ඔන්න...

1951 තිරගත වුනා "බාදල්" (Badal) කියලා චිත්‍රපටියක්.. මධුභාලා එක්ක ප්‍රේම්නාත් තමයි ‍ප්‍රධාන රංගන යුවල වුනේ.. අමියා චක්‍රබෝර්ති තිර රචනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කථාව එංගලන්තේ රොබින් හුඩ්ගේ කථාවේ ඉන්දියානු පිටපත කිව්වොත් හරි.. හරිම ලස්සන ගීත කීපයක් මේකේ අඩංගු වුනා.. ඒ අතරින් මෙන්න මේ ගීතය ඒ කාලේ සෑහෙන ජනප්‍රිය වුනා..

"දෝ දින් කේ ලියේ මෙහෙමාන් යහා.. මාලූම් නහී මන්සිල් හේ කහා.. "

ශෛලේන්ද්‍ර ලියපු ලස්සනම ලස්සන පද වලට ශංකර්-ජයකිෂන්ගේ සංගීතය මුහු කරලා ලතා මංගේෂ්කාර්ගේ මියුරු හඬින් ගැයෙන මේ ගීතය ඔන්න පල්ලෙහායින් අහන්න බලන්න විඳින්න පුළුවන්..



ඇත්තටම මම මේ හින්දි සින්දුව මෑතකදි තමයි අහුවේ.. මුලින්ම අහලා තිබුනේ මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය.. මම සෑහෙන කාලෙක ඉඳලා මේ සිංහල ගීතයට ආසයි.. මං හිතං හිටියේ මේක ඔරිජිනල් සිංහල සින්දුවක් කියලා.. කොහෙද.. බලද්දි මේකත් කොපියක් නෙව.. හරි හරි දැන් බලමුකෝ මොකක්ද මේ සිංහල "එක" කියලා..

ලෝ අම්බලමේ ඉඳලා යනවා..
නිසි පාර සොයා ආගන්තුකයා..
දෙයි මාන බලා කරුමේ පහරා..
මේ ජීවිතයේ කොයි ස්ථීරතා..

පිණි බින්දු වගේ බිඳි යාවී සැනේ..
මේ නිසරු කයේ අපි ආලේ කලා..
කරුමේ කලේ මේ කිමදෝ අනේ අහෝ.. //
මේ මාව දමාලා යන්නේ කොහේ..

ගිණි දැල්ල නගින්නා සොහොන පුරා..
දුම් කන්ද නගී ආකාසේ කරා..
ගිණි දැල්වීලා ආවේ හර්දේ පලා..
පව්කාර මගේ පව් පලදේ අහෝ..
මේ ජීවිත‍යේ කොයි ස්ථිරතා..

සංසාර දුකෙන් මිරිකීම තමා..
ලෝකේහී සොබාදහමේ නියමා..
මරණේට ආ දා යායුතුයි ඔව්..
මරණේට ආ දා යායුතුයි..
ධර්මේ නමුත් සැනසෙන්නේ කෙසේ..

ලෝ අම්බලමේ ඉඳලා යනවා..
නිසි පාර සොයා ආගන්තුකයා..

මේ ගීතයේ පද ටික ඔක්කොම මම මුලින්ම කියව්වේ අපේ ලොකු නැන්දාගේ දිනපොතේ ලියලා තිබිලා.. නැන්දාගේ ජීවිත කථාව ලියාගෙන යන ගමන් මැද මේ පද ලියලා තිබුනා.. මට අවුරුදු 12ක් විතර ඇති එතකොට.. මට පුදුම විදිහට ආස හිතුනා මේ පද වලට.. අදටත් මම මේ සින්දුවට ආසයි..

1957 තිරගත වුන "ජීවිත සටන" චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ශාන්ති කුමාර් එක්ක සීතා ජයවර්ධන ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් ශාන්ති කුමාර්මයි.. මේ ලස්සන ගීතය ගායනා කලේ දකුණු ඉන්දියාවෙන් පැමිණි "ජික්කි" කියන ගායන ශිල්පිණිය..

ඉතින් පස්සේ කාලෙක මේ සින්දුව හොයද්දී මට හම්බුනා මුල් කොපියම රජරට සේවේ කාලයක් වැඩ කරද්දී.. පස්සේ කාලෙක මේක නන්දා මාලනී මහත්මිය හරි අපූරුවට ගායනා කරලා තිබ්බා කිසිම හානියක් නොකරම.. ඔන්න ඒ ගීතය තියෙනවා පල්ලෙහායින් බාගන්න.. තව යුටියුබ් විඩියෝ එකක් තියෙනවා ඔය රියැලටි තරඟෙකදි ගායනා කරපු.. නමුත් ඒක embed කරලා දාන්න බෑ.. කැමති නම් ගිහින්ම බලන්න ලින්ක් එක තියෙනවා ඔන්න..

අදට එච්චරයි.. තව සින්දු ටිකක් අරං පුළුවං ඉක්මනට එන්නම් ඕං.. බායි කිව්වා..

ලෝ අම්බලමේ ඉඳලා යනවා - නන්දා මාලනී

ලෝ අම්බලමේ ඉඳලා යනවා - යූටියුබ් වීඩියෝ එක
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Kusoor Aap Ka.. කොළොම්පුරේ ශ්‍රියා..::







කාලෙකින් තමයි ඔන්න සින්දුවක් දෙකක් අරගෙන මේ පැත්තේ එන්න ලැබුනේ.. හැම පැත්තටම දැන් ගංවතුරලුනේ.. දැනට සති දෙක තුනකට කලින් ඉහෙන් කටින් ගලන්ඩ දාඩිය දැම්මා.. දැං ඔන්න ගෙවල් උතුරන්ඩ ගංවතුර ගලනවා.. අනිච්චේ දුක්ඛේ කිව්වලු.. හරි හරි කාලීන සිදුවීම් ඇති.. දැන් කාලීන සිදුවීම් අලලලා ලස්සනම ලස්සන අදටත් ජනප්‍රිය පට්ට පරණ සින්දුවක් දෙකක් දෙන්ඩ තමයි ඔන්න හදන්නේ..

මේ දවස් වල ඉතින් වෑර්ලස් එකෙයි රූපපෙට්ටියෙයි යන්නෙම කොළොම්පුරේ ගංවතුර ගැනනේ.. ඉතින් මට හිතුනා "කොළොම්පුරේ ශ්‍රියා" සින්දුව ගැන පොඩි හෙළිදරව්වක් කරන්න.. ඇත්තම කිව්වොත් සුපුරුදු විදිහට මේකත් ඔරිජිනල් හින්දි කොපියක්..

"කොළොම්පුරේ ශ්‍රීයා.. කොළොම්පුරේ ශ්‍රීයා..
බොහොම ලස්සනයි.. කොළොම්පුරේ ශ්‍රීයා.. ශ්‍රීයා.."

1952 එස්. එස්. වේදා කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල ලංකාවේ තිරගත වුන "උමතු විශ්වාසය" චිත්‍රපටියේ තමයි මේ සින්දුව අඩංගු වුනේ.. රුක්මනී දේවී හා එඩී ජයමාන්න යුවල තමයි රංගනයෙන් දායක වුනේ.. ඒ වගේම එඩී ජයමාන්නමයි ගායනයත් කලේ.. '47 දී "කඩවුනු පොරොන්දුව" දීලා '52 දී "උමතු විශ්වාසය" ක් කොලා බයක් සැකක් නැතුවම.. :D

ඒත් ඉතින් කරුමෙට මේ සින්දුව රූපත් එක්ක මුල් පිටපත හොයාගන්න නෑ.. ඒත් වාසනාවකට ඒ සින්දුව පස්සෙ කාලෙක ඩෙස්මන්ඩ් සිල්වා ගායනා කරන එක රූපත් එක්කම තියෙනවා.. ඔන්න පල්ලෙහායින් බලාගන්න පුළුවන්..




හරි අපි දැන් බලමු කොළොම්පුරේ ශ්‍රියා හැදුවේ මොන තනුවෙන්ද කියලා..

"කුසූර් ආප් කා.. හුසූර් ආප් කා..
මේරා නාම් ලී ජීයේනා මේරේ බාප් කා.."

1951 උත්තර භාරතයේ තිරගතවුන "බහාර්" (Bahaar) චිත්‍රපටියේ තමයි මේ ලස්සන සින්දුව අඩංගු වෙලා තිබුනේ.. කරන් දීවාන්, වෛජයන්ති මාලා සමග ප්‍රාන් තමයි ප්‍රධාන චරිත වලට රඟපෑවේ.. වෛජයන්ති මාලා රිදී තිරයට ආපු මුල්ම මුල් කාලේ තමයි මේ.. දැක්කට අඳුරන්නත් බෑ වගේ.. එච්චරට වෙනස්.. ඉතින් මේ සින්දුව ගායනා කරන්නේ කිෂෝර් කුමාර්.. කිෂෝර් කුමාර් මහත්තයත් මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ නිසා කටහඬ හරි අමු පාටයි.. අහලම බලන්නකෝ.. ඉතින් මේ සින්දුව මේ චිත්‍රපටියේ දෙපාරක් ගායනා කෙරෙනවා.. දෙවනි පාර ගායනය වෛජයන්ති මාලා.. හරි ලස්සන සින්දුවක්.. ඔන්න දෙකම බලන්න පල්ලෙහායින්..

තව ලස්සනම ලස්සන ජනප්‍රියම ජනප්‍රිය සින්දු ගෝනියත් අරගෙන ඉක්මනටම එන්නම්.. රජරට පුත්තරයා ඔන්න බා.....යි.. කිව්වා..



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Beegi Beegi.. සිඳි බිඳි ආදරේ.. ::



ඔන්න සති දෙකකට විතර පස්සේ තමයි රජරට පුත්‍රයා ශ්‍රී ලංකාවේ ‍ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අපේ රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. අළුත් අවුරුද්දෙන් පස්සේ වැඩ කන්දරාවක් තිබුන හින්දා ලිපියක් ලියන්න වෙලාවක් කලාවක් හොයා ගන්න අපහසුවෙන් හිටියේ.. දැනුත් වැඩ තිබුනත් ඔළුවට පොඩි නිදහසක් ඕනේ නිසා ලිපියක් ලියන්න හිතුවා..

අද අරගෙන ආවේ මෑතකදී සිංහල පද යොදා ගැයුනු මේ දවස් වල සෑහෙන ජනප්‍රිය ගීයක්.. නමුත් මේ මුල් තනුව අඩංගු ගීය නම් ටිකක් විතර පරණයි.. බලන්න මතකද කියලා..

"බීගී බීගි රාතොන් මේ..
මීටි මීටි බාතොන් මේ..
ඒසී බරසාතෝ මේ..
කේසා ලගතා හේ.."

1974 වර්ෂයේ ශක්ති සමන්තා අධ්‍යක්ෂණය කරපු ගිරිජා සමන්තා නිෂ්පාදනය කරපු "ආජ්නාබී" (Ajnabee) චිත්‍රපටියේ තමයි මේ ලස්සන ආදර ගීතය අඩංගු වුනේ.. රාජේශ් ඛන්නා සමග සීනාත් අමාන් තමයි ප්‍රධාන යුවළ විදිහට රංගනයෙන් දායක වුනේ.. මේ යුවළ අදටත් ජීවතුන් අතර ඉන්නවා බොහොම හොඳන්.. ඒ වගේම ප්‍රේම් චොප්රා, අස්රානී, මධන් පූරි යන අයත් මේ චිත්‍රපටියේ රඟපෑවා.. රාහුල් දේව් බර්මන් නොහොත් ආර්. ඩී. බර්මන් මහත්තයා තමයි සංගීත අධ්‍යක්ෂණය කලේ.. මේ ගීතය ගායනා කලේ කිශෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් නෝනා.. පල්ලෙහායින් බාගන්න බලන්න අහන්න අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහට..



බිගී බීගී රාතෝන් මේ.. - ආජ්නාබී

ඉතින් මේ ගීතය මෑතක ඉන්දියාවේ රීමික්ස් එකක් විදිහටත් එළියට ආවා.. ලෙස්ලි ලෙවිස් කියලා ගායකයෙක් හා අනූපමා වර්මා කියලා ගායිකාවක් නව සංගීතයට මේ ගීය ලස්සනට ගායනා කරන හැටි පල්ලෙහායින් බලා ගන්න පුළුවන් ඔන්න..




දැන් නම් ඉතින් සිංහල ගීය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න උවමනා නෑනේ.. මේ ලස්සන හින්දි මුල් තනුව යොදා ගෙන කවීශ කවිරාජ් සමග බේබි ශානිකා නැත්නම් ශානිකා වනිගසේකර තමයි මේ ගීතය ගායනා කරන්නේ.. 2009 වර්ෂයේ මුල් භාගයේ විතරදී තමයි මට මතක හැටියට මේ ගීතය එළි දැක්වුනේ.. මුල් ගීයට තනුවට හානියක් නොකර හරිම ලස්සනට කවීශ හා ශානිකා මේ ගීතය ගායනා කරලා තියෙනවා.. මේ ගීතයේ එම්.පී.3 එක හොයාගන්න පුළුවන් වුනාට තාම වීඩියෝ එකක් නම් නෑ.. එහෙනම් අපි ගියා ඔන්න.. ජය..

සිඳී බිඳී ආදරේ - කවීශ කවිරාජ් සමග ශානිකා වනිගසේකර
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Maan Jaiyee.. ජීවනයේ මීවනයේ.. ::



ඔන්න සිංහල / හින්දු අළුත් අවුරුද්දට පස්සේ අද තමයි තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන එන්නේ.. මේ ගීතයේ තනුවට ගැයුණු සිංහල ගීතය නම් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඒත් මේ මුල් ගීය ගොඩක් අය අහලා නැතුව ඇති.. අද මේ ගීය පළකරන්න හිතුනේ අපේ අසංකා සොයුරිය ට්වීටරේ මේක කොඳුරපු නිසා.. :)

"මාන්ජයියේ.. මාන්ජයියේ.. බාත් මෙරි දිල් කී මාන්ජයියේ.."
"පිළිගන්නකෝ.. පිළිගන්නකෝ.. මගේ හදවත පවසනා දේ පිළිගන්නකෝ.."

1970 වර්ෂයේ තිරගත වුනු "හිම්මත්" (Himmat) චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුලත් වුනේ.. රවිකාන්ත් නාගයිච් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කථාව එස්. එම්. අබ්බාස් ගේ.. ජීතේන්දු සමග මුම්තාස් ප්‍රධාන චරිත රඟපෑවා.. දුෂ්ඨයාගේ චරිතේ රඟපෑවේ ප්‍රේම් චොප්රා.. මේ ගීයේ සංගීතය ලක්ෂ්මිකාන්ත් - ප්යාරේලාල් සහෝදර යුවලගෙන්.. පද රචනය ආනන්ද් බක්ෂිගේ.. සුපුරුදු විදිහට ගායනා කරන්නේ මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්..



මාන්ජයියේ මාන්ජයියේ - හිම්මත් (Maan Jaiye Maan Jaiye - Himmat)





හරි දැන් මතකයි නේද මේ තනුවට ගැයුනු සිංහල ගීතය ? මෙන්න මේකද බලන්න..

"ජීවනයේ.. මීවනයේ.. පෙම් ඵල රස ලැබ දෙයි නිබදේ.."

70 දශකයේ තිරගත වුන තුෂාරා චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. විජය - මාලිනි යුවල රඟපෑ මේ චිත්‍රපටිය නම් කොයි කාටත් මතක ඇති.. මෑතකදි මේ චිත්‍රපටය නැවත නිෂ්පාදනයකුත් සිදුවුනා.. ඇන්ජලීන් ගුණතිලක නෝනත් එක්ක අපේ හදවත රත්තරං ‍ජෝතිපාල මහත්තයා ගායනා කරන මේ ගීතය අදටත් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඔන්න පල්ලෙහායින් බලන්න අහන්න බාගන්න අවශ්‍ය පහසුකම් තියෙනවා ඔන්න.. තවත් ගීයකින් මුණගැසෙමු.. :)




ජීවනයේ.. මීවනයේ.. - තුෂාරා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Dil Ko Dekho.. අවුරුදු ආවා නව අවුරුදු ආවා.. ::



ඔන්න අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ලබන්නා වූ සිංහල හින්දු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරුණු සෞභාග්‍යමත් එකක් වෙන්ඩ කියලා මුලින්ම රජරට පුත්‍ර්‍රයා ප්‍රාර්ථනා කරනවා...

අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය ගීතයක මුල් ගීය.. බලන්ඩ මතකද කියලා..



දිල්කෝ දේකෝ.. චෙහෙරා නා දේකෝ..
චෙහෙරෝනේ ලාකෝකෝ ලූටා..
දිල් සච්චා ඕර් චෙහෙරා ජූටා...

හදවත දිහා බලන්න.. මුහුණ දිහා නොබලන්න..
මුහුණු වලින් ලක්ෂ ගණන් අය රැවටිය හැකියි..
හදවතයි සත්‍යය.. මුහුණු බොරුවයි..

1970 වර්ෂයේ "මන්මෝහන් දේසායි" අධ්‍යක්ෂණය කරපු "සච්චා ඡුටා" (Sachcha Jhutha) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගුවුනේ.. රාජේශ් ඛන්නා ද්විත්ව චරිත රඟපෑ මේ චිත්‍රපටියේ මුම්ටාස්, විනෝද් ඛන්නා යන නළු නිළියනුත් රංගනයෙන් දායක වුනා.. 1970 වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවපු චිත්‍රපටියක් මේක.. ඒවගේම 1971දී හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයා සම්මානයත් රාජේශ් ඛන්නාට ලැබුනේ මේ චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන්.. කිෂෝර් කුමාර් ගායනා කරන මේ ගීතයට සංගීතය මුසු කලේ කළ්‍යාන්ජී-ආනන්ද්ජී සහෝදර යුවල.. ඔන්න පල්ලෙහායින් බලාගන්න පුළුවන්.. එවගේම බාගන්නත් පුළුවන්..



දිල්කෝ දේකෝ - සච්චා ඕර් ජූටා



හ්ම්... දැන් අපේ රසික රසිකාවියොන්ට පැටලිලා ඇති නේද මොකක්ද ‍මේ තනුවට ගායනා වුන හරි සිංහල ගීතය කියලා.. නේද ? හරි.. ඇත්තම කිව්වොත් මේ තනුවට ගීත දෙකක් ගායනා වෙලා තියෙනවා.. එකක් තමයි මං මාතෘකාව විදිහට අරං තියෙන්නේ.. ඒ මේක..

"අවුරුදු ආවා.. නව අවුරුදු ආවා..
බක් මාසේ මංගල්ලේ ආවා..
එරබදු මල් පෙති අතු අග සැනහේ..
කාගෙත් සිත් තුල සම්පත හිනැහේ.."

අවුරුදු ආවා.. නව අවුරුදු ආවා.. - එච්. ආර්. ජෝතිපාල


මේ ගීතය ජෝතිපාල මහත්තයා ගායනා කරන්නේ.. මේ දවස් වල රේඩියෝ වල නිතරම ඇහෙන ගීතයක් වෙලා.. ඔන්න මේ ගීතය බාගන්න ඕනේ නම් උඩ තියෙන සබැඳියෙන් බාගන්න පුළුවන්.. මේකේ යූටියුබ් එකක් නම් ති‍බුනේ නෑ..

හ්ම් අපි දැන් බලමු අනික් වර්ෂන් එක මොකක්ද කියලා.. ආහ් මේක අවුරුදු නැති දවස් වලට ඇහෙන එක.. ඔන්න බලන්න මතකද කියලා..

"පන්දම් අල්ලා ගත් නම්බු නාමේ..
මේ කාලේ අවලංගුයි නෝනේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ.."

මේ ගීතය අඩංගු වුනේ ජේ. සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කරපු "කවුද රජා" චිත්‍රපටියේ.. ගාමිණි-මාලිනී යුවල රඟපෑ මේ චිත්‍රපටියත් ඒ කාලේ බොක්ස් ඔ‍ෆිස් වාර්තා පිහි‍ටෙව්වා.. එච්. ආර්. ජෝතිපාල ගායනා කල මේ ගීතය අදටත් සෑහෙන ජනප්‍රියයි.. ඔන්න කැමති අයට බලන්න කැමති අයට බාගන්න අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහ‍ට..

එහෙනං ඔන්න තවත් පැරණි හින්දි ගීතයක් හා එහි තනුවට ගැයුනු සිංහල ගීයකින් මුණ ගැසෙමු.. සුභ නව වසරක් වේවා..



පන්දම් අල්ලා ගත් නම්බු නාමේ.. - කවුද රජා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Jo bath thujme.. ඇයි නාවේ මා සොයලා.. ::



ඊයේ පළ කරපු :: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. :: ලිපියට තිබුනු ප්‍රතිචාරත් රවීන් ‍සහෝදරයා කල ඉල්ලීමත් සලකලා ඔන්න අදත් ගේනවා ටජ් මහල් චිත්‍රපටියේ අඩංගු තවත් ජනප්‍රිය ගීයක්..

"ජෝ බාත් තුජ්මේ හේ..
තේරී තස්වීර් මේ නහී..
තස්වීර් මේ නහී.. "

"ඔබ තුල තිබෙනා දෙය..
ඔබේ ඡායාරූපය තුළින් දැකිය නොහැකිය..

පසුගිය ලිපියේ ටජ් මහල් චිත්‍රපටිය ගැන විස්තරයක් පළකරපු නිසා අද ආපහු ලියන්න අදහසක් නෑ.. මේ ගීතයත් ගායනා කරන්නේ සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා.. සංගීතය රෝෂාන් ගෙන්..



ජෝ බාත් තුජ්මේ හේ - ටජ් මහල්


ඉතින් දැන් අපි බලමු මේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..

"ඇයි නාවේ මා ‍සොයලා..
සිතේ සංකා මවා තියා..
ඇයි නාවේ සොයා..

කීදේ කළදේ දැන හිටියේ මා පමණයි..
අවසානේ දුක යැයි මා හට දැනුනේ පසුවයි..
ඇයි මා.. ඇයි මා.. තනිකලේ ඔබ..
වැරදී මා නොවේ..

ඇයි නාවේ මා සොයලා..

සොඳුරේ ඔබගේ ප්‍රේමේ පතා මා හිටියේ..
ඇයි මේ වගේ දුක් සාගරයක මා හෙළුවේ..
ඇයි මා.. ඇයි මා.. කොන්කලේ ඔබ..
වැරදී මා නොවේ..

ඇයි නාවේ මා සොයලා..




ජේ. ඒ. රොම්ලස් - දිවයින පුවත්පතෙන්

මේ මියුරු ගීය ගායනා කරන්නේ ජේ. ඒ. රොම්ලස් පෙරේරා මහත්තයා.. 1969 වර්ෂයේ විතර රංජිත් පීරිස් මහත්තයා තමයි හින්දි තනුවට ගැලපෙන විදිහට සිංහල ගී පද රචනාව කරලා තියෙන්නේ.. කොයින් කොහොමහරි 1970 දශකයේදී ගුවන් විදුලි සංස්ථාවෙන් හොඳ ගීතය විදිහට තේරුනෙත් මේ "ඇයි නාවේ මා සොයලා.." ගීතය..


ඇයි නාවේ මා සොයලා - ජේ. ඒ. රොම්ලස් පෙරේරා (Download)


ඇයි නාවේ මා සොයලා - ජේ. ඒ. රොම්ලස් පෙරේරා (Listen)
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. ::



ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..
රෝකේ සමානා චාහේ..
රෝකේ ක්හුදායී තුම්කෝ ආනා පඩේගා..
ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..

ඔන්න අද අරගෙන එන ගීතය සඳහන් කරලාම වැඩේ පටන් ගත්තා.. මේ ගීතය ගැන ලිපියක් පළ කරන්න කියලා ඉල්ලීම් කීපයක්ම තිබුන නිසාත් මම පොරොන්දු වුන නිසාත් "ජෝ වාදා කියා වෝ නිබා කරූන්ගා.." :)

අමුතුවෙන් මේ ගීතය ගැන කියන්න දෙයක් නෑ.. ගොඩක් දෙනෙක් හොඳටම දන්නවා මේ ගීතය ගැන.. ඒ වුනාට ඉතින් පිළිවෙත වෙනස් කරන්න බැරි නිසා අදත් විස්තරය ලියන්නම්..

1963 වර්ෂයේ එම්. සාදිඛ් අධ්‍යක්ෂණය කරපු "ටජ් මහල්" (Taj Mahal) චිත්‍රපටයේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ප්‍රදීප් කුමාර් සමග බීනා රායි ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය ඒ. කේ. නදියාද්වාලාගේ නිෂ්පාදනයක්.. සංගීතය රෝෂන්ගෙන්.. ගායනය මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්.. මේ ගීතය දෙවරක් මේ චිත්‍රපටියේ ගායනා වෙනවා.. එකක් *happy* මූඩ් එකෙන්.. අනික *sad* මූඩ් එකෙන්.. මට නං හැබැයි දෙකම නිකං *sad* මූඩ් වගේ.. ;) ඔන්න දෙකම තියෙනවා පල්ලෙහා බාගන්න, අහන්න, බලන්න..




ජෝ වාදා කියා වෝ - ටජ් මහල් (Happy Mood)



ජෝ වාදා කියා වෝ - ටජ් මහල් (Sad Mood)






මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය නම් අති ජනප්‍රියයි..

"සමන් මල් පියල්ලේ.. ස‍ඳේ රැස් කැරැල්ලේ..
ප්‍රීති වලාවන් එක්වී..
සංගීත රාවෙන් මත්වී..
මගේ රංගනීයේ..
සමන් මල් පියල්ලේ.. සඳේ රැස් කැරැල්ලේ.. "

බණ්ඩාර කේ. විජයතුංග මහත්තයා ලියපු පද ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා.. හරිම ලස්සන පද ගැලපීමක් කරලා මේ මුල් තනුවට සාධාරණයක් කරලා තියෙනවා.. ඒකයි අදටත් මේ ගීතය ජනප්‍රිය.. ඔන්න පල්ලෙහායින් තියෙනවා මේ ගීතයේ මුල් පිටපතම බාගන්න.. ‍‍ඒවගේම සුරේන්ද්‍ර පෙරේරා සිරස සූපර් ස්ටාර් තරඟාවලියට ගායනා කල හැටිත් බලාගන්න පුළුවන් ඔන්න..

හ්ම්.. මේ හින්දි ගීතයේ සිංහල තේරුම අපේ ඇබ්නෝර්මල් මයින්ඩ්ස් කරන මලී ළමයත් ලියලා තිබුනා.. ඔන්න එතනට යන්න පුළුවන් මෙතනින්.. :)




සමන් මල් පියල්ලේ - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Kaun hai jo.. සුදුපාට මීදුම් ගලාලා.. ::



ඔන්න තවත් සූපර් හිට් එකක් රජරට පුත්‍රයා අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්න හදන්නේ.. හැමෝම ආස කරන තාමත් දෙසවනේ රැව්දෙන ගීත කීපයක් තමයි මේ අරගෙන එන්නේ.. එහෙනම් බලමු අද මොකක්ද අරගෙන ආවේ කියලා..

කෝන් හේ ජෝ සප්නෝ මේ ආයා.. කෝන් හේ ජෝ දිල් මේ සමායා.. ‍ලෝ ජුක් ගයා ආසමාන් බී.. ඉෂ්ක මේරා රංගලායා.. ඕ ප්‍රියා.....

කවුරුන්ද මගේ සිහින වලට පැමිණියේ... කවුරුන්ද මගේ හදවතේ ලැගුම් ගත්තේ... පරිසරයත් පුබුදුවා මගේ ආදරයටත් පැහැයක් අරං ඇවිත්..

මම මාර්තු මාසේ මේ ගීතය අඩංගු වෙලා තිබ්බ චිත්‍රපටියේ තිබ්බ තවත් ජනප්‍රිය ගීයක් ගැන ලිපියක් ලිව්වා.. ඉතින් ඒකම මම මෙතනත් දාන්නම් වැඩිපුර තොරතුරුත් එක්ක..

1968 තිරගත වුන "ජුක් ගයා ආසමාන්" (Jhuk Gaya Aasman) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා ති‍බුනේ.. මේ චිත්‍රපටිය 1941 තිරගතවුන "Here Comes Mr. Jordan" චිත්‍රපටියේ හින්දි කොපිය කිව්වොත් හරි... ලේක් තන්ඩන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර් සමග සයිරා බානු.. හස්රත් ජයපූරිගේ පද වලට ස්වර ගැලපුවේ ශංකර්-ජයකිශන් සහෝදර සමාගම... සුපුරුදු විදිහට ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. මේ ගීතය තමයි මේ චිත්‍රපටියේ තේමා ගීතයත් වුනේ..

කොහොමහරි පුදුම වැඩේ කියන්නේ මේ ගීතයත් කොපියක්.. මේක කොපි කරලා තියෙන්නේ "එල්විස් ප්‍රෙස්ලි" 1963 රඟපෑ "Fun in Acapulco" කියන චිත්‍රපටියේ තිබුනු "මාගරීටා" කියන ගීතයේ තනුවෙන්.. ඉතින් කොයින් කොහොම හරි මේ ඉංග්‍රීසි ගීතය තමයි මුල් තනුවේ අයිතිකාරයා වෙන්නේ.. ඔන්න ඒ සින්දුව බලන්න අවස්ථාව තියෙනවා පහලින්..




ඉතින් කොයින් කෝමහරි පස්සේ කාලෙක ඒ කියන්නේ 1972 දී විතර ලංකාවේ තිරගතවුනා චිත්‍රපටියක් "එදත් සූරයා අදත් සූරයා" කියලා.. කාටත් මේ චිත්‍රපටිය මතක ඇති.. ගාමිණි-මාලිනී ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය ඒ කාලේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා... ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ගීත 07ක් අඩංගු වෙලා තිබුණා.. ඉතින් අපේ අයත් ඇරියේ නෑ හින්දි ගීතයට අනුව මෙන්න මේ ගීතය සිංහලෙන් හැදුවා..




"සුදු පාට මීදුම් ගලාලා.. අර පේන කන්දේ හැපීලා.. මදහාස පෙන්වා බැඳිලා.. දෙදෙනාට රහසේ කියාදේ.. ආදරේ..."

අපේ ‍එච්. ආර්. ජෝතිපාල මහත්මයාත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය තමයි ගායනා කලේ.. අහන්න බලන්න බාගන්න අවශ්‍ය සියළු දෑ පල්ලෙහා තියෙනවා.. සෑහෙන්න මහන්සි වුනා මේවා හොයාගන්න.. ඉතින් පරිස්සමෙන් බලන්න ළමයිනේ.. ;)











සුදු පාට මීදුම් ගාලාලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Sawan Ka mahina.. [ගීත තුනක් තිබේ].. ::



ඔන්න අද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරයට අරගෙන එන්න අදටත් සෑහෙන් ජනප්‍රිය ගීතයක්.. සිංහල කොපි වලට වඩා මේ හින්දි ඔරිජිනල් එකට පුදුම ඉල්ලුමක් තාමත් තියෙන්නේ.. බලමු මොකක්ද මේ ගීතය කියලා මුලින්ම..



"සාවන් කා මහීනා.. පවන කරේ සෝර.. ජයාරාරෙ ජූමේ එසේ.. ජේසේ බන්වා නාචේ මෝර.. "

1967 අවුරුද්දේ තිරගත වුන "මිලන්" (Milan) චිත්‍රපටියේ තමයි මේ මධුර ගීතය අඩංගු වෙලා තිබුනේ.. මේ චිත්‍රපටියත් එක්තරා කොපියක් කිව්වොත් හරි.. මොකද 1963 අවුරුද්දේ තිරගත වුන "මූගා මනසුලු" කියන තෙළිඟු චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයක් විදිහට තමයි මේ මිලන් චිත්‍රපටිය හදලා තියෙන්නේ.. ඉතින් කොහොමහරි සුනිල් දත් එක්ක නූටන් ප්‍රධාන රඟපාපු මේ හින්දි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ "අධූර්ති සුබා රාඕ".. මේ ගීතයේ පද ආනන්ද් බක්ෂිගේ.. සංගීතය ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් සහෝදර දෙපළගෙන්.. ගායනා කලේ ලතා මංගේෂ්කාර් සමග මූකේෂ්... ඔන්න කැමති අයට සුපුරුදු පරිදි බාගන්න බලාගන්න අහගන්න අවස්ථාව තියෙනවා ඕං ඈ.. :)



සාවන් කා මහීනා - මිලන්



ඉතින් මේ "සාවන් කා මහීනා" ගීතයේ තනුවට සිංහල ගී කීපයක්ම ගායනා වෙලා තිබුනා.. මම අනුපිළිවෙළට ඉදිරිපත් කරන්නම්කෝ ඕං..


1. ආදර සිහිනේ දෙන්නා..

මේ ගීතය නම් මමත් ඇහුවේ ළඟකදී.. එච්. ආර්. ජෝතිපාල මහත්තයයි, තවත් ගායිකාවකුයි මේ ගීතය ගායනා කරන්නේ.. මට ගායිකාව නම් අඳුරාගන්න බැරි වුනා.. ඒත් මියුරුගී වෙබ් අඩවියේ නම් මේ ගීතය තිබුනා.. ඔන්න දන්න කියන කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ ගීතය චිත්‍රපටියක අඩංගුද නැද්ද කියන එකයි ගායිකාව කවුද කියන එකයි.. ඔන්න ඔය උඩින් තියෙන ගීතයේ නම ක්ලික් කරලා සින්දුව අහන්න පුළුවන්..

ආදර සිහිනේ දෙන්නා - ජෝතිපාල, ..... ???



2. මීදුම් සේලෙන් පාවී..

2007 අවුරුද්දේ භාතිය - සංතුෂ් සහෝදරයෝ තමයි මේ ගීතය එළිදැක්වුයේ.. අශාන්ති සහ රන්දීර් යන අයත් මේ ගීතයේ ගායනා කරනවා.. ටිකක් ලංකාවට අළුත් විදිහක මියුසික් වීඩියෝවක් මේ ගීතයට හැදුවා.. ඒ දවස් වල තිබුනු ගී ලැයිස්තු වල සෑහෙන කාලයක් හිට් කරන්න මේ ගීතයට පුළුවන් වුනා.. ඔන්න පහලින් බලාගන්න පුළුවන් ආපහු මතක නැත්නං..






3. සාවන් (Remix by Iraj)

භාතිය-සංතුෂ්ලා මීදුම් සේලෙන් ගීතය නිකුත් කරපු ගමන්ම තමයි ඉරාජ් තරඟෙට වගේ මේ ගීතය එළිදැක්වුවේ.. සුපුරුදු පරිදි ඉතින් ඉරාජ්ට වැඩි රහක් එකතු කරන්න බැරි වුනා පොඩි රැප් කෑල්ලක් ඇරෙන්ඩ.. මට නං මේකේ පදත් අමතකයි.. ඒ තරමට චා.. ටීෂා, කිලර් බී එක්ක ඉරාජ් තමයි මේ ගීතය ගායනා කරන්නේ ඕං.. කැමති නං බලන්න.. නැත්තං නොබලන්න.. :}

උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Mujhe Dhard E Dil.. මගේ නාමලී.. ::

පහුගිය ටිකේ රජරට පුත්‍රයාට රාජකාරි ටිකක් වැඩි වෙලා තිබුනු නිසා සින්දුවක් දෙකක් අපේ රසික රසිකාවියොන්ට අරගෙන එන්න බැරිවුනා.. ඒ වගේම දුකායියා කියපු කාරණේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.. මං බ්ලොග් ලිපියක් ලියන්නේ පොඩි නිවාඩුවක් ලැබුනු වෙලාවට.. ඉතින් ටිකක් වැඩිපුර කාල වේලා තිබුනාම මම වැඩිපුර ලියනවා.. ඉතින් ඒකයි පහුගිය ටිකේ වැඩිපුර ලිපි ලිව්වේ.. කැමති අයට ඉතින් ඕනෙ වෙලාවක මේ පැත්තේ ගොඩවැදිලා බලලා යන්න පුළුවන්නේ කොහොම දැම්මත් නේද ?



හරි හරි.. ඔන්න අද ගෙනාපු සින්දුව ගමුකෝ මල්ලෙන් එළියට.. මේක සූ..පර් හිට් එකක් හො‍ඳේ..

"මුජේ ධර්දේ දිල් කා බතා නා තා..
මුජේ ආප් කිස්ලියේ මිල් ගයේ..
මේ අකේලේ යූ බී මසීමතා..
මුජේ ආප් කිස්ලියේ මිල්ගයේ.. "

1965 තිරගත වුන "ආකාෂ්දීප්" (Akashdeep) කියන කළු සුදු චිත්‍රපටියට මොහොමඩ් රාෆි මහත්තයා ‍තමයි මේ ගීතය සුමධුර හඬින් ගායනා කලේ.. පානි මජුම්ධාර් (Pani Majumdar) අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ‍ඒ අවුරුද්දේ සූපර් හිට් එකක් වුනා.. ධර්මේන්ද්‍ර සමග මෙහෙමූද් තමයි ප්‍රධාන චරිත රඟපෑවේ.. ධර්මේන්ද්‍රව නම් ගොඩක් අය දන්නවා ඇති නේද ? සනී ඩියොල්, බොබී ඩියොල්, ඊෂා ඩියොල් කියන අයගේ ආදරණීය පියාණන් තමයි ධර්මේන්ද්‍ර.. ඉතින් චිත්‍රගුප්තගේ සංගීතයට මජුරූහ් තමයි ගේය පද ගැලපුවේ මේ අපූරු ගීතයට.. මේ චිත්‍රපටිය තිරගත වුන වර්ෂයේ වැදගත් සිද්ධි කීපයක් වුනා.. ඒවත් මතක් කරන්නම්.. ඔන්න කින්ග් ඛාන් "ෂාරුක් ඛාන්" ඉපදුනේ මේ අවුරුද්දේ.. ඒ කියන්නේ 1965.. ඒවගේම දෙවනි ලෝක යුධ සමයේ එන්ගලන්තයේ අගමැති වෙලා හිටපු වින්සන්ට් චර්චිල් මහත්තයාත් මරණයට පත්වුනේ මේ වර්ෂයේමයි..



(හරූන් ලන්ත්‍රා මහතා) - සිළුමිණ පුවත්පතෙන්-


දැන් හැමෝටම මේ තනුවට ගැයුණු සිංහල ගීතය මොකක්ද කියලා දන්නවා ඇති නේද ? හරි.. ඔන්න ඒකත් මල්ලෙන් එළියට ගන්නම්කෝ..

”මගේ නාමලී බැඳි ආදරේ..
මනමාලියයි මැණිකේ ඔයා..
ඔරුවේ නැගී එහි පාවෙවී..
අමනාපයෙන් පිටවී ගියා.."

1973 වර්ෂයේ තිරගත වුණ "ගොපළු හඬ" චිත්‍රපටියට හරූන් ලන්ත්‍රා තමයි මේ ලස්සන ගීතය ගායනා කලේ.. ටෝනි රණසිංහ සමග ජිවරාණි කුරුකුලසූරිය ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ දමිළ අධ්‍යක්ෂකවරයෙක්.. ඒ තමයි කේ. වෙන්කට්.. කළු සුදු චිත්‍රපටියක් වුනාට මේකත් ඒ අවුරුද්දේ සූපර්ම හිට් එකක් වුනා..

ඔන්න පල්ලෙහා තියෙනවා කැමති අයට බලා ගන්න අහා ගන්න බා ගන්න.. ජයෙන් ජය.. :)







මුජේ ධර්දේ දිල් - ආකාෂ්දීප් (Mujhe Dhard E Dil - Akashdeep)

මගේ නාමලී - හරූන් ලන්ත්‍රා (ගොපළු හඬ) (Mage Namali - Haroon Lantra) (Gopalu Handa)
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Chal Ud Ja re.. මගේ ජීවිතයේ සතුවී.. ::



දිගින් දිගටම ලැබුනු උණුසුම් ප්‍රතිචාර වලට ප්‍රතිචාරයක් විදිහට පුළු පුළුවන් හැම වෙලාවෙම ඔන්න ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන එන්න තමයි රජරට පුත්‍රයා උත්සාහා කර‍න්නේ..

ඉතින් දැන් අරගෙන ආවා 1957 වර්ෂයේ තිරගත වුනු "බාබී" (Bhabhi) චිත්‍රපටියේ ජනප්‍රියතම ගීතයක්..

"චල් උඩ් ජා රේ පංචී.. කේ අබ් යේ දේස හුවා බේගානා.."

ආර්. ක්‍රිෂ්ණා රාජු සමග ඇස්. පන්ජු තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. බල්රාජ් සාහ්නී, නන්දා සමග ඕම් ප්‍රකාශ් තමයි ප්‍රධාන චරිත වලට පණ පොවලා තියෙන්නේ.. චිත්‍රගුප්තාගේ සංගීතයට රාජේන්ද්‍ර ක්‍රිෂන් තමයි පද ගලපලා තියෙන්නේ... සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා තමයි ගායනා කලේ.. ඉතින් මේ චිත්‍රපටිය ඒ වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා එහෙමත් තියලා තියෙනවා.. ඒ වුනාට රජරට පුත්තරයා නං බලලා නෑ ඕං.. ඔන්න බාගන්න බලන්න අහන්න අවස්ථාව තියෙනවා..

ඉතින් මේ තනුවට ගැයුනු සිංහල ගීතය නම් මතක ඇති අපේ යාළුවොන්ට..

"ම‍ගේ ජීවිතයේ සතුවී තිබු දෙයක්.. මා ඇසුරෙන් වෙන් කෙරුනා.."

සුපුරුදු විදහට්ටම හදවත රත්තරන් (එච්. ආර්) ජෝතිපාල මහත්තයා තමයි මේ ගීය ගායනා කලේ.. මුල් තනුවට අලාභ හානියක් නොවෙන විදිහට හරිම ලස්සනට ඔන්න මේ ගීතය ගායනා කරලා තියෙනවා.. අදටත් බස් වල ත්‍රී වීල් වල ලොතරැයි කූඩු වල එහෙම ඇහෙන සින්දුවක්.. බාගන්න අවස්ථාව ඕගොල්ලන්ටත් තියෙනවා ඒ වුනාට..

ජය වේවා..




චල් උඩ් ජා රේ පංචී - මොහොමඩ් රාෆි

චල් උඩ් ජා රේ පංචී - සෝනු නිගාම්

මගේ ජීවිතයේ - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: An Evening in Paris.. අපි දෙන්නා පොකුණයි පියුමයි.. ::



දැන් දැන් පැරණි හින්දි ගී බ්ලොග් එකට හොඳ හොඳ ප්‍රතිචාර තියෙන හින්දා දවසකට එකක් ගානේවත් ලිපි ලියන්න රජරට පුත්‍රයා උත්සාහා කරනවා.. ඉතින් ඒ හින්දා අදත් ගෙනාවා ජනප්‍රිය හින්දි ගීයක් හා ඒ තනුවට ගැයුණු සිංහල ගීතය..

"ආජ් ඒසා මෝකා පිර් කහා මිලේගා.. හමාරේ ජේසා දිල් කහා මිලේගා.. ආවෝ තුම්කෝ දික්ලාතා හූ.. පැරිස් කී එක් රංගී ශ්‍යාම්... දේකෝ දේකෝ දේකෝ දේකෝ.. ඇන් ඊව්නින් ඉන් පැරිස්...."

සිංහල තේරුම -
"මේ වගේ අවස්ථාවක් ආයේ කවදා හමුවේදෝ... අපි වගේ හිතැත්තෝ කොහින් ‍හමුවේදෝ... එන්න ඔයාට පෙන්නලා දෙන්නම් පැරීසියේ එක වර්ණවත් සන්ධ්‍යාවක්... බලන්න බලන්න බලන්න බලන්න... පැරීසියේ එක් සන්ධ්‍යාවක්..."


(ශර්මිලා තාගෝර් පළමු වරට බිකිනි ඇඳුමකින් සැරසී රඟපෑ චිත්‍රපටියත් මෙයයි)

1967 වර්ෂයේ තිරගතවුන "ඇන් ඊව්නින් ඉන් පැරිස්" (An Evening in Paris) චිත්‍රපටියේ තේමා ගීතය විදිහට තමයි මේ ලස්සනම ලස්සන වේග රිද්ම ගීතය අඩංගු වෙලා තිබුනේ.. ශක්ති සමන්තා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ ශම්මි කපූර් සමග ශර්මිලා තාගෝර්.. ශර්මිලා තාගෝර්ව හැමෝම දන්නවා ඇතිනේ.. ආරාධනා චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ඒවගේම සයිෆ් අලී ඛාන්ගේ අම්මා කියලා.. ඉතින් ශර්මිලා තාගෝර් මේ චිත්‍රපටියේ ද්විත්ව රංගනයක් තමයි කලේ.. සුපුරුදු විදිහට ශංකර්-ජයකිශන් සහෝදර යුවලගේ සංගීතයට සුමදුර හඬ එක්කලේ මොහොමඩ් රාෆි මහත්තයා.. ඔන්න පහලින් තියෙනවා බාගන්න අවශ්‍ය දේවල් ටික.. බලන්න කැමති නම් බලන්නත් පුළුවන්.. ඒ වගේම මේ ගීතය මෑතකදී සෝනු නිගම් ලන්ඩනයේ තිබුනු සජීවි ප්‍රසංගයකත් ගායනා කරලා තිබුනා.. බටහිර සංගීත කණ්ඩායමේ වාදනයට ගායනා කරලා තිබුනු මේ ගීතයත් තියෙනවා කැමති නම් බලන්න ඔන්න...

ඔන්න දැන් දිව අගට ආවා නේද මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය.. ආහ් හරියට හරි...

"අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ..
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ..
ඔබගේ සිත මා නැත හඳුනන්නේ..
වරදක් නැතුවයි පිටුපා යන්නේ..
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි...
සුභ සැන්දෑවක් වේවා......"

මේ ගීතය ඉතින් ගායනා කරන්නේ කවුද කින්ද මන්ද කියලා අමුතුවෙන් කියන්න උවමනා නෑනේ.. අපේ ජනප්‍රිය (pop) සංගීතයේ ප්‍රබුද්ධ ගායකයා එච්. ආර්. ජෝතිපාල මහත්තයාගේ තමයි සුමදුර හඬ.. මෑතකදි මේ ගීතයම සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරීය මහත්තයාත් හරිම අපූරුවට ප්‍රසංග වේදිකා වල ගායනා කලා.. ඉතින් මේ ගීතයේ පද වලට රජරට පුත්‍රයා නම් හරිම කැමතියි.. ඒක නිසා පද ටිකත් මම ලියන්නම්.. ලස්සන තේරුමක් තියෙන්නේ.. සින්දුව බාගන්න අවශ්‍ය දේවල් අදත්‍ දෙනවා සුපුරුදු පරිදි ඔන්න..

"වැලි අහුර කන්දක් කියාලා..
දිය බිඳුන ගඟකැයි සිතාලා..
මල් අත්තේ කටුවක් සොයාලා..
ලතවෙන්න සිදුවෙයි කිපීලා.."

"අපි දෙන්නා පොකුණයි...."

"‍සඳ මඬලේ සා ලපය ඇතිදෝ..
මද දිගට සම සමව ඇතිදෝ..
මෙය ඔබට තෝරන්න බැරිදෝ..
අප දෙන්නා මැද ඉන්නේ කවුදෝ.."





(බලන්න) ආජ් ඒසා ‍මෝකා පිර් කහා මිලේගා - ඇන් ඊව්නින් ඉන් පැරිස් (An Evening in Paris)

(අහන්න) ආජ් ඒසා මෝකා පිර් කහා මිලේගා - ඇන් ඊව්නින් ඉන් පැරිස් (An Evening in Paris)

(බාගන්න) ආජ් ඒසා මෝකා පිර් කහා මිලේගා - ඇන් ඊව්නින් ඉන් පැරිස් (An Evening in Paris)

(අහන්න) අපි දෙන්නා පොකුණයි පියුමයි - ජෝතිපාල

(බාගන්න) අපි දෙන්නා පොකුණයි පියුමයි - ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Janam Janam ka.. සිතුම් පැතුම් සඳ ආදරේ.. ::



අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ඔන්න තවත් ලස්සනම ලස්සන ඉතා ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන ආවා රජරට පුත්‍රයා..

"ජනම් ජනම් කා සාත් හේ.. නිභානේ කෝ.. සෝ සෝ බාර් මේනේ ජනම් ලියේ..."

1969 වර්ෂයේ තිරගත වුන "තුම්සේ අච්චා කෝන්හේ" (Tumse Achcha Kaun Hai) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ප්‍රමෝද් චක්‍රවර්ති අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ශම්මි කපූර්, බබිතා ප්‍රධාන චරිත වලට පණපෙව්වා.. ශංකර්-ජයකිෂන් සහෝදර‍යන්ගේ මියුරු සංගීතයට හස්රත් ජයපූරී ගේය පද එක්කලා.. ලතා මංගේෂ්කාර්, මොහොමඩ් රාෆි ගායනයෙන් අලංකාර කලා.. ඔන්න පහලින් තියෙනවා බලන්න අහන්න ඕනෙම නම් බාගෙන තියාගන්නත්..

ඉතින් මේ ගීතයේ තනුවටම අපේ ලංකාවෙත් ගීතයක් බිහිවුනා 1971 තිරගත වුණ "අභිරහස" චිත්‍රපටියට.. ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ රඟපෑවේ විජය කුමාරණතුංග, ස්වර්ණා කහවිට සමග ජෝතිපාල... ගොඩක් අයට ගීතය මතක ඇති..

"සිතුම් පැතුම් සඳ ආ‍දරේ.. උදාවේදෝ.. මහදේ.. සොඳුරු අහසේ අනාගතේ..."

ජෝතිපාල මහත්තයාත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය තමයි මේ ගීය ගායනා කරන්නේ... ඔන්න කැමති අයට බලන්න අහන්න වගේම බාගන්නත් අවශ්‍ය දෑ පහත තියෙනවා..





ජනම් ජනම් කා - තුම්සේ අච්චා කෝන්හේ (Janam Janam Ka - Tumse Achcha Kaun hay)

සිතුම් පැතුම් සඳ ආදරේ - ජෝති සමග ඇන්ජලීන්
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Kanchi re.. ජීවිතයේ කාන්තාරේ.. ::



සුපුරුදු විදිහට අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක්...

"කංචීරේ කංචීරෙ... ප්‍රීත මේරී සාතී.. රුක් ජා නා ජා දිල් තෝඩ්කේ... "

1971 දී තිරගත වුන "හරේ රාමා හරේ ක්‍රිෂ්ණා" (Hare Rama Hare Krishna) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ඉතාමත් ජනප්‍රිය වුන මේ චිත්‍රපටියේ ගීත රාශියක් අඩංගු වුනා.. දේව් ආනන්ද් විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන නළුවාගේ චරිතයත් රඟපෑවා.. සීනාත් අමාන් තමයි ප්‍රධාන නිළිය විදිහට රඟපෑවේ.. ඒ කාලයේ ආසියානු රටවල් පුරා පැතිරිලා තිබුණු "හිපි" සංස්කෘතිය පිළිබඳ තමයි මේ චිත්‍රපටියේ කථා තේමාව වෙලා තිබුනේ.. ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම ගායනයට හිමි සම්මානයත් ‍හොඳම සහාය නිළියට හිමි සම්මානයත් මේ චිත්‍රපටියට හිමි වුනා... "දම් අරෝ දම්" ගීතය තමයි හොඳම ගීතය විදිහට තේරුනේ.. ආනන්ද් බක්ෂි ලිවූ පද වලට ආර්. ඩී. බර්මන් මහත්තයා තමයි සංගීතය මුසු කලේ.. කිෂෝර් කුමාර් මහත්තයා තමයි ගායනා කලේ.. ඔන්න පල්ලෙහා තියෙනවා බලන්න බාගන්න ඕනැ කරන දේවල්...

හරි දැන් නම් ඉතින් හැමෝම දන්නවා මේකේ සිංහල ගීතය මොකක්ද කියලා නේද ??

"ජීවිතයේ කාන්තාරේ.. තුරුණු වියළි වැල්ලේ උතුරා ගලා යයි ආදරේ... "

1970 දශකයේ තිරගත වුන "සුහද පැතුම" චිත්‍රපටියේ තමයි මේ ගීතය ඇතුලත් වෙලා තිබුනේ.. මුල් හින්දි ගී තනුවට හානියක් නොවෙන විදිහට එච්. ආර්. ජෝතිපාල මහත්තයාත් ඇන්ජලීන් ‍ගුණතිලක මහත්මියත් හරිම අපූරුවට මේ ගීතය ගායනා කරලා තියෙනවා...

හැබැයි මේ මෑතකදිත් මට මේ තනුවම වෙනස් පද පෙලකින් අහන්න ලැබුනා... බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කරපු "මිල්ලේ සොයා" චිත්‍රපටියේ "ගං තීරේ.. ගං තීරේ.." කියලා මේ තනුවටම නිරෝෂා විරාජිනී එක්ක කිත්සිරි ජයසේකර ගීයක් ගායනා කරනවා... චිත්‍රපටිය බලපු අය නම් අහලා දැකලා ඇති.. හැබැයි ඒ සින්දු‍ව නම් හොයා ගන්න බැරිවුනා.. ඒත් පරණ සින්දුව පල්ලෙහා තියෙනවා අහන්න හා බාගන්න කැමති නම්...

තව ගීත යුගලකින් හමුවෙමු...




කාංචී රේ.. - හරේ රාමා හරේ ක්‍රිශ්ණා (Kanchi Re - Hare Rama Hare Krishna)

(අහන්න) : ජීවිතයේ කාන්තාරේ - සුහද පැතුම

(බාගන්න) : ජීවිතයේ කාන්තාරේ - සුහද පැතුම
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Ho Maine Pyar Kiya.. ගලනා සීත ජලේ.. ::



අදත් අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීයක් හා ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත්...

"හෝ මේනේ ප්යාර් කියා.. හොයේ හොයේ ක්යා ජුර්ම් කියා... ආකෝකා රංග ‍හෝගයා ගුලාභි.. ගුලාභි.. හායේ හායේ හායේ දිල් කා හාලත් ෂරාභි..."

"දෙයියනේ මං ආදරය කරනවාද ? නැත්නම් වැරද්දක් කරනවාද ? ඇස් රතුවෙන්න පටන් ගත්තා.. හද‍වතේ ඇති ආලය මත් වෙන්න පටන් ගත්තා.. "



1960 වර්ෂයේ තිරගත වුන "ජිස් දේශ් මේ ගංගා බෙහෙතී හේ" (Jis Desh Main Ganga Behethi Hay) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. රාධු කර්මකාර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ රාජ් කපූර් සමග පද්මිණි.. ප්‍රාණ් තමයි දුෂ්ඨයාගේ චරිතය රඟපෑවේ.. ශංකර්-ජයකිෂන්ගේ සංගීතයට ගී පද ලීවේ ශෛලේන්ද්‍ර... මුකේෂ් හා ලතා මංගේෂ්කාර් තමයි ගායනා කලේ..මේ චිත්‍රපටයේ නිෂ්පාදනයත් ප්‍රධාන නළුවාගෙන්මයි.. ඒ කියන්නේ රාජ් කපූර් මහත්තයා.. 1960 වසරේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම ච්‍ත්‍රපටිය, හොඳම නළුවා, හොඳම සංස්කරණය හා හොඳම කලා අධ්‍යක්ෂණය යන සම්මාන හතරම මෙම චිත්‍රපටියට ලැබුනා.. ඇත්තටම මේ ගීතය බැලුවොත් පුදුම හිතෙයි.. 1960 කාලෙත් වතුර යට කැමරා ගත කරලා තියෙනවා.. පල්ලෙහා තියෙන යූටියුබ් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙයි...

ඉතින් මේ ගීතයේ තනුවටම අපේ ලංකාවේ ලතා වල්පොල මහත්මියත් ගීතයක් ගායනා කලා..

"ගලනා සීත ජලේ.. දිලෙනා නිලට නිලේ.. ඔබ නොදන්න ගී ගයා ගලාවී.. ගලාවී.. තව තනිව ඉන්න බෑ කියා කියාවී.. කියාවී.."

මුල් තනුවට හානියක් නොවෙන විදිහට උපරිමයෙන් මේ ගීතය ගායනා කරලා තියෙනවා.. මේ ගීතය අඩංගු වුන චිත්‍රපටිය නම් මට මතක නෑ.. ඇත්තම කිව්වොත් මම සිංහල චිත්‍රපටි වලට වඩා දන්නේ හින්දි චිත්‍රපටි ගැන.. ඒ අතරිනුත් පරණ හින්දි චිත්‍රපටි.. ඔන්න ඉතින් පල්ලෙහා තියෙනවා මේ ගීත දෙකම බාගන්න අවශ්‍ය සබැඳි.. ඒවගේම යුටියුබ් වීඩියෝ.. ඕගොල්ලන්ගේ ඉල්ලීම් තියෙනවා නම් ඒවාත් කියන්න.. එහෙනම් තවත් පැරණි හින්දි ගීයක් හමුවෙමු..



හෝ මේනේ ප්යාර් කියා - ලතා මංගේෂ්කාර් (Ho maine Pyar Kiya - Latha Mangeshkar)

‍ගලනා සීත ජලේ - ලතා වල්පොල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Bachpanke.. දුෂ්මන්තා ආහෝ.. ::



ඔන්න තවත් ලස්සන ගීතයක් අරගෙන ආවා.. ළඟදී දුන්න අනිත් සින්දු වලට වඩා මේක නම් ටිකක් විතර වැඩිපුර පරණ සින්දුවක්.. ඒත් ඉතින් වයින් වගේ තමයි.. පරණ වෙන්ඩ වෙන්ඩ මරු..

ඉතින් අද ගෙනාවේ මෙන්න මේ සින්දුව,
"බච්පන්කේ මොහොබත් කෝ.. දිල්සේ නා ජුදා කර්නා.."

විජේ බාත් අධ්‍යක්ෂණය කල, 1952 තිරගත වුන "බයිජු බව්රා" (Baiju Bawra) චිත්‍රපටියේ තමයි මේ ගිතය අඩංගු වුනේ.. භාරත් භූෂන් සමග මීනා කුමාරි තමයි ප්‍රධාන චරිත රඟපෑ යුවල වුනේ.. එක්තරා සංගීතඥයෙක් වටා ගොඩ නැගුනු මේ කථාව පුරා ඉතාමත් ලස්සන සින්දු කීපයක් අඩංගු කරලා තිබුනා.. නවුෂාඩ්ගේ ශාස්ත්‍රීය සංගීතයට හින්දි පද ගැලපුවේ ෂකීල් බදායුනි.. මේ ගීතය ගායනා කලේ සුපුරුදු පරිදි ලතා මංගේෂ්කර් මහත්මිය.. ඔන්න බාගන්න බලාගන්න අවශ්‍ය දෑ පහතින් ලබාගත හැකිලු හරිද ??

හරි දැන් අපි එමුකෝ මේ හින්දි සින්දුවේ තනුවට ගැයුනු සිංහල සින්දුව මොකක්ද කියලා.. හ්ම්.. ගොඩක් අයට හින්දි සින්දුව සෑහෙන මට්ටමකට ඉතා කිට්ටුවක් දැනෙනවා ඇති.. ඒත් හරියටම සිංහල සින්දුව මොකක්ද කියලා ඔලුවට ආවේ නෑ නේද? මටත් ‍ඒ ප්‍රශ්ණේ තිබුනා, ඒත් ටිකක් වෙලා අහගෙන ඉද්දි සිංහල එක රජරට පුත්තරයාට හම්බුනා.. ඉතින් මේ ගීතයේ තනුව අරගෙන සිංහල සින්දුව ගායනා කරලා තිබුනේ රුක්මණි දේවි මහත්මිය.. සකුන්තලා කියන චිත්‍රපටියේ තමයි මේ සින්දුව අඩංගු වෙලා තිබුනේ.. ටිකක් විතර රූප හරි නැතුව ඇති.. ඒත් අඩුම ගානේ සින්දුව වත් අහන්න..

ඔන්න බාගන්නවා නම්... අපි ගියා..







බච්පන්කේ මෙහෝබත් කෝ - Bachpanke Mohobath ko - Baiju Bawra
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Dil ka bhawara.. මහද නමැති.. ::



රජරට පුත්තරයාට කොච්චර වැඩ රාජකාරි තිබුණත් මොන තූත්තුකුඩියේ හිටියත් දැන් නම් පරණ හින්දි සින්දුවක් කොහොමහරි අපේ හින්දි රසික රසිකාවියන්ට අරගෙන එන තරමට උනන්දුවක් ඇතිවෙලා තියෙනවා...

ඉතින් අදත් ගෙනාවා ලස්සනම ලස්සන සින්දුවක්..

"දිල් කා බවරා කරේ පුකාර්... ප්යාර් කා රාග සුනෝ.. ප්යාර් කා රාග සුනෝරේ... හ්ම්ම්... හ්ම්ම්..."

1963 දී තිරගත වුන "තේරේ ගර්කේ සාම්නේ" (Tere Ghar Ke Samne) චිත්‍රපටියේ තමයි මේ සින්දුව තිබුනේ.. හින්දි සිනමාවේ කවදාවත් වයසට නොයන නළුවා විදිහට නමක් දිනා ගත් දේව් ආනන්ද් මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිතයත් රඟපෑවා... ඒ වසරේ සූපර් හිට් එකක් වුන මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කලේ ඔහුගේ සහෝදරයා වන විජේ ආනන්ද්... ගී පද ලීවේ හස්රත් ජයපූරි... සංගීතය එස්. ඩී. බර්මන් මහත්තයා‍ගෙන්... ගායනය මොහොමඩ් රාෆි මහත්තයා.. ඔන්න සුපුරුදු විදිහට යූටියුබ් වීඩියෝ එකයි කැමති නම් බාගන්න අවශ්‍ය සබැඳියයි දෙකම තියෙනවා පල්ලෙහා..

දැන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ සින්දුවේ සිංහල කොපිය මොකක්ද කියලා.. මුල් හින්දි සින්දුවේ පද වලට සෑහෙන්න ළඟින් යන්න තමයි සිංහල සින්දුවේ පදත් ගලපලා තියෙන්නේ..

"මහද නැමැති වන බඹරා... ළං වී කණට ඔබේ... ආදරේ කියයි මෙසේ.. හ්ම් හ්ම් හ්ම්..."

එච්. ආර්. ජෝතිපාල මහත්තයාත් රාෆි මහත්තයාට සෙකන්ඩ් නොවෙන විදිහට හරිම ලස්සනට මේ ගීතය ගායනා කරලා තියෙනවා.. ඔන්න පල්ලෙහා මේ ගීතයත් බාගන්න අවශ්‍ය සබැඳිය කොහෙන් කොහොම හරි හොයාගෙන දීලා තියෙනවා..

අපේ රසික රසිකාවන්ට ජය !!!





දිල් කා බවරා - තේරේ ගර්කේ සාමනේ (Dil ka Bhawara - Tere Ghar ke Samne)

මහද නැමැති වන බඹරා - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Duniya main.. නොකියාම එදා.. ::




අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර වලින් පණ ගහපු රජරට පුත්තරයාට තව තවත් පැරණි ගීත අරගෙන එන්න හොඳ පණක් ලැබුනා... ඉතින් ප්‍රතිචාර දක්වපු දුකායියා, තිස්සායියා, විශ්මි, පුංචි සමනලී, බුදාජීව මලයා, රවීන්, තමීර, හසී, චමිල ඩී අල්විස්, පොඩ්ඩා, අංජු, නොදරුවා (සඳුනා), බිංකුවා, මහේෂ් රන්දර, හසිත මදුෂංක, සහන්, උෂාන් මලයා, රන්දීර මලයා ඇතුළු එකී මෙකී නොකී ප්‍රතිචාර දැක්වූ මගේ බ්ලොගට ආපු ගියපු හැමෝටම ස්තූතියි.. (නමක් ගමක් මග ඇරුනානම් සමාවන සේක්වා)




ඔන්න ඉතින් අදත් ගෙනාව ලස්සනම ලස්සන ඉතා ජනප්‍රිය අදත් ගැයෙන ඇහෙන ගීතයක්.. කොයි කාටත් මතක ඇති නේද මදර් ඉන්ඩියා (Mother India) චිත්‍රපටිය.. 1957 මෙහෙබූබ් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ඒ වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වන්න පුළුවන් වුනා... නර්ගීස් ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටියේ සුනිල් දත් හා රාජේන්ද්‍ර කුමාර් නර්ගීස්ගේ පුතුන් දෙදෙනා ලෙස රඟපෑවා..
මේ ගීතය රචනා කලේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක මෙහෙබූබ් ඛාන් විසින්මයි.. සංගීතය නවුෂාඩ්ගෙන්.. ලතා මංගේෂ්කාර් මහත්මිය තමයි ගායනා කරන්නේ..

මේ චිත්‍රපටිය සම්මාන ගණනාවකට නිර්දේශ වුනා.. ඒ වගේම සම්මාන ගණනාවක් දිනා ගත්තා.. 1958 වර්ෂයේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටියට මෙය නිර්දේශ වුනා.. ඒ වගේම 1958 වර්ෂයේ ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම සංගීතය යන සම්මාන 05ම දිනා ගන්න මදර් ඉන්ඩියාට හැකියාව ලැබුනා.. මේ ගීතයේ යූටියුබ් වීඩියෝ එකයි, සින්දුව බාගන්න සබැඳියයි දෙකම පල්ලෙහා තියෙනවා ඕං...

හරි දැන් බලමු අපි මේ‍කේ සිංහල කොපිය මොකක්ද කියලා.. පල්ලෙහා තියෙන යූටියුබ් වීඩියෝ එක බැලුවා නම් නිකම්ම දිව අගට එන්න ඇති සිංහල සින්දුව..

"නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා.. මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා.."

වසන්තා සන්දනායක ගායනා කල මේ ගීතය අද ගායනා කරන්නේ ඇයගේ මිනිපිරිය වන සුප්‍රියා අබේසේකර... ඔන්න ඒකත් තියෙනවා පහලින් බාගන්න...

ජය !!!




දුනියා මේ හමේ - ලතා මංගේෂ්කාර් (Duniya main hume - Latha Mangeshkar)


නොකියාම එදා - සුප්‍රියා අබේසේකර
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Hume Thumse.. කුරු‍ල්ලෝ ඔහේ තාලෙන්.. ::



ප්‍රිය හින්දි ගී රසික රසිකාවියනේ.. ඔන්න අදත් ඔබේ දෙසවනට සුමදුර පැරණි හින්දි ගීයක් ගෙන එන මා රජර‍ට පුත්‍රයා... :)

ඔන්න ඇඩ් කෑල්ලකුත් දැම්මා ඈ.. අද ගෙනාවා වැඩිය පරණ නැති ටිකක් විතර මෑතකදි තිරගත වුන ඒ කිව්වේ 80 දශකේ විතර තිරගත වුන චිත්‍රපටියක අඩංගු වුන ජනප්‍රිය සින්දුවක්...

"හමේ තුම්සේ ප්යාර් කිත්නා.. යෙ හම් නහී ජාන්තේ..
මගර් ජී නහී සක්තේ.. තුමාරේ බිනා..."

මේ සින්දුවේ සිංහල අදහස තමයි, "මම ඔබට කෙතරම් ආදරේද කියලා මමවත් නොදනී.. නමුත් ඔබ නොමැතිව ජීවත් වීමට නොහැකි බව නම් දනිමි.." කියන එක... පුනුරුත්පත්තිය කථා තේමාව කරගත් 1981 තිරගතවුන කුද්රත් (Kudrat) චිත්‍රපටියේ තමයි මේ ගීතය ඇතුලත් වෙලා තිබුනේ.. රාජ් කුමාර්, රාජේශ් ඛන්නා, හේමා මාලිනි ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ චේතන් ආනන්ද්..

මේ ගීතයේ පද ලීවේ මජ්රූහ් සුල්තාන්පුරී.. ඒ පද වලට සුමදුර සංගීතය මුසු කලේ ආර්.ඩී. බර්මන් මහත්තයා.. මේ ගීතය මේ චිත්‍රපටියේම දෙවතාවක් ගායනා වෙනවා.. එක් වතාවක් පර්වීන් සුල්තානා නැමැති ගායිකාවත් අනෙක් වතාව කාත් කවුරුත් හඳුනන කිෂෝර් කුමාර් මහත්තයාත් ගායනා කරනවා.. ඒ වගේම මේ ගීතය ගැයූ මේ යුවලටම එම වසරේ ෆිල්ම් ‍ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම ගායිකාවට හා ගායකයාට හිමි සම්මාන ද්විත්වයම හිමිවීම සුවිශේෂී.. ඔන්න පල්ලෙහා තියෙනවා සින්දුව බලන්නත් ඔනේම නම් බාගන්නත් පහසුකම්... :)

හරි දැන් බලමු මේ සින්දුවේ කොපිය මොකක්ද කියලා... ඔන්න දැන් මේ සින්දුව ටිකක් හරි ඇහුවා නම් කාගේ කාගෙත් දිව අගට එන්න ඇති සින්දුව නේද ??

"කුරු‍ල්ලෝ ඔහේ තාලෙන්... පියාඹන්න ආසයි.. පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ.."

දැන් මතකයි නේද?? මායා දමයන්තිගේ දුව කුෂාණි සඳරේකා කියන මේ ගීතය මෑතකදී තමයි එළියට ආවේ.. මුල් පිටපතට වැඩි හානියක් නොකර ලස්සනට කෙල්ල සින්දුව නම් කියනවා.. ඔන්න පල්ලෙහා තියෙනවා බාගන්න අවශ්‍ය දෑ.. කැමත්තෝ බාගත්වා..

ඕං එහෙනං අපි ගියා.. තව සින්දු පොළිමක් තියෙනවා.. වෙලාව තමයි පුරස්නේ රජරට කොල්ලට.. :P










හමේ තුම්සේ ප්යාර් කිත්නා - කුද්රත් (Hume Thumse - Kudrat)


කුරුල්ලෝ ඔබේ තාලෙන් - කුෂාණි සඳරේඛා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Kaha Chal Diye.. කොයි යන්නේ.. ::



ආයුබෝවන් ප්‍රිය හින්දි ගී රසික රසිකාවි‍යනේ...

අදත් ඔබගේ දෙසවනේ රැව් දෙන පැරණි හින්දි ගීයක් හා එම තනුවටම ගැයුනු සිංහල ගීයක් රැගෙන එන මා ඔබේ ලබැඳි රජරට පුත්‍රයා...

හිහිහි.. පොඩි ඇඩ් පාරක් දාන්න හිතුනා... හරි හරි.. ඔන්න අද ගෙනාවා ගින්දර වගේ අදටත් එහේ මෙහේ කොහේ ගියත් ඇහෙන සදා නොමියෙන ගීත යුගලයක්...

"කහා චල් දියේ... ඉදර් තෝ ආවෝ... මෙරේ දිල් කෝ.. නා ටුට්කරාඕ.. " තමයි අද අරන් ආපු ගීතය...

1968 තිරගත වුන "ජුක් ගයා ආසමාන්" (Jhuk Gaya Aasman) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා ති‍බුනේ.. ලේක් තන්ඩන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර් සමග සයිරා බානු.. හස්රත් ජයපූරිගේ පද වලට ස්වර ගැලපුවේ ශංකර්-ජයකිශන් සහෝදර සමාගම... මේ චිත්‍රපටිය 1941 තිරගතවුන "Here Comes Mr. Jordan" චිත්‍රපටියේ හින්දි කොපිය කිව්වොත් හරි...

පස්සේ කාලෙක ඒ කියන්නේ 1972 දී විතර ලංකාවේ තිරගතවුනා චිත්‍රපටියක් "එදත් සූරයා අදත් සූරයා" කියලා.. කාටත් මේ චිත්‍රපටිය මතක ඇති.. ගාමිණි-මාලිනී ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය ඒ කාලේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා... ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ගීත 07ක් අඩංගු වෙලා තිබුණා.. ඒ අතරින් ජනප්‍රිය වුනු එක් ගීතයක් තමයි,

"කොයි යන්නේ... බඳ නලවලා.. පාවෙන සුළ‍ඟේ.. වද මල වාගේ.. වද මල වාගේ..."

දැන් මතකයි නේද ?? අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා තමයි මේ ගීතයත් ගායනා කලේ.. ඔන්න







Kaha Chal Diye - Jhuk Gaya Aasman
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Hum Kaale Hain Tho.. මධු සඳෙන් තවත්.. ::




අවසානෙට දාපු සින්දු ඔක්කොම 1960 දශකේ ඒවා නිසා ඔන්න අදත් ගෙනාවා 60 දශකේ තවත් ජනප්‍රිය ලස්සනම ලස්සන නැටවෙන පරණ හින්දි සින්දුවක්... ඒ තමයි...

"හම් කාලේ හේ තෝ ක්‍යා හුවා දිල්වාලේ හේ.. හම් තෙරේ තෙරේ තෙරේ චාහානේ වාලේ හේ... හම් කාලේ හේ තෝ ක්‍යා හුවා දිල්වාලේ හේ..."

මේ සින්දුවේ තේරුම තමයි "මම කළුවුනාට මමත් හොඳ පපුවක් තියෙන පොරක්" කියන එක... 1965 තිරගත වුන ගුම්නාම් (Gumnaam) කියන චිත්‍රපටියේ ටිකක් විහිළු සින්දුවක් විදිහට තමයි මේක එකතු කරලා තිබුනේ.. මනෝජ් කුමාර්, නන්දා මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවත් විකට චරිතය රඟපාපු මෙහෙමූද් තමයි මේ සින්දුවට විකට රංගනයක් ඉදිරිපත් කලේ.. රාජා නවතේ අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා පවා තිබ්බා.. සුපුරුදු පරිදි මේ ගීතයත් මොහොමඩ් රාෆි මහත්තයා ගායනා කලේ.. පද ලියුවේ හස්රත් ජයපුරී.. සංගීතය ශංකර්-ජයකිශන් සහෝදර දෙපළ..

ඉතින් මේ සින්දුවම 1968 තිරගත වුන බ්‍රහ්මචාරී කියන චිත්‍රපටියෙත් යොදාගෙන තිබුනා.. පොඩි ළමයෙක් මුල් ගීතයේ රංගනය අනුකරණය කරන හැටි තමයි ඒකේ තිබුනේ.. ඔන්න ඔය දෙවනියට දාලා තියෙන යූටියුබ් වීඩියෝ එක තමයි ඒ සින්දුව...

දැන් ඉතින් නිකම්ම මතක් වෙනවා ඇති මොකක්ද මේ සින්දුවේ සිංහල කොපිය කියලා..

"මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ... මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ... නළඟනයි ඔයා මගේ සුපෙම් කථාවේ... මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..."

ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා තමයි මේ ගීතය ගායනා කරන්නේ.. අදටත් ප්‍රසංග වේදිකාවේ ඇහෙන රේඩියෝ වල වාදනය වෙන සුපර් ස්ටාර් තරඟ වලට නැතුවම බැරි ගීතයක්.. සුපුරුදු විදිහට කරුණාරත්න අබේසේ‍කර මහත්තයා වෙන්න ඇති මේකෙත් පද ලියලා තියෙන්නේ.. ඔන්න පල්ලෙහායින් තියෙනවා බාගන්න..

තවත් ලස්සන ගීතයක් අරගෙන මම ඉක්මනින් එන්නම්..









මධු සඳෙන් තවත් - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Chaudhvin Ka Chand.. නින්ද නේන රාත්‍රියේ.. ::




කොච්චර වැඩ වැඩි වුනත් ඊ‍යේ ආපු කික් එක තාම තියෙනවා.. ඒක හින්දාම අදත් තවත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගීයක් ගැන ලියන්න හිතුනා...

"චෝද්වීන් කා චාන්ද් හෝ... යා ආෆ්තාබ හෝ.. "

මේ හින්දි ගීතයත් ගොඩක් අය අහලා ඇති... 1960 තිරගත වුන චෝද්වීන් කා චාන්ද් (Chaudhvin Ka Chand)චිත්‍රපටියේ තේමා ගීතය තමයි මේ... ගුරු දත් හා රෙහ්මාන් නැමැති සුරූපිණිය මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුනා.. ගුරු දත් විසින්මයි නිෂ්පාදනයත් සිදු කලේ.. මේ චිත්‍රපටියේ රවීගේ මියුරු සංගීතයට පද ගැලපුවේ ෂකීල් බදායුනී.. ඒ මියුරු ගී ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්තයා... 1960 වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ දී හොඳම ගායකයාට හිමි සම්මානය ‍මෙම ගීතය ගායනා කිරීම වෙනුවෙන් රාෆි මහත්තයා දිනා ගත්තා.. ඒ වගේම හොඳම පද රචනයට හිමි සම්මානය ෂකීල් බදායුනී මේ ගීතය ගායනා කිරීම වෙනුවෙන් දිනා ගත්තා...

ඉතින් කාත් කවුරුත් මේ ගීතයේ සිංහල කොපිය මොකක්ද කියලා දන්නවා..

"නින්ද නේන රාත්‍රියේ.. මේ පාළු කාන්සියේ... පායා අරුන්දතී තරුවෙන්.. එන්න රාත්‍රියේ.."

මුල් ගීතයට කිසිම හානියක් නොකර තවත් ස්වර අලංකරණ යොදා ගෙන අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා මේ ගීතය මධුර හඬින් ගයනා කරලා තියෙනවා... මම දන්න විදිහට කරුණාරත්න අබේසේකර මහත්තයා තමයි හින්දි තනුවට අලංකාර පද ගලපලා තියෙන්නේ.. ඔන්න පල්ලෙහා තියෙනවා ඔක්කොම එව්වා බාගන්න බලාගන්න...

තවත් ලස්සනම ලස්සන සින්දු දෙකක් අරන් ඉක්මනට එන්නම්..







චොද්වීන් කා චාන්ද්.. - Chaudhvin Ka Chand

නින්ද නේන රාත්‍රියේ - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Pardesiyonse Na.. සුදු සඳ රැස් ගලන.. ::


අපේ අප්පේ.. ඔන්න කාලෙකින් තමයි ඉතින් සින්දුවක් ගේන්න පුළුවන් වුනේ.. වැඩ රාජකාරී අස්සේ සින්දුවක් කාරිය අහගන්නවත් ඉඩකඩ නෑ නොවැ.. සමාව ඉල්ලලා ඉන්නවා පරක්කු වුනාට මුලින්ම...

අද ගෙනාවේ ලංකාවේ සූපර් හිට් එකක්... සමහරු මේ සින්දුව ගැන කියපුවාම හිතයි මේක නම් සිංහල එකේ කොපියක් කියලා... ඒ වුනාට මේක තමයි ඔරිම ජිනල් එක... :D

පර්දේසීයෝසේ නා අකියා මිලානා... පර්දේසියෝකෝහේ එක් දින් ජානා... තමයි සින්දුව... 1965 තිරගත වුන "ජබ් ජබ් පූල් කිලේ" චිත්‍රපටියේ තමයි මේ ගීතය ඇතුලත් වුනේ... ශෂී කපූර් සහ නන්දා නැමැති එවකට නවක නිළිය තමයි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුනේ... කාශ්මීරයේ දුප්පත් පාරු පදින තරුණයෙකු සමග ධනවත් යුවතියක් ඇති කරගන්න ආදර සම්බන්ධයක් ගැන තමයි මේ චිත්‍රපටියේ යන්නේ... සුපුරුදු විදිහට මේ ගීතයත් ගායනා කරන්නේ මොහොමඩ් රාෆි මහත්තයා... කල්යාන්ජී - ආනන්ද්ජී සොහොයුරන්ගේ සංගීතයට එකල නවකයෝ වුනු ලක්ෂ්මීකාන්ත්-ප්යාරේලාල් සොහොයුරෝ තමයි පද ගැලපුවේ... ඔන්න පල්ලෙහා දාලා තියෙනවා යූටියුබ් වීඩියෝ එකයි බාගන්න ඕනේ නම් ලින්ක් එකයි...

ඉතින් මේ හින්දි ගීතයේ සිංහල කොපිය තමයි "සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා" කියන ගීතය... අල්හාජ් මොහිදීන් බෙග් මහත්තයා හරිම මිහිරි විදිහට මේ ගීතට ගායනා කරනවා.. මමත් මේක හින්දි සින්දුවක කොපියක් කියලා දැනගත්තේ මෑතකදී... ඒ තරම් බොහොම ලස්සනට පද ගැලපීම කරලා තියෙනවා... පුදුම ලස්සන තනුවක්... අපි සින්දු කියන්න ගත්තොත් නැගලාම යන හරියට කියන එක සින්දුවක් තමයි මේක... අවාසනාවකට මේ පද ලියපු කෙනා නම් දන්නේ නෑ... දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න... ඔන්න පල්ලෙහා තියෙනවා මොහිදීන් බෙග් මහත්තයාගේ පුතා ඉෂාක් බෙග් කියන මේ ගීතයම.. කැමති නම් බාගන්න පුළුවන්...

තවත් ලස්සන හින්දි ගීතයක සිංහල කොපියකින් හමුවෙමු...



පර්දේසියෝසේ නා අකියා මිලානා - Pardesion Se na akiyan milana


සුදු සඳ රැස් ගලන - ඉෂාක් බෙග් - Sudu Sanda Res Galana - Ishak Beg
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Dil Use Do... මල් වැහි සීතල.. ::



අදටත් ජනප්‍රිය තවත් රසවත් සින්දුවක් අරගෙන ඔන්න අද මම ආවා...

මේ හින්දි සින්දුව නම් වැඩිය අහලා නැතිව ඇති...

"දිල් යුසේ දෝ ජෝ ජානේ දේ..."

මේ සින්දුව තිබුනේ 1971 තිරගත වුන අන්දාස් චිත්‍රපටියේ.. රමේෂ් සිප්පි අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියට ‍ශම්මි කපූර් රාජේශ් ඛන්ණා එක්ක හේමා මාලිනි තමයි ප්‍රධාන රංගනයෙන් දායකවුනේ‍.. ශංකර්-ජයකිශන්ගේ මියුරු සංගීතයට ශයිලේන්ද්‍ර තමයි පද ගලපලා තියෙන්නේ.. ගායනා කලේ සුපුරුදු පරිදි මොහොමඩ් රාෆි මහත්තයාත් එක්ක මේ ළඟදී ලංකාවට ආපු ආශා බෝස්ලේ මහත්මිය..

ඉතින් ලංකාවේ මේ තනුවටම සින්දුවක් හැදුවා "හොඳට හොඳයි" චිත්‍රපටියේ... ඒ තමයි...

"මල් වැහි සීතල මල් වැස්සේ... මල් මදහාස මං දැක්කේ..."

ගාමිණී - මාලිනී යුවල රංගනයෙන් දායක වුන මේ චිත්‍රපටියේ මේ සින්දුව ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්තයාත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය..

ඔන්න තියෙනවා සින්දු දෙකම බාගන්න.. යූටියුබ් වීඩියෝ දෙකත් තියෙනවා බලාගන්න...


දිල් යුසේ දෝ ජෝ ජානේ දේ...

මල් වැහි සීතල මල් වැස්සේ...



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන