:: Bachpanke.. දුෂ්මන්තා ආහෝ.. ::



ඔන්න තවත් ලස්සන ගීතයක් අරගෙන ආවා.. ළඟදී දුන්න අනිත් සින්දු වලට වඩා මේක නම් ටිකක් විතර වැඩිපුර පරණ සින්දුවක්.. ඒත් ඉතින් වයින් වගේ තමයි.. පරණ වෙන්ඩ වෙන්ඩ මරු..

ඉතින් අද ගෙනාවේ මෙන්න මේ සින්දුව,
"බච්පන්කේ මොහොබත් කෝ.. දිල්සේ නා ජුදා කර්නා.."

විජේ බාත් අධ්‍යක්ෂණය කල, 1952 තිරගත වුන "බයිජු බව්රා" (Baiju Bawra) චිත්‍රපටියේ තමයි මේ ගිතය අඩංගු වුනේ.. භාරත් භූෂන් සමග මීනා කුමාරි තමයි ප්‍රධාන චරිත රඟපෑ යුවල වුනේ.. එක්තරා සංගීතඥයෙක් වටා ගොඩ නැගුනු මේ කථාව පුරා ඉතාමත් ලස්සන සින්දු කීපයක් අඩංගු කරලා තිබුනා.. නවුෂාඩ්ගේ ශාස්ත්‍රීය සංගීතයට හින්දි පද ගැලපුවේ ෂකීල් බදායුනි.. මේ ගීතය ගායනා කලේ සුපුරුදු පරිදි ලතා මංගේෂ්කර් මහත්මිය.. ඔන්න බාගන්න බලාගන්න අවශ්‍ය දෑ පහතින් ලබාගත හැකිලු හරිද ??

හරි දැන් අපි එමුකෝ මේ හින්දි සින්දුවේ තනුවට ගැයුනු සිංහල සින්දුව මොකක්ද කියලා.. හ්ම්.. ගොඩක් අයට හින්දි සින්දුව සෑහෙන මට්ටමකට ඉතා කිට්ටුවක් දැනෙනවා ඇති.. ඒත් හරියටම සිංහල සින්දුව මොකක්ද කියලා ඔලුවට ආවේ නෑ නේද? මටත් ‍ඒ ප්‍රශ්ණේ තිබුනා, ඒත් ටිකක් වෙලා අහගෙන ඉද්දි සිංහල එක රජරට පුත්තරයාට හම්බුනා.. ඉතින් මේ ගීතයේ තනුව අරගෙන සිංහල සින්දුව ගායනා කරලා තිබුනේ රුක්මණි දේවි මහත්මිය.. සකුන්තලා කියන චිත්‍රපටියේ තමයි මේ සින්දුව අඩංගු වෙලා තිබුනේ.. ටිකක් විතර රූප හරි නැතුව ඇති.. ඒත් අඩුම ගානේ සින්දුව වත් අහන්න..

ඔන්න බාගන්නවා නම්... අපි ගියා..







බච්පන්කේ මෙහෝබත් කෝ - Bachpanke Mohobath ko - Baiju Bawra
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

4 comments:

Raven said...
March 27, 2010 at 7:15 AM

"බච්පන්කේ මෙහෝබත් කෝ" මමත් ඉතාම කැමති ගීතයක්. ස්තූතියි මිත්‍රයා මේ පැරණි ගීත සහ ඒවා ඇසුරෙන් නිර්මාණය උන සිංහල ගීත අපට සමීප කරනවට. ඔබට ජය.

Udara || උදාර ධර්මසේන said...
March 27, 2010 at 12:28 PM

රවීන් - ස්තූති මිත්‍රයා වචනයකින් හරි මට දිරි දෙනවට.. තවත් ගීත ගෝනියක් මග..

විශ්මි said...
March 27, 2010 at 6:14 PM

ෂහ්...... මං හරිම කැමති චිත්‍රපටියක් 'බෛජු බව්රා '..... රාග රැසක් ඇසුරෙන් නිර්මාණය කල අපූරු ගීත රැසක් තියෙන චිත්‍රපටියක්.... මේ ගීතය ඉන් හුඟක්ම ජනප්‍රිය වුන ගීතයක්....... නවුශාද් ගෙ සංගීතය නම් වින්දනීයයි......ස්තුතියි උදාර......

Lishan Puwakovitage said...
March 27, 2010 at 8:59 PM

ඔය තියෙන්නේ එල සිංදුවක් දාලා. මේක මම බලන්නේ උඹේ tweet එකට පිං සිද්ද වෙන්න. හික් හික් හික්
ජයෙන් ජය ම පතනවා ලොක්කා..!

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...