:: Dil ka bhawara.. මහද නමැති.. ::



රජරට පුත්තරයාට කොච්චර වැඩ රාජකාරි තිබුණත් මොන තූත්තුකුඩියේ හිටියත් දැන් නම් පරණ හින්දි සින්දුවක් කොහොමහරි අපේ හින්දි රසික රසිකාවියන්ට අරගෙන එන තරමට උනන්දුවක් ඇතිවෙලා තියෙනවා...

ඉතින් අදත් ගෙනාවා ලස්සනම ලස්සන සින්දුවක්..

"දිල් කා බවරා කරේ පුකාර්... ප්යාර් කා රාග සුනෝ.. ප්යාර් කා රාග සුනෝරේ... හ්ම්ම්... හ්ම්ම්..."

1963 දී තිරගත වුන "තේරේ ගර්කේ සාම්නේ" (Tere Ghar Ke Samne) චිත්‍රපටියේ තමයි මේ සින්දුව තිබුනේ.. හින්දි සිනමාවේ කවදාවත් වයසට නොයන නළුවා විදිහට නමක් දිනා ගත් දේව් ආනන්ද් මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිතයත් රඟපෑවා... ඒ වසරේ සූපර් හිට් එකක් වුන මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කලේ ඔහුගේ සහෝදරයා වන විජේ ආනන්ද්... ගී පද ලීවේ හස්රත් ජයපූරි... සංගීතය එස්. ඩී. බර්මන් මහත්තයා‍ගෙන්... ගායනය මොහොමඩ් රාෆි මහත්තයා.. ඔන්න සුපුරුදු විදිහට යූටියුබ් වීඩියෝ එකයි කැමති නම් බාගන්න අවශ්‍ය සබැඳියයි දෙකම තියෙනවා පල්ලෙහා..

දැන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ සින්දුවේ සිංහල කොපිය මොකක්ද කියලා.. මුල් හින්දි සින්දුවේ පද වලට සෑහෙන්න ළඟින් යන්න තමයි සිංහල සින්දුවේ පදත් ගලපලා තියෙන්නේ..

"මහද නැමැති වන බඹරා... ළං වී කණට ඔබේ... ආදරේ කියයි මෙසේ.. හ්ම් හ්ම් හ්ම්..."

එච්. ආර්. ජෝතිපාල මහත්තයාත් රාෆි මහත්තයාට සෙකන්ඩ් නොවෙන විදිහට හරිම ලස්සනට මේ ගීතය ගායනා කරලා තියෙනවා.. ඔන්න පල්ලෙහා මේ ගීතයත් බාගන්න අවශ්‍ය සබැඳිය කොහෙන් කොහොම හරි හොයාගෙන දීලා තියෙනවා..

අපේ රසික රසිකාවන්ට ජය !!!





දිල් කා බවරා - තේරේ ගර්කේ සාමනේ (Dil ka Bhawara - Tere Ghar ke Samne)

මහද නැමැති වන බඹරා - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

8 comments:

තිස්ස දොඩන්ගොඩ said...
March 27, 2010 at 1:02 AM

රජරට පුත්තරයා ආගන්තුක සත්කාරයටත් බොහොම දක්සයි කියලා දුකා සහෝදරයගෙන් දැනගන්න ලැබුනා... ඒ ලෙංගතුකමම වෙන්ටෑ මේ මහන්සි නොබලා මනරම් ගී අපි වෙත ගෙන එන්නේ... බොහොම ස්තූතියි මලේ.... හැබැයි තමුන්ගේ වෑඩ පාඩු කරගන්නේ නැතුව මෙව්වා කරගන්න ඕනෑ... හොඳේ...

දුකා said...
March 27, 2010 at 1:30 AM

ෂා . . නියම සිංදුවක් මලේ . . .

මට නම් නිකන් මේවා අහනකොට ඉස්සර මගේ පුංචි කාලෙට ගියා වගේ දැනෙනවා. ඉස්සර අර හවස තුනේ ඉඳන් හතර වෙනකම් හින්දී ගී තීරය යනකම් පෙරුම් පුරාගෙන බලන් හිටි කාලය . . . !

උඹේ වැඩේ අපූරුයි මල්ලියෝ . . . උඹට ජය

Anonymous said...
March 27, 2010 at 7:43 AM

අනේ කරුණාකරල පරණ හිංදි සිංදුවක් හොයල දෙන්න පුලුවන්ද?

ඒක අයිති චිත්‍රපටිය නම් මතක නෑ..

පටං ගන්නේ bhothu nagaa loo gee ... duniya ke dil waa le gee

හොයල දෙන්න පුලුවන්ද?

තරිඳු said...
March 27, 2010 at 10:37 AM

@ano
මෙන්න සින්දුව
ගෝරෝකි නා කාලෝකි දුනියා හේ දිල්වාලෝකි
http://www.youtube.com/watch?v=ovYrdIPJ7GA

Udara || උදාර ධර්මසේන said...
March 27, 2010 at 11:56 AM

@ තිසායියා - අනිවා අනිවා අයියණ්ඩි.. මේ පැත්තේ ආවොත් උපරිම සළකලා තමයි අපි යවන්නේ.. ආයේ දෙපාරක් එන්න හිතෙන්න... ඔව් අයියණ්ඩි.. මම කලිං කිව්වා වගේ වැඩ රාජකාරි නිසා මේ බ්ලොග් එක අතපසු වෙනවා මිසක් රාජකාරි අතපසු කරන්නේ නෑ මම.. :)

Udara || උදාර ධර්මසේන said...
March 27, 2010 at 11:58 AM

@ දුකායියා - තැන්කුන් තැන්කුන් අයියෝ... තව මේ වගේ අයියලා කොල්ලෝ කාලේ අහපු සින්දු මම දෙන්නම්.. එතකොට ආපහු තරුණ වෙන්ඩවත් බැරියැ.. හිහිහිහි.. :D :D :P

Udara || උදාර ධර්මසේන said...
March 27, 2010 at 12:17 PM

@ Anonymous - ඔන්න අපේ තරිඳු ළමයා ටක්කෙටම සින්දුව දීලා තියෙනවා.. ඩිස්කෝ ඩාන්සර් චිත්‍රපටියේ එන ලස්සනම ලස්සන සින්දුවක්.. මේ සින්දුවේ එම්.පී.3 එක ඕනේ නම් දෙන්නම්.. වෙනම බ්ලොග් ලිපියක්ම දාන්නම්..

@ තරිඳු - මචං තෑන්ක්ස් අර ළමයාට උදව් කලාට.. අපි වෙලාවක සෙට් වෙමු.. :)

ත‍රිඳු said...
March 27, 2010 at 11:42 PM

@udara
එල මචෝ මමත් ඉතින් හින්දි පිස්ස.

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...