
කොච්චර වැඩ වැඩි වුනත් ඊයේ ආපු කික් එක තාම තියෙනවා.. ඒක හින්දාම අදත් තවත් ශ්රී ලංකාවේ ජනප්රිය පැරණි හින්දි ගීයක් ගැන ලියන්න හිතුනා...
"චෝද්වීන් කා චාන්ද් හෝ... යා ආෆ්තාබ හෝ.. "
මේ හින්දි ගීතයත් ගොඩක් අය අහලා ඇති... 1960 තිරගත වුන චෝද්වීන් කා චාන්ද් (Chaudhvin Ka Chand)චිත්රපටියේ තේමා ගීතය තමයි මේ... ගුරු දත් හා රෙහ්මාන් නැමැති සුරූපිණිය මේ චිත්රපටියේ ප්රධාන චරිත වලට රංගනයෙන් දායක වුනා.. ගුරු දත් විසින්මයි නිෂ්පාදනයත් සිදු කලේ.. මේ චිත්රපටියේ රවීගේ මියුරු සංගීතයට පද ගැලපුවේ ෂකීල් බදායුනී.. ඒ මියුරු ගී ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්තයා... 1960 වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ දී හොඳම ගායකයාට හිමි සම්මානය මෙම ගීතය ගායනා කිරීම වෙනුවෙන් රාෆි මහත්තයා දිනා ගත්තා.. ඒ වගේම හොඳම පද රචනයට හිමි සම්මානය ෂකීල් බදායුනී මේ ගීතය ගායනා කිරීම වෙනුවෙන් දිනා ගත්තා...
ඉතින් කාත් කවුරුත් මේ ගීතයේ සිංහල කොපිය මොකක්ද කියලා දන්නවා..
"නින්ද නේන රාත්රියේ.. මේ පාළු කාන්සියේ... පායා අරුන්දතී තරුවෙන්.. එන්න රාත්රියේ.."
මුල් ගීතයට කිසිම හානියක් නොකර තවත් ස්වර අලංකරණ යොදා ගෙන අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා මේ ගීතය මධුර හඬින් ගයනා කරලා තියෙනවා... මම දන්න විදිහට කරුණාරත්න අබේසේකර මහත්තයා තමයි හින්දි තනුවට අලංකාර පද ගලපලා තියෙන්නේ.. ඔන්න පල්ලෙහා තියෙනවා ඔක්කොම එව්වා බාගන්න බලාගන්න...
තවත් ලස්සනම ලස්සන සින්දු දෙකක් අරන් ඉක්මනට එන්නම්..
චොද්වීන් කා චාන්ද්.. - Chaudhvin Ka Chand
නින්ද නේන රාත්රියේ - එච්. ආර්. ජෝතිපාල



