Showing posts with label Asha Bonsle. Show all posts
Showing posts with label Asha Bonsle. Show all posts

:: Aulad Walo.. සෝබාව හංගා මේ ලෝ තලේ.. ::



හරියටම දවස් දෙකකට පස්සේ තවත් ගීතයක් ලබා දෙන්න තරම් උනන්දුවක් ඇති වුන එක ගැන මටම සතුටුයි.. පහුගිය මාස කීපයේ ලිපියක් ලියන්න බැරි වුන නිසා පැරණි හින්දි ගී රසික රසිකාවියෝ කීපදෙනෙක්ම මග ඇරෙන්න ඇති.. ආපහු ඒ අය දැනුවත් කරන්නත් එක්ක තමයි මේ ළඟ ළඟ ලිපි ලියන්න හිතුනේ..

හරි.. ඔන්න අද ගෙනාවේ අති ජනප්‍රිය අදටත් එක එක වැඩසටහන් වල ඒ වගේම වේදිකාවෙත් ඇහෙන ජනප්‍රිය පැරණි හින්දි ගීතයක්.. බලන්න මතකද කියලා...

ඕලාද වාලෝ පූලෝ බලෝ..
ඕලාද වාලෝ පූලෝ බලෝ..

බූකේ ගරීබ් කී යේ හී දුවාහේ..
ඕලාද වාලෝ පූලෝ බලෝ...

මේ වචන පෙලේ තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්..

"දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..

සාගින්නේ පෙළෙන දිළිඳන් මෙසේ ප්‍රාර්ථනා කරයි..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා.. "



1969 භාරතයේ තිරගත වුන අති ජනප්‍රිය "ඒක් පූල් දෝ මාලික්" (Ek Phool Do Mali) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. මේ නමේ තේරුම "එක මලයි.. අයිතිකාරයෝ දෙන්නයි" කියන එක.. සංජේ ඛාන්, බල්රාජ් සාහ්නී සමග සධානා ශිව්දාසනී තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. වැඩිය ජනප්‍රිය නළු නිළියෝ නොවුනට අති සාර්ථක රංගනයක් කලා කියන්න පුළුවන්.. ලංකාවේ මේ චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැති තරම්.. අපේ තාත්තා 12 වතාවක් මේ චිත්‍රපටිය බලලා තියෙනවා.. ඉතින් හිතා ගන්න පුළුවන් ඇතිනේ චිත්‍රපටියේ ජනප්‍රියත්වය.. ඒ වගේම මේ චිත්‍රපටියේ ගීත 08ක් අඩංගු වෙලා තිබුනා.. රවි ශංකර්ගේ සංගීතයෙන් තමයි ඒ ගීත සියල්ලම හැඩ වුනේ.. ‍මේ ගීතයේ පද ටික ලියැවුනේ නම් ප්‍රේම් ධවාන් ගෙන්.. සුපුරුදු පරිදි ගායනය මොහොමඩ් රාෆිගෙන්, යුග ගායනය ආශා බෝස්ලේගෙන්.. අහලා බලන්නකෝ ආශා බෝස්ලේගේ කටහඬ ඉස්සර.. හරිම ලස්සනයි.. ඔන්න පහලින් බාගන්නත් බලාගන්නත් පුළුවන්...



ඕලාද් වාලෝ - Aulad Walo







හරි අපි දැන් බලමු මේ තනුවට ගායනා වුන සිංහල ගීතය මොකක්ද කියලා.. ඔන්න බලන්න මතකද කියලා..

සෝබාව හංගා මේ ලෝ තලේ...
ආලෝකයෙන් මා ඇයි වෙන්කලේ..
අනුකම්පා නැති දෛවේ හිනාවේ..
සෝබාව හංගා...

1972 තිරගත වුන "මේ දෑස කුමටද? චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ තාත්තා) අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න හැකියාවක් ලැබුනා.. විජය කුමාරණතුංග සමග මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. හින්දි එක යුග ගීයක් වුනාට මේ සිංහල ගීය නම් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා විතරයි.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා.. බලන්න චිත්‍රපටියේ ගීතය නම් නෑ.. ළඟදී ගිය ස්ටාර් වැඩසටහනක යූටියබ් එකක් නම් තියෙනවා.. කැමති නම් බලන්න..

එහෙනම් ගිහිං එන්නම් තවත් සින්දු දෙකක් අරගෙන.. :)

බලන්න ඕනේ නම් යූටියබ්

සෝබාව හංගා - Sobawa Hanga
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Gunguna Rahi... සුසුදු රැල්ල...

මේ හින්දි ගීතය බොහෝ අය රසවිඳලා ඇති... ආරාධනා චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ආශා බොස්ලේ ගායනා කරන "ගුන්ගුනා රහී හේ" ගීතයට රංගනයෙන් දායක වුනේ රාජේශ් ඛන්නා හා ශර්මිලා තාගෝර්... මේ ශ්‍රේෂ්ඨ නළු නිළි දෙපළම තාමත් අප අතරේ ඉන්නවා.. රාජේශ් ඛන්නා නම් දැනට රඟපාන්නේ නෑ.. හැබැයි ශර්මිලා තාගෝර් නම් මේ ළඟදිත් ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිතයට රඟපාන චිත්‍රපටියක මවකගේ චරිතය රඟපෑ‍වා... 8X10 Thasweer ඒ චිත්‍රපටියේ නම... ඒ ගැන තොරතුරු මෙතනින් බලන්න පුළුවන්... ශර්මිලා තාගෝර් කියන්නේ සයිෆ් අලී ඛාන්ගේ අම්මා බව ගොඩක් අය දන්නවා ඇති.. ඉතින් ආරාධනා චිත්‍රපටිය නරඹපු කාටවත් මේ සින්දුව නම් අමතක වෙන්න විදිහක් නෑ.. ආහ්.. මේ ගීතය රචනා කලේ ආනන්ද් බක්ෂි, සංගීතය එස්. ඩී. බර්මන්...

හැබැයි කොයි කවුරුත් දන්නවා "සුසුදු රැල්ල වැල්ලේ පෙරලී" ගීතය... ගුන්ගුනා රහී‍ හේ ගීතයේ තනුවට අපේ එච්. ආර්. ජෝතිපාල (හදවත රත්තරන් ජෝතිපාල) මහත්තයා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය එක්ක "අභිරහස" චිත්‍රපටියට තමයි සුසුදු රැල්ල ගීතය ගායනා කලේ... හින්දි ඔන්න පහල දාලා තියෙනවා ඔරිජිනල් එකයි සිංහල කොපියයි දෙකම කට්ටියට බලාගන්න... හින්දි එකේ Mp3 එකත් මෙතන තියෙනවා...

මෙතනින් mp3 ගොනුව බාගන්න..



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන