Showing posts with label Mohideen Beg. Show all posts
Showing posts with label Mohideen Beg. Show all posts

:: Sunlo Ji Sunlo.. වැල්ලේ කිරි වැල්ලේ.. ::



ටික කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා මේ පැත්තේ සුපුරුදු විදිහට ගීත දෙකක්ම අරගෙන.. දවස් කීපයකට කලින් ටීවීටරේ යාළුවෝ දෙන්නෙක් මගේ බ්ලොග් එක මතක් කරද්දී තමයි මට මතක් වුනේ මම මෙහෙම බ්ලොග් එකක් කරනවා නේද කියලා.. ඉතින් ඔන්න දිලින සහ සූලාරීව මුලින් මතක් කරලා ඉන්නවා අද විස්තර කියන්න කලින්..

හරි අද මම අරගෙන ආවේ 1957 තිරගත වුන “දෝ රොටී“ (Do Roti) කියන චිත්‍රපටියේ ජනප්‍රිය වුන ගීතයක් අරගෙන..

සුන්ලෝ ජී සුන්ලෝ බජේ ගී බාත්..
රෝටි බිනා ජීවන් හේ කාලී රාත්..

තනිකරම රොටී ගැන කියවෙන ගීතයක්.. අවසාන පද පේලියේ තේරුම “රොටී නැති ජීවිතය කළුවර රැයක් වගේ“ කියලා තමයි කියන්නේ.. 1957 ඉස්මයිල් මෙමොන් අධ්‍යක්ෂණය සහ තිර රචනය කල මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ නිරූපා රෝයි සමග බල්රාජ් සාහ්නි.. ඒ වගේම ජොනී වෝල්කර් සහ මෙහෙමූද් යන නළුවනුත් මෙහි චරිත රඟදැක්වූවා.. සුමන් කල්යාන්පූර් සමග ශංකර් දාස්ගුප්තා ගායනා කරන මේ ගීතයට මියුරු සංගීතය යෙදුවේ රොෂාන් කියන සංගීතඥයා.. පද ගැලපුවේ කුමාර් බරාබන්ක්වි කියන ශිල්පියා..

පහලින් මේ ගීතය බලන්නත් කැමති අයට බාගන්නත් වෙනදා වගේම අවස්ථාව තියෙනවා ඔන්න..







දැන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී..
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී..

1958 තිරගත වුන “දෙයියන්නේ රටේ“ චිත්‍රපටියේ තමයි මේ ලස්සන ගීතය අඩංගු වුනේ.. එල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ හෙළදිව ෆිල්ම්ස්.. ප්‍රධාන චරිත රඟපෑවේ සේනාධීර කුරුප්පු, පුන්‍යා හීන්දෙනිය සමග ධර්මසිරි කල්දේරා.. ගීතය මියුරු ලෙස ගායනා කලේ මොහිදීන් බෙග් සමග ජී.එස්.බී. රානි මහත්මිය.. ඔවුන් දෙදෙනාම අද අප අතර නැහැ..

හැබැයි අදටත් මේ ගීතය ප්‍රසංග වේදිකාවේ වගේම ගුවන් විදුලියේ නිතරම අහන්න ලැබෙනවා.. ඔන්න පහලින් තියෙනවා කැමති අයට බලන්න.. ඒත් එම්බෙඩ් කරන්න බෑ.. ලින්ක් එකට කෙලින්ම ගිහින් බලන්න.. අවශ්‍ය අයට බාගන්න අවස්ථාව තියෙනවා ඊට පහල ලින්ක් එකෙන්.. තවත් ලස්සන ගීත යුගලයක් අරගෙන ඉක්මනින් එන්නම්... සුභ !!!



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Aajab Hai Malik.. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි.. ::



හරියටම මාස තුනකටත් වැඩි කාලෙකට පස්සේ තමයි ඔන්න අළුත් ගීතයක් අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. මුලින්ම සමාව ඉල්ලලා ඉන්නවා මාස තුනක නිහැඬියාවට..

ඔන්න අද අරගෙන ඇවිත් තියෙන්නේ තවත් ජනප්‍රිය ගීතයක්..

ආජබ් හේ මාලික් තෙරා ජහාන්
චිරාග් කහා රෝෂනී කහා...
ආග් ලගේ නහී උටේ දුවා
චිරාග් කහා රෝෂනී කහා...

ගොඩක් අය මේ ගීතය අහලා ඇති.. ඒත් දැකලා නම් නැතුව ඇති.. 1959 තිරගත වුන "චිරාග් කහා රෝෂනී කහා" (Chirag Kahan Roshni Kahan) කියන චිත්‍රපටියේ තේමා ගීතය තමයි මේ.. මේ නමේ තේරුම "පහන කොහේද ? නමුත් ආලෝකය කොහේද ?" කියන එක.. දේවේන්ද්‍ර ගොඒල් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ හින්දි සිනමාවේ කඳුලු බින්දුව මීනා කුමාරි එක්ක රාජේන්ද්‍ර කුමාර්... රවි ශංකර් මහත්තයා සංගීතවත් කල මේ ගීතය ගායනා කරන්නේ සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා.. 1960 වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළියට සහ හොඳම කථාවටත් නිර්දේශ වුනා.. ඔන්න පහලින් බාගන්නත් බලා ගන්නත් අවස්ථාව තියෙනවා..



ආජබ් හේ මාලික් තෙරා ජහාන්...





ඉතින් පස්සේ කාලෙක මේ චිත්‍රපටියම සිංහ‍ලින් දෙබස් කවලා ලංකාවේ ප්‍රදර්ශණය වුනා "මගේ පුතා" නමින්... මේ ගීතය මේ ආකාරයෙන්ම පරිවර්තනය වෙලත් තිබුනා.. කාටත් මතක ඇති...

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
පහණ ළඟයි ආලෝකේ දුරයි...

මේ ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි මහත්තයා.. ඔන්න කැමති අයට පහලින් බාගන්න එහෙම පුළුවන් ඔන්න..

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Pardesiyonse Na.. සුදු සඳ රැස් ගලන.. ::


අපේ අප්පේ.. ඔන්න කාලෙකින් තමයි ඉතින් සින්දුවක් ගේන්න පුළුවන් වුනේ.. වැඩ රාජකාරී අස්සේ සින්දුවක් කාරිය අහගන්නවත් ඉඩකඩ නෑ නොවැ.. සමාව ඉල්ලලා ඉන්නවා පරක්කු වුනාට මුලින්ම...

අද ගෙනාවේ ලංකාවේ සූපර් හිට් එකක්... සමහරු මේ සින්දුව ගැන කියපුවාම හිතයි මේක නම් සිංහල එකේ කොපියක් කියලා... ඒ වුනාට මේක තමයි ඔරිම ජිනල් එක... :D

පර්දේසීයෝසේ නා අකියා මිලානා... පර්දේසියෝකෝහේ එක් දින් ජානා... තමයි සින්දුව... 1965 තිරගත වුන "ජබ් ජබ් පූල් කිලේ" චිත්‍රපටියේ තමයි මේ ගීතය ඇතුලත් වුනේ... ශෂී කපූර් සහ නන්දා නැමැති එවකට නවක නිළිය තමයි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුනේ... කාශ්මීරයේ දුප්පත් පාරු පදින තරුණයෙකු සමග ධනවත් යුවතියක් ඇති කරගන්න ආදර සම්බන්ධයක් ගැන තමයි මේ චිත්‍රපටියේ යන්නේ... සුපුරුදු විදිහට මේ ගීතයත් ගායනා කරන්නේ මොහොමඩ් රාෆි මහත්තයා... කල්යාන්ජී - ආනන්ද්ජී සොහොයුරන්ගේ සංගීතයට එකල නවකයෝ වුනු ලක්ෂ්මීකාන්ත්-ප්යාරේලාල් සොහොයුරෝ තමයි පද ගැලපුවේ... ඔන්න පල්ලෙහා දාලා තියෙනවා යූටියුබ් වීඩියෝ එකයි බාගන්න ඕනේ නම් ලින්ක් එකයි...

ඉතින් මේ හින්දි ගීතයේ සිංහල කොපිය තමයි "සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා" කියන ගීතය... අල්හාජ් මොහිදීන් බෙග් මහත්තයා හරිම මිහිරි විදිහට මේ ගීතට ගායනා කරනවා.. මමත් මේක හින්දි සින්දුවක කොපියක් කියලා දැනගත්තේ මෑතකදී... ඒ තරම් බොහොම ලස්සනට පද ගැලපීම කරලා තියෙනවා... පුදුම ලස්සන තනුවක්... අපි සින්දු කියන්න ගත්තොත් නැගලාම යන හරියට කියන එක සින්දුවක් තමයි මේක... අවාසනාවකට මේ පද ලියපු කෙනා නම් දන්නේ නෑ... දන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න... ඔන්න පල්ලෙහා තියෙනවා මොහිදීන් බෙග් මහත්තයාගේ පුතා ඉෂාක් බෙග් කියන මේ ගීතයම.. කැමති නම් බාගන්න පුළුවන්...

තවත් ලස්සන හින්දි ගීතයක සිංහල කොපියකින් හමුවෙමු...



පර්දේසියෝසේ නා අකියා මිලානා - Pardesion Se na akiyan milana


සුදු සඳ රැස් ගලන - ඉෂාක් බෙග් - Sudu Sanda Res Galana - Ishak Beg
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන