Showing posts with label latha walpola. Show all posts
Showing posts with label latha walpola. Show all posts

:: Ho Maine Pyar Kiya.. ගලනා සීත ජලේ.. ::



අදත් අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීයක් හා ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත්...

"හෝ මේනේ ප්යාර් කියා.. හොයේ හොයේ ක්යා ජුර්ම් කියා... ආකෝකා රංග ‍හෝගයා ගුලාභි.. ගුලාභි.. හායේ හායේ හායේ දිල් කා හාලත් ෂරාභි..."

"දෙයියනේ මං ආදරය කරනවාද ? නැත්නම් වැරද්දක් කරනවාද ? ඇස් රතුවෙන්න පටන් ගත්තා.. හද‍වතේ ඇති ආලය මත් වෙන්න පටන් ගත්තා.. "



1960 වර්ෂයේ තිරගත වුන "ජිස් දේශ් මේ ගංගා බෙහෙතී හේ" (Jis Desh Main Ganga Behethi Hay) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. රාධු කර්මකාර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ රාජ් කපූර් සමග පද්මිණි.. ප්‍රාණ් තමයි දුෂ්ඨයාගේ චරිතය රඟපෑවේ.. ශංකර්-ජයකිෂන්ගේ සංගීතයට ගී පද ලීවේ ශෛලේන්ද්‍ර... මුකේෂ් හා ලතා මංගේෂ්කාර් තමයි ගායනා කලේ..මේ චිත්‍රපටයේ නිෂ්පාදනයත් ප්‍රධාන නළුවාගෙන්මයි.. ඒ කියන්නේ රාජ් කපූර් මහත්තයා.. 1960 වසරේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම ච්‍ත්‍රපටිය, හොඳම නළුවා, හොඳම සංස්කරණය හා හොඳම කලා අධ්‍යක්ෂණය යන සම්මාන හතරම මෙම චිත්‍රපටියට ලැබුනා.. ඇත්තටම මේ ගීතය බැලුවොත් පුදුම හිතෙයි.. 1960 කාලෙත් වතුර යට කැමරා ගත කරලා තියෙනවා.. පල්ලෙහා තියෙන යූටියුබ් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙයි...

ඉතින් මේ ගීතයේ තනුවටම අපේ ලංකාවේ ලතා වල්පොල මහත්මියත් ගීතයක් ගායනා කලා..

"ගලනා සීත ජලේ.. දිලෙනා නිලට නිලේ.. ඔබ නොදන්න ගී ගයා ගලාවී.. ගලාවී.. තව තනිව ඉන්න බෑ කියා කියාවී.. කියාවී.."

මුල් තනුවට හානියක් නොවෙන විදිහට උපරිමයෙන් මේ ගීතය ගායනා කරලා තියෙනවා.. මේ ගීතය අඩංගු වුන චිත්‍රපටිය නම් මට මතක නෑ.. ඇත්තම කිව්වොත් මම සිංහල චිත්‍රපටි වලට වඩා දන්නේ හින්දි චිත්‍රපටි ගැන.. ඒ අතරිනුත් පරණ හින්දි චිත්‍රපටි.. ඔන්න ඉතින් පල්ලෙහා තියෙනවා මේ ගීත දෙකම බාගන්න අවශ්‍ය සබැඳි.. ඒවගේම යුටියුබ් වීඩියෝ.. ඕගොල්ලන්ගේ ඉල්ලීම් තියෙනවා නම් ඒවාත් කියන්න.. එහෙනම් තවත් පැරණි හින්දි ගීයක් හමුවෙමු..



හෝ මේනේ ප්යාර් කියා - ලතා මංගේෂ්කාර් (Ho maine Pyar Kiya - Latha Mangeshkar)

‍ගලනා සීත ජලේ - ලතා වල්පොල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

::: Muje Teri... කලක් තිස්සේ... :::



ඊයේ දාපු පෝස්ට් කීපයට හිතපු තරම් නැතිවුනත් සාමාන්‍ය මට්ටමක ප්‍රතිචාර තිබුනා.. ඉතින් ඒ ප්‍රතිචාර වල ප්‍රතිපලයක් විදිහට සයිබර් ලෝකෙදි දැන අඳුනා ගත්ත මං වගේම හින්දි පිස්සෙක් (ආදරේට හොඳේ) (නමින් හෂිනි මද්දුමගේ සහෝදරිය) මට සෑහෙන්න වටින අති ජනප්‍රිය සින්දු කීපයක් එවලා තිබුනා.. ඉතින් ඔන්න ඒවා දැන් එකින් එක දානවා.. ඔන්න ඉතින් මුලින්ම හසිනි සහෝදරියට තැන්කුන් කියලා ඉමු...

අද ගෙනාපු සින්දුව තමයි හැමෝම දන්න කියන ළගදී රීමේක් කරපු තුෂාරා එකෙත් තිබුන මේ දවස් වල සූප ස්ටාර් කඩ වලිනුත් ඇහෙන "කලක් තිස්සේ.. සිතක් පත්ලේ..." සින්දුව... ලතා වල්පොල නෝනත් එක්ක අපේ හදවත රත්තරං ‍ජෝතිපාල මහත්තයා තමයි මේ සින්දුව ගායනා කරන්නේ.. 70 දශකයේ තිරගත වුන තුෂාරා චිත්‍රපටියේ රඟපෑවේ කවුද කියලා කියන්න ඕනේ නෑනේ.. දන්නේම නැත්තම් පල්ලෙහා යුටියුබ් වීඩියෝ ටික බලන්න..

ඉතින් මේ "කලක් තිස්සේ" සින්දුවේ තනුවත් හින්දි කොපියක් කියලා සමහරු දන්නවා ඇති.. 1971 තිරගත වුන ආප් ආයේ බහාර් ආයේ (Aap Aye Bahaar Ayee) චිත්‍රපටියේ තමයි මේ මුල් ගීය තිබ්බේ.. "මුජේ තේරී මොහාබත් කා.." කියලා තමයි ඒ සින්දුව පටන් ගන්නේ.. රාජේන්ද්‍ර කුමාර් එක්ක සධානා ශිවදාසනී තමයි මේ චිත්‍රපටියට රඟපෑවේ.. මේ නිළියයි නළුවයි නම් මතකත් ඇති.. මේ නළුවා ගීත් එකේ රඟපෑවා.. නිළිය ඒක් පූල් දෝ මාලික් චිත්‍රපටියේ හිටියා.. සුපුරුදු විදිහට ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් ගේ සංගීතයට ආනන්ද භක්ෂි තමයි පද ටික ගැලපුවේ.. ඉන්දියාවේ ජෝති, මොහොමඩ් රාෆි එක්ක ඉන්දියාවේ ලතා නෝනා තමයි හිත ඇද බැද ගන්න විදිහට සින්දුව කිව්වේ.. ඔන්න තියෙනවා ඔක්කොම බාගෙන විඳින්න.. තව ඕනේ නම් කියන්න ඈ.. ;)

කලක් තිස්සේ - එච්. ආර් ජෝතිපාල සමග ලතා වල්පොල

මුජේ තේරී මොහොබත් කා - මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්




උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන