:: Hum Hain To Chandh.. අපි පාගලා යාමුකෝ හැටේ.. ::



ඔන්න ගිය සතියේ පොරොන්දු වුන විදිහටම අදත් ආවා ඉපැරණි ජනප්‍රිය ගී යුගලයක් අරගෙන.. සතියට අඩුම එක් ලිපියක් හෝ පලකරන එක පුරුද්දක් කරගන්න හිතුවා මොන රාජකාරිය තිබ්බත්..

ඉතින් අද අරගෙන ආපු පැරණි හින්දි ගීතය මෙන්න මේකයි:

හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ජහා කේ රංගී නසාරේ..
හායෙරේ හායේ ඕ දුනියා..
හම් තෙරි නසර් මේ අවාරේ..

1959 වසරේ තිරගත වුන මේ චිත්‍රපටියේ නම තමයි “මේ නශේ මේ හූ“ (Main Nashe Main Hu). මේ නමේ තේරුම තමයි “මා මත්වී සිටී“ යන්න.  නරේශ් සේගල් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ රඟපෑවේ රාජ් කපූර් සමග මාලා සින්හා.

ගීත 09ක් අඩංගු වුන මේ චිත්‍රපටියේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් තමයි මේ හම් හේ තෝ ගීතය. හස්රත් ජයපුරි හා ශයිලේන්ද්‍ර පද රචනා කල මේ ගීතයේ සංගීතය ශංකර් සහ ජයකිෂන් සහෝදර යුවලගේ. ගායනය මුකේෂ්.

ඔන්න මේ ගීතය අහන්න බලන්න හැමදාටම තියා ගන්න බාගන්නත් අවස්ථාව තියෙනවා පහලින්.


හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ.. 




ඉතින් මේ හින්දි ගීතය අහද්දි කොයි කාටත් මතක් වෙන්න ඇති මේ තනුවට වැයුනු සිංහල ගීතය මොකක්ද කියලා. හින්දි ගීතයේ තේරුමට හාත්පසින්ම වෙනස් තේරුමක් ඇති මේ ගීතය තමයි “අපි පාගලා යාමුකෝ හැටේ“.


1960 අප්‍රේල් මාසේ 28 වෙනි දින තිරගත වුන සුන්දර බිරිඳ චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ. ඩී. යෝගනාදන් අධ්‍යක්ෂණය කල චිත්‍රපටිය නිෂ්පාදනය කලේ ජබීර්. ඒ. කාදර්. ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ රවින්ද්‍ර රූපසේන සමග ක්ලැරිස් ද සිල්වා. මේ ගීතයේ වීඩියෝවක් නම් හොයා ගන්න බැරි වුනා. ඒත් ඒත් එම්.පී.3 එකක් නම් හොයා ගත්තා ටොප්සිංහලඑම්පී3 අඩවියේ තිබිලා.

ඔන්න ඒ ගීතය බාගන්න පුළුවන් පහලින්.

අපි පාගලා යාමුකෝ හැටේ


උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

2 comments:

kasun said...
January 20, 2015 at 10:22 PM

Good
http://lakmusic.com

Crypto Phone Support said...
December 25, 2018 at 11:35 AM

Facing error while working on the process to fix the verification issues in the Binance? Are you not qualified to find the root cause behind the error? If no, there is no need to get worried at all under such scenarios. Just talk to the bunch of managers who handle all the queries and doubts related to the Bittrex. All you have to do is dial Binance support number at 1-800-665-6722 and get a surplus of pertinent and approved solutions from the team. Visit website:-http://www.cryptophonesupport.com/exchange/binance

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...