Showing posts with label Raj Kapoor. Show all posts
Showing posts with label Raj Kapoor. Show all posts
:: Hum Hain To Chandh.. අපි පාගලා යාමුකෝ හැටේ.. ::
ඔන්න ගිය සතියේ පොරොන්දු වුන විදිහටම අදත් ආවා ඉපැරණි ජනප්‍රිය ගී යුගලයක් අරගෙන.. සතියට අඩුම එක් ලිපියක් හෝ පලකරන එක පුරුද්දක් කරගන්න හිතුවා මොන රාජකාරිය තිබ්බත්..
ඉතින් අද අරගෙන ආපු පැරණි හින්දි ගීතය මෙන්න මේකයි:
හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ජහා කේ රංගී නසාරේ..
හායෙරේ හායේ ඕ දුනියා..
හම් තෙරි නසර් මේ අවාරේ..
1959 වසරේ තිරගත වුන මේ චිත්‍රපටියේ නම තමයි “මේ නශේ මේ හූ“ (Main Nashe Main Hu). මේ නමේ තේරුම තමයි “මා මත්වී සිටී“ යන්න. නරේශ් සේගල් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ රඟපෑවේ රාජ් කපූර් සමග මාලා සින්හා.
ගීත 09ක් අඩංගු වුන මේ චිත්‍රපටියේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් තමයි මේ හම් හේ තෝ ගීතය. හස්රත් ජයපුරි හා ශයිලේන්ද්‍ර පද රචනා කල මේ ගීතයේ සංගීතය ශංකර් සහ ජයකිෂන් සහෝදර යුවලගේ. ගායනය මුකේෂ්.
ඔන්න මේ ගීතය අහන්න බලන්න හැමදාටම තියා ගන්න බාගන්නත් අවස්ථාව තියෙනවා පහලින්.
හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ඉතින් මේ හින්දි ගීතය අහද්දි කොයි කාටත් මතක් වෙන්න ඇති මේ තනුවට වැයුනු සිංහල ගීතය මොකක්ද කියලා. හින්දි ගීතයේ තේරුමට හාත්පසින්ම වෙනස් තේරුමක් ඇති මේ ගීතය තමයි “අපි පාගලා යාමුකෝ හැටේ“.
1960 අප්‍රේල් මාසේ 28 වෙනි දින තිරගත වුන සුන්දර බිරිඳ චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ. ඩී. යෝගනාදන් අධ්‍යක්ෂණය කල චිත්‍රපටිය නිෂ්පාදනය කලේ ජබීර්. ඒ. කාදර්. ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ රවින්ද්‍ර රූපසේන සමග ක්ලැරිස් ද සිල්වා. මේ ගීතයේ වීඩියෝවක් නම් හොයා ගන්න බැරි වුනා. ඒත් ඒත් එම්.පී.3 එකක් නම් හොයා ගත්තා ටොප්සිංහලඑම්පී3 අඩවියේ තිබිලා.
ඔන්න ඒ ගීතය බාගන්න පුළුවන් පහලින්.
අපි පාගලා යාමුකෝ හැටේ
Labels:
'50,
Mukesh,
Raj Kapoor,
Shankar-Jaikishan
උදාර මදුෂංක
:: Ho Maine Pyar Kiya.. ගලනා සීත ජලේ.. ::

අදත් අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීයක් හා ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත්...
"හෝ මේනේ ප්යාර් කියා.. හොයේ හොයේ ක්යා ජුර්ම් කියා... ආකෝකා රංග හෝගයා ගුලාභි.. ගුලාභි.. හායේ හායේ හායේ දිල් කා හාලත් ෂරාභි..."
"දෙයියනේ මං ආදරය කරනවාද ? නැත්නම් වැරද්දක් කරනවාද ? ඇස් රතුවෙන්න පටන් ගත්තා.. හදවතේ ඇති ආලය මත් වෙන්න පටන් ගත්තා.. "

1960 වර්ෂයේ තිරගත වුන "ජිස් දේශ් මේ ගංගා බෙහෙතී හේ" (Jis Desh Main Ganga Behethi Hay) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. රාධු කර්මකාර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ රාජ් කපූර් සමග පද්මිණි.. ප්‍රාණ් තමයි දුෂ්ඨයාගේ චරිතය රඟපෑවේ.. ශංකර්-ජයකිෂන්ගේ සංගීතයට ගී පද ලීවේ ශෛලේන්ද්‍ර... මුකේෂ් හා ලතා මංගේෂ්කාර් තමයි ගායනා කලේ..මේ චිත්‍රපටයේ නිෂ්පාදනයත් ප්‍රධාන නළුවාගෙන්මයි.. ඒ කියන්නේ රාජ් කපූර් මහත්තයා.. 1960 වසරේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම ච්‍ත්‍රපටිය, හොඳම නළුවා, හොඳම සංස්කරණය හා හොඳම කලා අධ්‍යක්ෂණය යන සම්මාන හතරම මෙම චිත්‍රපටියට ලැබුනා.. ඇත්තටම මේ ගීතය බැලුවොත් පුදුම හිතෙයි.. 1960 කාලෙත් වතුර යට කැමරා ගත කරලා තියෙනවා.. පල්ලෙහා තියෙන යූටියුබ් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙයි...
ඉතින් මේ ගීතයේ තනුවටම අපේ ලංකාවේ ලතා වල්පොල මහත්මියත් ගීතයක් ගායනා කලා..
"ගලනා සීත ජලේ.. දිලෙනා නිලට නිලේ.. ඔබ නොදන්න ගී ගයා ගලාවී.. ගලාවී.. තව තනිව ඉන්න බෑ කියා කියාවී.. කියාවී.."
මුල් තනුවට හානියක් නොවෙන විදිහට උපරිමයෙන් මේ ගීතය ගායනා කරලා තියෙනවා.. මේ ගීතය අඩංගු වුන චිත්‍රපටිය නම් මට මතක නෑ.. ඇත්තම කිව්වොත් මම සිංහල චිත්‍රපටි වලට වඩා දන්නේ හින්දි චිත්‍රපටි ගැන.. ඒ අතරිනුත් පරණ හින්දි චිත්‍රපටි.. ඔන්න ඉතින් පල්ලෙහා තියෙනවා මේ ගීත දෙකම බාගන්න අවශ්‍ය සබැඳි.. ඒවගේම යුටියුබ් වීඩියෝ.. ඕගොල්ලන්ගේ ඉල්ලීම් තියෙනවා නම් ඒවාත් කියන්න.. එහෙනම් තවත් පැරණි හින්දි ගීයක් හමුවෙමු..
හෝ මේනේ ප්යාර් කියා - ලතා මංගේෂ්කාර් (Ho maine Pyar Kiya - Latha Mangeshkar)
ගලනා සීත ජලේ - ලතා වල්පොල
Labels:
latha mangeshkar,
latha walpola,
Raj Kapoor,
Shankar-Jaikishan
උදාර මදුෂංක
Subscribe to:
Posts (Atom)





