Showing posts with label Mukesh. Show all posts
Showing posts with label Mukesh. Show all posts
:: Hum Hain To Chandh.. අපි පාගලා යාමුකෝ හැටේ.. ::
ඔන්න ගිය සතියේ පොරොන්දු වුන විදිහටම අදත් ආවා ඉපැරණි ජනප්‍රිය ගී යුගලයක් අරගෙන.. සතියට අඩුම එක් ලිපියක් හෝ පලකරන එක පුරුද්දක් කරගන්න හිතුවා මොන රාජකාරිය තිබ්බත්..
ඉතින් අද අරගෙන ආපු පැරණි හින්දි ගීතය මෙන්න මේකයි:
හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ජහා කේ රංගී නසාරේ..
හායෙරේ හායේ ඕ දුනියා..
හම් තෙරි නසර් මේ අවාරේ..
1959 වසරේ තිරගත වුන මේ චිත්‍රපටියේ නම තමයි “මේ නශේ මේ හූ“ (Main Nashe Main Hu). මේ නමේ තේරුම තමයි “මා මත්වී සිටී“ යන්න. නරේශ් සේගල් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ රඟපෑවේ රාජ් කපූර් සමග මාලා සින්හා.
ගීත 09ක් අඩංගු වුන මේ චිත්‍රපටියේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් තමයි මේ හම් හේ තෝ ගීතය. හස්රත් ජයපුරි හා ශයිලේන්ද්‍ර පද රචනා කල මේ ගීතයේ සංගීතය ශංකර් සහ ජයකිෂන් සහෝදර යුවලගේ. ගායනය මුකේෂ්.
ඔන්න මේ ගීතය අහන්න බලන්න හැමදාටම තියා ගන්න බාගන්නත් අවස්ථාව තියෙනවා පහලින්.
හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ඉතින් මේ හින්දි ගීතය අහද්දි කොයි කාටත් මතක් වෙන්න ඇති මේ තනුවට වැයුනු සිංහල ගීතය මොකක්ද කියලා. හින්දි ගීතයේ තේරුමට හාත්පසින්ම වෙනස් තේරුමක් ඇති මේ ගීතය තමයි “අපි පාගලා යාමුකෝ හැටේ“.
1960 අප්‍රේල් මාසේ 28 වෙනි දින තිරගත වුන සුන්දර බිරිඳ චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ. ඩී. යෝගනාදන් අධ්‍යක්ෂණය කල චිත්‍රපටිය නිෂ්පාදනය කලේ ජබීර්. ඒ. කාදර්. ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ රවින්ද්‍ර රූපසේන සමග ක්ලැරිස් ද සිල්වා. මේ ගීතයේ වීඩියෝවක් නම් හොයා ගන්න බැරි වුනා. ඒත් ඒත් එම්.පී.3 එකක් නම් හොයා ගත්තා ටොප්සිංහලඑම්පී3 අඩවියේ තිබිලා.
ඔන්න ඒ ගීතය බාගන්න පුළුවන් පහලින්.
අපි පාගලා යාමුකෝ හැටේ
Labels:
'50,
Mukesh,
Raj Kapoor,
Shankar-Jaikishan
උදාර මදුෂංක
:: Sawan Ka mahina.. [ගීත තුනක් තිබේ].. ::
ඔන්න අද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරයට අරගෙන එන්න අදටත් සෑහෙන් ජනප්‍රිය ගීතයක්.. සිංහල කොපි වලට වඩා මේ හින්දි ඔරිජිනල් එකට පුදුම ඉල්ලුමක් තාමත් තියෙන්නේ.. බලමු මොකක්ද මේ ගීතය කියලා මුලින්ම..

"සාවන් කා මහීනා.. පවන කරේ සෝර.. ජයාරාරෙ ජූමේ එසේ.. ජේසේ බන්වා නාචේ මෝර.. "
1967 අවුරුද්දේ තිරගත වුන "මිලන්" (Milan) චිත්‍රපටියේ තමයි මේ මධුර ගීතය අඩංගු වෙලා තිබුනේ.. මේ චිත්‍රපටියත් එක්තරා කොපියක් කිව්වොත් හරි.. මොකද 1963 අවුරුද්දේ තිරගත වුන "මූගා මනසුලු" කියන තෙළිඟු චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයක් විදිහට තමයි මේ මිලන් චිත්‍රපටිය හදලා තියෙන්නේ.. ඉතින් කොහොමහරි සුනිල් දත් එක්ක නූටන් ප්‍රධාන රඟපාපු මේ හින්දි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ "අධූර්ති සුබා රාඕ".. මේ ගීතයේ පද ආනන්ද් බක්ෂිගේ.. සංගීතය ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් සහෝදර දෙපළගෙන්.. ගායනා කලේ ලතා මංගේෂ්කාර් සමග මූකේෂ්... ඔන්න කැමති අයට සුපුරුදු පරිදි බාගන්න බලාගන්න අහගන්න අවස්ථාව තියෙනවා ඕං ඈ.. :)
සාවන් කා මහීනා - මිලන්
ඉතින් මේ "සාවන් කා මහීනා" ගීතයේ තනුවට සිංහල ගී කීපයක්ම ගායනා වෙලා තිබුනා.. මම අනුපිළිවෙළට ඉදිරිපත් කරන්නම්කෝ ඕං..
1. ආදර සිහිනේ දෙන්නා..
මේ ගීතය නම් මමත් ඇහුවේ ළඟකදී.. එච්. ආර්. ජෝතිපාල මහත්තයයි, තවත් ගායිකාවකුයි මේ ගීතය ගායනා කරන්නේ.. මට ගායිකාව නම් අඳුරාගන්න බැරි වුනා.. ඒත් මියුරුගී වෙබ් අඩවියේ නම් මේ ගීතය තිබුනා.. ඔන්න දන්න කියන කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ ගීතය චිත්‍රපටියක අඩංගුද නැද්ද කියන එකයි ගායිකාව කවුද කියන එකයි.. ඔන්න ඔය උඩින් තියෙන ගීතයේ නම ක්ලික් කරලා සින්දුව අහන්න පුළුවන්..
ආදර සිහිනේ දෙන්නා - ජෝතිපාල, ..... ???
2. මීදුම් සේලෙන් පාවී..
2007 අවුරුද්දේ භාතිය - සංතුෂ් සහෝදරයෝ තමයි මේ ගීතය එළිදැක්වුයේ.. අශාන්ති සහ රන්දීර් යන අයත් මේ ගීතයේ ගායනා කරනවා.. ටිකක් ලංකාවට අළුත් විදිහක මියුසික් වීඩියෝවක් මේ ගීතයට හැදුවා.. ඒ දවස් වල තිබුනු ගී ලැයිස්තු වල සෑහෙන කාලයක් හිට් කරන්න මේ ගීතයට පුළුවන් වුනා.. ඔන්න පහලින් බලාගන්න පුළුවන් ආපහු මතක නැත්නං..
3. සාවන් (Remix by Iraj)
භාතිය-සංතුෂ්ලා මීදුම් සේලෙන් ගීතය නිකුත් කරපු ගමන්ම තමයි ඉරාජ් තරඟෙට වගේ මේ ගීතය එළිදැක්වුවේ.. සුපුරුදු පරිදි ඉතින් ඉරාජ්ට වැඩි රහක් එකතු කරන්න බැරි වුනා පොඩි රැප් කෑල්ලක් ඇරෙන්ඩ.. මට නං මේකේ පදත් අමතකයි.. ඒ තරමට චා.. ටීෂා, කිලර් බී එක්ක ඉරාජ් තමයි මේ ගීතය ගායනා කරන්නේ ඕං.. කැමති නං බලන්න.. නැත්තං නොබලන්න.. :}
උදාර මදුෂංක
Subscribe to:
Posts (Atom)





