Showing posts with label Dharmendra. Show all posts
Showing posts with label Dharmendra. Show all posts

:: Mujhe Dhard E Dil.. මගේ නාමලී.. ::

පහුගිය ටිකේ රජරට පුත්‍රයාට රාජකාරි ටිකක් වැඩි වෙලා තිබුනු නිසා සින්දුවක් දෙකක් අපේ රසික රසිකාවියොන්ට අරගෙන එන්න බැරිවුනා.. ඒ වගේම දුකායියා කියපු කාරණේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.. මං බ්ලොග් ලිපියක් ලියන්නේ පොඩි නිවාඩුවක් ලැබුනු වෙලාවට.. ඉතින් ටිකක් වැඩිපුර කාල වේලා තිබුනාම මම වැඩිපුර ලියනවා.. ඉතින් ඒකයි පහුගිය ටිකේ වැඩිපුර ලිපි ලිව්වේ.. කැමති අයට ඉතින් ඕනෙ වෙලාවක මේ පැත්තේ ගොඩවැදිලා බලලා යන්න පුළුවන්නේ කොහොම දැම්මත් නේද ?



හරි හරි.. ඔන්න අද ගෙනාපු සින්දුව ගමුකෝ මල්ලෙන් එළියට.. මේක සූ..පර් හිට් එකක් හො‍ඳේ..

"මුජේ ධර්දේ දිල් කා බතා නා තා..
මුජේ ආප් කිස්ලියේ මිල් ගයේ..
මේ අකේලේ යූ බී මසීමතා..
මුජේ ආප් කිස්ලියේ මිල්ගයේ.. "

1965 තිරගත වුන "ආකාෂ්දීප්" (Akashdeep) කියන කළු සුදු චිත්‍රපටියට මොහොමඩ් රාෆි මහත්තයා ‍තමයි මේ ගීතය සුමධුර හඬින් ගායනා කලේ.. පානි මජුම්ධාර් (Pani Majumdar) අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ‍ඒ අවුරුද්දේ සූපර් හිට් එකක් වුනා.. ධර්මේන්ද්‍ර සමග මෙහෙමූද් තමයි ප්‍රධාන චරිත රඟපෑවේ.. ධර්මේන්ද්‍රව නම් ගොඩක් අය දන්නවා ඇති නේද ? සනී ඩියොල්, බොබී ඩියොල්, ඊෂා ඩියොල් කියන අයගේ ආදරණීය පියාණන් තමයි ධර්මේන්ද්‍ර.. ඉතින් චිත්‍රගුප්තගේ සංගීතයට මජුරූහ් තමයි ගේය පද ගැලපුවේ මේ අපූරු ගීතයට.. මේ චිත්‍රපටිය තිරගත වුන වර්ෂයේ වැදගත් සිද්ධි කීපයක් වුනා.. ඒවත් මතක් කරන්නම්.. ඔන්න කින්ග් ඛාන් "ෂාරුක් ඛාන්" ඉපදුනේ මේ අවුරුද්දේ.. ඒ කියන්නේ 1965.. ඒවගේම දෙවනි ලෝක යුධ සමයේ එන්ගලන්තයේ අගමැති වෙලා හිටපු වින්සන්ට් චර්චිල් මහත්තයාත් මරණයට පත්වුනේ මේ වර්ෂයේමයි..



(හරූන් ලන්ත්‍රා මහතා) - සිළුමිණ පුවත්පතෙන්-


දැන් හැමෝටම මේ තනුවට ගැයුණු සිංහල ගීතය මොකක්ද කියලා දන්නවා ඇති නේද ? හරි.. ඔන්න ඒකත් මල්ලෙන් එළියට ගන්නම්කෝ..

”මගේ නාමලී බැඳි ආදරේ..
මනමාලියයි මැණිකේ ඔයා..
ඔරුවේ නැගී එහි පාවෙවී..
අමනාපයෙන් පිටවී ගියා.."

1973 වර්ෂයේ තිරගත වුණ "ගොපළු හඬ" චිත්‍රපටියට හරූන් ලන්ත්‍රා තමයි මේ ලස්සන ගීතය ගායනා කලේ.. ටෝනි රණසිංහ සමග ජිවරාණි කුරුකුලසූරිය ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ දමිළ අධ්‍යක්ෂකවරයෙක්.. ඒ තමයි කේ. වෙන්කට්.. කළු සුදු චිත්‍රපටියක් වුනාට මේකත් ඒ අවුරුද්දේ සූපර්ම හිට් එකක් වුනා..

ඔන්න පල්ලෙහා තියෙනවා කැමති අයට බලා ගන්න අහා ගන්න බා ගන්න.. ජයෙන් ජය.. :)







මුජේ ධර්දේ දිල් - ආකාෂ්දීප් (Mujhe Dhard E Dil - Akashdeep)

මගේ නාමලී - හරූන් ලන්ත්‍රා (ගොපළු හඬ) (Mage Namali - Haroon Lantra) (Gopalu Handa)
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Tum Kamsin hu - ඔබ කවුද ප්‍රියේ ?



ඔන්න අද දවසට "ශ්‍රී ලංකාවේ පැරණි හින්දි ගී" බ්ලොග් එකේ දාන තුන්වෙනි ලිපිය...

ආයෙත් ගෙනාවා ඔන්න අති ජනප්‍රිය තවත් ගීතයක්.. ජේ. ඒ. මිල්ටන් පෙරේ‍රා මහත්තයා එදා ගායනා කරපු, අද ප්‍රියංකර පෙරේරා හෝ චලක චමුපති ගායනා කරන සින්දුවක් තමයි මේ..

" ඔබ කවුද ප්‍රියේ... මන්ද මෙසේ... රන් රස සේ... ඉන්නේ බැඳී..."

හැමෝම දන්න කියන මේ සින්දුවත් හින්දි කොපියක් කියලා ගොඩක් අය දන්නේ නැතුව ඇති.. ඒ තරම් දක්ෂ විදිහට මුල් තනුව පාවිච්චි කරලා තියෙනවා.. මේ මුල් ගීතය අඩංගු වෙලා තිබ්බේ 1964 තිරගත වුන "ආයේ මිලන් කී බේලා" (Ayee Milan Ki Bela) කියන චිත්‍රපටියේ... ශංකර්-ජයකිශන්ගේ මියුරු සංගීතයට මොහොමඩ් රාෆි මහත්තයා තමයි ගීය ගායනා කලේ.. මේ චිත්‍රපටියේ රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර්, සයීරා බානු එක්ක ධර්මේන්ද්‍ර... ඒ කිව්වේ ‍සනී ඩියෝල්, බොබී ඩියොල්, ඊෂා ඩියොල්ගේ තාත්තා... කොහොම හරි අහන්න ලැබුන විදිහට ධර්මේන්ද්‍රගේ පළමුවෙනි චිත්‍රපටියත් මේකලු.. දුෂ්ඨයාට තමයි ඉතින් රඟපාලා තියෙන්නේ.. :)

ඔන්න තියෙනවා යූටියුබ් වීඩියෝ එකයි... ඔබ කවුද ප්‍රියේ සිංහල සින්දුවේ එම්පී3 එකයි.. තුම් කම්සින හූ එම්පී3 එකයි.. ඔක්කෝම..




ඔබ කවුද ප්‍රියේ... - ජේ. ඒ. මිල්ටන් පෙරේරා

තුම් කම්සින හූ... - මොහොමඩ් රාෆි
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන