Showing posts with label '50. Show all posts
Showing posts with label '50. Show all posts
:: Hum Hain To Chandh.. අපි පාගලා යාමුකෝ හැටේ.. ::
ඔන්න ගිය සතියේ පොරොන්දු වුන විදිහටම අදත් ආවා ඉපැරණි ජනප්රිය ගී යුගලයක් අරගෙන.. සතියට අඩුම එක් ලිපියක් හෝ පලකරන එක පුරුද්දක් කරගන්න හිතුවා මොන රාජකාරිය තිබ්බත්..
ඉතින් අද අරගෙන ආපු පැරණි හින්දි ගීතය මෙන්න මේකයි:
හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ජහා කේ රංගී නසාරේ..
හායෙරේ හායේ ඕ දුනියා..
හම් තෙරි නසර් මේ අවාරේ..
1959 වසරේ තිරගත වුන මේ චිත්රපටියේ නම තමයි “මේ නශේ මේ හූ“ (Main Nashe Main Hu). මේ නමේ තේරුම තමයි “මා මත්වී සිටී“ යන්න. නරේශ් සේගල් අධ්යක්ෂණය කරපු මේ චිත්රපටියේ රඟපෑවේ රාජ් කපූර් සමග මාලා සින්හා.
ගීත 09ක් අඩංගු වුන මේ චිත්රපටියේ ඉතාමත් ජනප්රිය ගීතයක් තමයි මේ හම් හේ තෝ ගීතය. හස්රත් ජයපුරි හා ශයිලේන්ද්ර පද රචනා කල මේ ගීතයේ සංගීතය ශංකර් සහ ජයකිෂන් සහෝදර යුවලගේ. ගායනය මුකේෂ්.
ඔන්න මේ ගීතය අහන්න බලන්න හැමදාටම තියා ගන්න බාගන්නත් අවස්ථාව තියෙනවා පහලින්.
හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ඉතින් මේ හින්දි ගීතය අහද්දි කොයි කාටත් මතක් වෙන්න ඇති මේ තනුවට වැයුනු සිංහල ගීතය මොකක්ද කියලා. හින්දි ගීතයේ තේරුමට හාත්පසින්ම වෙනස් තේරුමක් ඇති මේ ගීතය තමයි “අපි පාගලා යාමුකෝ හැටේ“.
1960 අප්රේල් මාසේ 28 වෙනි දින තිරගත වුන සුන්දර බිරිඳ චිත්රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ. ඩී. යෝගනාදන් අධ්යක්ෂණය කල චිත්රපටිය නිෂ්පාදනය කලේ ජබීර්. ඒ. කාදර්. ප්රධාන චරිත වලට පණ පෙව්වේ රවින්ද්ර රූපසේන සමග ක්ලැරිස් ද සිල්වා. මේ ගීතයේ වීඩියෝවක් නම් හොයා ගන්න බැරි වුනා. ඒත් ඒත් එම්.පී.3 එකක් නම් හොයා ගත්තා ටොප්සිංහලඑම්පී3 අඩවියේ තිබිලා.
ඔන්න ඒ ගීතය බාගන්න පුළුවන් පහලින්.
අපි පාගලා යාමුකෝ හැටේ
Labels:
'50,
Mukesh,
Raj Kapoor,
Shankar-Jaikishan
උදාර මදුෂංක
:: Unnei Kandu.. පණ වාගේ හිටියාට.. ::

ඔන්න ඉක්මනටම තවත් ලස්සන ගීත දෙකක් අරගෙන මම ආපහු ආවා.. හැබැයි අද පොඩි අවුලක් තියෙනවා.. වෙනදා අරගෙන එන හින්දි ගීතය වෙනුවට අද අති පැරණි දෙමළ ගීතයක් තමයි අරගෙන ආවේ..
“උන්නෙයි කන්ඩු නාන් වාඩ..
චන්නෙයි කන්ඩු නී වාඩ..
කන්නීරු කදෙසුන්නුම් දීපාවලී..“
1959 තිරගත වුන “කල්යාන පරිසු“ (Kalyaana Parisu) කියන චිත්රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. සී.වී. ශ්රීධර් අධ්යක්ෂණය කල මේ චිත්රපටියේ ප්රධාන චරිත රඟපෑවේ සරෝජා දේවී සමග ජෙමිණි ගනේෂන්.. දමිළ සිනමාවේ “කින්ග් ඔෆ් රොමෑන්ස්“ හෙවත් “ප්රේම රජු“ විදිහට තමයි ජෙමිණි ගනේෂන්ව හැඳින්වුයේ.. අති ජනප්රිය හා නිහතමානී නළුවෙක් විදිහට හැම දෙනාම මොහුට ගරු කලා.. ඉතින් මේ චිත්රපටියේ සංගීතය අධ්යක්ෂණය කලේ ඒ. එම්. රාජා නැමැති සංගීතඥයා.. මේ ගීතය ඔහු වෙන අයෙකුට නොදී ඔහුමයි ගායනා කලේ..
පහලින් මේ ගීතය යූටියුබ් වල ඉඳන් අහන්න පුළුවන්.. ඒ වගේම බාගන්නත් පුළුවන් වෙනදා වගේම..
වෙනදා වගේ හැමෝටම මතක ඇති මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..
“පණ වාගේ හිටියාට, වෙන්වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි..
ආදරය එහෙනම්, සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා..“
මේ ගීතය මම දන්න හැටියට නම් චිත්රපටියක අඩංගු වුන ගීතයක් නෙමෙයි.. කරුණාරත්න අබේසේකර මහත්තයා ලියලා දුන්න ගීයක්.. 70 දශකයේ මැද භාගයේ විතර තමයි මේ ගීතය අහෙන්න පටන් ගත්තේ.. පද ගැලපුම හරිම මියුරු විදිහට ලියලා තියෙනවා.. ඉස්සර කොල්ලෝ බූට් කාපුවාම මේ ගීතයලු ලියලා කෙල්ලට අවසානෙට යවන්නේ කියලා අපේ තාත්තා කියනවා මතකයි..
අහන්න කැමති අයට පහල තියෙන යූටියබ් එකෙන් බලාගන්න පුළුවන්.. බාගන්න ඕනේ අයට බාගන්න ඊටත් පහලින් තියෙන ලින්ක් එකෙන් පුලුවන්..
අයෙත් ලස්සන ගීත දෙකක් අරගෙන දුවලා එන්නම්.. ජය !!!
Labels:
'50,
H. R. Jothipala,
Tamil
උදාර මදුෂංක
:: Sunlo Ji Sunlo.. වැල්ලේ කිරි වැල්ලේ.. ::

හරි අද මම අරගෙන ආවේ 1957 තිරගත වුන “දෝ රොටී“ (Do Roti) කියන චිත්රපටියේ ජනප්රිය වුන ගීතයක් අරගෙන..
සුන්ලෝ ජී සුන්ලෝ බජේ ගී බාත්..
රෝටි බිනා ජීවන් හේ කාලී රාත්..
තනිකරම රොටී ගැන කියවෙන ගීතයක්.. අවසාන පද පේලියේ තේරුම “රොටී නැති ජීවිතය කළුවර රැයක් වගේ“ කියලා තමයි කියන්නේ.. 1957 ඉස්මයිල් මෙමොන් අධ්යක්ෂණය සහ තිර රචනය කල මේ චිත්රපටියේ ප්රධාන චරිත රඟපෑවේ නිරූපා රෝයි සමග බල්රාජ් සාහ්නි.. ඒ වගේම ජොනී වෝල්කර් සහ මෙහෙමූද් යන නළුවනුත් මෙහි චරිත රඟදැක්වූවා.. සුමන් කල්යාන්පූර් සමග ශංකර් දාස්ගුප්තා ගායනා කරන මේ ගීතයට මියුරු සංගීතය යෙදුවේ රොෂාන් කියන සංගීතඥයා.. පද ගැලපුවේ කුමාර් බරාබන්ක්වි කියන ශිල්පියා..
පහලින් මේ ගීතය බලන්නත් කැමති අයට බාගන්නත් වෙනදා වගේම අවස්ථාව තියෙනවා ඔන්න..
දැන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී..
ජීවනයේ ප්රේම මැණික් පෑදේවී..
1958 තිරගත වුන “දෙයියන්නේ රටේ“ චිත්රපටියේ තමයි මේ ලස්සන ගීතය අඩංගු වුනේ.. එල්. එස්. රාමචන්ද්රන් අධ්යක්ෂණය කල මේ චිත්රපටිය නිෂ්පාදනය කලේ හෙළදිව ෆිල්ම්ස්.. ප්රධාන චරිත රඟපෑවේ සේනාධීර කුරුප්පු, පුන්යා හීන්දෙනිය සමග ධර්මසිරි කල්දේරා.. ගීතය මියුරු ලෙස ගායනා කලේ මොහිදීන් බෙග් සමග ජී.එස්.බී. රානි මහත්මිය.. ඔවුන් දෙදෙනාම අද අප අතර නැහැ..
හැබැයි අදටත් මේ ගීතය ප්රසංග වේදිකාවේ වගේම ගුවන් විදුලියේ නිතරම අහන්න ලැබෙනවා.. ඔන්න පහලින් තියෙනවා කැමති අයට බලන්න.. ඒත් එම්බෙඩ් කරන්න බෑ.. ලින්ක් එකට කෙලින්ම ගිහින් බලන්න.. අවශ්ය අයට බාගන්න අවස්ථාව තියෙනවා ඊට පහල ලින්ක් එකෙන්.. තවත් ලස්සන ගීත යුගලයක් අරගෙන ඉක්මනින් එන්නම්... සුභ !!!
වැල්ලේ කිරි වැල්ලේ - දෙයියන්නේ රටේ - Youtube වීඩියෝ
Labels:
'50,
G.S.B. Rani,
Mohideen Beg
උදාර මදුෂංක
:: Do Din Ke Liye.. ලෝ අම්බලමේ.. ::


හරියටම මාසෙකට පස්සේ තමයි ඔන්න අළුත් ලිපියක් අරගෙන එන්නේ.. රජරට පුත්රයා මුලින්ම සමාව ඉල්ලා සිටිනවා පමාවට..
ඉතින් පහුගිය කාලේ රාජකාරී වැඩ කෝටියක් තිබුනා.. ඒ අතරෙදි අපේ බ්ලොග් සහෘදයන් කීපදෙනෙක්ම මුණගැහෙන්නත් වෙලාවක් කලාවක් ලැබුනා.. ඒ අතරින් අපේ නොදරුවා එක්ක සෑහෙන ලොකු චැට් එකක් දාන්න ලැබුනා රංගි අක්කලාගේ ගෙදර රට බීම බෝතල් බාගයක් හිස් කරන ගමන්ම.. මේ චැට් එකට නොදරුවාගේ බිරියයි, අපේ ආගන්තුකයායි, ඇබ්නොර්මල් මලීයායි, පිස්සු අසංකාත් සෙට් වුනා.. විශ්ව සංගීත සාගරයම කළඹලා වොඩ්කා වලට සැන්ඩි කරලා බිව්වා කිව්වොත් ලාවට වගේ හරි.. :P ඉතින් නොදරුවා කියන්නේ මගේ මේ බ්ලොගේ හොඳ ෆෑන් කෙනෙක්.. ෆෑන් කෙනෙක් නෙමෙයි ඒ.සී. මැෂින් කෙනෙක්.. :D අද දාන මේ ලිපිය නොදරුවා වෙනුවෙන් දාන්නේ ඔන්න...
1951 තිරගත වුනා "බාදල්" (Badal) කියලා චිත්රපටියක්.. මධුභාලා එක්ක ප්රේම්නාත් තමයි ප්රධාන රංගන යුවල වුනේ.. අමියා චක්රබෝර්ති තිර රචනය කරලා අධ්යක්ෂණය කරපු මේ චිත්රපටියේ කථාව එංගලන්තේ රොබින් හුඩ්ගේ කථාවේ ඉන්දියානු පිටපත කිව්වොත් හරි.. හරිම ලස්සන ගීත කීපයක් මේකේ අඩංගු වුනා.. ඒ අතරින් මෙන්න මේ ගීතය ඒ කාලේ සෑහෙන ජනප්රිය වුනා..
"දෝ දින් කේ ලියේ මෙහෙමාන් යහා.. මාලූම් නහී මන්සිල් හේ කහා.. "
ශෛලේන්ද්ර ලියපු ලස්සනම ලස්සන පද වලට ශංකර්-ජයකිෂන්ගේ සංගීතය මුහු කරලා ලතා මංගේෂ්කාර්ගේ මියුරු හඬින් ගැයෙන මේ ගීතය ඔන්න පල්ලෙහායින් අහන්න බලන්න විඳින්න පුළුවන්..
ඇත්තටම මම මේ හින්දි සින්දුව මෑතකදි තමයි අහුවේ.. මුලින්ම අහලා තිබුනේ මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය.. මම සෑහෙන කාලෙක ඉඳලා මේ සිංහල ගීතයට ආසයි.. මං හිතං හිටියේ මේක ඔරිජිනල් සිංහල සින්දුවක් කියලා.. කොහෙද.. බලද්දි මේකත් කොපියක් නෙව.. හරි හරි දැන් බලමුකෝ මොකක්ද මේ සිංහල "එක" කියලා..
ලෝ අම්බලමේ ඉඳලා යනවා..
නිසි පාර සොයා ආගන්තුකයා..
දෙයි මාන බලා කරුමේ පහරා..
මේ ජීවිතයේ කොයි ස්ථීරතා..
පිණි බින්දු වගේ බිඳි යාවී සැනේ..
මේ නිසරු කයේ අපි ආලේ කලා..
කරුමේ කලේ මේ කිමදෝ අනේ අහෝ.. //
මේ මාව දමාලා යන්නේ කොහේ..
ගිණි දැල්ල නගින්නා සොහොන පුරා..
දුම් කන්ද නගී ආකාසේ කරා..
ගිණි දැල්වීලා ආවේ හර්දේ පලා..
පව්කාර මගේ පව් පලදේ අහෝ..
මේ ජීවිතයේ කොයි ස්ථිරතා..
සංසාර දුකෙන් මිරිකීම තමා..
ලෝකේහී සොබාදහමේ නියමා..
මරණේට ආ දා යායුතුයි ඔව්..
මරණේට ආ දා යායුතුයි..
ධර්මේ නමුත් සැනසෙන්නේ කෙසේ..
ලෝ අම්බලමේ ඉඳලා යනවා..
නිසි පාර සොයා ආගන්තුකයා..
මේ ගීතයේ පද ටික ඔක්කොම මම මුලින්ම කියව්වේ අපේ ලොකු නැන්දාගේ දිනපොතේ ලියලා තිබිලා.. නැන්දාගේ ජීවිත කථාව ලියාගෙන යන ගමන් මැද මේ පද ලියලා තිබුනා.. මට අවුරුදු 12ක් විතර ඇති එතකොට.. මට පුදුම විදිහට ආස හිතුනා මේ පද වලට.. අදටත් මම මේ සින්දුවට ආසයි..
1957 තිරගත වුන "ජීවිත සටන" චිත්රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ශාන්ති කුමාර් එක්ක සීතා ජයවර්ධන ප්රධාන චරිත රඟපෑ මේ චිත්රපටිය අධ්යක්ෂණය කරලා තියෙන්නෙත් ශාන්ති කුමාර්මයි.. මේ ලස්සන ගීතය ගායනා කලේ දකුණු ඉන්දියාවෙන් පැමිණි "ජික්කි" කියන ගායන ශිල්පිණිය..
ඉතින් පස්සේ කාලෙක මේ සින්දුව හොයද්දී මට හම්බුනා මුල් කොපියම රජරට සේවේ කාලයක් වැඩ කරද්දී.. පස්සේ කාලෙක මේක නන්දා මාලනී මහත්මිය හරි අපූරුවට ගායනා කරලා තිබ්බා කිසිම හානියක් නොකරම.. ඔන්න ඒ ගීතය තියෙනවා පල්ලෙහායින් බාගන්න.. තව යුටියුබ් විඩියෝ එකක් තියෙනවා ඔය රියැලටි තරඟෙකදි ගායනා කරපු.. නමුත් ඒක embed කරලා දාන්න බෑ.. කැමති නම් ගිහින්ම බලන්න ලින්ක් එක තියෙනවා ඔන්න..
අදට එච්චරයි.. තව සින්දු ටිකක් අරං පුළුවං ඉක්මනට එන්නම් ඕං.. බායි කිව්වා..
ලෝ අම්බලමේ ඉඳලා යනවා - නන්දා මාලනී
ලෝ අම්බලමේ ඉඳලා යනවා - යූටියුබ් වීඩියෝ එක
Labels:
'50,
jikki,
latha mangeshkar,
madhubala,
nanda malini,
Shankar-Jaikishan
උදාර මදුෂංක
:: Kusoor Aap Ka.. කොළොම්පුරේ ශ්රියා..::


කාලෙකින් තමයි ඔන්න සින්දුවක් දෙකක් අරගෙන මේ පැත්තේ එන්න ලැබුනේ.. හැම පැත්තටම දැන් ගංවතුරලුනේ.. දැනට සති දෙක තුනකට කලින් ඉහෙන් කටින් ගලන්ඩ දාඩිය දැම්මා.. දැං ඔන්න ගෙවල් උතුරන්ඩ ගංවතුර ගලනවා.. අනිච්චේ දුක්ඛේ කිව්වලු.. හරි හරි කාලීන සිදුවීම් ඇති.. දැන් කාලීන සිදුවීම් අලලලා ලස්සනම ලස්සන අදටත් ජනප්රිය පට්ට පරණ සින්දුවක් දෙකක් දෙන්ඩ තමයි ඔන්න හදන්නේ..
මේ දවස් වල ඉතින් වෑර්ලස් එකෙයි රූපපෙට්ටියෙයි යන්නෙම කොළොම්පුරේ ගංවතුර ගැනනේ.. ඉතින් මට හිතුනා "කොළොම්පුරේ ශ්රියා" සින්දුව ගැන පොඩි හෙළිදරව්වක් කරන්න.. ඇත්තම කිව්වොත් සුපුරුදු විදිහට මේකත් ඔරිජිනල් හින්දි කොපියක්..
"කොළොම්පුරේ ශ්රීයා.. කොළොම්පුරේ ශ්රීයා..
බොහොම ලස්සනයි.. කොළොම්පුරේ ශ්රීයා.. ශ්රීයා.."
1952 එස්. එස්. වේදා කියන අධ්යක්ෂකවරයා අධ්යක්ෂණය කල ලංකාවේ තිරගත වුන "උමතු විශ්වාසය" චිත්රපටියේ තමයි මේ සින්දුව අඩංගු වුනේ.. රුක්මනී දේවී හා එඩී ජයමාන්න යුවල තමයි රංගනයෙන් දායක වුනේ.. ඒ වගේම එඩී ජයමාන්නමයි ගායනයත් කලේ.. '47 දී "කඩවුනු පොරොන්දුව" දීලා '52 දී "උමතු විශ්වාසය" ක් කොලා බයක් සැකක් නැතුවම.. :D
ඒත් ඉතින් කරුමෙට මේ සින්දුව රූපත් එක්ක මුල් පිටපත හොයාගන්න නෑ.. ඒත් වාසනාවකට ඒ සින්දුව පස්සෙ කාලෙක ඩෙස්මන්ඩ් සිල්වා ගායනා කරන එක රූපත් එක්කම තියෙනවා.. ඔන්න පල්ලෙහායින් බලාගන්න පුළුවන්..
හරි අපි දැන් බලමු කොළොම්පුරේ ශ්රියා හැදුවේ මොන තනුවෙන්ද කියලා..
"කුසූර් ආප් කා.. හුසූර් ආප් කා..
මේරා නාම් ලී ජීයේනා මේරේ බාප් කා.."
1951 උත්තර භාරතයේ තිරගතවුන "බහාර්" (Bahaar) චිත්රපටියේ තමයි මේ ලස්සන සින්දුව අඩංගු වෙලා තිබුනේ.. කරන් දීවාන්, වෛජයන්ති මාලා සමග ප්රාන් තමයි ප්රධාන චරිත වලට රඟපෑවේ.. වෛජයන්ති මාලා රිදී තිරයට ආපු මුල්ම මුල් කාලේ තමයි මේ.. දැක්කට අඳුරන්නත් බෑ වගේ.. එච්චරට වෙනස්.. ඉතින් මේ සින්දුව ගායනා කරන්නේ කිෂෝර් කුමාර්.. කිෂෝර් කුමාර් මහත්තයත් මේ ක්ෂේත්රයට ආපු මුල් කාලේ නිසා කටහඬ හරි අමු පාටයි.. අහලම බලන්නකෝ.. ඉතින් මේ සින්දුව මේ චිත්රපටියේ දෙපාරක් ගායනා කෙරෙනවා.. දෙවනි පාර ගායනය වෛජයන්ති මාලා.. හරි ලස්සන සින්දුවක්.. ඔන්න දෙකම බලන්න පල්ලෙහායින්..
තව ලස්සනම ලස්සන ජනප්රියම ජනප්රිය සින්දු ගෝනියත් අරගෙන ඉක්මනටම එන්නම්.. රජරට පුත්තරයා ඔන්න බා.....යි.. කිව්වා..
Labels:
'50,
Eddie Jayamanne,
Kishor Kumar,
Rukmani Devi,
Vyjayanthimala
උදාර මදුෂංක
:: Chal Ud Ja re.. මගේ ජීවිතයේ සතුවී.. ::

දිගින් දිගටම ලැබුනු උණුසුම් ප්රතිචාර වලට ප්රතිචාරයක් විදිහට පුළු පුළුවන් හැම වෙලාවෙම ඔන්න ජනප්රිය පැරණි හින්දි ගීයක් අරගෙන එන්න තමයි රජරට පුත්රයා උත්සාහා කරන්නේ..
ඉතින් දැන් අරගෙන ආවා 1957 වර්ෂයේ තිරගත වුනු "බාබී" (Bhabhi) චිත්රපටියේ ජනප්රියතම ගීතයක්..
"චල් උඩ් ජා රේ පංචී.. කේ අබ් යේ දේස හුවා බේගානා.."
ආර්. ක්රිෂ්ණා රාජු සමග ඇස්. පන්ජු තමයි අධ්යක්ෂණය කරලා තියෙන්නේ.. බල්රාජ් සාහ්නී, නන්දා සමග ඕම් ප්රකාශ් තමයි ප්රධාන චරිත වලට පණ පොවලා තියෙන්නේ.. චිත්රගුප්තාගේ සංගීතයට රාජේන්ද්ර ක්රිෂන් තමයි පද ගලපලා තියෙන්නේ... සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා තමයි ගායනා කලේ.. ඉතින් මේ චිත්රපටිය ඒ වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා එහෙමත් තියලා තියෙනවා.. ඒ වුනාට රජරට පුත්තරයා නං බලලා නෑ ඕං.. ඔන්න බාගන්න බලන්න අහන්න අවස්ථාව තියෙනවා..
ඉතින් මේ තනුවට ගැයුනු සිංහල ගීතය නම් මතක ඇති අපේ යාළුවොන්ට..
"මගේ ජීවිතයේ සතුවී තිබු දෙයක්.. මා ඇසුරෙන් වෙන් කෙරුනා.."
සුපුරුදු විදහට්ටම හදවත රත්තරන් (එච්. ආර්) ජෝතිපාල මහත්තයා තමයි මේ ගීය ගායනා කලේ.. මුල් තනුවට අලාභ හානියක් නොවෙන විදිහට හරිම ලස්සනට ඔන්න මේ ගීතය ගායනා කරලා තියෙනවා.. අදටත් බස් වල ත්රී වීල් වල ලොතරැයි කූඩු වල එහෙම ඇහෙන සින්දුවක්.. බාගන්න අවස්ථාව ඕගොල්ලන්ටත් තියෙනවා ඒ වුනාට..
ජය වේවා..
චල් උඩ් ජා රේ පංචී - මොහොමඩ් රාෆි
චල් උඩ් ජා රේ පංචී - සෝනු නිගාම්
මගේ ජීවිතයේ - එච්. ආර්. ජෝතිපාල
Labels:
,
'50,
H. R. Jothipala,
Mohommad Rafi
උදාර මදුෂංක
:: Bachpanke.. දුෂ්මන්තා ආහෝ.. ::

ඔන්න තවත් ලස්සන ගීතයක් අරගෙන ආවා.. ළඟදී දුන්න අනිත් සින්දු වලට වඩා මේක නම් ටිකක් විතර වැඩිපුර පරණ සින්දුවක්.. ඒත් ඉතින් වයින් වගේ තමයි.. පරණ වෙන්ඩ වෙන්ඩ මරු..
ඉතින් අද ගෙනාවේ මෙන්න මේ සින්දුව,
"බච්පන්කේ මොහොබත් කෝ.. දිල්සේ නා ජුදා කර්නා.."
විජේ බාත් අධ්යක්ෂණය කල, 1952 තිරගත වුන "බයිජු බව්රා" (Baiju Bawra) චිත්රපටියේ තමයි මේ ගිතය අඩංගු වුනේ.. භාරත් භූෂන් සමග මීනා කුමාරි තමයි ප්රධාන චරිත රඟපෑ යුවල වුනේ.. එක්තරා සංගීතඥයෙක් වටා ගොඩ නැගුනු මේ කථාව පුරා ඉතාමත් ලස්සන සින්දු කීපයක් අඩංගු කරලා තිබුනා.. නවුෂාඩ්ගේ ශාස්ත්රීය සංගීතයට හින්දි පද ගැලපුවේ ෂකීල් බදායුනි.. මේ ගීතය ගායනා කලේ සුපුරුදු පරිදි ලතා මංගේෂ්කර් මහත්මිය.. ඔන්න බාගන්න බලාගන්න අවශ්ය දෑ පහතින් ලබාගත හැකිලු හරිද ??
හරි දැන් අපි එමුකෝ මේ හින්දි සින්දුවේ තනුවට ගැයුනු සිංහල සින්දුව මොකක්ද කියලා.. හ්ම්.. ගොඩක් අයට හින්දි සින්දුව සෑහෙන මට්ටමකට ඉතා කිට්ටුවක් දැනෙනවා ඇති.. ඒත් හරියටම සිංහල සින්දුව මොකක්ද කියලා ඔලුවට ආවේ නෑ නේද? මටත් ඒ ප්රශ්ණේ තිබුනා, ඒත් ටිකක් වෙලා අහගෙන ඉද්දි සිංහල එක රජරට පුත්තරයාට හම්බුනා.. ඉතින් මේ ගීතයේ තනුව අරගෙන සිංහල සින්දුව ගායනා කරලා තිබුනේ රුක්මණි දේවි මහත්මිය.. සකුන්තලා කියන චිත්රපටියේ තමයි මේ සින්දුව අඩංගු වෙලා තිබුනේ.. ටිකක් විතර රූප හරි නැතුව ඇති.. ඒත් අඩුම ගානේ සින්දුව වත් අහන්න..
ඔන්න බාගන්නවා නම්... අපි ගියා..
බච්පන්කේ මෙහෝබත් කෝ - Bachpanke Mohobath ko - Baiju Bawra
Labels:
'50,
latha mangeshkar,
Meena Kumari,
Naushad,
Rukmani Devi
උදාර මදුෂංක
:: Duniya main.. නොකියාම එදා.. ::

අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ගේ ප්රතිචාර වලින් පණ ගහපු රජරට පුත්තරයාට තව තවත් පැරණි ගීත අරගෙන එන්න හොඳ පණක් ලැබුනා... ඉතින් ප්රතිචාර දක්වපු දුකායියා, තිස්සායියා, විශ්මි, පුංචි සමනලී, බුදාජීව මලයා, රවීන්, තමීර, හසී, චමිල ඩී අල්විස්, පොඩ්ඩා, අංජු, නොදරුවා (සඳුනා), බිංකුවා, මහේෂ් රන්දර, හසිත මදුෂංක, සහන්, උෂාන් මලයා, රන්දීර මලයා ඇතුළු එකී මෙකී නොකී ප්රතිචාර දැක්වූ මගේ බ්ලොගට ආපු ගියපු හැමෝටම ස්තූතියි.. (නමක් ගමක් මග ඇරුනානම් සමාවන සේක්වා)

ඔන්න ඉතින් අදත් ගෙනාව ලස්සනම ලස්සන ඉතා ජනප්රිය අදත් ගැයෙන ඇහෙන ගීතයක්.. කොයි කාටත් මතක ඇති නේද මදර් ඉන්ඩියා (Mother India) චිත්රපටිය.. 1957 මෙහෙබූබ් ඛාන් විසින් අධ්යක්ෂණය කරපු මේ චිත්රපටිය ඒ වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වන්න පුළුවන් වුනා... නර්ගීස් ප්රධාන චරිත රඟපෑ මේ චිත්රපටියේ සුනිල් දත් හා රාජේන්ද්ර කුමාර් නර්ගීස්ගේ පුතුන් දෙදෙනා ලෙස රඟපෑවා..
මේ ගීතය රචනා කලේ චිත්රපටියේ අධ්යක්ෂක මෙහෙබූබ් ඛාන් විසින්මයි.. සංගීතය නවුෂාඩ්ගෙන්.. ලතා මංගේෂ්කාර් මහත්මිය තමයි ගායනා කරන්නේ..
මේ චිත්රපටිය සම්මාන ගණනාවකට නිර්දේශ වුනා.. ඒ වගේම සම්මාන ගණනාවක් දිනා ගත්තා.. 1958 වර්ෂයේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්රපටියට මෙය නිර්දේශ වුනා.. ඒ වගේම 1958 වර්ෂයේ ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම චිත්රපටිය, හොඳම අධ්යක්ෂණය, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම සංගීතය යන සම්මාන 05ම දිනා ගන්න මදර් ඉන්ඩියාට හැකියාව ලැබුනා.. මේ ගීතයේ යූටියුබ් වීඩියෝ එකයි, සින්දුව බාගන්න සබැඳියයි දෙකම පල්ලෙහා තියෙනවා ඕං...
හරි දැන් බලමු අපි මේකේ සිංහල කොපිය මොකක්ද කියලා.. පල්ලෙහා තියෙන යූටියුබ් වීඩියෝ එක බැලුවා නම් නිකම්ම දිව අගට එන්න ඇති සිංහල සින්දුව..
"නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා.. මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා.."
වසන්තා සන්දනායක ගායනා කල මේ ගීතය අද ගායනා කරන්නේ ඇයගේ මිනිපිරිය වන සුප්රියා අබේසේකර... ඔන්න ඒකත් තියෙනවා පහලින් බාගන්න...
ජය !!!
දුනියා මේ හමේ - ලතා මංගේෂ්කාර් (Duniya main hume - Latha Mangeshkar)
නොකියාම එදා - සුප්රියා අබේසේකර
Labels:
'50,
latha mangeshkar,
Naushad,
Sunil Dutt
උදාර මදුෂංක
Subscribe to:
Posts (Atom)








