Showing posts with label ‍‍. Show all posts
Showing posts with label ‍‍. Show all posts

:: Chal Ud Ja re.. මගේ ජීවිතයේ සතුවී.. ::



දිගින් දිගටම ලැබුනු උණුසුම් ප්‍රතිචාර වලට ප්‍රතිචාරයක් විදිහට පුළු පුළුවන් හැම වෙලාවෙම ඔන්න ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන එන්න තමයි රජරට පුත්‍රයා උත්සාහා කර‍න්නේ..

ඉතින් දැන් අරගෙන ආවා 1957 වර්ෂයේ තිරගත වුනු "බාබී" (Bhabhi) චිත්‍රපටියේ ජනප්‍රියතම ගීතයක්..

"චල් උඩ් ජා රේ පංචී.. කේ අබ් යේ දේස හුවා බේගානා.."

ආර්. ක්‍රිෂ්ණා රාජු සමග ඇස්. පන්ජු තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. බල්රාජ් සාහ්නී, නන්දා සමග ඕම් ප්‍රකාශ් තමයි ප්‍රධාන චරිත වලට පණ පොවලා තියෙන්නේ.. චිත්‍රගුප්තාගේ සංගීතයට රාජේන්ද්‍ර ක්‍රිෂන් තමයි පද ගලපලා තියෙන්නේ... සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා තමයි ගායනා කලේ.. ඉතින් මේ චිත්‍රපටිය ඒ වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා එහෙමත් තියලා තියෙනවා.. ඒ වුනාට රජරට පුත්තරයා නං බලලා නෑ ඕං.. ඔන්න බාගන්න බලන්න අහන්න අවස්ථාව තියෙනවා..

ඉතින් මේ තනුවට ගැයුනු සිංහල ගීතය නම් මතක ඇති අපේ යාළුවොන්ට..

"ම‍ගේ ජීවිතයේ සතුවී තිබු දෙයක්.. මා ඇසුරෙන් වෙන් කෙරුනා.."

සුපුරුදු විදහට්ටම හදවත රත්තරන් (එච්. ආර්) ජෝතිපාල මහත්තයා තමයි මේ ගීය ගායනා කලේ.. මුල් තනුවට අලාභ හානියක් නොවෙන විදිහට හරිම ලස්සනට ඔන්න මේ ගීතය ගායනා කරලා තියෙනවා.. අදටත් බස් වල ත්‍රී වීල් වල ලොතරැයි කූඩු වල එහෙම ඇහෙන සින්දුවක්.. බාගන්න අවස්ථාව ඕගොල්ලන්ටත් තියෙනවා ඒ වුනාට..

ජය වේවා..




චල් උඩ් ජා රේ පංචී - මොහොමඩ් රාෆි

චල් උඩ් ජා රේ පංචී - සෝනු නිගාම්

මගේ ජීවිතයේ - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන