:: Chal Ud Ja re.. මගේ ජීවිතයේ සතුවී.. ::



දිගින් දිගටම ලැබුනු උණුසුම් ප්‍රතිචාර වලට ප්‍රතිචාරයක් විදිහට පුළු පුළුවන් හැම වෙලාවෙම ඔන්න ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන එන්න තමයි රජරට පුත්‍රයා උත්සාහා කර‍න්නේ..

ඉතින් දැන් අරගෙන ආවා 1957 වර්ෂයේ තිරගත වුනු "බාබී" (Bhabhi) චිත්‍රපටියේ ජනප්‍රියතම ගීතයක්..

"චල් උඩ් ජා රේ පංචී.. කේ අබ් යේ දේස හුවා බේගානා.."

ආර්. ක්‍රිෂ්ණා රාජු සමග ඇස්. පන්ජු තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. බල්රාජ් සාහ්නී, නන්දා සමග ඕම් ප්‍රකාශ් තමයි ප්‍රධාන චරිත වලට පණ පොවලා තියෙන්නේ.. චිත්‍රගුප්තාගේ සංගීතයට රාජේන්ද්‍ර ක්‍රිෂන් තමයි පද ගලපලා තියෙන්නේ... සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා තමයි ගායනා කලේ.. ඉතින් මේ චිත්‍රපටිය ඒ වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා එහෙමත් තියලා තියෙනවා.. ඒ වුනාට රජරට පුත්තරයා නං බලලා නෑ ඕං.. ඔන්න බාගන්න බලන්න අහන්න අවස්ථාව තියෙනවා..

ඉතින් මේ තනුවට ගැයුනු සිංහල ගීතය නම් මතක ඇති අපේ යාළුවොන්ට..

"ම‍ගේ ජීවිතයේ සතුවී තිබු දෙයක්.. මා ඇසුරෙන් වෙන් කෙරුනා.."

සුපුරුදු විදහට්ටම හදවත රත්තරන් (එච්. ආර්) ජෝතිපාල මහත්තයා තමයි මේ ගීය ගායනා කලේ.. මුල් තනුවට අලාභ හානියක් නොවෙන විදිහට හරිම ලස්සනට ඔන්න මේ ගීතය ගායනා කරලා තියෙනවා.. අදටත් බස් වල ත්‍රී වීල් වල ලොතරැයි කූඩු වල එහෙම ඇහෙන සින්දුවක්.. බාගන්න අවස්ථාව ඕගොල්ලන්ටත් තියෙනවා ඒ වුනාට..

ජය වේවා..




චල් උඩ් ජා රේ පංචී - මොහොමඩ් රාෆි

චල් උඩ් ජා රේ පංචී - සෝනු නිගාම්

මගේ ජීවිතයේ - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

8 comments:

දුකා said...
March 31, 2010 at 11:52 PM

මලේ . . . අපිට මේවා දෙතුන් පාරක් අහලා රසවිඳලා ඉසිඹුවක් අරගෙන කමෙන්ට් කරන්න ඕන නිසා පොඩි ගැප් එකක් තියලා පෝස්ට් දාපන් මලේ . . . තරහ නෑ නේ මෙහෙම කිව්වට . . .

Ansh Lucky Sri Jay said...
April 1, 2010 at 9:18 AM

like this alot..
:)

විශ්මි said...
April 1, 2010 at 3:01 PM

ලස්සන ගීතයක් උදාර...ස්තුතියි ......

දුකා අයිය කිවුවත් වගෙ මටත් සින්දු කීපයක්ම මඟ ඇරිලනෙ..... :(

තිස්ස දොඩන්ගොඩ said...
April 1, 2010 at 7:29 PM

උදාරයි වැඩේ හා.. හා... උදාරයි වැඩේ....

Anonymous said...
April 2, 2010 at 8:36 AM

Macho this is my request.
This is hindi song
http://www.youtube.com/watch?v=awxbOlfgxZ8&playnext_from=TL&videos=VXRqt3XW2Ec.

Sinhala song is " SAMAN MAL PIYALLE"

Udara || උදාර මදුෂංක said...
April 2, 2010 at 9:54 PM

දුකායියා - අයියණ්ඩි කිව්ව දේට එකඟයි.. මට‍ මේ ටිකේ වෙලාව තිබුණ හින්දා ටිකක් වැඩිපුර සින්දු දැම්මා.. ඉතින් ඉස්සරහට මෙහෙම ලියන්න වෙයිද දන්නේ නෑ මගේ වැඩ රාජකාරී එක්ක.. ඒකයි එක දිගට ලියවුනේ.. සමාවෙන්ඩ ඕනේ අයියණ්ඩි..

Orchids said...
April 6, 2010 at 5:54 AM

All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/

kamal said...
March 10, 2012 at 11:47 AM

good

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...