:: Kaha Chal Diye.. කොයි යන්නේ.. ::



ආයුබෝවන් ප්‍රිය හින්දි ගී රසික රසිකාවි‍යනේ...

අදත් ඔබගේ දෙසවනේ රැව් දෙන පැරණි හින්දි ගීයක් හා එම තනුවටම ගැයුනු සිංහල ගීයක් රැගෙන එන මා ඔබේ ලබැඳි රජරට පුත්‍රයා...

හිහිහි.. පොඩි ඇඩ් පාරක් දාන්න හිතුනා... හරි හරි.. ඔන්න අද ගෙනාවා ගින්දර වගේ අදටත් එහේ මෙහේ කොහේ ගියත් ඇහෙන සදා නොමියෙන ගීත යුගලයක්...

"කහා චල් දියේ... ඉදර් තෝ ආවෝ... මෙරේ දිල් කෝ.. නා ටුට්කරාඕ.. " තමයි අද අරන් ආපු ගීතය...

1968 තිරගත වුන "ජුක් ගයා ආසමාන්" (Jhuk Gaya Aasman) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා ති‍බුනේ.. ලේක් තන්ඩන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර් සමග සයිරා බානු.. හස්රත් ජයපූරිගේ පද වලට ස්වර ගැලපුවේ ශංකර්-ජයකිශන් සහෝදර සමාගම... මේ චිත්‍රපටිය 1941 තිරගතවුන "Here Comes Mr. Jordan" චිත්‍රපටියේ හින්දි කොපිය කිව්වොත් හරි...

පස්සේ කාලෙක ඒ කියන්නේ 1972 දී විතර ලංකාවේ තිරගතවුනා චිත්‍රපටියක් "එදත් සූරයා අදත් සූරයා" කියලා.. කාටත් මේ චිත්‍රපටිය මතක ඇති.. ගාමිණි-මාලිනී ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය ඒ කාලේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා... ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ගීත 07ක් අඩංගු වෙලා තිබුණා.. ඒ අතරින් ජනප්‍රිය වුනු එක් ගීතයක් තමයි,

"කොයි යන්නේ... බඳ නලවලා.. පාවෙන සුළ‍ඟේ.. වද මල වාගේ.. වද මල වාගේ..."

දැන් මතකයි නේද ?? අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා තමයි මේ ගීතයත් ගායනා කලේ.. ඔන්න







Kaha Chal Diye - Jhuk Gaya Aasman
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

1 comments:

තිස්ස දොඩන්ගොඩ said...
March 14, 2010 at 12:14 PM

මගේ සහෘදයෙක් ඉන්නවා මාත් එක්ක වැඩ කරපු දැන් කටාර් රාජ්‍යයේ ඉන්න... අපි එකට වැඩ කරන කාලේ ඌ ටොයිලට් එකට යන ගමන් මගේ කාමරේට ඔලුව දාලා හින්දි සින්දුවක කැල්ලක් කියලා යනවා...මේක උගේ ප්‍රියතම එකක්... සහ මගෙත් ... ස්තුතියි මචෝ අපි වෙනුවෙන්මේ ‍රැග කනවට......

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...