:: Hum Hain To Chandh.. අපි පාගලා යාමුකෝ හැටේ.. ::



ඔන්න ගිය සතියේ පොරොන්දු වුන විදිහටම අදත් ආවා ඉපැරණි ජනප්‍රිය ගී යුගලයක් අරගෙන.. සතියට අඩුම එක් ලිපියක් හෝ පලකරන එක පුරුද්දක් කරගන්න හිතුවා මොන රාජකාරිය තිබ්බත්..

ඉතින් අද අරගෙන ආපු පැරණි හින්දි ගීතය මෙන්න මේකයි:

හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ජහා කේ රංගී නසාරේ..
හායෙරේ හායේ ඕ දුනියා..
හම් තෙරි නසර් මේ අවාරේ..

1959 වසරේ තිරගත වුන මේ චිත්‍රපටියේ නම තමයි “මේ නශේ මේ හූ“ (Main Nashe Main Hu). මේ නමේ තේරුම තමයි “මා මත්වී සිටී“ යන්න.  නරේශ් සේගල් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ රඟපෑවේ රාජ් කපූර් සමග මාලා සින්හා.

ගීත 09ක් අඩංගු වුන මේ චිත්‍රපටියේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් තමයි මේ හම් හේ තෝ ගීතය. හස්රත් ජයපුරි හා ශයිලේන්ද්‍ර පද රචනා කල මේ ගීතයේ සංගීතය ශංකර් සහ ජයකිෂන් සහෝදර යුවලගේ. ගායනය මුකේෂ්.

ඔන්න මේ ගීතය අහන්න බලන්න හැමදාටම තියා ගන්න බාගන්නත් අවස්ථාව තියෙනවා පහලින්.


හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ.. 




ඉතින් මේ හින්දි ගීතය අහද්දි කොයි කාටත් මතක් වෙන්න ඇති මේ තනුවට වැයුනු සිංහල ගීතය මොකක්ද කියලා. හින්දි ගීතයේ තේරුමට හාත්පසින්ම වෙනස් තේරුමක් ඇති මේ ගීතය තමයි “අපි පාගලා යාමුකෝ හැටේ“.


1960 අප්‍රේල් මාසේ 28 වෙනි දින තිරගත වුන සුන්දර බිරිඳ චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ. ඩී. යෝගනාදන් අධ්‍යක්ෂණය කල චිත්‍රපටිය නිෂ්පාදනය කලේ ජබීර්. ඒ. කාදර්. ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ රවින්ද්‍ර රූපසේන සමග ක්ලැරිස් ද සිල්වා. මේ ගීතයේ වීඩියෝවක් නම් හොයා ගන්න බැරි වුනා. ඒත් ඒත් එම්.පී.3 එකක් නම් හොයා ගත්තා ටොප්සිංහලඑම්පී3 අඩවියේ තිබිලා.

ඔන්න ඒ ගීතය බාගන්න පුළුවන් පහලින්.

අපි පාගලා යාමුකෝ හැටේ


උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Itnee Haseen Itni Jawan.. කඳුලැල් සලා දෙනෙත් පියවී.. ::


සෑහෙන කාලයකට පස්සේ ඔන්න ආයෙත් හිතුනා මගේ පරණ විනෝදාංශය පටන් ගන්න.. 2012 අප්‍රේල් මාසේ තමයි මම මීට කලින් ලිපියක් පල කරලා තියෙන්නේ.. පැරණි හින්දි ගී ප්‍රිය කරන බොහොමයක් දෙනා ඊමේල් පණිවිඩ හා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරා ආපහු මේ වැඩේ පටන් ගන්න කියලා.. ඉතින් ඔන්න අද ඉඳලා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරය රීස්ටාට් වෙනවා..

අද අරගෙන ආවේ 1963 තිරගත වුන ආජ් ඕර් කල් (Aaj Aur Kal) කියන චිත්‍රපටියේ ඉතා ජනප්‍රිය ගීතයක්.. මේ ගීතයේ මුල් පද පේලි ටික මෙන්න මෙහෙමයි ගායනා වෙන්නේ..

“ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ..
ජාගේ හේ කුච් අජීබ් සේ ජස්බාත් ක්යා කරේ..
ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ..“

සිංහල තේරුම:
“ඉතා සුන්දර තාරුණයයෙන් පිරි මේ රාත්‍රියේ කුමක් නම් කරමුද?
යම්කිසි අමුතු හැඟීම් පිබිදෙමින් තිබේ කුමක් නම් කරමුද?
ඉතා සුන්දර තාරුණයයෙන් පිරි මේ රාත්‍රියේ කුමක් නම් කරමුද? “

වසන්ත් ජෝග්ලේකාර් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටියේ සුනිල් දත් සමග නන්දා ප්‍රධාන චරිතයන්ට පණ පොවනු ලැබුවා. මීට අමතරව රාජ් කුමාර්, තනූජා, අශෝක් කුමාර්, දේවන් වර්මා සහාය රංගනයෙන් දායක වුනා. රවී සංගීතවත් කල මේ චිත්‍රපටියේ මෙම ගීතය ගායනා කරනු ලැබුවේ මොහොමඩ් රාෆි විසින්.

මේ ගීතය පහලින් බලන්න වගේම බාගන්නත් අවස්ථාව සුපුරුදු පරිදි තිබෙනවා ඔන්න



ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ.. - මොහොමඩ් රාෆි 

මෙම ගීතයේ තනුවට පසුකාලීනව සුපුරුදු පරිදි එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගීතයක් ගායනා කලා.. ඒ තමයි “කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ..“ කියන ගීතය.. මේ ගීතය චිත්‍රපටියකටද ගායනා කලේ කියන තොරතුරක් නම් හොයාගන්න බැරිවුනා.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න.. කොහොම වුනත් හරිම ලයාන්විත විදිහට මුල් තනුව තවත් අලංකාර කරමින් මේ ගීතය අපේ ජෝතිපාල මහත්මයා ගායනා කරලා තියෙනවා.. 

පහලින් මේ ගීතය අහන්න බලන්න වගේම බාගන්නත් අවස්ථාව තියෙනවා ඔන්න.. තවත් මේ වගේ ලස්සන ගීත යුගලක් අරගෙන පරක්කු නොවී එන්නම්.. 




කඳුලැල් සලා දෙනෙත් පියවිලි - එච්. ආර්. ජෝතිපාල 

උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Aye Mere Dile.. මේ නොනිමෙන දිවි ගමනේ.. ::

(ලතා මංගේෂ්කාර්)

සිංහල හින්දු අළුත් අවුරුද්දට මුකුත් දෙන්න බැරිවුන නිසා ඔන්න අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන ගීත දෙකක්.. හැබැයි සිංහල එක නම් චිත්‍රපටියක ගීතයක් නෙමෙයි.. පහුගිය ලිපියේ අරගෙන ආවේ දෙමළ ගීතයක් වුනත් මේ පාර නම් ගෙනාවේ හින්දි එකක්..

ඒ මේරේ දිලේ නාදාන්..
තුම් හම්සේ නා ගබ්රානා..
ඉක් දින්කෝ සමජ්යේ ගී..
දුනියා තෙරා අෆ්සානා..

1962 තිරගත වුන “ටවර් හවුස්“ කියන චිත්‍රපටියේ තමයි මේ මියුරු ගීතය අඩංගු වුනේ.. නිසාර් අහමඩ් අන්සාරි අධයක්ෂණය කල මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ශකිලා සමග අජිත්.. මේ නළු නිළි දෙපළ නම් ඒ තරම් ජනප්‍රිය නෑ.. නමුත් මේ ගීතය ගායනා කරන තැනැත්තිය නම් කොයි කවුරුත් දන්නවා.. ඒ තමයි ලතා මංගේෂ්කාර් මහත්මිය.. සංගීතය රවීගෙන්.. පද අසාද් බෝපාලීගෙන්..

ඔන්න පහලින් බාගෙන බලාගෙන යන්න පුළුවන් සිංහල ගීතයට...

(ලතා මංගේෂ්කාර්)



සුපුරුදු විදිහට දැන් ඉතින් මුමුණනවා ඇති මේ ගීතයේ සිංහල ගීතය.. එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන මෙන්න මේ මව් ගුණ ගීතය තමයි මේ හින්දි තනුවට ගැයුනු සිංහල ගීතය...

මේ නොනිමෙන දිවි ගමනේ..
නිවනේ මග පෙනෙන තුරා..
අම්මේ ඔබේ පුතෙකු වෙලා..
මම එන්නම් සසර පුරා..

1984 වසරේ තිස්ස ඩයස් කියන මහත්මයා තමයි මේ ගීතය ජෝතිපාල මහත්මයාට ලියලා දීලා තියෙන්නේ.. චිත්‍රපටියක අඩංගු වුන ගීතයක් නෙමෙයි කියන එකත් සඳහන් කරන්න ඕනේ.. ඔන්න පහලින් බාගන්න බලාගන්න අවස්ථාව තියෙනවා..




උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Unnei Kandu.. පණ වාගේ හිටියාට.. ::


ඔන්න ඉක්මනටම තවත් ලස්සන ගීත දෙකක් අරගෙන මම ආපහු ආවා.. හැබැයි අද පොඩි අවුලක් තියෙනවා.. වෙනදා අරගෙන එන හින්දි ගීතය වෙනුවට අද අති පැරණි දෙමළ ගීතයක් තමයි අරගෙන ආවේ..

“උන්නෙයි කන්ඩු නාන් වාඩ..
චන්නෙයි කන්ඩු නී වාඩ..
කන්නීරු කදෙසුන්නුම් දීපාවලී..“


1959 තිරගත වුන “කල්‍යාන පරිසු“ (Kalyaana Parisu) කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. සී.වී. ශ්‍රීධර් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ සරෝජා දේවී සමග ජෙමිණි ගනේෂන්.. දමිළ සිනමාවේ “කින්ග් ඔෆ් රොමෑන්ස්“ හෙවත් “ප්‍රේම රජු“ විදිහට තමයි ජෙමිණි ගනේෂන්ව හැඳින්වුයේ.. අති ජනප්‍රිය හා නිහතමානී නළුවෙක් විදිහට හැම දෙනාම මොහුට ගරු කලා.. ඉතින් මේ චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කලේ ඒ. එම්. රාජා නැමැති සංගීතඥයා.. මේ ගීතය ඔහු වෙන අයෙකුට නොදී ඔහුමයි ගායනා කලේ..

පහලින් මේ ගීතය යූටියුබ් වල ඉඳන් අහන්න පුළුවන්.. ඒ වගේම බාගන්නත් පුළුවන් වෙනදා වගේම..




වෙනදා වගේ හැමෝටම මතක ඇති මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..

“පණ වාගේ හිටියාට, වෙන්වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි..
ආදරය එහෙනම්, සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා..“


මේ ගීතය මම දන්න හැටියට නම් චිත්‍රපටියක අඩංගු වුන ගීතයක් නෙමෙයි.. කරුණාරත්න අබේසේකර මහත්තයා ලියලා දුන්න ගීයක්.. 70 දශකයේ මැද භාගයේ විතර තමයි මේ ගීතය අහෙන්න පටන් ගත්තේ.. පද ගැලපුම හරිම මියුරු විදිහට ලියලා තියෙනවා.. ඉස්සර කොල්ලෝ බූට් කාපුවාම මේ ගීතයලු ලියලා කෙල්ලට අවසානෙට යවන්නේ කියලා අපේ තාත්තා කියනවා මතකයි..

අහන්න කැමති අයට පහල තියෙන යූටියබ් එකෙන් බලාගන්න පුළුවන්.. බාගන්න ඕනේ අයට බාගන්න ඊටත් පහලින් තියෙන ලින්ක් එකෙන් පුලුවන්..

අයෙත් ලස්සන ගීත දෙකක් අරගෙන දුවලා එන්නම්.. ජය !!!





උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන