:: Kusoor Aap Ka.. කොළොම්පුරේ ශ්‍රියා..::







කාලෙකින් තමයි ඔන්න සින්දුවක් දෙකක් අරගෙන මේ පැත්තේ එන්න ලැබුනේ.. හැම පැත්තටම දැන් ගංවතුරලුනේ.. දැනට සති දෙක තුනකට කලින් ඉහෙන් කටින් ගලන්ඩ දාඩිය දැම්මා.. දැං ඔන්න ගෙවල් උතුරන්ඩ ගංවතුර ගලනවා.. අනිච්චේ දුක්ඛේ කිව්වලු.. හරි හරි කාලීන සිදුවීම් ඇති.. දැන් කාලීන සිදුවීම් අලලලා ලස්සනම ලස්සන අදටත් ජනප්‍රිය පට්ට පරණ සින්දුවක් දෙකක් දෙන්ඩ තමයි ඔන්න හදන්නේ..

මේ දවස් වල ඉතින් වෑර්ලස් එකෙයි රූපපෙට්ටියෙයි යන්නෙම කොළොම්පුරේ ගංවතුර ගැනනේ.. ඉතින් මට හිතුනා "කොළොම්පුරේ ශ්‍රියා" සින්දුව ගැන පොඩි හෙළිදරව්වක් කරන්න.. ඇත්තම කිව්වොත් සුපුරුදු විදිහට මේකත් ඔරිජිනල් හින්දි කොපියක්..

"කොළොම්පුරේ ශ්‍රීයා.. කොළොම්පුරේ ශ්‍රීයා..
බොහොම ලස්සනයි.. කොළොම්පුරේ ශ්‍රීයා.. ශ්‍රීයා.."

1952 එස්. එස්. වේදා කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල ලංකාවේ තිරගත වුන "උමතු විශ්වාසය" චිත්‍රපටියේ තමයි මේ සින්දුව අඩංගු වුනේ.. රුක්මනී දේවී හා එඩී ජයමාන්න යුවල තමයි රංගනයෙන් දායක වුනේ.. ඒ වගේම එඩී ජයමාන්නමයි ගායනයත් කලේ.. '47 දී "කඩවුනු පොරොන්දුව" දීලා '52 දී "උමතු විශ්වාසය" ක් කොලා බයක් සැකක් නැතුවම.. :D

ඒත් ඉතින් කරුමෙට මේ සින්දුව රූපත් එක්ක මුල් පිටපත හොයාගන්න නෑ.. ඒත් වාසනාවකට ඒ සින්දුව පස්සෙ කාලෙක ඩෙස්මන්ඩ් සිල්වා ගායනා කරන එක රූපත් එක්කම තියෙනවා.. ඔන්න පල්ලෙහායින් බලාගන්න පුළුවන්..




හරි අපි දැන් බලමු කොළොම්පුරේ ශ්‍රියා හැදුවේ මොන තනුවෙන්ද කියලා..

"කුසූර් ආප් කා.. හුසූර් ආප් කා..
මේරා නාම් ලී ජීයේනා මේරේ බාප් කා.."

1951 උත්තර භාරතයේ තිරගතවුන "බහාර්" (Bahaar) චිත්‍රපටියේ තමයි මේ ලස්සන සින්දුව අඩංගු වෙලා තිබුනේ.. කරන් දීවාන්, වෛජයන්ති මාලා සමග ප්‍රාන් තමයි ප්‍රධාන චරිත වලට රඟපෑවේ.. වෛජයන්ති මාලා රිදී තිරයට ආපු මුල්ම මුල් කාලේ තමයි මේ.. දැක්කට අඳුරන්නත් බෑ වගේ.. එච්චරට වෙනස්.. ඉතින් මේ සින්දුව ගායනා කරන්නේ කිෂෝර් කුමාර්.. කිෂෝර් කුමාර් මහත්තයත් මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ නිසා කටහඬ හරි අමු පාටයි.. අහලම බලන්නකෝ.. ඉතින් මේ සින්දුව මේ චිත්‍රපටියේ දෙපාරක් ගායනා කෙරෙනවා.. දෙවනි පාර ගායනය වෛජයන්ති මාලා.. හරි ලස්සන සින්දුවක්.. ඔන්න දෙකම බලන්න පල්ලෙහායින්..

තව ලස්සනම ලස්සන ජනප්‍රියම ජනප්‍රිය සින්දු ගෝනියත් අරගෙන ඉක්මනටම එන්නම්.. රජරට පුත්තරයා ඔන්න බා.....යි.. කිව්වා..



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

6 comments:

Jay said...
May 19, 2010 at 8:39 PM

"තව ලස්සනම ලස්සන ජනප්‍රියම ජනප්‍රිය සින්දු ගෝනියත් අරගෙන ඉක්මනටම එන්නම්.. "
එයි, එයි.. තව දින 10කින්වත් දකින්න ලැබුනොත් ඇති. හික්.. හික්.. :D
කෝක නමුත් මෙහෙම හින්දි සින්දුවක් තියෙනවා කියලා මම දැන ගත්තේ අද.

Indranama said...
May 19, 2010 at 10:24 PM

සිරාවටම මේකේ හින්දි එකක් තියෙනවා කියලා මමත් දැනගත්තේ අද නොවැ!

Unknown said...
May 21, 2010 at 4:41 PM

කියන්න දෙයක් නෑ ඉතින් ..

සිංහලෙන්ම කිවුවොත් සුපර්බ්...

මින්දද said...
May 22, 2010 at 9:48 PM

නියමයි මචන්... අපේ අම්මත් එක්ක වලියක් දාගත්තම ශේප් කරගන්න තියෙන ලේසිම විදිහ තමයි පරණ හින්දි සින්දුවක් පෙන්නන එක...:)

ඒක හින්දා මමත් දැන් ඒවට කැමතියි...

Unknown said...
June 6, 2010 at 11:15 PM

Very nice work.......

Unknown said...
June 6, 2010 at 11:15 PM

very nice work....

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...