Showing posts with label Naushad. Show all posts
Showing posts with label Naushad. Show all posts

:: Duniya Hase.. නිල් අහසේ උමතු වළා.. ::




ඔන්න දින කීපකයට පස්සේ තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීතයක් සහ ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත් අරගෙන රජරට පුත්‍රයා ආවා..

අද ගෙනාවේ මෙන්න මේ ගීතය.. මතකද බලන්න..

"දුනියා හසේ..
හසිති රහේ..
මේහු ගන්වාර්..
මුජේ සබ්සේ හේ ප්යාර්.."

මෙන්න මේකයි ඒ පද කීපයේ සිංහල තේරුම..

"ලෝකයා සිනාසෙයි..
සිනාසෙමින් සිටී..
කවටයෙකි මා..
හැමදෙනා මා හා ලබැඳියි.."

1970 භාරතයේ තිරගත වුනු නරේෂ් කුමාර් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කල "ගන්වාර්" (Ganwaar) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. රාජේන්ද්‍ර කුමාර් "ගෝපාල්" යන චරිතයෙනුත් වෛජයන්ති මාලා "පාරෝ" යන චරිතයෙනුත් ‍හැඩගැන්වුනු මේ චිත්‍රපටියේ සුපුරුදු විදිහට දුෂ්ඨයාට රඟපෑවේ ප්‍රාන්.. නවුෂාඩ්ගේ සංගීතයෙන් හැඩවුනු මේ චිත්‍රපටියේ මේ ගීය ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. ඔන්න පහලින් අහන්න බාගන්න අවස්ථාව තියෙනවා වෙනදා වගේම...



දුනියා හසේ - මොහොමඩ් රාෆි






දැන් නම් ඉතින් මතක ඇති මේකේ සිංහල ගීතය මොකක්ද කියලා.. පහුගිය වතාවේ ලිපියේ තිබුනු "මේ දෑස කුමටද" චිත්‍රපටියේම අඩංගු වුන ගීතයක් තමයි මේක..

"නිල් අහසේ.. උමතු වළා..
ගොළු වී දුක සේ පා වෙනවා..
ගිම්හානේ හිරු නැගලා..
පිපුණු කුසුම් පෙති පරවෙනවා.."

1972 තිරගත වුන "මේ දෑස කුමටද? චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ තාත්තා) අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න හැකියාවක් ලැබුනා.. විජය කුමාරණතුංග සමග මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ..

සුපුරුදු විදිහට එච්. ආර්. ජෝතිපාල මහත්මයා තමයි මේ ගීතයත් ගායනා කරන්නේ.. හැබැයි අද නම් ඔන්න බලන්න චිත්‍රපටියේ ගීතයවත් වෙන කෙනෙක් කියන එක වත් නෑ.. ඒත් බාගන්න ඕනේ නම් පහලින් සබැඳිය දීලා තියෙනවා.. නව සංගීතයටත් පරණ ඔරිජිනල් එකත් දෙකම තියෙනවා.. මම නම් අනුමත කරන්නේ පරණ එක.. අහලාම බලන්නකෝ..

නිල් අහසේ උමතු වලා - එච්. ආර්. ජෝතිපාල (නව සංගීතය)


නිල් අහසේ උමතු වලා - එච්. ආර්. ජෝතිපාල (පැරණි සංගීතය)
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Bachpanke.. දුෂ්මන්තා ආහෝ.. ::



ඔන්න තවත් ලස්සන ගීතයක් අරගෙන ආවා.. ළඟදී දුන්න අනිත් සින්දු වලට වඩා මේක නම් ටිකක් විතර වැඩිපුර පරණ සින්දුවක්.. ඒත් ඉතින් වයින් වගේ තමයි.. පරණ වෙන්ඩ වෙන්ඩ මරු..

ඉතින් අද ගෙනාවේ මෙන්න මේ සින්දුව,
"බච්පන්කේ මොහොබත් කෝ.. දිල්සේ නා ජුදා කර්නා.."

විජේ බාත් අධ්‍යක්ෂණය කල, 1952 තිරගත වුන "බයිජු බව්රා" (Baiju Bawra) චිත්‍රපටියේ තමයි මේ ගිතය අඩංගු වුනේ.. භාරත් භූෂන් සමග මීනා කුමාරි තමයි ප්‍රධාන චරිත රඟපෑ යුවල වුනේ.. එක්තරා සංගීතඥයෙක් වටා ගොඩ නැගුනු මේ කථාව පුරා ඉතාමත් ලස්සන සින්දු කීපයක් අඩංගු කරලා තිබුනා.. නවුෂාඩ්ගේ ශාස්ත්‍රීය සංගීතයට හින්දි පද ගැලපුවේ ෂකීල් බදායුනි.. මේ ගීතය ගායනා කලේ සුපුරුදු පරිදි ලතා මංගේෂ්කර් මහත්මිය.. ඔන්න බාගන්න බලාගන්න අවශ්‍ය දෑ පහතින් ලබාගත හැකිලු හරිද ??

හරි දැන් අපි එමුකෝ මේ හින්දි සින්දුවේ තනුවට ගැයුනු සිංහල සින්දුව මොකක්ද කියලා.. හ්ම්.. ගොඩක් අයට හින්දි සින්දුව සෑහෙන මට්ටමකට ඉතා කිට්ටුවක් දැනෙනවා ඇති.. ඒත් හරියටම සිංහල සින්දුව මොකක්ද කියලා ඔලුවට ආවේ නෑ නේද? මටත් ‍ඒ ප්‍රශ්ණේ තිබුනා, ඒත් ටිකක් වෙලා අහගෙන ඉද්දි සිංහල එක රජරට පුත්තරයාට හම්බුනා.. ඉතින් මේ ගීතයේ තනුව අරගෙන සිංහල සින්දුව ගායනා කරලා තිබුනේ රුක්මණි දේවි මහත්මිය.. සකුන්තලා කියන චිත්‍රපටියේ තමයි මේ සින්දුව අඩංගු වෙලා තිබුනේ.. ටිකක් විතර රූප හරි නැතුව ඇති.. ඒත් අඩුම ගානේ සින්දුව වත් අහන්න..

ඔන්න බාගන්නවා නම්... අපි ගියා..







බච්පන්කේ මෙහෝබත් කෝ - Bachpanke Mohobath ko - Baiju Bawra
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Duniya main.. නොකියාම එදා.. ::




අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර වලින් පණ ගහපු රජරට පුත්තරයාට තව තවත් පැරණි ගීත අරගෙන එන්න හොඳ පණක් ලැබුනා... ඉතින් ප්‍රතිචාර දක්වපු දුකායියා, තිස්සායියා, විශ්මි, පුංචි සමනලී, බුදාජීව මලයා, රවීන්, තමීර, හසී, චමිල ඩී අල්විස්, පොඩ්ඩා, අංජු, නොදරුවා (සඳුනා), බිංකුවා, මහේෂ් රන්දර, හසිත මදුෂංක, සහන්, උෂාන් මලයා, රන්දීර මලයා ඇතුළු එකී මෙකී නොකී ප්‍රතිචාර දැක්වූ මගේ බ්ලොගට ආපු ගියපු හැමෝටම ස්තූතියි.. (නමක් ගමක් මග ඇරුනානම් සමාවන සේක්වා)




ඔන්න ඉතින් අදත් ගෙනාව ලස්සනම ලස්සන ඉතා ජනප්‍රිය අදත් ගැයෙන ඇහෙන ගීතයක්.. කොයි කාටත් මතක ඇති නේද මදර් ඉන්ඩියා (Mother India) චිත්‍රපටිය.. 1957 මෙහෙබූබ් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ඒ වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වන්න පුළුවන් වුනා... නර්ගීස් ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටියේ සුනිල් දත් හා රාජේන්ද්‍ර කුමාර් නර්ගීස්ගේ පුතුන් දෙදෙනා ලෙස රඟපෑවා..
මේ ගීතය රචනා කලේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක මෙහෙබූබ් ඛාන් විසින්මයි.. සංගීතය නවුෂාඩ්ගෙන්.. ලතා මංගේෂ්කාර් මහත්මිය තමයි ගායනා කරන්නේ..

මේ චිත්‍රපටිය සම්මාන ගණනාවකට නිර්දේශ වුනා.. ඒ වගේම සම්මාන ගණනාවක් දිනා ගත්තා.. 1958 වර්ෂයේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටියට මෙය නිර්දේශ වුනා.. ඒ වගේම 1958 වර්ෂයේ ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම සංගීතය යන සම්මාන 05ම දිනා ගන්න මදර් ඉන්ඩියාට හැකියාව ලැබුනා.. මේ ගීතයේ යූටියුබ් වීඩියෝ එකයි, සින්දුව බාගන්න සබැඳියයි දෙකම පල්ලෙහා තියෙනවා ඕං...

හරි දැන් බලමු අපි මේ‍කේ සිංහල කොපිය මොකක්ද කියලා.. පල්ලෙහා තියෙන යූටියුබ් වීඩියෝ එක බැලුවා නම් නිකම්ම දිව අගට එන්න ඇති සිංහල සින්දුව..

"නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා.. මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා.."

වසන්තා සන්දනායක ගායනා කල මේ ගීතය අද ගායනා කරන්නේ ඇයගේ මිනිපිරිය වන සුප්‍රියා අබේසේකර... ඔන්න ඒකත් තියෙනවා පහලින් බාගන්න...

ජය !!!




දුනියා මේ හමේ - ලතා මංගේෂ්කාර් (Duniya main hume - Latha Mangeshkar)


නොකියාම එදා - සුප්‍රියා අබේසේකර
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන