:: Dil Ko Dekho.. අවුරුදු ආවා නව අවුරුදු ආවා.. ::



ඔන්න අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ලබන්නා වූ සිංහල හින්දු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරුණු සෞභාග්‍යමත් එකක් වෙන්ඩ කියලා මුලින්ම රජරට පුත්‍ර්‍රයා ප්‍රාර්ථනා කරනවා...

අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය ගීතයක මුල් ගීය.. බලන්ඩ මතකද කියලා..



දිල්කෝ දේකෝ.. චෙහෙරා නා දේකෝ..
චෙහෙරෝනේ ලාකෝකෝ ලූටා..
දිල් සච්චා ඕර් චෙහෙරා ජූටා...

හදවත දිහා බලන්න.. මුහුණ දිහා නොබලන්න..
මුහුණු වලින් ලක්ෂ ගණන් අය රැවටිය හැකියි..
හදවතයි සත්‍යය.. මුහුණු බොරුවයි..

1970 වර්ෂයේ "මන්මෝහන් දේසායි" අධ්‍යක්ෂණය කරපු "සච්චා ඡුටා" (Sachcha Jhutha) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගුවුනේ.. රාජේශ් ඛන්නා ද්විත්ව චරිත රඟපෑ මේ චිත්‍රපටියේ මුම්ටාස්, විනෝද් ඛන්නා යන නළු නිළියනුත් රංගනයෙන් දායක වුනා.. 1970 වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවපු චිත්‍රපටියක් මේක.. ඒවගේම 1971දී හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයා සම්මානයත් රාජේශ් ඛන්නාට ලැබුනේ මේ චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන්.. කිෂෝර් කුමාර් ගායනා කරන මේ ගීතයට සංගීතය මුසු කලේ කළ්‍යාන්ජී-ආනන්ද්ජී සහෝදර යුවල.. ඔන්න පල්ලෙහායින් බලාගන්න පුළුවන්.. එවගේම බාගන්නත් පුළුවන්..



දිල්කෝ දේකෝ - සච්චා ඕර් ජූටා



හ්ම්... දැන් අපේ රසික රසිකාවියොන්ට පැටලිලා ඇති නේද මොකක්ද ‍මේ තනුවට ගායනා වුන හරි සිංහල ගීතය කියලා.. නේද ? හරි.. ඇත්තම කිව්වොත් මේ තනුවට ගීත දෙකක් ගායනා වෙලා තියෙනවා.. එකක් තමයි මං මාතෘකාව විදිහට අරං තියෙන්නේ.. ඒ මේක..

"අවුරුදු ආවා.. නව අවුරුදු ආවා..
බක් මාසේ මංගල්ලේ ආවා..
එරබදු මල් පෙති අතු අග සැනහේ..
කාගෙත් සිත් තුල සම්පත හිනැහේ.."

අවුරුදු ආවා.. නව අවුරුදු ආවා.. - එච්. ආර්. ජෝතිපාල


මේ ගීතය ජෝතිපාල මහත්තයා ගායනා කරන්නේ.. මේ දවස් වල රේඩියෝ වල නිතරම ඇහෙන ගීතයක් වෙලා.. ඔන්න මේ ගීතය බාගන්න ඕනේ නම් උඩ තියෙන සබැඳියෙන් බාගන්න පුළුවන්.. මේකේ යූටියුබ් එකක් නම් ති‍බුනේ නෑ..

හ්ම් අපි දැන් බලමු අනික් වර්ෂන් එක මොකක්ද කියලා.. ආහ් මේක අවුරුදු නැති දවස් වලට ඇහෙන එක.. ඔන්න බලන්න මතකද කියලා..

"පන්දම් අල්ලා ගත් නම්බු නාමේ..
මේ කාලේ අවලංගුයි නෝනේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ.."

මේ ගීතය අඩංගු වුනේ ජේ. සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කරපු "කවුද රජා" චිත්‍රපටියේ.. ගාමිණි-මාලිනී යුවල රඟපෑ මේ චිත්‍රපටියත් ඒ කාලේ බොක්ස් ඔ‍ෆිස් වාර්තා පිහි‍ටෙව්වා.. එච්. ආර්. ජෝතිපාල ගායනා කල මේ ගීතය අදටත් සෑහෙන ජනප්‍රියයි.. ඔන්න කැමති අයට බලන්න කැමති අයට බාගන්න අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහ‍ට..

එහෙනං ඔන්න තවත් පැරණි හින්දි ගීතයක් හා එහි තනුවට ගැයුනු සිංහල ගීයකින් මුණ ගැසෙමු.. සුභ නව වසරක් වේවා..



පන්දම් අල්ලා ගත් නම්බු නාමේ.. - කවුද රජා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

4 comments:

Anonymous said...
April 13, 2010 at 9:14 PM

ෂා නියම සිංදුවක්නේ මේක....!!! මෙන්න මේක නම් ඇත්ත:
"මුහුණු වලින් ලක්ෂ ගණන් අය රැවටිය හැකියි..
හදවතයි සත්‍යය.. මුහුණු බොරුවයි.."
සමනලී අත්දැකිමෙන් දන්නවා....

ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

Udara || උදාර ධර්මසේන said...
April 13, 2010 at 9:43 PM

හ්ම්.. ඇත්තම ඇත්ත.. ඒ සින්දුවේ සම්පූර්ණ තේරුම දාන්න හිතෙනවා.. වෙලාවක් තිබුනොත් දාන්නම් හොඳේ..

ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා පුංචි සමනළියේ..

විශ්මි said...
April 13, 2010 at 9:56 PM

නියම සින්දුවක් උදාර..... ස්තුතියි හැමදාමත් අපිට අපූරු ගීත තිළිණ කරනවට.........


සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා ඔයා ඇතුළු පවුලේ සියළු දෙනාටම.......

Raven said...
April 14, 2010 at 8:39 AM

දිල්කො දේකෝ කියන ගීතය මම පොඩි දවස් වල නිතර ඇහුණ හින්දි ගීතයක්. ඒ කාලෙ හුඟක් ජනප්‍රියව තියෙන්න ඇති ‍මේ ගීය.

ඔබට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!!

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...