:: Hum Hain To Chandh.. අපි පාගලා යාමුකෝ හැටේ.. ::
ඔන්න ගිය සතියේ පොරොන්දු වුන විදිහටම අදත් ආවා ඉපැරණි ජනප්‍රිය ගී යුගලයක් අරගෙන.. සතියට අඩුම එක් ලිපියක් හෝ පලකරන එක පුරුද්දක් කරගන්න හිතුවා මොන රාජකාරිය තිබ්බත්..
ඉතින් අද අරගෙන ආපු පැරණි හින්දි ගීතය මෙන්න මේකයි:
හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ජහා කේ රංගී නසාරේ..
හායෙරේ හායේ ඕ දුනියා..
හම් තෙරි නසර් මේ අවාරේ..
1959 වසරේ තිරගත වුන මේ චිත්‍රපටියේ නම තමයි “මේ නශේ මේ හූ“ (Main Nashe Main Hu). මේ නමේ තේරුම තමයි “මා මත්වී සිටී“ යන්න. නරේශ් සේගල් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ රඟපෑවේ රාජ් කපූර් සමග මාලා සින්හා.
ගීත 09ක් අඩංගු වුන මේ චිත්‍රපටියේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් තමයි මේ හම් හේ තෝ ගීතය. හස්රත් ජයපුරි හා ශයිලේන්ද්‍ර පද රචනා කල මේ ගීතයේ සංගීතය ශංකර් සහ ජයකිෂන් සහෝදර යුවලගේ. ගායනය මුකේෂ්.
ඔන්න මේ ගීතය අහන්න බලන්න හැමදාටම තියා ගන්න බාගන්නත් අවස්ථාව තියෙනවා පහලින්.
හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ඉතින් මේ හින්දි ගීතය අහද්දි කොයි කාටත් මතක් වෙන්න ඇති මේ තනුවට වැයුනු සිංහල ගීතය මොකක්ද කියලා. හින්දි ගීතයේ තේරුමට හාත්පසින්ම වෙනස් තේරුමක් ඇති මේ ගීතය තමයි “අපි පාගලා යාමුකෝ හැටේ“.
1960 අප්‍රේල් මාසේ 28 වෙනි දින තිරගත වුන සුන්දර බිරිඳ චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ. ඩී. යෝගනාදන් අධ්‍යක්ෂණය කල චිත්‍රපටිය නිෂ්පාදනය කලේ ජබීර්. ඒ. කාදර්. ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ රවින්ද්‍ර රූපසේන සමග ක්ලැරිස් ද සිල්වා. මේ ගීතයේ වීඩියෝවක් නම් හොයා ගන්න බැරි වුනා. ඒත් ඒත් එම්.පී.3 එකක් නම් හොයා ගත්තා ටොප්සිංහලඑම්පී3 අඩවියේ තිබිලා.
ඔන්න ඒ ගීතය බාගන්න පුළුවන් පහලින්.
අපි පාගලා යාමුකෝ හැටේ
Labels:
'50,
Mukesh,
Raj Kapoor,
Shankar-Jaikishan
උදාර මදුෂංක
:: Itnee Haseen Itni Jawan.. කඳුලැල් සලා දෙනෙත් පියවී.. ::
සෑහෙන කාලයකට පස්සේ ඔන්න ආයෙත් හිතුනා මගේ පරණ විනෝදාංශය පටන් ගන්න.. 2012 අප්‍රේල් මාසේ තමයි මම මීට කලින් ලිපියක් පල කරලා තියෙන්නේ.. පැරණි හින්දි ගී ප්‍රිය කරන බොහොමයක් දෙනා ඊමේල් පණිවිඩ හා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරා ආපහු මේ වැඩේ පටන් ගන්න කියලා.. ඉතින් ඔන්න අද ඉඳලා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරය රීස්ටාට් වෙනවා..
අද අරගෙන ආවේ 1963 තිරගත වුන ආජ් ඕර් කල් (Aaj Aur Kal) කියන චිත්‍රපටියේ ඉතා ජනප්‍රිය ගීතයක්.. මේ ගීතයේ මුල් පද පේලි ටික මෙන්න මෙහෙමයි ගායනා වෙන්නේ..
“ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ..
ජාගේ හේ කුච් අජීබ් සේ ජස්බාත් ක්යා කරේ..
ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ..“
සිංහල තේරුම:
“ඉතා සුන්දර තාරුණයයෙන් පිරි මේ රාත්‍රියේ කුමක් නම් කරමුද?
යම්කිසි අමුතු හැඟීම් පිබිදෙමින් තිබේ කුමක් නම් කරමුද?
ඉතා සුන්දර තාරුණයයෙන් පිරි මේ රාත්‍රියේ කුමක් නම් කරමුද? “
වසන්ත් ජෝග්ලේකාර් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටියේ සුනිල් දත් සමග නන්දා ප්‍රධාන චරිතයන්ට පණ පොවනු ලැබුවා. මීට අමතරව රාජ් කුමාර්, තනූජා, අශෝක් කුමාර්, දේවන් වර්මා සහාය රංගනයෙන් දායක වුනා. රවී සංගීතවත් කල මේ චිත්‍රපටියේ මෙම ගීතය ගායනා කරනු ලැබුවේ මොහොමඩ් රාෆි විසින්.
මේ ගීතය පහලින් බලන්න වගේම බාගන්නත් අවස්ථාව සුපුරුදු පරිදි තිබෙනවා ඔන්න
ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ.. - මොහොමඩ් රාෆි
මෙම ගීතයේ තනුවට පසුකාලීනව සුපුරුදු පරිදි එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගීතයක් ගායනා කලා.. ඒ තමයි “කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ..“ කියන ගීතය.. මේ ගීතය චිත්‍රපටියකටද ගායනා කලේ කියන තොරතුරක් නම් හොයාගන්න බැරිවුනා.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න.. කොහොම වුනත් හරිම ලයාන්විත විදිහට මුල් තනුව තවත් අලංකාර කරමින් මේ ගීතය අපේ ජෝතිපාල මහත්මයා ගායනා කරලා තියෙනවා..
පහලින් මේ ගීතය අහන්න බලන්න වගේම බාගන්නත් අවස්ථාව තියෙනවා ඔන්න.. තවත් මේ වගේ ලස්සන ගීත යුගලක් අරගෙන පරක්කු නොවී එන්නම්..
කඳුලැල් සලා දෙනෙත් පියවිලි - එච්. ආර්. ජෝතිපාල
Labels:
'60,
H. R. Jothipala,
Ravi,
Sunil Dutt
උදාර මදුෂංක
:: Aye Mere Dile.. මේ නොනිමෙන දිවි ගමනේ.. ::
(ලතා මංගේෂ්කාර්)
සිංහල හින්දු අළුත් අවුරුද්දට මුකුත් දෙන්න බැරිවුන නිසා ඔන්න අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන ගීත දෙකක්.. හැබැයි සිංහල එක නම් චිත්‍රපටියක ගීතයක් නෙමෙයි.. පහුගිය ලිපියේ අරගෙන ආවේ දෙමළ ගීතයක් වුනත් මේ පාර නම් ගෙනාවේ හින්දි එකක්..
ඒ මේරේ දිලේ නාදාන්..
තුම් හම්සේ නා ගබ්රානා..
ඉක් දින්කෝ සමජ්යේ ගී..
දුනියා තෙරා අෆ්සානා..
1962 තිරගත වුන “ටවර් හවුස්“ කියන චිත්‍රපටියේ තමයි මේ මියුරු ගීතය අඩංගු වුනේ.. නිසාර් අහමඩ් අන්සාරි අධයක්ෂණය කල මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ශකිලා සමග අජිත්.. මේ නළු නිළි දෙපළ නම් ඒ තරම් ජනප්‍රිය නෑ.. නමුත් මේ ගීතය ගායනා කරන තැනැත්තිය නම් කොයි කවුරුත් දන්නවා.. ඒ තමයි ලතා මංගේෂ්කාර් මහත්මිය.. සංගීතය රවීගෙන්.. පද අසාද් බෝපාලීගෙන්..
ඔන්න පහලින් බාගෙන බලාගෙන යන්න පුළුවන් සිංහල ගීතයට...
(ලතා මංගේෂ්කාර්)
සුපුරුදු විදිහට දැන් ඉතින් මුමුණනවා ඇති මේ ගීතයේ සිංහල ගීතය.. එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන මෙන්න මේ මව් ගුණ ගීතය තමයි මේ හින්දි තනුවට ගැයුනු සිංහල ගීතය...
මේ නොනිමෙන දිවි ගමනේ..
නිවනේ මග පෙනෙන තුරා..
අම්මේ ඔබේ පුතෙකු වෙලා..
මම එන්නම් සසර පුරා..
1984 වසරේ තිස්ස ඩයස් කියන මහත්මයා තමයි මේ ගීතය ජෝතිපාල මහත්මයාට ලියලා දීලා තියෙන්නේ.. චිත්‍රපටියක අඩංගු වුන ගීතයක් නෙමෙයි කියන එකත් සඳහන් කරන්න ඕනේ.. ඔන්න පහලින් බාගන්න බලාගන්න අවස්ථාව තියෙනවා..
Labels:
'60,
H. R. Jothipala,
latha mangeshkar,
Ravi
උදාර මදුෂංක
:: Unnei Kandu.. පණ වාගේ හිටියාට.. ::

ඔන්න ඉක්මනටම තවත් ලස්සන ගීත දෙකක් අරගෙන මම ආපහු ආවා.. හැබැයි අද පොඩි අවුලක් තියෙනවා.. වෙනදා අරගෙන එන හින්දි ගීතය වෙනුවට අද අති පැරණි දෙමළ ගීතයක් තමයි අරගෙන ආවේ..
“උන්නෙයි කන්ඩු නාන් වාඩ..
චන්නෙයි කන්ඩු නී වාඩ..
කන්නීරු කදෙසුන්නුම් දීපාවලී..“
1959 තිරගත වුන “කල්‍යාන පරිසු“ (Kalyaana Parisu) කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. සී.වී. ශ්‍රීධර් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ සරෝජා දේවී සමග ජෙමිණි ගනේෂන්.. දමිළ සිනමාවේ “කින්ග් ඔෆ් රොමෑන්ස්“ හෙවත් “ප්‍රේම රජු“ විදිහට තමයි ජෙමිණි ගනේෂන්ව හැඳින්වුයේ.. අති ජනප්‍රිය හා නිහතමානී නළුවෙක් විදිහට හැම දෙනාම මොහුට ගරු කලා.. ඉතින් මේ චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කලේ ඒ. එම්. රාජා නැමැති සංගීතඥයා.. මේ ගීතය ඔහු වෙන අයෙකුට නොදී ඔහුමයි ගායනා කලේ..
පහලින් මේ ගීතය යූටියුබ් වල ඉඳන් අහන්න පුළුවන්.. ඒ වගේම බාගන්නත් පුළුවන් වෙනදා වගේම..
වෙනදා වගේ හැමෝටම මතක ඇති මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..
“පණ වාගේ හිටියාට, වෙන්වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි..
ආදරය එහෙනම්, සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා..“
මේ ගීතය මම දන්න හැටියට නම් චිත්‍රපටියක අඩංගු වුන ගීතයක් නෙමෙයි.. කරුණාරත්න අබේසේකර මහත්තයා ලියලා දුන්න ගීයක්.. 70 දශකයේ මැද භාගයේ විතර තමයි මේ ගීතය අහෙන්න පටන් ගත්තේ.. පද ගැලපුම හරිම මියුරු විදිහට ලියලා තියෙනවා.. ඉස්සර කොල්ලෝ බූට් කාපුවාම මේ ගීතයලු ලියලා කෙල්ලට අවසානෙට යවන්නේ කියලා අපේ තාත්තා කියනවා මතකයි..
අහන්න කැමති අයට පහල තියෙන යූටියබ් එකෙන් බලාගන්න පුළුවන්.. බාගන්න ඕනේ අයට බාගන්න ඊටත් පහලින් තියෙන ලින්ක් එකෙන් පුලුවන්..
අයෙත් ලස්සන ගීත දෙකක් අරගෙන දුවලා එන්නම්.. ජය !!!
Labels:
'50,
H. R. Jothipala,
Tamil
උදාර මදුෂංක
:: Sunlo Ji Sunlo.. වැල්ලේ කිරි වැල්ලේ.. ::

හරි අද මම අරගෙන ආවේ 1957 තිරගත වුන “දෝ රොටී“ (Do Roti) කියන චිත්‍රපටියේ ජනප්‍රිය වුන ගීතයක් අරගෙන..
සුන්ලෝ ජී සුන්ලෝ බජේ ගී බාත්..
රෝටි බිනා ජීවන් හේ කාලී රාත්..
තනිකරම රොටී ගැන කියවෙන ගීතයක්.. අවසාන පද පේලියේ තේරුම “රොටී නැති ජීවිතය කළුවර රැයක් වගේ“ කියලා තමයි කියන්නේ.. 1957 ඉස්මයිල් මෙමොන් අධ්‍යක්ෂණය සහ තිර රචනය කල මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ නිරූපා රෝයි සමග බල්රාජ් සාහ්නි.. ඒ වගේම ජොනී වෝල්කර් සහ මෙහෙමූද් යන නළුවනුත් මෙහි චරිත රඟදැක්වූවා.. සුමන් කල්යාන්පූර් සමග ශංකර් දාස්ගුප්තා ගායනා කරන මේ ගීතයට මියුරු සංගීතය යෙදුවේ රොෂාන් කියන සංගීතඥයා.. පද ගැලපුවේ කුමාර් බරාබන්ක්වි කියන ශිල්පියා..
පහලින් මේ ගීතය බලන්නත් කැමති අයට බාගන්නත් වෙනදා වගේම අවස්ථාව තියෙනවා ඔන්න..
දැන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී..
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී..
1958 තිරගත වුන “දෙයියන්නේ රටේ“ චිත්‍රපටියේ තමයි මේ ලස්සන ගීතය අඩංගු වුනේ.. එල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ හෙළදිව ෆිල්ම්ස්.. ප්‍රධාන චරිත රඟපෑවේ සේනාධීර කුරුප්පු, පුන්‍යා හීන්දෙනිය සමග ධර්මසිරි කල්දේරා.. ගීතය මියුරු ලෙස ගායනා කලේ මොහිදීන් බෙග් සමග ජී.එස්.බී. රානි මහත්මිය.. ඔවුන් දෙදෙනාම අද අප අතර නැහැ..
හැබැයි අදටත් මේ ගීතය ප්‍රසංග වේදිකාවේ වගේම ගුවන් විදුලියේ නිතරම අහන්න ලැබෙනවා.. ඔන්න පහලින් තියෙනවා කැමති අයට බලන්න.. ඒත් එම්බෙඩ් කරන්න බෑ.. ලින්ක් එකට කෙලින්ම ගිහින් බලන්න.. අවශ්‍ය අයට බාගන්න අවස්ථාව තියෙනවා ඊට පහල ලින්ක් එකෙන්.. තවත් ලස්සන ගීත යුගලයක් අරගෙන ඉක්මනින් එන්නම්... සුභ !!!
වැල්ලේ කිරි වැල්ලේ - දෙයියන්නේ රටේ - Youtube වීඩියෝ
Labels:
'50,
G.S.B. Rani,
Mohideen Beg
උදාර මදුෂංක
:: Aane Se Uske.. ආලෝකේ බිහිවී.. ::

තවත් ටිකක් ජනප්‍රිය පැරණිම පැරණි හින්දි ගීතයක් ගැන කියන්න තමයි අදත් ආවේ.. මෙන්න මේකයි ගීතය...
ආනේසේ උස්කේ ආයේ බහාර්..
ජානේසේ උස්කේ ජායේ බහාර්..
බඩී මස්තානිහේ මේරි මෙහෙබූබා..
බඩී සින්දගානීහේ මේරි මෙහෙබූබා..
1969 වර්ෂයේදී තිරගතවුන “ජීනේ කී රාහ්“ (Jeene Ki Raah) කියන චිත්‍රපටියේ.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය කලේ එල්. වී. ප්‍රසාද්. ජිතේන්ද්‍ර, තනූජා සමග ජග්දීප් සහ සංජීව් කුමාර් රංගනයෙන් දායක වුනා.. ගමේ ඉඳන් නගරයට රැකියාවක් සොයාගෙන යන තරුණයෙක් ගැන තමයි මේ කථාවේ කියැවෙන්නේ.. 1953 තිරගත වුන තෙලිඟු චිත්‍රපටියක කථාවක් ආශ්‍රෙයන් තමයි ජීනේ කී රාහ් චිත්‍රපටිය නිෂ්පාදනය වුනේ.. ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් සහෝදර දෙපළගේ සුමියරු සංගීතයට ආනන්ද් බක්ෂි තමයි පද ගැලපුවේ.. සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා මේ ගීතය ගායනා කරනවා..
ඔන්න පහලින් ගීතය බලාගන්නත් ගීතය බාගන්නත් වෙනදා වගේම අවස්ථාව තියෙනවා..
දැන් බලමු මේ හින්දි ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා.. මතකද බලන්න පහල තියෙන පද පේලි කියවලා..
අලෝකේ බිහිවී පැතිරෙයිදෝ
ආශාව ඉටුවී සපිරෙයිදෝ
වැළලුනු මල ඊයේ.. තව හෙටත් තියේ..
සටනකි ජීවිතේ.. ජය පරාජ වේ..
අපේ තාත්තාගේ ආසම සින්දුවක් හින්දා මට පොඩි කාලේ ගොඩක් මේ ගීතය අහන්න ලැබුනා.. ඒත් මේ ගීතය අඩංගු වුනේ 1973 තිරගත වුන “සුහද පැතුම“ චිත්‍රපටියේ.. කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ කැමිලස් පෙරේරා.. ප්‍රධාන යුවලට පණ පෙව්වේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලනී ෆොන්සේකා.. මේ ගීතය ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්මයා.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා..
උදාර මදුෂංක
:: Mera Chohta Sa Deko.. මට ආලෝකේ ගෙන දේවි.. ::

අද අරගෙන ආවේ 1956 තිරගත වුන “බායි බායි“ කියන චිත්‍රපටියේ අඩංගු වුන අති ජනප්‍රිය ගීතයක්.. මේ ගීතය මතක් කලේ අපේ නිලුපුල් සහෝදරයා.. මුලින්ම නිලුපුල්ට ස්තූතිවන්ත වෙනවා මේ ගීතය මතක් කලාට..
“මෙරා චෝටා සා දේකෝ යේ සංසාර හේ..
මෙරා ජීවන් හේ යේ මෙරා සිංගාර හේ..
මෙරා චෝටා සා දේකෝ යේ සංසාර හේ..“
මම දන්න තරමින් මෙන්න මෙහෙමයි මේ පද වල සිංහල අරුත තියෙන්නේ-
“මගේ පොඩි පුතා දෙස බලන්න මොහු මගේ සංසාරය වගේ..
මගේ ජීවනයත් ඔහුයි මගේ ආත්මයත් ඔහුයි..“
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ නිතායි පලිත්.. ප්‍රධාන නළු නිළි යුවල විදිහට රඟපෑවේ අශෝක් කුමාර් සමග නිම්මි.. ඒවගේම ජනප්‍රිය ගායක කිෂෝර් කුමාර්, නිරූපා රෝයි සහ ඕම් ප්‍රකාශ් යන අයත් රංගනයෙන් දායක වුනා.. මේ ගීතයට මියුරු සංගීතය සැපයුවේ මදන් මෝහන්.. පද පෙළ ගැලපුවේ රජේන්ද්‍ර ක්‍රිෂාන්.. මියුරු හඩින් ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර්..
මෙරා චෝටා සා - ලතා මංගේෂ්කාර්
ඉතින් දැන් අමුතුවෙන් මතක් කරන්න දෙයක් නම් නෑ මේ ගීතයේ සිංහල කොපිය මොකක්ද කියලා.. මොකද මෑතකදි මේ ගීතය ලොකු ජනප්‍රියත්වයක් ලබපු නිසා..
“මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ..
මගේ ජීවන මගේ බැමි ස්ථීර වේ..
මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ..“
1960 තිරගත වුන “අයියයි මල්ලියි“ කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ජික්කි කියන දකුණු ඉන්දියානු ගායිකාව තමයි මේ ගීය මියුරුවට ගායනා කරන්නේ.. පසු කාලෙදි කලාවතී කියන ගායන ශිල්පිනියත් මේ ගීතය ගායනා කරලා තියෙනවා.. ඉරාජ් මීට වසර කීපයකට කලින් කරපු රීමික්ස් එක නිසා මේ ගීතය නව පරම්පරාව අතරත් ජනප්‍රිය වුනා..
ඔන්න පහලින් මේ ගීත දෙකම බාගන්න බලාගන්න අවස්ථාව තියෙනවා ඔන්න..
මට ආලෝකේ ගෙන දේවී - කලාවතී
මට ආලෝකේ ගෙන දේවී - ඉරාජ්
Labels:
Iraj,
jikki,
kalawathi,
latha mangeshkar,
madan mohan
උදාර මදුෂංක
:: Yehi Tho Hai Woh.. අනංගයා මං.. ::

යෙහි තොහේ වෝ..
යෙහි තොහේ..
1958 තිරගත වුන “සෝල්වා සාල්“ චිත්‍රපටියේ තමයි මේ ලස්සන ගීතය අඩංගු වුනේ.. “සෝල්වා සාල්“ කියන එකේ සිංහල තේරුම තමයි අවුරුදු 16ක් කියන එක.. රාජ් කෝස්ලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ චන්ද්‍රකාන්ත් සී. දේසායී.. ප්‍රධාන නළු නිළි යුවල තමයි දේව් ආනන්ද් සහ වහීදා රෙහ්මාන්.. එස්. ඩී. බර්මන්ගේ සංගීතයට පද ලියුවේ මජුරූහ් සුල්තාන්පුරී.. ලස්සන ආදර කතාවකට අනුව ගෙතූ මේ චිත්‍රපටියේ මියුරු ගීත කීපයක්ම අඩංගු වුනා..
මේ ලිපියේ කතා කරන ගීතයට අමතරව “හේ අප්නා දිල් තෝ ආවාරා“ ගීතය සෑහෙන ජනප්‍රියත්වයක් ලැබුනා.. මේ කාලයේ තිරගත වුන චිත්‍රපටි බොහොමයක් කළු සුදු වීමත් විශේෂත්වයක්..
මේ ගීතය ඇහෙද්දී කාටත් මතක් වෙනවා ඇති සිංහල ගීත කීපයක්ම..
“අනංගයා මං අනංගයා“
“කිරි ඉතිරේවා නව වසරේ“
“අවුරුදු ආවා නව අවුරුදු ආවා“
මේ ගීත වලින් කීපයක්.. මේ ගීත තුනම ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්මයා.. එකම තනුවට ගැයුනු වෙනස් පද සහිත ගීත තුනක් විදිහට මේ ගීත අඳුන්වලා දෙන්න පුළුවන්..
පහලින් තියෙනවා බාගන්න, අහන්න අවශ්‍ය ලින්ක්.. තව ලස්සන සින්දුවක් අරගෙන ඉක්මනටම එන්නම්.. =]
Labels:
Dev Anand,
H. R. Jothipala,
Mohommad Rafi,
S.D. Burman
උදාර මදුෂංක
:: Bago main bahar hain.. සඳට අහස ආදරේදෝ.. ::

මුලින්ම සමාව ඉල්ලනවා මේ අවුරුද්දේ මාස 3කුත් දවස් 3කුත් ගතවෙලා එකම ලිපියක් වත් ලියා ගන්න බැරිවුන එකට... පහුගිය ටිකේ අධික රාජකාරී ගොඩකුත් ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් ව්‍යාපෘතියකටත් අතගහන්න වුන නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා.. ඒත් එහේ මෙහේ ඇවිදිද්දී ලස්සන ගීත කීපයක් හොයාගන්න අමතක කලේ නෑ.. ඉතින් ඔන්න අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක් සහ එහි පදරුතට සමානව නිර්මාණය වුන සිංහල ගීතයකුත්... වෙනදා හින්දි ගීතයේ තනුවට අනුව ගැයුණු සිංහල ගීතය ගෙනාවත් අද ඒ සම්ප්‍රදාය ටිකක් විතර වෙනස් කරන්න හිතුනා අවුරුද්දේ මුල්ම ලිපිය හින්දාම.. එහෙනම් බලමුකෝ මොකක්ද මේ ලස්සන සින්දුව කියලා...
බාගෝ මේ බහාර් හේ.. හේ..
කලියෝ පේ නිකාර් හේ.. හේ..
ඕ.. තුම්කෝ මුජ්සේ ප්යාර් හේ.. නා නා නා නා...
(වසන්තය එළඹිලා නේද ? ඔව්..
මල් පොහොට්ටු පූදිනවා නේද ? ඔව්..
එහෙනම්.. ඔයා මට ආදරෙයි නේද ? නෑ නෑ නෑ නෑ...)
1969 තිරගතවුන ආරාධනා චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. කොයි කාටත් මතක ඇති ආරාධනා චිත්‍රපටිය නම් නේද ? ඒ වුනාට කීයෙන් කීදෙනාද දන්නේ ඒක ඉංග්‍රීසි චිත්‍රපටියක් කොපියක් කියලා.. 1946 Mitchell Leisen අධ්‍යක්ෂණය කල ඇමෙරිකාවේ තිරගත වුන To Each His Own චිත්‍රපටිය තමයි ආරාධනා චිත්‍රපටියේ ඔරිජිනල් එක කිව්වෝත් නිවැරදි.. ඉන්දියාවේ එහෙමත් නැත්නම් බොලිවුඩ් වල මේකේ රීමේක් එක කලේ ශක්ති සමන්තා කියන අධ්‍යක්ෂක වරයා.. එම අවුරුද්දේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටියට, හොඳම නිලියට, හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මාන තුනම දිනා ගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබුනා.. ශර්මිලා තාගෝර් සමග රාජේශ් ඛන්නා තමයි ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ.. අදටත් මේ දෙන්නම ජීවතුන් අතරවීම තවත් සුවිශේෂී කාරණයක්.. ඒවගේම රාජේශ් ඛන්නා ද්විත්ව රංගනයෙනුත් දායක වුනා.. මෑත කාලයේ කුච් කුච් හෝතා හේ, දිල්වාලේ දුල්හනියා ලේ ජායේන්ගේ වැනි ජනප්‍රිය චිත්‍රපටි වල මවගේ චරිතය රඟදක්වපු ෆරීඩා ජලාල් මේ චිත්‍රපටියේ පෙම්වතියකගේ චරිතයකට රඟපානවත් බලාගන්න පුළුවන්..
සම්පූර්ණ චිත්‍රපටියේම ගීත 07ක් අඩංගු වුනා.. ඒ අතරින් "මෙරේ සප්නෝකි රානි කබ් ආයේගී තූ", "රූප් තෙරා මස්තානා", "චන්දා හේ තූ" කියන ගීත අදටත් සෑහෙන ජනප්‍රියයි.. කිෂෝර් කුමාර්, මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ, එස්.ඩී. බර්මන් ගීත ගායනයා කලා.. සංගීත අධ්‍යක්ෂණය එස්.ඩී. බර්මන් සහ පද රචනා ආනන්ද් බක්ෂි අතිනුත් ලියැවුනා..
මේ ගීතය ගායනා කලේ කිෂෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් මහත්මියයි.. ඔන්න පහලින් බලාගන්න, අහන්න වගේම බාගන්න අවස්ථාවත් වෙනදා වගේම දීලා තියෙනවා..
බාගෝ මේ බහාර් හේ.. හේ..

ඉතින් අපි දැන් බලමු මේ ගීතයට සමානව තියෙන සිංහල ගීතය මොකක්ද කියලා.. ඇත්තටම මේ ගීතය හින්දි ගීයේ තේරුම දැනගෙන පසුව නිර්මාණය වුන ගීතයක්ද කියලා නිවැරදිවම තහවුරු කරන්න සාධක නැති වුනත් හින්දි ගීයේ ආකාරයටම පද ගැලපීම ඇති නිසා ඒ ආකාරයෙන් අපිට හිතන්න පුළුවන්..
සඳට අහස ආදරේදෝ.. හ්ම් හ්ම්..
මලට බඹරු ආදරේදෝ.. හ්ම් හ්ම්..
දෙනෙතට වත ආදරේදෝ.. හ්ම් හ්ම්..
සොඳුරියේ මට ආදරේදෝ.. නෑ නෑ..
ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද සංකල්පනාවෙන් හැඩවුනු වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක ගායනා කරන මේ ගීතය '70 දශකයේ ඉතා ජනප්‍රිය ගීතයක් වුනා.. ගී පද රචනයේ නවමු අත්හදා බැලීමක් කරන්න ප්‍රේමකීර්ති යොමු වුනේ මේ ගිතයෙනුයි.. පහලින් තියෙන පද කීපයෙන් ඒක පැහැදිලිව ඔප්පු කරනවා..
පද සහනයි - සඳ පහනයි
පද මවනයි - මඳ පවනයි
වසර සසනතුරු - සසර වසනතුරු
අම මාදරෙයි - මම ආදරෙයි
ඒ යුගයේ මේ ගීතය කොච්චර ජනප්‍රියද කිව්වෝත් මේ ගීතය ගායනා කරන්නේ "රට්ට විත්තනායක සහ අජාතා සුත්තනායක" යැයි සමහරු විහිළු කරන්න පවා පටන් ගත්තා.. පහලින් මේ ගීතය අහන්න බාගන්න අවස්ථාව තියෙනවා..
සඳට අහස ආදරේදෝ - වික්ටර්!සුජාතා
තවත් මේ වගේම ලස්සනම ලස්සන ගීත කීපයක් අරගෙන ඉක්මනින්ම එන්නම්..
උදාර මදුෂංක
:: Chalke Teri Aankhon Se.. කළ්‍යාණියේ ඔබ නෑසූ.. ::

ඔන්න ඉතින් ආයෙත් ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන ආවේ මාසෙකින් විතර.. ඉස්සර වගේ වැඩිපුර ලිපි ලියවෙන්නැති එක ගැන නම් අහිතක් හිතන්න එපා..
"චල්කේ තෙරි ආන්කෝන් සේ..
ශරාබ් ඔර් ස්යාදා..
කිල්තේ රහේ හෝටෝන් සේ..
ගුලාබ් ඔර් ස්යාදා.."
"ඔබගේ දෙනෙතින් මධුවිත වෑහේ..
මදක් වැඩියෙන්..
ඔබගේ දෙකොපුලෙන් රෝසමල් විකසිත වේ..
මදක් වැඩියෙන්.."
අද අරගෙන ආවේ 1965 තිරගත වුන "ආර්සූ" (Arzoo) චිත්‍රපටියේ ජනප්‍රිය ගීතයක්.. රාමනන්ද් සාගර් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ "ආර්සූ" කියන නමේ තේරුම "පැතුම" යන්නයි.. ජීවිතයයි ඉරණමයි පරදවලා ආදරය ජයග්‍රහණය කරන හැටි තමයි මේ කථාවේ අන්තර්ගතය වුනේ.. සුපිරි නළු නිළි යුවලක් වුන රාජේන්ද්‍ර කුමාර් සමග සධානා ප්‍රධාන චරිත වලට රඟපෑවා.. ෆේරෝස් ඛාන් තමයි දුෂ්ඨයාගේ චරිතේ රඟපෑවේ.. ෆේරෝෂ් ඛාන් කියන්නේ අද සුපිරි නළුවෙක් වන ෆර්ඩීන් ඛාන්ගේ තාත්තා.. ඉතින් 1965 වර්ෂයේදී බොක්ස් ඔෆිස් වාර්තා තබපු මේ චිත්‍රපටිය එම වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ සම්මාන 05කට පවා නිර්දේශ වුනා.. ශංකර් - ජයකිශන් සහෝදර යුවළගේ සංගීතයෙන් හැඩවුනු මේ චිත්‍රපටියේ ගීපද ලියවුනේ හස්රත් ජයපුරීගෙන්.. සුපුරුදු විදිහට ගායනය මොහොමඩ් රාෆි මහත්මයාගෙන්.. ඔන්න පහලින් අහන්න බලන්න බාගන්න අවශ්‍ය පහසුකම් තියෙනවා..
චල්කේ තෙරී ආන්කෝන් සේ.. - මොහොමඩ් රාෆි
"කළ්‍යාණියේ ඔබ නෑසූ කථාවාක් කියන්නම්..
ඇත්තයි එය මම දිවුරා.. කෙසේදෑ කියන්නම්.."
දැන් මතක ඇති නේද සිංහල කොපිය මොකක්ද කියලා.. ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරන මේ ගීතයේ පද ලියවුනේ කරුණාරත්න අබේසේකර මහත්මයාගේ අතින්.. අද වෙන කොට චලක චමුපති, ප්‍රියංකර පෙරේරා යන පුතුන් දෙදෙනාම මේ ගීතය අපූරුවට ගායනා කරනවා.. හින්දී ගීයට වඩා මේ ගීය අපිට බොහොම සමීප ගතියක් දැනෙනවා.. ඒත් පහලින් තියෙන එම්.පී.3 එක නම් නව රිද්මයට තියෙන නිසා එච්චරම හරි නෑ වගේ.. ඒත් පහලින් තියෙන දෙරණ ලිට්ල් ස්ටාර් වල පසිඳු සචින්ත ළමයා නම් හරි අපූරුවට සජීවීව ගායනා කරනවා.. ඒ වගේමයි උදෙශ් ඉන්දුලත්..
කළ්‍යාණියේ ඔබ නෑසූ.. - මිල්ටන් පෙරේරා
උදාර මදුෂංක
:: Teri Pyari Pyari... ඔබ වේවා වේවා පහන මගේ.. ::

ඔන්න අළුත් මාසේ අළුත්, ඒත් සෑහෙන්න පරණ සින්දුවක් අරගෙන ඔන්න ආවා...
"තෙරි ප්යාරී ප්යාරී සූරත් කෝ
කිසීකී නසර් නා ලගේ.."
සිංහල තේරුම:
"ඔබේ ඔය ලස්සන සොඳුරු වතට
කිසිවෙකුගේ ඇස්වහක් නොවදින්න.. "
1960 වර්ෂයේ ටී. ප්‍රකාශ් රාඕ අධ්‍යක්ෂණය කල "සසුරාල්" චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. 1959 තිරගත වුන "ඉල්ලරිකම්" යන චිත්‍රපටියේ හින්දි පිටපත තමයි "සසුරාල්" කියන්නේ.. රාජේන්ද්‍ර කුමාර් සමග බී. සරෝජා දේවී ප්‍රධාන චරිත වලින් මේ චිත්‍රපටියට දායක වුනා.. සුපුරුදු විදිහට ශංකර්-ජයකිශන් සහෝදර දෙපල තමයි සංගීතය අධ්‍යක්ෂණය කලේ.. ගීතය ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. ඒ වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම ගීතයට තේරුනෙත් මේ ගීතයමයි..
ඔන්න පහලින් බාගන්න බලාගන්න අවස්ථාව තිබේ..
තෙරී ප්යාරී ප්යාරී - සසුරාල්
-----------------------------------------------------------------------------------------
ඉතින් මේ ගීතයේ සිංහල පිටපත තමයි මේ..
ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී...
ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා 1961 වර්ෂයේ තමයි මුලින්ම මේ ගීතය ගායනා කලේ.. අදටත් සෑහෙන්න ජනප්‍රියයි.. පෙරේරා මහත්තයාගේ පුතුන් දෙදෙනා වන ප්‍රියංකර පෙරේරායි චලක චමුපතියි දැන් මේ ගීය ගායනා කරනවා..
ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා.. නව රිද්ම ආකාරයට..
ඔබ වේවා වේවා පහන මගේ
Labels:
'60,
Milton Perera,
Mohommad Rafi,
Rajendra Kumar,
Shankar-Jaikishan
උදාර මදුෂංක
:: Duniya Hase.. නිල් අහසේ උමතු වළා.. ::

ඔන්න දින කීපකයට පස්සේ තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීතයක් සහ ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත් අරගෙන රජරට පුත්‍රයා ආවා..
අද ගෙනාවේ මෙන්න මේ ගීතය.. මතකද බලන්න..
"දුනියා හසේ..
හසිති රහේ..
මේහු ගන්වාර්..
මුජේ සබ්සේ හේ ප්යාර්.."
මෙන්න මේකයි ඒ පද කීපයේ සිංහල තේරුම..
"ලෝකයා සිනාසෙයි..
සිනාසෙමින් සිටී..
කවටයෙකි මා..
හැමදෙනා මා හා ලබැඳියි.."
1970 භාරතයේ තිරගත වුනු නරේෂ් කුමාර් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කල "ගන්වාර්" (Ganwaar) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. රාජේන්ද්‍ර කුමාර් "ගෝපාල්" යන චරිතයෙනුත් වෛජයන්ති මාලා "පාරෝ" යන චරිතයෙනුත් හැඩගැන්වුනු මේ චිත්‍රපටියේ සුපුරුදු විදිහට දුෂ්ඨයාට රඟපෑවේ ප්‍රාන්.. නවුෂාඩ්ගේ සංගීතයෙන් හැඩවුනු මේ චිත්‍රපටියේ මේ ගීය ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. ඔන්න පහලින් අහන්න බාගන්න අවස්ථාව තියෙනවා වෙනදා වගේම...
දුනියා හසේ - මොහොමඩ් රාෆි
දැන් නම් ඉතින් මතක ඇති මේකේ සිංහල ගීතය මොකක්ද කියලා.. පහුගිය වතාවේ ලිපියේ තිබුනු "මේ දෑස කුමටද" චිත්‍රපටියේම අඩංගු වුන ගීතයක් තමයි මේක..
"නිල් අහසේ.. උමතු වළා..
ගොළු වී දුක සේ පා වෙනවා..
ගිම්හානේ හිරු නැගලා..
පිපුණු කුසුම් පෙති පරවෙනවා.."
1972 තිරගත වුන "මේ දෑස කුමටද? චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ තාත්තා) අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න හැකියාවක් ලැබුනා.. විජය කුමාරණතුංග සමග මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ..
සුපුරුදු විදිහට එච්. ආර්. ජෝතිපාල මහත්මයා තමයි මේ ගීතයත් ගායනා කරන්නේ.. හැබැයි අද නම් ඔන්න බලන්න චිත්‍රපටියේ ගීතයවත් වෙන කෙනෙක් කියන එක වත් නෑ.. ඒත් බාගන්න ඕනේ නම් පහලින් සබැඳිය දීලා තියෙනවා.. නව සංගීතයටත් පරණ ඔරිජිනල් එකත් දෙකම තියෙනවා.. මම නම් අනුමත කරන්නේ පරණ එක.. අහලාම බලන්නකෝ..
නිල් අහසේ උමතු වලා - එච්. ආර්. ජෝතිපාල (නව සංගීතය)
නිල් අහසේ උමතු වලා - එච්. ආර්. ජෝතිපාල (පැරණි සංගීතය)
උදාර මදුෂංක
:: Aulad Walo.. සෝබාව හංගා මේ ලෝ තලේ.. ::

හරියටම දවස් දෙකකට පස්සේ තවත් ගීතයක් ලබා දෙන්න තරම් උනන්දුවක් ඇති වුන එක ගැන මටම සතුටුයි.. පහුගිය මාස කීපයේ ලිපියක් ලියන්න බැරි වුන නිසා පැරණි හින්දි ගී රසික රසිකාවියෝ කීපදෙනෙක්ම මග ඇරෙන්න ඇති.. ආපහු ඒ අය දැනුවත් කරන්නත් එක්ක තමයි මේ ළඟ ළඟ ලිපි ලියන්න හිතුනේ..
හරි.. ඔන්න අද ගෙනාවේ අති ජනප්‍රිය අදටත් එක එක වැඩසටහන් වල ඒ වගේම වේදිකාවෙත් ඇහෙන ජනප්‍රිය පැරණි හින්දි ගීතයක්.. බලන්න මතකද කියලා...
ඕලාද වාලෝ පූලෝ බලෝ..
ඕලාද වාලෝ පූලෝ බලෝ..
බූකේ ගරීබ් කී යේ හී දුවාහේ..
ඕලාද වාලෝ පූලෝ බලෝ...
මේ වචන පෙලේ තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්..
"දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..
සාගින්නේ පෙළෙන දිළිඳන් මෙසේ ප්‍රාර්ථනා කරයි..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා.. "
1969 භාරතයේ තිරගත වුන අති ජනප්‍රිය "ඒක් පූල් දෝ මාලික්" (Ek Phool Do Mali) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. මේ නමේ තේරුම "එක මලයි.. අයිතිකාරයෝ දෙන්නයි" කියන එක.. සංජේ ඛාන්, බල්රාජ් සාහ්නී සමග සධානා ශිව්දාසනී තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. වැඩිය ජනප්‍රිය නළු නිළියෝ නොවුනට අති සාර්ථක රංගනයක් කලා කියන්න පුළුවන්.. ලංකාවේ මේ චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැති තරම්.. අපේ තාත්තා 12 වතාවක් මේ චිත්‍රපටිය බලලා තියෙනවා.. ඉතින් හිතා ගන්න පුළුවන් ඇතිනේ චිත්‍රපටියේ ජනප්‍රියත්වය.. ඒ වගේම මේ චිත්‍රපටියේ ගීත 08ක් අඩංගු වෙලා තිබුනා.. රවි ශංකර්ගේ සංගීතයෙන් තමයි ඒ ගීත සියල්ලම හැඩ වුනේ.. මේ ගීතයේ පද ටික ලියැවුනේ නම් ප්‍රේම් ධවාන් ගෙන්.. සුපුරුදු පරිදි ගායනය මොහොමඩ් රාෆිගෙන්, යුග ගායනය ආශා බෝස්ලේගෙන්.. අහලා බලන්නකෝ ආශා බෝස්ලේගේ කටහඬ ඉස්සර.. හරිම ලස්සනයි.. ඔන්න පහලින් බාගන්නත් බලාගන්නත් පුළුවන්...
ඕලාද් වාලෝ - Aulad Walo
හරි අපි දැන් බලමු මේ තනුවට ගායනා වුන සිංහල ගීතය මොකක්ද කියලා.. ඔන්න බලන්න මතකද කියලා..
සෝබාව හංගා මේ ලෝ තලේ...
ආලෝකයෙන් මා ඇයි වෙන්කලේ..
අනුකම්පා නැති දෛවේ හිනාවේ..
සෝබාව හංගා...
1972 තිරගත වුන "මේ දෑස කුමටද? චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ තාත්තා) අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න හැකියාවක් ලැබුනා.. විජය කුමාරණතුංග සමග මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. හින්දි එක යුග ගීයක් වුනාට මේ සිංහල ගීය නම් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා විතරයි.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා.. බලන්න චිත්‍රපටියේ ගීතය නම් නෑ.. ළඟදී ගිය ස්ටාර් වැඩසටහනක යූටියබ් එකක් නම් තියෙනවා.. කැමති නම් බලන්න..
එහෙනම් ගිහිං එන්නම් තවත් සින්දු දෙකක් අරගෙන.. :)
බලන්න ඕනේ නම් යූටියබ්
සෝබාව හංගා - Sobawa Hanga
උදාර මදුෂංක
:: Aajab Hai Malik.. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි.. ::

හරියටම මාස තුනකටත් වැඩි කාලෙකට පස්සේ තමයි ඔන්න අළුත් ගීතයක් අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. මුලින්ම සමාව ඉල්ලලා ඉන්නවා මාස තුනක නිහැඬියාවට..
ඔන්න අද අරගෙන ඇවිත් තියෙන්නේ තවත් ජනප්‍රිය ගීතයක්..
ආජබ් හේ මාලික් තෙරා ජහාන්
චිරාග් කහා රෝෂනී කහා...
ආග් ලගේ නහී උටේ දුවා
චිරාග් කහා රෝෂනී කහා...
ගොඩක් අය මේ ගීතය අහලා ඇති.. ඒත් දැකලා නම් නැතුව ඇති.. 1959 තිරගත වුන "චිරාග් කහා රෝෂනී කහා" (Chirag Kahan Roshni Kahan) කියන චිත්‍රපටියේ තේමා ගීතය තමයි මේ.. මේ නමේ තේරුම "පහන කොහේද ? නමුත් ආලෝකය කොහේද ?" කියන එක.. දේවේන්ද්‍ර ගොඒල් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ හින්දි සිනමාවේ කඳුලු බින්දුව මීනා කුමාරි එක්ක රාජේන්ද්‍ර කුමාර්... රවි ශංකර් මහත්තයා සංගීතවත් කල මේ ගීතය ගායනා කරන්නේ සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා.. 1960 වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළියට සහ හොඳම කථාවටත් නිර්දේශ වුනා.. ඔන්න පහලින් බාගන්නත් බලා ගන්නත් අවස්ථාව තියෙනවා..
ආජබ් හේ මාලික් තෙරා ජහාන්...

ඉතින් පස්සේ කාලෙක මේ චිත්‍රපටියම සිංහලින් දෙබස් කවලා ලංකාවේ ප්‍රදර්ශණය වුනා "මගේ පුතා" නමින්... මේ ගීතය මේ ආකාරයෙන්ම පරිවර්තනය වෙලත් තිබුනා.. කාටත් මතක ඇති...
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
පහණ ළඟයි ආලෝකේ දුරයි...
මේ ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි මහත්තයා.. ඔන්න කැමති අයට පහලින් බාගන්න එහෙම පුළුවන් ඔන්න..
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
Labels:
Meena Kumari,
Mohideen Beg,
Mohommad Rafi,
Ravi Shankar
උදාර මදුෂංක
:: Do Din Ke Liye.. ලෝ අම්බලමේ.. ::


හරියටම මාසෙකට පස්සේ තමයි ඔන්න අළුත් ලිපියක් අරගෙන එන්නේ.. රජරට පුත්‍රයා මුලින්ම සමාව ඉල්ලා සිටිනවා පමාවට..
ඉතින් පහුගිය කාලේ රාජකාරී වැඩ කෝටියක් තිබුනා.. ඒ අතරෙදි අපේ බ්ලොග් සහෘදයන් කීපදෙනෙක්ම මුණගැහෙන්නත් වෙලාවක් කලාවක් ලැබුනා.. ඒ අතරින් අපේ නොදරුවා එක්ක සෑහෙන ලොකු චැට් එකක් දාන්න ලැබුනා රංගි අක්කලාගේ ගෙදර රට බීම බෝතල් බාගයක් හිස් කරන ගමන්ම.. මේ චැට් එකට නොදරුවාගේ බිරියයි, අපේ ආගන්තුකයායි, ඇබ්නොර්මල් මලීයායි, පිස්සු අසංකාත් සෙට් වුනා.. විශ්ව සංගීත සාගරයම කළඹලා වොඩ්කා වලට සැන්ඩි කරලා බිව්වා කිව්වොත් ලාවට වගේ හරි.. :P ඉතින් නොදරුවා කියන්නේ මගේ මේ බ්ලොගේ හොඳ ෆෑන් කෙනෙක්.. ෆෑන් කෙනෙක් නෙමෙයි ඒ.සී. මැෂින් කෙනෙක්.. :D අද දාන මේ ලිපිය නොදරුවා වෙනුවෙන් දාන්නේ ඔන්න...
1951 තිරගත වුනා "බාදල්" (Badal) කියලා චිත්‍රපටියක්.. මධුභාලා එක්ක ප්‍රේම්නාත් තමයි ප්‍රධාන රංගන යුවල වුනේ.. අමියා චක්‍රබෝර්ති තිර රචනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කථාව එංගලන්තේ රොබින් හුඩ්ගේ කථාවේ ඉන්දියානු පිටපත කිව්වොත් හරි.. හරිම ලස්සන ගීත කීපයක් මේකේ අඩංගු වුනා.. ඒ අතරින් මෙන්න මේ ගීතය ඒ කාලේ සෑහෙන ජනප්‍රිය වුනා..
"දෝ දින් කේ ලියේ මෙහෙමාන් යහා.. මාලූම් නහී මන්සිල් හේ කහා.. "
ශෛලේන්ද්‍ර ලියපු ලස්සනම ලස්සන පද වලට ශංකර්-ජයකිෂන්ගේ සංගීතය මුහු කරලා ලතා මංගේෂ්කාර්ගේ මියුරු හඬින් ගැයෙන මේ ගීතය ඔන්න පල්ලෙහායින් අහන්න බලන්න විඳින්න පුළුවන්..
ඇත්තටම මම මේ හින්දි සින්දුව මෑතකදි තමයි අහුවේ.. මුලින්ම අහලා තිබුනේ මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය.. මම සෑහෙන කාලෙක ඉඳලා මේ සිංහල ගීතයට ආසයි.. මං හිතං හිටියේ මේක ඔරිජිනල් සිංහල සින්දුවක් කියලා.. කොහෙද.. බලද්දි මේකත් කොපියක් නෙව.. හරි හරි දැන් බලමුකෝ මොකක්ද මේ සිංහල "එක" කියලා..
ලෝ අම්බලමේ ඉඳලා යනවා..
නිසි පාර සොයා ආගන්තුකයා..
දෙයි මාන බලා කරුමේ පහරා..
මේ ජීවිතයේ කොයි ස්ථීරතා..
පිණි බින්දු වගේ බිඳි යාවී සැනේ..
මේ නිසරු කයේ අපි ආලේ කලා..
කරුමේ කලේ මේ කිමදෝ අනේ අහෝ.. //
මේ මාව දමාලා යන්නේ කොහේ..
ගිණි දැල්ල නගින්නා සොහොන පුරා..
දුම් කන්ද නගී ආකාසේ කරා..
ගිණි දැල්වීලා ආවේ හර්දේ පලා..
පව්කාර මගේ පව් පලදේ අහෝ..
මේ ජීවිතයේ කොයි ස්ථිරතා..
සංසාර දුකෙන් මිරිකීම තමා..
ලෝකේහී සොබාදහමේ නියමා..
මරණේට ආ දා යායුතුයි ඔව්..
මරණේට ආ දා යායුතුයි..
ධර්මේ නමුත් සැනසෙන්නේ කෙසේ..
ලෝ අම්බලමේ ඉඳලා යනවා..
නිසි පාර සොයා ආගන්තුකයා..
මේ ගීතයේ පද ටික ඔක්කොම මම මුලින්ම කියව්වේ අපේ ලොකු නැන්දාගේ දිනපොතේ ලියලා තිබිලා.. නැන්දාගේ ජීවිත කථාව ලියාගෙන යන ගමන් මැද මේ පද ලියලා තිබුනා.. මට අවුරුදු 12ක් විතර ඇති එතකොට.. මට පුදුම විදිහට ආස හිතුනා මේ පද වලට.. අදටත් මම මේ සින්දුවට ආසයි..
1957 තිරගත වුන "ජීවිත සටන" චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ශාන්ති කුමාර් එක්ක සීතා ජයවර්ධන ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් ශාන්ති කුමාර්මයි.. මේ ලස්සන ගීතය ගායනා කලේ දකුණු ඉන්දියාවෙන් පැමිණි "ජික්කි" කියන ගායන ශිල්පිණිය..
ඉතින් පස්සේ කාලෙක මේ සින්දුව හොයද්දී මට හම්බුනා මුල් කොපියම රජරට සේවේ කාලයක් වැඩ කරද්දී.. පස්සේ කාලෙක මේක නන්දා මාලනී මහත්මිය හරි අපූරුවට ගායනා කරලා තිබ්බා කිසිම හානියක් නොකරම.. ඔන්න ඒ ගීතය තියෙනවා පල්ලෙහායින් බාගන්න.. තව යුටියුබ් විඩියෝ එකක් තියෙනවා ඔය රියැලටි තරඟෙකදි ගායනා කරපු.. නමුත් ඒක embed කරලා දාන්න බෑ.. කැමති නම් ගිහින්ම බලන්න ලින්ක් එක තියෙනවා ඔන්න..
අදට එච්චරයි.. තව සින්දු ටිකක් අරං පුළුවං ඉක්මනට එන්නම් ඕං.. බායි කිව්වා..
ලෝ අම්බලමේ ඉඳලා යනවා - නන්දා මාලනී
ලෝ අම්බලමේ ඉඳලා යනවා - යූටියුබ් වීඩියෝ එක
Labels:
'50,
jikki,
latha mangeshkar,
madhubala,
nanda malini,
Shankar-Jaikishan
උදාර මදුෂංක
:: Kusoor Aap Ka.. කොළොම්පුරේ ශ්‍රියා..::


කාලෙකින් තමයි ඔන්න සින්දුවක් දෙකක් අරගෙන මේ පැත්තේ එන්න ලැබුනේ.. හැම පැත්තටම දැන් ගංවතුරලුනේ.. දැනට සති දෙක තුනකට කලින් ඉහෙන් කටින් ගලන්ඩ දාඩිය දැම්මා.. දැං ඔන්න ගෙවල් උතුරන්ඩ ගංවතුර ගලනවා.. අනිච්චේ දුක්ඛේ කිව්වලු.. හරි හරි කාලීන සිදුවීම් ඇති.. දැන් කාලීන සිදුවීම් අලලලා ලස්සනම ලස්සන අදටත් ජනප්‍රිය පට්ට පරණ සින්දුවක් දෙකක් දෙන්ඩ තමයි ඔන්න හදන්නේ..
මේ දවස් වල ඉතින් වෑර්ලස් එකෙයි රූපපෙට්ටියෙයි යන්නෙම කොළොම්පුරේ ගංවතුර ගැනනේ.. ඉතින් මට හිතුනා "කොළොම්පුරේ ශ්‍රියා" සින්දුව ගැන පොඩි හෙළිදරව්වක් කරන්න.. ඇත්තම කිව්වොත් සුපුරුදු විදිහට මේකත් ඔරිජිනල් හින්දි කොපියක්..
"කොළොම්පුරේ ශ්‍රීයා.. කොළොම්පුරේ ශ්‍රීයා..
බොහොම ලස්සනයි.. කොළොම්පුරේ ශ්‍රීයා.. ශ්‍රීයා.."
1952 එස්. එස්. වේදා කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල ලංකාවේ තිරගත වුන "උමතු විශ්වාසය" චිත්‍රපටියේ තමයි මේ සින්දුව අඩංගු වුනේ.. රුක්මනී දේවී හා එඩී ජයමාන්න යුවල තමයි රංගනයෙන් දායක වුනේ.. ඒ වගේම එඩී ජයමාන්නමයි ගායනයත් කලේ.. '47 දී "කඩවුනු පොරොන්දුව" දීලා '52 දී "උමතු විශ්වාසය" ක් කොලා බයක් සැකක් නැතුවම.. :D
ඒත් ඉතින් කරුමෙට මේ සින්දුව රූපත් එක්ක මුල් පිටපත හොයාගන්න නෑ.. ඒත් වාසනාවකට ඒ සින්දුව පස්සෙ කාලෙක ඩෙස්මන්ඩ් සිල්වා ගායනා කරන එක රූපත් එක්කම තියෙනවා.. ඔන්න පල්ලෙහායින් බලාගන්න පුළුවන්..
හරි අපි දැන් බලමු කොළොම්පුරේ ශ්‍රියා හැදුවේ මොන තනුවෙන්ද කියලා..
"කුසූර් ආප් කා.. හුසූර් ආප් කා..
මේරා නාම් ලී ජීයේනා මේරේ බාප් කා.."
1951 උත්තර භාරතයේ තිරගතවුන "බහාර්" (Bahaar) චිත්‍රපටියේ තමයි මේ ලස්සන සින්දුව අඩංගු වෙලා තිබුනේ.. කරන් දීවාන්, වෛජයන්ති මාලා සමග ප්‍රාන් තමයි ප්‍රධාන චරිත වලට රඟපෑවේ.. වෛජයන්ති මාලා රිදී තිරයට ආපු මුල්ම මුල් කාලේ තමයි මේ.. දැක්කට අඳුරන්නත් බෑ වගේ.. එච්චරට වෙනස්.. ඉතින් මේ සින්දුව ගායනා කරන්නේ කිෂෝර් කුමාර්.. කිෂෝර් කුමාර් මහත්තයත් මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ නිසා කටහඬ හරි අමු පාටයි.. අහලම බලන්නකෝ.. ඉතින් මේ සින්දුව මේ චිත්‍රපටියේ දෙපාරක් ගායනා කෙරෙනවා.. දෙවනි පාර ගායනය වෛජයන්ති මාලා.. හරි ලස්සන සින්දුවක්.. ඔන්න දෙකම බලන්න පල්ලෙහායින්..
තව ලස්සනම ලස්සන ජනප්‍රියම ජනප්‍රිය සින්දු ගෝනියත් අරගෙන ඉක්මනටම එන්නම්.. රජරට පුත්තරයා ඔන්න බා.....යි.. කිව්වා..
Labels:
'50,
Eddie Jayamanne,
Kishor Kumar,
Rukmani Devi,
Vyjayanthimala
උදාර මදුෂංක
:: Beegi Beegi.. සිඳි බිඳි ආදරේ.. ::

ඔන්න සති දෙකකට විතර පස්සේ තමයි රජරට පුත්‍රයා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අපේ රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. අළුත් අවුරුද්දෙන් පස්සේ වැඩ කන්දරාවක් තිබුන හින්දා ලිපියක් ලියන්න වෙලාවක් කලාවක් හොයා ගන්න අපහසුවෙන් හිටියේ.. දැනුත් වැඩ තිබුනත් ඔළුවට පොඩි නිදහසක් ඕනේ නිසා ලිපියක් ලියන්න හිතුවා..
අද අරගෙන ආවේ මෑතකදී සිංහල පද යොදා ගැයුනු මේ දවස් වල සෑහෙන ජනප්‍රිය ගීයක්.. නමුත් මේ මුල් තනුව අඩංගු ගීය නම් ටිකක් විතර පරණයි.. බලන්න මතකද කියලා..
"බීගී බීගි රාතොන් මේ..
මීටි මීටි බාතොන් මේ..
ඒසී බරසාතෝ මේ..
කේසා ලගතා හේ.."
1974 වර්ෂයේ ශක්ති සමන්තා අධ්‍යක්ෂණය කරපු ගිරිජා සමන්තා නිෂ්පාදනය කරපු "ආජ්නාබී" (Ajnabee) චිත්‍රපටියේ තමයි මේ ලස්සන ආදර ගීතය අඩංගු වුනේ.. රාජේශ් ඛන්නා සමග සීනාත් අමාන් තමයි ප්‍රධාන යුවළ විදිහට රංගනයෙන් දායක වුනේ.. මේ යුවළ අදටත් ජීවතුන් අතර ඉන්නවා බොහොම හොඳන්.. ඒ වගේම ප්‍රේම් චොප්රා, අස්රානී, මධන් පූරි යන අයත් මේ චිත්‍රපටියේ රඟපෑවා.. රාහුල් දේව් බර්මන් නොහොත් ආර්. ඩී. බර්මන් මහත්තයා තමයි සංගීත අධ්‍යක්ෂණය කලේ.. මේ ගීතය ගායනා කලේ කිශෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් නෝනා.. පල්ලෙහායින් බාගන්න බලන්න අහන්න අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහට..
බිගී බීගී රාතෝන් මේ.. - ආජ්නාබී
ඉතින් මේ ගීතය මෑතක ඉන්දියාවේ රීමික්ස් එකක් විදිහටත් එළියට ආවා.. ලෙස්ලි ලෙවිස් කියලා ගායකයෙක් හා අනූපමා වර්මා කියලා ගායිකාවක් නව සංගීතයට මේ ගීය ලස්සනට ගායනා කරන හැටි පල්ලෙහායින් බලා ගන්න පුළුවන් ඔන්න..
දැන් නම් ඉතින් සිංහල ගීය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න උවමනා නෑනේ.. මේ ලස්සන හින්දි මුල් තනුව යොදා ගෙන කවීශ කවිරාජ් සමග බේබි ශානිකා නැත්නම් ශානිකා වනිගසේකර තමයි මේ ගීතය ගායනා කරන්නේ.. 2009 වර්ෂයේ මුල් භාගයේ විතරදී තමයි මට මතක හැටියට මේ ගීතය එළි දැක්වුනේ.. මුල් ගීයට තනුවට හානියක් නොකර හරිම ලස්සනට කවීශ හා ශානිකා මේ ගීතය ගායනා කරලා තියෙනවා.. මේ ගීතයේ එම්.පී.3 එක හොයාගන්න පුළුවන් වුනාට තාම වීඩියෝ එකක් නම් නෑ.. එහෙනම් අපි ගියා ඔන්න.. ජය..
සිඳී බිඳී ආදරේ - කවීශ කවිරාජ් සමග ශානිකා වනිගසේකර
උදාර මදුෂංක
:: Maan Jaiyee.. ජීවනයේ මීවනයේ.. ::

ඔන්න සිංහල / හින්දු අළුත් අවුරුද්දට පස්සේ අද තමයි තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන එන්නේ.. මේ ගීතයේ තනුවට ගැයුණු සිංහල ගීතය නම් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඒත් මේ මුල් ගීය ගොඩක් අය අහලා නැතුව ඇති.. අද මේ ගීය පළකරන්න හිතුනේ අපේ අසංකා සොයුරිය ට්වීටරේ මේක කොඳුරපු නිසා.. :)
"මාන්ජයියේ.. මාන්ජයියේ.. බාත් මෙරි දිල් කී මාන්ජයියේ.."
"පිළිගන්නකෝ.. පිළිගන්නකෝ.. මගේ හදවත පවසනා දේ පිළිගන්නකෝ.."
1970 වර්ෂයේ තිරගත වුනු "හිම්මත්" (Himmat) චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුලත් වුනේ.. රවිකාන්ත් නාගයිච් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කථාව එස්. එම්. අබ්බාස් ගේ.. ජීතේන්දු සමග මුම්තාස් ප්‍රධාන චරිත රඟපෑවා.. දුෂ්ඨයාගේ චරිතේ රඟපෑවේ ප්‍රේම් චොප්රා.. මේ ගීයේ සංගීතය ලක්ෂ්මිකාන්ත් - ප්යාරේලාල් සහෝදර යුවලගෙන්.. පද රචනය ආනන්ද් බක්ෂිගේ.. සුපුරුදු විදිහට ගායනා කරන්නේ මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්..
මාන්ජයියේ මාන්ජයියේ - හිම්මත් (Maan Jaiye Maan Jaiye - Himmat)

හරි දැන් මතකයි නේද මේ තනුවට ගැයුනු සිංහල ගීතය ? මෙන්න මේකද බලන්න..
"ජීවනයේ.. මීවනයේ.. පෙම් ඵල රස ලැබ දෙයි නිබදේ.."
70 දශකයේ තිරගත වුන තුෂාරා චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. විජය - මාලිනි යුවල රඟපෑ මේ චිත්‍රපටිය නම් කොයි කාටත් මතක ඇති.. මෑතකදි මේ චිත්‍රපටය නැවත නිෂ්පාදනයකුත් සිදුවුනා.. ඇන්ජලීන් ගුණතිලක නෝනත් එක්ක අපේ හදවත රත්තරං ජෝතිපාල මහත්තයා ගායනා කරන මේ ගීතය අදටත් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඔන්න පල්ලෙහායින් බලන්න අහන්න බාගන්න අවශ්‍ය පහසුකම් තියෙනවා ඔන්න.. තවත් ගීයකින් මුණගැසෙමු.. :)
ජීවනයේ.. මීවනයේ.. - තුෂාරා
උදාර මදුෂංක
:: Dil Ko Dekho.. අවුරුදු ආවා නව අවුරුදු ආවා.. ::

ඔන්න අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ලබන්නා වූ සිංහල හින්දු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරුණු සෞභාග්‍යමත් එකක් වෙන්ඩ කියලා මුලින්ම රජරට පුත්‍ර්‍රයා ප්‍රාර්ථනා කරනවා...
අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය ගීතයක මුල් ගීය.. බලන්ඩ මතකද කියලා..

දිල්කෝ දේකෝ.. චෙහෙරා නා දේකෝ..
චෙහෙරෝනේ ලාකෝකෝ ලූටා..
දිල් සච්චා ඕර් චෙහෙරා ජූටා...
හදවත දිහා බලන්න.. මුහුණ දිහා නොබලන්න..
මුහුණු වලින් ලක්ෂ ගණන් අය රැවටිය හැකියි..
හදවතයි සත්‍යය.. මුහුණු බොරුවයි..
1970 වර්ෂයේ "මන්මෝහන් දේසායි" අධ්‍යක්ෂණය කරපු "සච්චා ඡුටා" (Sachcha Jhutha) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගුවුනේ.. රාජේශ් ඛන්නා ද්විත්ව චරිත රඟපෑ මේ චිත්‍රපටියේ මුම්ටාස්, විනෝද් ඛන්නා යන නළු නිළියනුත් රංගනයෙන් දායක වුනා.. 1970 වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවපු චිත්‍රපටියක් මේක.. ඒවගේම 1971දී හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයා සම්මානයත් රාජේශ් ඛන්නාට ලැබුනේ මේ චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන්.. කිෂෝර් කුමාර් ගායනා කරන මේ ගීතයට සංගීතය මුසු කලේ කළ්‍යාන්ජී-ආනන්ද්ජී සහෝදර යුවල.. ඔන්න පල්ලෙහායින් බලාගන්න පුළුවන්.. එවගේම බාගන්නත් පුළුවන්..
දිල්කෝ දේකෝ - සච්චා ඕර් ජූටා
හ්ම්... දැන් අපේ රසික රසිකාවියොන්ට පැටලිලා ඇති නේද මොකක්ද මේ තනුවට ගායනා වුන හරි සිංහල ගීතය කියලා.. නේද ? හරි.. ඇත්තම කිව්වොත් මේ තනුවට ගීත දෙකක් ගායනා වෙලා තියෙනවා.. එකක් තමයි මං මාතෘකාව විදිහට අරං තියෙන්නේ.. ඒ මේක..
"අවුරුදු ආවා.. නව අවුරුදු ආවා..
බක් මාසේ මංගල්ලේ ආවා..
එරබදු මල් පෙති අතු අග සැනහේ..
කාගෙත් සිත් තුල සම්පත හිනැහේ.."
අවුරුදු ආවා.. නව අවුරුදු ආවා.. - එච්. ආර්. ජෝතිපාල
මේ ගීතය ජෝතිපාල මහත්තයා ගායනා කරන්නේ.. මේ දවස් වල රේඩියෝ වල නිතරම ඇහෙන ගීතයක් වෙලා.. ඔන්න මේ ගීතය බාගන්න ඕනේ නම් උඩ තියෙන සබැඳියෙන් බාගන්න පුළුවන්.. මේකේ යූටියුබ් එකක් නම් තිබුනේ නෑ..
හ්ම් අපි දැන් බලමු අනික් වර්ෂන් එක මොකක්ද කියලා.. ආහ් මේක අවුරුදු නැති දවස් වලට ඇහෙන එක.. ඔන්න බලන්න මතකද කියලා..
"පන්දම් අල්ලා ගත් නම්බු නාමේ..
මේ කාලේ අවලංගුයි නෝනේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ.."
මේ ගීතය අඩංගු වුනේ ජේ. සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කරපු "කවුද රජා" චිත්‍රපටියේ.. ගාමිණි-මාලිනී යුවල රඟපෑ මේ චිත්‍රපටියත් ඒ කාලේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා.. එච්. ආර්. ජෝතිපාල ගායනා කල මේ ගීතය අදටත් සෑහෙන ජනප්‍රියයි.. ඔන්න කැමති අයට බලන්න කැමති අයට බාගන්න අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහට..
එහෙනං ඔන්න තවත් පැරණි හින්දි ගීතයක් හා එහි තනුවට ගැයුනු සිංහල ගීයකින් මුණ ගැසෙමු.. සුභ නව වසරක් වේවා..
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ.. - කවුද රජා
Labels:
'70,
H. R. Jothipala,
Kishor Kumar,
Mumtaz,
Rajesh Kanna
උදාර මදුෂංක
:: Jo bath thujme.. ඇයි නාවේ මා සොයලා.. ::

ඊයේ පළ කරපු :: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. :: ලිපියට තිබුනු ප්‍රතිචාරත් රවීන් සහෝදරයා කල ඉල්ලීමත් සලකලා ඔන්න අදත් ගේනවා ටජ් මහල් චිත්‍රපටියේ අඩංගු තවත් ජනප්‍රිය ගීයක්..
"ජෝ බාත් තුජ්මේ හේ..
තේරී තස්වීර් මේ නහී..
තස්වීර් මේ නහී.. "
"ඔබ තුල තිබෙනා දෙය..
ඔබේ ඡායාරූපය තුළින් දැකිය නොහැකිය..
පසුගිය ලිපියේ ටජ් මහල් චිත්‍රපටිය ගැන විස්තරයක් පළකරපු නිසා අද ආපහු ලියන්න අදහසක් නෑ.. මේ ගීතයත් ගායනා කරන්නේ සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා.. සංගීතය රෝෂාන් ගෙන්..
ජෝ බාත් තුජ්මේ හේ - ටජ් මහල්
ඉතින් දැන් අපි බලමු මේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..
"ඇයි නාවේ මා සොයලා..
සිතේ සංකා මවා තියා..
ඇයි නාවේ සොයා..
කීදේ කළදේ දැන හිටියේ මා පමණයි..
අවසානේ දුක යැයි මා හට දැනුනේ පසුවයි..
ඇයි මා.. ඇයි මා.. තනිකලේ ඔබ..
වැරදී මා නොවේ..
ඇයි නාවේ මා සොයලා..
සොඳුරේ ඔබගේ ප්‍රේමේ පතා මා හිටියේ..
ඇයි මේ වගේ දුක් සාගරයක මා හෙළුවේ..
ඇයි මා.. ඇයි මා.. කොන්කලේ ඔබ..
වැරදී මා නොවේ..
ඇයි නාවේ මා සොයලා..

ජේ. ඒ. රොම්ලස් - දිවයින පුවත්පතෙන්
මේ මියුරු ගීය ගායනා කරන්නේ ජේ. ඒ. රොම්ලස් පෙරේරා මහත්තයා.. 1969 වර්ෂයේ විතර රංජිත් පීරිස් මහත්තයා තමයි හින්දි තනුවට ගැලපෙන විදිහට සිංහල ගී පද රචනාව කරලා තියෙන්නේ.. කොයින් කොහොමහරි 1970 දශකයේදී ගුවන් විදුලි සංස්ථාවෙන් හොඳ ගීතය විදිහට තේරුනෙත් මේ "ඇයි නාවේ මා සොයලා.." ගීතය..
ඇයි නාවේ මා සොයලා - ජේ. ඒ. රොම්ලස් පෙරේරා (Download)
ඇයි නාවේ මා සොයලා - ජේ. ඒ. රොම්ලස් පෙරේරා (Listen)
Labels:
'60,
Mohommad Rafi,
Romles Perera
උදාර මදුෂංක
Subscribe to:
Posts (Atom)



.jpg)








