:: Yehi Tho Hai Woh.. අනංගයා මං.. ::



සෑහෙන කාලෙකට පස්සේ ඔන්න මේ පැත්තේ ඇවිත් ගීතයක් දෙකක් බෙදා ගන්න කියලා හිතුනා මගේ යාළුවෙක් ළඟදී මේ ගැන මතක් කරපු නිසා.. අද අරගෙන ආවේ අවුරුදු කාලෙට එහෙම ඇහෙන තනුවක මුල් ගීතය..

යෙහි තොහේ වෝ..
යෙහි තොහේ..

1958 තිරගත වුන “සෝල්වා සාල්“ චිත්‍රපටියේ තමයි මේ ලස්සන ගීතය අඩංගු වුනේ.. “සෝල්වා සාල්“ කියන එකේ සිංහල තේරුම තමයි අවුරුදු 16ක් කියන එක.. රාජ් කෝස්ලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ චන්ද්‍රකාන්ත් සී. දේසායී.. ප්‍රධාන නළු නිළි යුවල තමයි දේව් ආනන්ද් සහ වහීදා රෙහ්මාන්.. එස්. ඩී. බර්මන්ගේ සංගීතයට පද ලියුවේ මජුරූහ් සුල්තාන්පුරී.. ලස්සන ආදර කතාවකට අනුව ගෙතූ මේ චිත්‍රපටියේ මියුරු ගීත කීපයක්ම අඩංගු වුනා..

මේ ලිපියේ කතා කරන ගීතයට අමතරව “හේ අප්නා දිල් තෝ ආවාරා“ ගීතය සෑහෙන ජනප්‍රියත්වයක් ලැබුනා.. මේ කාලයේ තිරගත වුන චිත්‍රපටි බොහොමයක් කළු සුදු වීමත් විශේෂත්වයක්..





මේ ගීතය ඇහෙද්දී කාටත් මතක් වෙනවා ඇති සිංහල ගීත කීපයක්ම..

“අනංගයා මං අනංගයා“
“කිරි ඉතිරේවා නව වසරේ“
“අවුරුදු ආවා නව අවුරුදු ආවා“

මේ ගීත වලින් කීපයක්.. මේ ගීත තුනම ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්මයා.. එකම තනුවට ගැයුනු වෙනස් පද සහිත ගීත තුනක් විදිහට මේ ගීත අඳුන්වලා දෙන්න පුළුවන්..

පහලින් තියෙනවා බාගන්න, අහන්න අවශ්‍ය ලින්ක්.. තව ලස්සන සින්දුවක් අරගෙන ඉක්මනටම එන්නම්.. =]



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

4 comments:

උදාර said...
October 27, 2011 at 7:18 PM

සිංහල වගේම හින්දි සිංදුවෙත් mp3 එක දෙන්න පුළුවන් නම් හුඟක් වටිනවා. මේ වැඩේ දිගටම කරගෙන යන්න. ජයවේවා...

තිස්ස දොඩන්ගොඩ said...
October 29, 2011 at 10:03 PM

හම්මේ සෑහෙන කලෙකින් නේද...? මදෑ....!
ස්තූතියි එහෙමනම් රසවත් පෝස්ට් එකට......

ලකී වික්‍රමසිංහ said...
October 31, 2011 at 5:32 PM

Great mallia, Keep it up. I am in a hurry that is why I couldn't comment in sinhala. I will comeback again! :)

Udara || උදාර ධර්මසේන said...
November 9, 2011 at 5:49 PM

උදාර - බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. =)

තිස්සායියා - ඔව් අයියණ්ඩි සෑහෙන කාලෙකින් තමයි පෝස්ට් එකක් දැම්මේ.. තව කීපයක් ඉක්මනටම දාන්න බලාපොරොත්තු වෙනවා..

ලකී අයියා - බොහොම ස්තූතියි කමෙන්ට් එකට අයියා..

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...