:: Kanchi re.. ජීවිතයේ කාන්තාරේ.. ::



සුපුරුදු විදිහට අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක්...

"කංචීරේ කංචීරෙ... ප්‍රීත මේරී සාතී.. රුක් ජා නා ජා දිල් තෝඩ්කේ... "

1971 දී තිරගත වුන "හරේ රාමා හරේ ක්‍රිෂ්ණා" (Hare Rama Hare Krishna) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ඉතාමත් ජනප්‍රිය වුන මේ චිත්‍රපටියේ ගීත රාශියක් අඩංගු වුනා.. දේව් ආනන්ද් විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන නළුවාගේ චරිතයත් රඟපෑවා.. සීනාත් අමාන් තමයි ප්‍රධාන නිළිය විදිහට රඟපෑවේ.. ඒ කාලයේ ආසියානු රටවල් පුරා පැතිරිලා තිබුණු "හිපි" සංස්කෘතිය පිළිබඳ තමයි මේ චිත්‍රපටියේ කථා තේමාව වෙලා තිබුනේ.. ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම ගායනයට හිමි සම්මානයත් ‍හොඳම සහාය නිළියට හිමි සම්මානයත් මේ චිත්‍රපටියට හිමි වුනා... "දම් අරෝ දම්" ගීතය තමයි හොඳම ගීතය විදිහට තේරුනේ.. ආනන්ද් බක්ෂි ලිවූ පද වලට ආර්. ඩී. බර්මන් මහත්තයා තමයි සංගීතය මුසු කලේ.. කිෂෝර් කුමාර් මහත්තයා තමයි ගායනා කලේ.. ඔන්න පල්ලෙහා තියෙනවා බලන්න බාගන්න ඕනැ කරන දේවල්...

හරි දැන් නම් ඉතින් හැමෝම දන්නවා මේකේ සිංහල ගීතය මොකක්ද කියලා නේද ??

"ජීවිතයේ කාන්තාරේ.. තුරුණු වියළි වැල්ලේ උතුරා ගලා යයි ආදරේ... "

1970 දශකයේ තිරගත වුන "සුහද පැතුම" චිත්‍රපටියේ තමයි මේ ගීතය ඇතුලත් වෙලා තිබුනේ.. මුල් හින්දි ගී තනුවට හානියක් නොවෙන විදිහට එච්. ආර්. ජෝතිපාල මහත්තයාත් ඇන්ජලීන් ‍ගුණතිලක මහත්මියත් හරිම අපූරුවට මේ ගීතය ගායනා කරලා තියෙනවා...

හැබැයි මේ මෑතකදිත් මට මේ තනුවම වෙනස් පද පෙලකින් අහන්න ලැබුනා... බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කරපු "මිල්ලේ සොයා" චිත්‍රපටියේ "ගං තීරේ.. ගං තීරේ.." කියලා මේ තනුවටම නිරෝෂා විරාජිනී එක්ක කිත්සිරි ජයසේකර ගීයක් ගායනා කරනවා... චිත්‍රපටිය බලපු අය නම් අහලා දැකලා ඇති.. හැබැයි ඒ සින්දු‍ව නම් හොයා ගන්න බැරිවුනා.. ඒත් පරණ සින්දුව පල්ලෙහා තියෙනවා අහන්න හා බාගන්න කැමති නම්...

තව ගීත යුගලකින් හමුවෙමු...




කාංචී රේ.. - හරේ රාමා හරේ ක්‍රිශ්ණා (Kanchi Re - Hare Rama Hare Krishna)

(අහන්න) : ජීවිතයේ කාන්තාරේ - සුහද පැතුම

(බාගන්න) : ජීවිතයේ කාන්තාරේ - සුහද පැතුම
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

3 comments:

තිස්ස දොඩන්ගොඩ said...
March 28, 2010 at 10:55 PM

යකෝ උඹනම් අපේ යක් නෑයන් ගෙන් කෙනෙක් ම තමා... මේ ඩිංගට ඒක දැම්මද...? ෂහ්...තැන්කූ තන්කූ....

Udara || උදාර ධර්මසේන said...
March 28, 2010 at 11:02 PM

හප්පට සිරි... යක් නෑයෙක් කිව්වේ ?? මේ ඩිංගට කිව්වේ අයියණ්ඩි ? කොයින් කෝම හරි සින්දුව හොඳයි නේද අයියා.. තැන්කූ කමෙන්ට් එකට.. ;)

විශ්මි said...
March 29, 2010 at 8:59 AM

දැන් එක දිගටම සින්දු දානව වගේ යාළුවා... :) නියමයි.... අපූරු ගීත එකතුවක්...

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...