:: Janam Janam ka.. සිතුම් පැතුම් සඳ ආදරේ.. ::



අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ඔන්න තවත් ලස්සනම ලස්සන ඉතා ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන ආවා රජරට පුත්‍රයා..

"ජනම් ජනම් කා සාත් හේ.. නිභානේ කෝ.. සෝ සෝ බාර් මේනේ ජනම් ලියේ..."

1969 වර්ෂයේ තිරගත වුන "තුම්සේ අච්චා කෝන්හේ" (Tumse Achcha Kaun Hai) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ප්‍රමෝද් චක්‍රවර්ති අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ශම්මි කපූර්, බබිතා ප්‍රධාන චරිත වලට පණපෙව්වා.. ශංකර්-ජයකිෂන් සහෝදර‍යන්ගේ මියුරු සංගීතයට හස්රත් ජයපූරී ගේය පද එක්කලා.. ලතා මංගේෂ්කාර්, මොහොමඩ් රාෆි ගායනයෙන් අලංකාර කලා.. ඔන්න පහලින් තියෙනවා බලන්න අහන්න ඕනෙම නම් බාගෙන තියාගන්නත්..

ඉතින් මේ ගීතයේ තනුවටම අපේ ලංකාවෙත් ගීතයක් බිහිවුනා 1971 තිරගත වුණ "අභිරහස" චිත්‍රපටියට.. ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ රඟපෑවේ විජය කුමාරණතුංග, ස්වර්ණා කහවිට සමග ජෝතිපාල... ගොඩක් අයට ගීතය මතක ඇති..

"සිතුම් පැතුම් සඳ ආ‍දරේ.. උදාවේදෝ.. මහදේ.. සොඳුරු අහසේ අනාගතේ..."

ජෝතිපාල මහත්තයාත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය තමයි මේ ගීය ගායනා කරන්නේ... ඔන්න කැමති අයට බලන්න අහන්න වගේම බාගන්නත් අවශ්‍ය දෑ පහත තියෙනවා..





ජනම් ජනම් කා - තුම්සේ අච්චා කෝන්හේ (Janam Janam Ka - Tumse Achcha Kaun hay)

සිතුම් පැතුම් සඳ ආදරේ - ජෝති සමග ඇන්ජලීන්
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

8 comments:

ත‍රිඳු said...
March 30, 2010 at 10:21 PM

හැමදාම වගේම පට්ට කොල්ලෝ. කියල වැඩක් නෑ

Raven said...
March 30, 2010 at 11:39 PM

රසවින්දා මචන් මේ ගීතයත්. ස්තූතියි.

දිල් said...
March 31, 2010 at 8:32 AM

මම හුගාක් ආස සින්දුවක්.......
ස්තුතියි ඔබට

Jay said...
March 31, 2010 at 10:46 AM

wow...!!

LishWish said...
March 31, 2010 at 12:41 PM

ඊයේ සිංදුව බාගත්තේ. cඔමෙන්ටුවක් දාන්න අමතක උනා. තරහා අවසර අමතක වීමකට. සිංදුව නම් පට්ට ආයිබොවන්ඩ.., කියලා වැඩක් නැ අප්පා..! ෆට්ට..!
අර මම කිව්ව සිංදු සෙට් එක උඹට දෙන්න විදියක් කියපං කෝ..! ඒටිම නං උඹට අම්බානෙක වටිනවා...!
free වෙලාවක call එකක් දෙන්නකෝ..!

Udara || උදාර ධර්මසේන said...
March 31, 2010 at 4:52 PM

ගොඩක් පින් මේ ප්‍රතිචාර වලට යාළුවනේ.. රජරට පුත්‍තරයාට ගොඩාක් සතුටුයි..

ලිෂ්විෂ් - තැන්කුන් මචෝ කමෙන්ටුවට.. අනේ මචං මං ළඟදීම දවසක එන්නම් ඔය පැත්තේ ඔය සින්දු ටික හොරකං කරන් යන්න.. ;) ඉන්ඩ අවසර දෙඤවඤං දවසක් ‍ඉඳලම යඤ්ඤං.. අද හවසට කෝල් පාරකුත් දෙඤ්ඤම්.. පින් පින් සහෝ..

Anonymous said...
March 31, 2010 at 6:39 PM

හත්දෙයියනේ.... මේ රජරට පුත්‍රයා පළ කරන්නේ හරිම ලස්සන සිංදු නෙව.... මේවා සමනලී කාලයක් තිස්සේ හොය හොයා ඉන්න අහන්න ආසා සිංදු..... ‍බොහොම ස්තූතියි !!!!!!

amila said...
February 15, 2012 at 1:24 AM

ela macho thawamath mewata adare karana aya inna eka loku deyak, aluthen monade awath mewala gewennath be. obata godak pin, man ad dekke me blog eka, onna okkama bagannawa.....

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...