:: Hume Thumse.. කුරු‍ල්ලෝ ඔහේ තාලෙන්.. ::



ප්‍රිය හින්දි ගී රසික රසිකාවියනේ.. ඔන්න අදත් ඔබේ දෙසවනට සුමදුර පැරණි හින්දි ගීයක් ගෙන එන මා රජර‍ට පුත්‍රයා... :)

ඔන්න ඇඩ් කෑල්ලකුත් දැම්මා ඈ.. අද ගෙනාවා වැඩිය පරණ නැති ටිකක් විතර මෑතකදි තිරගත වුන ඒ කිව්වේ 80 දශකේ විතර තිරගත වුන චිත්‍රපටියක අඩංගු වුන ජනප්‍රිය සින්දුවක්...

"හමේ තුම්සේ ප්යාර් කිත්නා.. යෙ හම් නහී ජාන්තේ..
මගර් ජී නහී සක්තේ.. තුමාරේ බිනා..."

මේ සින්දුවේ සිංහල අදහස තමයි, "මම ඔබට කෙතරම් ආදරේද කියලා මමවත් නොදනී.. නමුත් ඔබ නොමැතිව ජීවත් වීමට නොහැකි බව නම් දනිමි.." කියන එක... පුනුරුත්පත්තිය කථා තේමාව කරගත් 1981 තිරගතවුන කුද්රත් (Kudrat) චිත්‍රපටියේ තමයි මේ ගීතය ඇතුලත් වෙලා තිබුනේ.. රාජ් කුමාර්, රාජේශ් ඛන්නා, හේමා මාලිනි ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ චේතන් ආනන්ද්..

මේ ගීතයේ පද ලීවේ මජ්රූහ් සුල්තාන්පුරී.. ඒ පද වලට සුමදුර සංගීතය මුසු කලේ ආර්.ඩී. බර්මන් මහත්තයා.. මේ ගීතය මේ චිත්‍රපටියේම දෙවතාවක් ගායනා වෙනවා.. එක් වතාවක් පර්වීන් සුල්තානා නැමැති ගායිකාවත් අනෙක් වතාව කාත් කවුරුත් හඳුනන කිෂෝර් කුමාර් මහත්තයාත් ගායනා කරනවා.. ඒ වගේම මේ ගීතය ගැයූ මේ යුවලටම එම වසරේ ෆිල්ම් ‍ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම ගායිකාවට හා ගායකයාට හිමි සම්මාන ද්විත්වයම හිමිවීම සුවිශේෂී.. ඔන්න පල්ලෙහා තියෙනවා සින්දුව බලන්නත් ඔනේම නම් බාගන්නත් පහසුකම්... :)

හරි දැන් බලමු මේ සින්දුවේ කොපිය මොකක්ද කියලා... ඔන්න දැන් මේ සින්දුව ටිකක් හරි ඇහුවා නම් කාගේ කාගෙත් දිව අගට එන්න ඇති සින්දුව නේද ??

"කුරු‍ල්ලෝ ඔහේ තාලෙන්... පියාඹන්න ආසයි.. පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ.."

දැන් මතකයි නේද?? මායා දමයන්තිගේ දුව කුෂාණි සඳරේකා කියන මේ ගීතය මෑතකදී තමයි එළියට ආවේ.. මුල් පිටපතට වැඩි හානියක් නොකර ලස්සනට කෙල්ල සින්දුව නම් කියනවා.. ඔන්න පල්ලෙහා තියෙනවා බාගන්න අවශ්‍ය දෑ.. කැමත්තෝ බාගත්වා..

ඕං එහෙනං අපි ගියා.. තව සින්දු පොළිමක් තියෙනවා.. වෙලාව තමයි පුරස්නේ රජරට කොල්ලට.. :P










හමේ තුම්සේ ප්යාර් කිත්නා - කුද්රත් (Hume Thumse - Kudrat)


කුරුල්ලෝ ඔබේ තාලෙන් - කුෂාණි සඳරේඛා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

12 comments:

Anonymous said...
March 22, 2010 at 7:32 PM

ෂා..... සමනලීත් පැරණි ගීත වලට හරිම ආසයි...!!! බොහොම ස්තූතියි මේ ගීතයට. ඔන්න සමනලීත් හරිම සතුටින් ගීතය අරගත්තා... :-)

විශ්මි said...
March 22, 2010 at 7:41 PM

ලස්සන සින්දුවක්.......'කභී කභී' සින්දුවෙන් පස්සෙ මං මේකෙ අර්ථයත් දාන්නම්.......

Udara || උදාර ධර්මසේන said...
March 22, 2010 at 8:09 PM

පුංචි සමනලී - මගේ බ්ලොග පැත්තේ ආවාට ස්තූතියි.. හැමදාම එන්න.. තවත් ගීත ගෝනියක් අරං එනවා.. සමනලීත් ‍බ්ලොග් එකක් ලියනවාද ?

විශ්මි - ඔයා හින්දි සින්දු ලියන බ්ලොග් එක මොකක්ද? මම හෙව්වා.. ඒත් හොයාගන්න බැරි වුනා...

විශ්මි said...
March 22, 2010 at 8:38 PM

හින්දි සින්දු වලට වෙනම බ්ලොග් එකක් නම් කරන්නෙ නෑ උදාර..සිහින සෙවනැලි කියන අපේ බ්ලොග් එකේ සිහින තාල කියන ටැග් එක යටතේ නම් හින්දි සින්දු වල අර්ථ මම ලියනව.

http://sihinasewanali.blogspot.com/2010/03/blog-post_08.html

Udara || උදාර ධර්මසේන said...
March 22, 2010 at 9:57 PM

ආහා.. මං මේ දැන් තමයි දැක්කේ.. ලස්සනයි ඔයාගේ බ්ලොග් එක.. කලින් ගිහිං තිබ්බට මේවා දැක්කේ නෑ.. දිගටම ලියන්න.. කැමති සින්දුවක් තියෙනවා නම් ඉල්ලන්න.. ස්තූතියි කමෙන්ටුවට.. ;)

තිස්ස දොඩන්ගොඩ said...
March 23, 2010 at 12:13 AM

එල මල්ලියා ලස්සනම සින්දුවක්...උඹේ ටේස්ට් එක නම් නියමයි...ලංකාවට ආ වෙලාවක හමුවෙමු අනිවා හොඳේ...?

budhajeewa said...
March 23, 2010 at 6:14 PM

තැංකූ වේවා!

හින්දි සිංදුව බාගත්තා. සිංහල සිංදුව බාගන්න තියන සබැඳිය වැඩ නෑ, ඒ උනත් සර්ච් පාරක් දාල ඒකත් හොයාගත්ත.

Udara || උදාර ධර්මසේන said...
March 24, 2010 at 12:28 AM

@ තිස්සායියා - ‍ගොඩක් ස්තූති මාව දිරිගන්නනවාට අයියණ්ඩි.. අතෑරලා දාන්න ගියපු මේ බ්ලොගට අයියා පොඩි කික් එකක් දුන්නා කිව්වොත් හරි.. ලංකාවට ආපු වෙලාවක අනිවා හම්බෙමු අයියණ්ඩි..

@බුදා මලයා - මං සිංහල සින්දුවේ සබැඳිය හදන්න බලන්නම්.. හැබැයි හොයාගන්න අමාරුම හින්දි සින්දුවයි.. මං වැඩිය සිංහල සින්දුවේ සබැඳිය දෙන්න මහන්සි නොවෙන්නේ ඒකයි.. ස්තූති මලයෝ කමෙන්ට් එකට.. :)

Anonymous said...
March 24, 2010 at 2:13 AM

එහෙනම් ඒ සිංදු ගෝනිය එනකල් සමනලි මඟ බලන් ඉන්නවා... :-)
සමනලීත් ලඟකදි පටන් ඇති හැකි විදියට බ්ලොග් එකක් ලියනවා.

එහෙනම් ලස්සන පැරණි හිංදි ගීත අහන්න දැන් මේ බ්ලොග් එක සමනලීට උදව් දේවි......

විශ්මි said...
March 24, 2010 at 8:48 AM

ස්තුතියි උදාර....... :).. මේ බ්ලොග් එක නතර කරන්න එපා...... කරගෙන යමු....... අද මෙහෙම දේවල් කරන්න කවුරුවත් නෑ..... ඔබට ජය යාළුවා......

Udara || උදාර ධර්මසේන said...
March 24, 2010 at 9:22 AM

@ පුංචි සමනලියේ - සින්දු ගෝනිය ටික ටික ලිහන්නම්.. කැමති සින්දු තියේ නම් එක්ස්ප්‍රස් එකේ දාලා දෙන්නම්.. දිගටම ඉන්න.. ඉක්මනින්ම බ්ලොග් එකකුත් ලියන්න පටන් ගන්න.. අපෙන් මොනවාහරි උදව්වක් ඕනේ නම් අපි එවරෙඩි ඕං.. මට පොඩි ඊ-මේල් එකක් දාන්න ඕනෙ උදව්වකට..

@ විශ්මි - දැන් නම් කොහොමත් නතර කරන්න හිතෙන්නෙ නෑ.. ඕගොල්ලන්ගේ එක කමෙන්ට් එකකට ගීත දාහක ලිපි දාන්න හිතෙන තරමට දැන් උනන්දුව වැඩි වෙලා.. ස්තූති බොහෝමත් ප්‍රතිචාර වලට..

දුකා said...
April 5, 2010 at 3:38 PM

නියමයයි මලේ . .

මේක මම ආසම කරන ගීතයක් . . . ගීත දෙකක් . .

මොකද මේකේ සිංහල සින්දුවත් හරිම ලස්සන්යි . .

උඹ මේක දාපු දවස්වලම ඇහුවා ඒත් අවසනාවට කමෙන්ට් එකක දාන්න බැරි උනා . ..

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...