:: Hum Kaale Hain Tho.. මධු සඳෙන් තවත්.. ::




අවසානෙට දාපු සින්දු ඔක්කොම 1960 දශකේ ඒවා නිසා ඔන්න අදත් ගෙනාවා 60 දශකේ තවත් ජනප්‍රිය ලස්සනම ලස්සන නැටවෙන පරණ හින්දි සින්දුවක්... ඒ තමයි...

"හම් කාලේ හේ තෝ ක්‍යා හුවා දිල්වාලේ හේ.. හම් තෙරේ තෙරේ තෙරේ චාහානේ වාලේ හේ... හම් කාලේ හේ තෝ ක්‍යා හුවා දිල්වාලේ හේ..."

මේ සින්දුවේ තේරුම තමයි "මම කළුවුනාට මමත් හොඳ පපුවක් තියෙන පොරක්" කියන එක... 1965 තිරගත වුන ගුම්නාම් (Gumnaam) කියන චිත්‍රපටියේ ටිකක් විහිළු සින්දුවක් විදිහට තමයි මේක එකතු කරලා තිබුනේ.. මනෝජ් කුමාර්, නන්දා මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවත් විකට චරිතය රඟපාපු මෙහෙමූද් තමයි මේ සින්දුවට විකට රංගනයක් ඉදිරිපත් කලේ.. රාජා නවතේ අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා පවා තිබ්බා.. සුපුරුදු පරිදි මේ ගීතයත් මොහොමඩ් රාෆි මහත්තයා ගායනා කලේ.. පද ලියුවේ හස්රත් ජයපුරී.. සංගීතය ශංකර්-ජයකිශන් සහෝදර දෙපළ..

ඉතින් මේ සින්දුවම 1968 තිරගත වුන බ්‍රහ්මචාරී කියන චිත්‍රපටියෙත් යොදාගෙන තිබුනා.. පොඩි ළමයෙක් මුල් ගීතයේ රංගනය අනුකරණය කරන හැටි තමයි ඒකේ තිබුනේ.. ඔන්න ඔය දෙවනියට දාලා තියෙන යූටියුබ් වීඩියෝ එක තමයි ඒ සින්දුව...

දැන් ඉතින් නිකම්ම මතක් වෙනවා ඇති මොකක්ද මේ සින්දුවේ සිංහල කොපිය කියලා..

"මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ... මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ... නළඟනයි ඔයා මගේ සුපෙම් කථාවේ... මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..."

ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා තමයි මේ ගීතය ගායනා කරන්නේ.. අදටත් ප්‍රසංග වේදිකාවේ ඇහෙන රේඩියෝ වල වාදනය වෙන සුපර් ස්ටාර් තරඟ වලට නැතුවම බැරි ගීතයක්.. සුපුරුදු විදිහට කරුණාරත්න අබේසේ‍කර මහත්තයා වෙන්න ඇති මේකෙත් පද ලියලා තියෙන්නේ.. ඔන්න පල්ලෙහායින් තියෙනවා බාගන්න..

තවත් ලස්සන ගීතයක් අරගෙන මම ඉක්මනින් එන්නම්..









මධු සඳෙන් තවත් - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

3 comments:

තිස්ස දොඩන්ගොඩ said...
March 5, 2010 at 10:30 PM

නියම සිංදුව... මම දෙකටම කැමතියි... මලය මාර ගෙමක් දෙනවා නේද බඩු හොයන්න... නියමයි...පෙදෙහි රසහව් විඳිනා... දෙනෙත ඉතා දුලබෝ...

Udara || උදාර ධර්මසේන said...
March 5, 2010 at 10:33 PM

කියලා වැඩක් නෑ අයියණ්ඩි.. මේ පරණ සින්දු හොයන්න ඇත්තටම මාරම ගේමක් දෙන්ඩ ඕනේ.. හැබැයි හඳෙන් හරි මං හොයාගන්නවා.. දිගටම බලන්න.. තව සින්දු ගොඩාරියක් මග එනවා.. :)

විශ්මි said...
March 6, 2010 at 1:50 PM

නියම සින්දු දෙකක්... ස්තුතියි......

දවසක් චම්පා කල්හාරි TV වැඩසටහනකට ඇවිත් කිවුවා "ඔබ පෙම් කරනා ඔබේ කුමාරී...( ගුණදාස කපුගේ )" ගීතයත් හින්දි තනුවකට අනුව නිර්මාණය වුන ගීතයක් කියල.... ඒත් ඒ හින්දි ගීතය මට මතක නෑ... පුලුවනිනම් හොයල දෙනවද?.......

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...