:: Chaudhvin Ka Chand.. නින්ද නේන රාත්‍රියේ.. ::




කොච්චර වැඩ වැඩි වුනත් ඊ‍යේ ආපු කික් එක තාම තියෙනවා.. ඒක හින්දාම අදත් තවත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගීයක් ගැන ලියන්න හිතුනා...

"චෝද්වීන් කා චාන්ද් හෝ... යා ආෆ්තාබ හෝ.. "

මේ හින්දි ගීතයත් ගොඩක් අය අහලා ඇති... 1960 තිරගත වුන චෝද්වීන් කා චාන්ද් (Chaudhvin Ka Chand)චිත්‍රපටියේ තේමා ගීතය තමයි මේ... ගුරු දත් හා රෙහ්මාන් නැමැති සුරූපිණිය මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුනා.. ගුරු දත් විසින්මයි නිෂ්පාදනයත් සිදු කලේ.. මේ චිත්‍රපටියේ රවීගේ මියුරු සංගීතයට පද ගැලපුවේ ෂකීල් බදායුනී.. ඒ මියුරු ගී ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්තයා... 1960 වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ දී හොඳම ගායකයාට හිමි සම්මානය ‍මෙම ගීතය ගායනා කිරීම වෙනුවෙන් රාෆි මහත්තයා දිනා ගත්තා.. ඒ වගේම හොඳම පද රචනයට හිමි සම්මානය ෂකීල් බදායුනී මේ ගීතය ගායනා කිරීම වෙනුවෙන් දිනා ගත්තා...

ඉතින් කාත් කවුරුත් මේ ගීතයේ සිංහල කොපිය මොකක්ද කියලා දන්නවා..

"නින්ද නේන රාත්‍රියේ.. මේ පාළු කාන්සියේ... පායා අරුන්දතී තරුවෙන්.. එන්න රාත්‍රියේ.."

මුල් ගීතයට කිසිම හානියක් නොකර තවත් ස්වර අලංකරණ යොදා ගෙන අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා මේ ගීතය මධුර හඬින් ගයනා කරලා තියෙනවා... මම දන්න විදිහට කරුණාරත්න අබේසේකර මහත්තයා තමයි හින්දි තනුවට අලංකාර පද ගලපලා තියෙන්නේ.. ඔන්න පල්ලෙහා තියෙනවා ඔක්කොම එව්වා බාගන්න බලාගන්න...

තවත් ලස්සනම ලස්සන සින්දු දෙකක් අරන් ඉක්මනට එන්නම්..







චොද්වීන් කා චාන්ද්.. - Chaudhvin Ka Chand

නින්ද නේන රාත්‍රියේ - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

9 comments:

isaman said...
March 4, 2010 at 5:30 PM

ජෝතිපාල මහත්තයා කියන හැම එකටම ඔයාට මේ විදිහට හොයා ගන්න පුලුවන්.

තිස්ස දොඩන්ගොඩ said...
March 4, 2010 at 7:04 PM

මේක මගේ හීන සයිට් එක... ඔබට බොහොම පින්...කාලයත් ශ්‍රමයත් වැය කරනවට... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා... මම මගේ සයිට් එකේ ගොඩක් කල් ඉඳන් ඔබව තියාගෙන ඉන්නවා...

Udara || උදාර ධර්මසේන said...
March 4, 2010 at 7:28 PM

@isaman - ඔව්.. ගොඩක් සින්දු වලට හින්දි තනු පාවිච්චි කරලා තියෙනවා... හැබැයි කිසිම හානියක් නම් කරලා නෑ අලංකාරයක් මිසක්..

@තිස්ස අයියා - ඔබතුමාගේ සයිට් එකෙන් මම ඊයේ "අපි එකම රෑනේ" කියන ගීතය බාගත්තා.. ගොඩක් හොඳ සයිට් එකක් ඒක.. මේ කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි.. දිගටම බලන්න..

Anuradha Ratnaweera said...
March 4, 2010 at 9:37 PM

රවි ශංකර් ශර්මා මහත්තයාට උපහාර උළෙලක් මේ හත් වෙනි දා, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේ තියනවා කියල පෝස්ටරයක් දැක්කා. එයත් එනව කියල තිබ්බ වගේ මතක යි.

විශ්මි said...
March 5, 2010 at 10:34 AM

අගේ ඇති වැඩක්.... දිගටම කරගෙන යන්න.....ඔබට ජය.......

Jay said...
March 5, 2010 at 9:09 PM

wow

Udara || උදාර ධර්මසේන said...
March 14, 2010 at 11:23 AM

අනුරාධ - මමත් දැක්කා පත්තරේ තියෙනවා.. රවි ශංකර් ශර්මා කියන්නේ හරිම දක්ෂ සංගීතඥයෙක්... ඒක් පූල් දෝ මාලික් චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කලෙත් එතුමා.. මම ඉන්නේ අනුරාධපුරේනේ.. ඉතින් කරුමෙට බලන්න යන්න වුනේ නෑ.. දිගටම මෙහේ ඇවිත් කියවන්න බලන්න.. ස්තූතියි..

විශ්මි - ස්තූතියි සුභ පැතුමට.. සයිබර් අවකාශේ පැරණි හින්දි ගී රසිකයෝ ගොඩක් ඉන්නවා කියලා දැනගන්න ලැබීම සතුටක්..

ලක්මාල් බලපිටිය - LaKmAl BaLaPiTiYa said...
April 5, 2013 at 8:51 PM

මේ තනුවට මිල්ටන් පෙරේරා මහත්තයත් සිංදුවක් කිවිවා
http://www.slmp3.com/songs/milton-perera-mp3/nawaka-chandra-rajini-mp3.php

Unknown said...
January 24, 2017 at 12:43 AM

Karunarathne Abeysekara newei Ajantha Ranasinghe tamai wachana liyala tiyenne

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...