
හරියටම දවස් දෙකකට පස්සේ තවත් ගීතයක් ලබා දෙන්න තරම් උනන්දුවක් ඇති වුන එක ගැන මටම සතුටුයි.. පහුගිය මාස කීපයේ ලිපියක් ලියන්න බැරි වුන නිසා පැරණි හින්දි ගී රසික රසිකාවියෝ කීපදෙනෙක්ම මග ඇරෙන්න ඇති.. ආපහු ඒ අය දැනුවත් කරන්නත් එක්ක තමයි මේ ළඟ ළඟ ලිපි ලියන්න හිතුනේ..
හරි.. ඔන්න අද ගෙනාවේ අති ජනප්‍රිය අදටත් එක එක වැඩසටහන් වල ඒ වගේම වේදිකාවෙත් ඇහෙන ජනප්‍රිය පැරණි හින්දි ගීතයක්.. බලන්න මතකද කියලා...
ඕලාද වාලෝ පූලෝ බලෝ..
ඕලාද වාලෝ පූලෝ බලෝ..
බූකේ ගරීබ් කී යේ හී දුවාහේ..
ඕලාද වාලෝ පූලෝ බලෝ...
මේ වචන පෙලේ තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්..
"දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..
සාගින්නේ පෙළෙන දිළිඳන් මෙසේ ප්‍රාර්ථනා කරයි..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා.. "
1969 භාරතයේ තිරගත වුන අති ජනප්‍රිය "ඒක් පූල් දෝ මාලික්" (Ek Phool Do Mali) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. මේ නමේ තේරුම "එක මලයි.. අයිතිකාරයෝ දෙන්නයි" කියන එක.. සංජේ ඛාන්, බල්රාජ් සාහ්නී සමග සධානා ශිව්දාසනී තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. වැඩිය ජනප්‍රිය නළු නිළියෝ නොවුනට අති සාර්ථක රංගනයක් කලා කියන්න පුළුවන්.. ලංකාවේ මේ චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැති තරම්.. අපේ තාත්තා 12 වතාවක් මේ චිත්‍රපටිය බලලා තියෙනවා.. ඉතින් හිතා ගන්න පුළුවන් ඇතිනේ චිත්‍රපටියේ ජනප්‍රියත්වය.. ඒ වගේම මේ චිත්‍රපටියේ ගීත 08ක් අඩංගු වෙලා තිබුනා.. රවි ශංකර්ගේ සංගීතයෙන් තමයි ඒ ගීත සියල්ලම හැඩ වුනේ.. මේ ගීතයේ පද ටික ලියැවුනේ නම් ප්‍රේම් ධවාන් ගෙන්.. සුපුරුදු පරිදි ගායනය මොහොමඩ් රාෆිගෙන්, යුග ගායනය ආශා බෝස්ලේගෙන්.. අහලා බලන්නකෝ ආශා බෝස්ලේගේ කටහඬ ඉස්සර.. හරිම ලස්සනයි.. ඔන්න පහලින් බාගන්නත් බලාගන්නත් පුළුවන්...
ඕලාද් වාලෝ - Aulad Walo
හරි අපි දැන් බලමු මේ තනුවට ගායනා වුන සිංහල ගීතය මොකක්ද කියලා.. ඔන්න බලන්න මතකද කියලා..
සෝබාව හංගා මේ ලෝ තලේ...
ආලෝකයෙන් මා ඇයි වෙන්කලේ..
අනුකම්පා නැති දෛවේ හිනාවේ..
සෝබාව හංගා...
1972 තිරගත වුන "මේ දෑස කුමටද? චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ තාත්තා) අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න හැකියාවක් ලැබුනා.. විජය කුමාරණතුංග සමග මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. හින්දි එක යුග ගීයක් වුනාට මේ සිංහල ගීය නම් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා විතරයි.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා.. බලන්න චිත්‍රපටියේ ගීතය නම් නෑ.. ළඟදී ගිය ස්ටාර් වැඩසටහනක යූටියබ් එකක් නම් තියෙනවා.. කැමති නම් බලන්න..
එහෙනම් ගිහිං එන්නම් තවත් සින්දු දෙකක් අරගෙන.. :)
බලන්න ඕනේ නම් යූටියබ්
සෝබාව හංගා - Sobawa Hanga









