:: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. ::



ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..
රෝකේ සමානා චාහේ..
රෝකේ ක්හුදායී තුම්කෝ ආනා පඩේගා..
ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..

ඔන්න අද අරගෙන එන ගීතය සඳහන් කරලාම වැඩේ පටන් ගත්තා.. මේ ගීතය ගැන ලිපියක් පළ කරන්න කියලා ඉල්ලීම් කීපයක්ම තිබුන නිසාත් මම පොරොන්දු වුන නිසාත් "ජෝ වාදා කියා වෝ නිබා කරූන්ගා.." :)

අමුතුවෙන් මේ ගීතය ගැන කියන්න දෙයක් නෑ.. ගොඩක් දෙනෙක් හොඳටම දන්නවා මේ ගීතය ගැන.. ඒ වුනාට ඉතින් පිළිවෙත වෙනස් කරන්න බැරි නිසා අදත් විස්තරය ලියන්නම්..

1963 වර්ෂයේ එම්. සාදිඛ් අධ්‍යක්ෂණය කරපු "ටජ් මහල්" (Taj Mahal) චිත්‍රපටයේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ප්‍රදීප් කුමාර් සමග බීනා රායි ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය ඒ. කේ. නදියාද්වාලාගේ නිෂ්පාදනයක්.. සංගීතය රෝෂන්ගෙන්.. ගායනය මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්.. මේ ගීතය දෙවරක් මේ චිත්‍රපටියේ ගායනා වෙනවා.. එකක් *happy* මූඩ් එකෙන්.. අනික *sad* මූඩ් එකෙන්.. මට නං හැබැයි දෙකම නිකං *sad* මූඩ් වගේ.. ;) ඔන්න දෙකම තියෙනවා පල්ලෙහා බාගන්න, අහන්න, බලන්න..




ජෝ වාදා කියා වෝ - ටජ් මහල් (Happy Mood)



ජෝ වාදා කියා වෝ - ටජ් මහල් (Sad Mood)






මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය නම් අති ජනප්‍රියයි..

"සමන් මල් පියල්ලේ.. ස‍ඳේ රැස් කැරැල්ලේ..
ප්‍රීති වලාවන් එක්වී..
සංගීත රාවෙන් මත්වී..
මගේ රංගනීයේ..
සමන් මල් පියල්ලේ.. සඳේ රැස් කැරැල්ලේ.. "

බණ්ඩාර කේ. විජයතුංග මහත්තයා ලියපු පද ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා.. හරිම ලස්සන පද ගැලපීමක් කරලා මේ මුල් තනුවට සාධාරණයක් කරලා තියෙනවා.. ඒකයි අදටත් මේ ගීතය ජනප්‍රිය.. ඔන්න පල්ලෙහායින් තියෙනවා මේ ගීතයේ මුල් පිටපතම බාගන්න.. ‍‍ඒවගේම සුරේන්ද්‍ර පෙරේරා සිරස සූපර් ස්ටාර් තරඟාවලියට ගායනා කල හැටිත් බලාගන්න පුළුවන් ඔන්න..

හ්ම්.. මේ හින්දි ගීතයේ සිංහල තේරුම අපේ ඇබ්නෝර්මල් මයින්ඩ්ස් කරන මලී ළමයත් ලියලා තිබුනා.. ඔන්න එතනට යන්න පුළුවන් මෙතනින්.. :)




සමන් මල් පියල්ලේ - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Kaun hai jo.. සුදුපාට මීදුම් ගලාලා.. ::



ඔන්න තවත් සූපර් හිට් එකක් රජරට පුත්‍රයා අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්න හදන්නේ.. හැමෝම ආස කරන තාමත් දෙසවනේ රැව්දෙන ගීත කීපයක් තමයි මේ අරගෙන එන්නේ.. එහෙනම් බලමු අද මොකක්ද අරගෙන ආවේ කියලා..

කෝන් හේ ජෝ සප්නෝ මේ ආයා.. කෝන් හේ ජෝ දිල් මේ සමායා.. ‍ලෝ ජුක් ගයා ආසමාන් බී.. ඉෂ්ක මේරා රංගලායා.. ඕ ප්‍රියා.....

කවුරුන්ද මගේ සිහින වලට පැමිණියේ... කවුරුන්ද මගේ හදවතේ ලැගුම් ගත්තේ... පරිසරයත් පුබුදුවා මගේ ආදරයටත් පැහැයක් අරං ඇවිත්..

මම මාර්තු මාසේ මේ ගීතය අඩංගු වෙලා තිබ්බ චිත්‍රපටියේ තිබ්බ තවත් ජනප්‍රිය ගීයක් ගැන ලිපියක් ලිව්වා.. ඉතින් ඒකම මම මෙතනත් දාන්නම් වැඩිපුර තොරතුරුත් එක්ක..

1968 තිරගත වුන "ජුක් ගයා ආසමාන්" (Jhuk Gaya Aasman) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා ති‍බුනේ.. මේ චිත්‍රපටිය 1941 තිරගතවුන "Here Comes Mr. Jordan" චිත්‍රපටියේ හින්දි කොපිය කිව්වොත් හරි... ලේක් තන්ඩන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර් සමග සයිරා බානු.. හස්රත් ජයපූරිගේ පද වලට ස්වර ගැලපුවේ ශංකර්-ජයකිශන් සහෝදර සමාගම... සුපුරුදු විදිහට ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. මේ ගීතය තමයි මේ චිත්‍රපටියේ තේමා ගීතයත් වුනේ..

කොහොමහරි පුදුම වැඩේ කියන්නේ මේ ගීතයත් කොපියක්.. මේක කොපි කරලා තියෙන්නේ "එල්විස් ප්‍රෙස්ලි" 1963 රඟපෑ "Fun in Acapulco" කියන චිත්‍රපටියේ තිබුනු "මාගරීටා" කියන ගීතයේ තනුවෙන්.. ඉතින් කොයින් කොහොම හරි මේ ඉංග්‍රීසි ගීතය තමයි මුල් තනුවේ අයිතිකාරයා වෙන්නේ.. ඔන්න ඒ සින්දුව බලන්න අවස්ථාව තියෙනවා පහලින්..




ඉතින් කොයින් කෝමහරි පස්සේ කාලෙක ඒ කියන්නේ 1972 දී විතර ලංකාවේ තිරගතවුනා චිත්‍රපටියක් "එදත් සූරයා අදත් සූරයා" කියලා.. කාටත් මේ චිත්‍රපටිය මතක ඇති.. ගාමිණි-මාලිනී ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය ඒ කාලේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා... ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ගීත 07ක් අඩංගු වෙලා තිබුණා.. ඉතින් අපේ අයත් ඇරියේ නෑ හින්දි ගීතයට අනුව මෙන්න මේ ගීතය සිංහලෙන් හැදුවා..




"සුදු පාට මීදුම් ගලාලා.. අර පේන කන්දේ හැපීලා.. මදහාස පෙන්වා බැඳිලා.. දෙදෙනාට රහසේ කියාදේ.. ආදරේ..."

අපේ ‍එච්. ආර්. ජෝතිපාල මහත්මයාත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය තමයි ගායනා කලේ.. අහන්න බලන්න බාගන්න අවශ්‍ය සියළු දෑ පල්ලෙහා තියෙනවා.. සෑහෙන්න මහන්සි වුනා මේවා හොයාගන්න.. ඉතින් පරිස්සමෙන් බලන්න ළමයිනේ.. ;)











සුදු පාට මීදුම් ගාලාලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Sawan Ka mahina.. [ගීත තුනක් තිබේ].. ::



ඔන්න අද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරයට අරගෙන එන්න අදටත් සෑහෙන් ජනප්‍රිය ගීතයක්.. සිංහල කොපි වලට වඩා මේ හින්දි ඔරිජිනල් එකට පුදුම ඉල්ලුමක් තාමත් තියෙන්නේ.. බලමු මොකක්ද මේ ගීතය කියලා මුලින්ම..



"සාවන් කා මහීනා.. පවන කරේ සෝර.. ජයාරාරෙ ජූමේ එසේ.. ජේසේ බන්වා නාචේ මෝර.. "

1967 අවුරුද්දේ තිරගත වුන "මිලන්" (Milan) චිත්‍රපටියේ තමයි මේ මධුර ගීතය අඩංගු වෙලා තිබුනේ.. මේ චිත්‍රපටියත් එක්තරා කොපියක් කිව්වොත් හරි.. මොකද 1963 අවුරුද්දේ තිරගත වුන "මූගා මනසුලු" කියන තෙළිඟු චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයක් විදිහට තමයි මේ මිලන් චිත්‍රපටිය හදලා තියෙන්නේ.. ඉතින් කොහොමහරි සුනිල් දත් එක්ක නූටන් ප්‍රධාන රඟපාපු මේ හින්දි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ "අධූර්ති සුබා රාඕ".. මේ ගීතයේ පද ආනන්ද් බක්ෂිගේ.. සංගීතය ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් සහෝදර දෙපළගෙන්.. ගායනා කලේ ලතා මංගේෂ්කාර් සමග මූකේෂ්... ඔන්න කැමති අයට සුපුරුදු පරිදි බාගන්න බලාගන්න අහගන්න අවස්ථාව තියෙනවා ඕං ඈ.. :)



සාවන් කා මහීනා - මිලන්



ඉතින් මේ "සාවන් කා මහීනා" ගීතයේ තනුවට සිංහල ගී කීපයක්ම ගායනා වෙලා තිබුනා.. මම අනුපිළිවෙළට ඉදිරිපත් කරන්නම්කෝ ඕං..


1. ආදර සිහිනේ දෙන්නා..

මේ ගීතය නම් මමත් ඇහුවේ ළඟකදී.. එච්. ආර්. ජෝතිපාල මහත්තයයි, තවත් ගායිකාවකුයි මේ ගීතය ගායනා කරන්නේ.. මට ගායිකාව නම් අඳුරාගන්න බැරි වුනා.. ඒත් මියුරුගී වෙබ් අඩවියේ නම් මේ ගීතය තිබුනා.. ඔන්න දන්න කියන කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ ගීතය චිත්‍රපටියක අඩංගුද නැද්ද කියන එකයි ගායිකාව කවුද කියන එකයි.. ඔන්න ඔය උඩින් තියෙන ගීතයේ නම ක්ලික් කරලා සින්දුව අහන්න පුළුවන්..

ආදර සිහිනේ දෙන්නා - ජෝතිපාල, ..... ???



2. මීදුම් සේලෙන් පාවී..

2007 අවුරුද්දේ භාතිය - සංතුෂ් සහෝදරයෝ තමයි මේ ගීතය එළිදැක්වුයේ.. අශාන්ති සහ රන්දීර් යන අයත් මේ ගීතයේ ගායනා කරනවා.. ටිකක් ලංකාවට අළුත් විදිහක මියුසික් වීඩියෝවක් මේ ගීතයට හැදුවා.. ඒ දවස් වල තිබුනු ගී ලැයිස්තු වල සෑහෙන කාලයක් හිට් කරන්න මේ ගීතයට පුළුවන් වුනා.. ඔන්න පහලින් බලාගන්න පුළුවන් ආපහු මතක නැත්නං..






3. සාවන් (Remix by Iraj)

භාතිය-සංතුෂ්ලා මීදුම් සේලෙන් ගීතය නිකුත් කරපු ගමන්ම තමයි ඉරාජ් තරඟෙට වගේ මේ ගීතය එළිදැක්වුවේ.. සුපුරුදු පරිදි ඉතින් ඉරාජ්ට වැඩි රහක් එකතු කරන්න බැරි වුනා පොඩි රැප් කෑල්ලක් ඇරෙන්ඩ.. මට නං මේකේ පදත් අමතකයි.. ඒ තරමට චා.. ටීෂා, කිලර් බී එක්ක ඉරාජ් තමයි මේ ගීතය ගායනා කරන්නේ ඕං.. කැමති නං බලන්න.. නැත්තං නොබලන්න.. :}

උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Mujhe Dhard E Dil.. මගේ නාමලී.. ::

පහුගිය ටිකේ රජරට පුත්‍රයාට රාජකාරි ටිකක් වැඩි වෙලා තිබුනු නිසා සින්දුවක් දෙකක් අපේ රසික රසිකාවියොන්ට අරගෙන එන්න බැරිවුනා.. ඒ වගේම දුකායියා කියපු කාරණේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.. මං බ්ලොග් ලිපියක් ලියන්නේ පොඩි නිවාඩුවක් ලැබුනු වෙලාවට.. ඉතින් ටිකක් වැඩිපුර කාල වේලා තිබුනාම මම වැඩිපුර ලියනවා.. ඉතින් ඒකයි පහුගිය ටිකේ වැඩිපුර ලිපි ලිව්වේ.. කැමති අයට ඉතින් ඕනෙ වෙලාවක මේ පැත්තේ ගොඩවැදිලා බලලා යන්න පුළුවන්නේ කොහොම දැම්මත් නේද ?



හරි හරි.. ඔන්න අද ගෙනාපු සින්දුව ගමුකෝ මල්ලෙන් එළියට.. මේක සූ..පර් හිට් එකක් හො‍ඳේ..

"මුජේ ධර්දේ දිල් කා බතා නා තා..
මුජේ ආප් කිස්ලියේ මිල් ගයේ..
මේ අකේලේ යූ බී මසීමතා..
මුජේ ආප් කිස්ලියේ මිල්ගයේ.. "

1965 තිරගත වුන "ආකාෂ්දීප්" (Akashdeep) කියන කළු සුදු චිත්‍රපටියට මොහොමඩ් රාෆි මහත්තයා ‍තමයි මේ ගීතය සුමධුර හඬින් ගායනා කලේ.. පානි මජුම්ධාර් (Pani Majumdar) අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ‍ඒ අවුරුද්දේ සූපර් හිට් එකක් වුනා.. ධර්මේන්ද්‍ර සමග මෙහෙමූද් තමයි ප්‍රධාන චරිත රඟපෑවේ.. ධර්මේන්ද්‍රව නම් ගොඩක් අය දන්නවා ඇති නේද ? සනී ඩියොල්, බොබී ඩියොල්, ඊෂා ඩියොල් කියන අයගේ ආදරණීය පියාණන් තමයි ධර්මේන්ද්‍ර.. ඉතින් චිත්‍රගුප්තගේ සංගීතයට මජුරූහ් තමයි ගේය පද ගැලපුවේ මේ අපූරු ගීතයට.. මේ චිත්‍රපටිය තිරගත වුන වර්ෂයේ වැදගත් සිද්ධි කීපයක් වුනා.. ඒවත් මතක් කරන්නම්.. ඔන්න කින්ග් ඛාන් "ෂාරුක් ඛාන්" ඉපදුනේ මේ අවුරුද්දේ.. ඒ කියන්නේ 1965.. ඒවගේම දෙවනි ලෝක යුධ සමයේ එන්ගලන්තයේ අගමැති වෙලා හිටපු වින්සන්ට් චර්චිල් මහත්තයාත් මරණයට පත්වුනේ මේ වර්ෂයේමයි..



(හරූන් ලන්ත්‍රා මහතා) - සිළුමිණ පුවත්පතෙන්-


දැන් හැමෝටම මේ තනුවට ගැයුණු සිංහල ගීතය මොකක්ද කියලා දන්නවා ඇති නේද ? හරි.. ඔන්න ඒකත් මල්ලෙන් එළියට ගන්නම්කෝ..

”මගේ නාමලී බැඳි ආදරේ..
මනමාලියයි මැණිකේ ඔයා..
ඔරුවේ නැගී එහි පාවෙවී..
අමනාපයෙන් පිටවී ගියා.."

1973 වර්ෂයේ තිරගත වුණ "ගොපළු හඬ" චිත්‍රපටියට හරූන් ලන්ත්‍රා තමයි මේ ලස්සන ගීතය ගායනා කලේ.. ටෝනි රණසිංහ සමග ජිවරාණි කුරුකුලසූරිය ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ දමිළ අධ්‍යක්ෂකවරයෙක්.. ඒ තමයි කේ. වෙන්කට්.. කළු සුදු චිත්‍රපටියක් වුනාට මේකත් ඒ අවුරුද්දේ සූපර්ම හිට් එකක් වුනා..

ඔන්න පල්ලෙහා තියෙනවා කැමති අයට බලා ගන්න අහා ගන්න බා ගන්න.. ජයෙන් ජය.. :)







මුජේ ධර්දේ දිල් - ආකාෂ්දීප් (Mujhe Dhard E Dil - Akashdeep)

මගේ නාමලී - හරූන් ලන්ත්‍රා (ගොපළු හඬ) (Mage Namali - Haroon Lantra) (Gopalu Handa)
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන