
ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..
රෝකේ සමානා චාහේ..
රෝකේ ක්හුදායී තුම්කෝ ආනා පඩේගා..
ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..
ඔන්න අද අරගෙන එන ගීතය සඳහන් කරලාම වැඩේ පටන් ගත්තා.. මේ ගීතය ගැන ලිපියක් පළ කරන්න කියලා ඉල්ලීම් කීපයක්ම තිබුන නිසාත් මම පොරොන්දු වුන නිසාත් "ජෝ වාදා කියා වෝ නිබා කරූන්ගා.." :)
අමුතුවෙන් මේ ගීතය ගැන කියන්න දෙයක් නෑ.. ගොඩක් දෙනෙක් හොඳටම දන්නවා මේ ගීතය ගැන.. ඒ වුනාට ඉතින් පිළිවෙත වෙනස් කරන්න බැරි නිසා අදත් විස්තරය ලියන්නම්..
1963 වර්ෂයේ එම්. සාදිඛ් අධ්යක්ෂණය කරපු "ටජ් මහල්" (Taj Mahal) චිත්රපටයේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ප්රදීප් කුමාර් සමග බීනා රායි ප්රධාන චරිත රඟපෑ මේ චිත්රපටිය ඒ. කේ. නදියාද්වාලාගේ නිෂ්පාදනයක්.. සංගීතය රෝෂන්ගෙන්.. ගායනය මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්.. මේ ගීතය දෙවරක් මේ චිත්රපටියේ ගායනා වෙනවා.. එකක් *happy* මූඩ් එකෙන්.. අනික *sad* මූඩ් එකෙන්.. මට නං හැබැයි දෙකම නිකං *sad* මූඩ් වගේ.. ;) ඔන්න දෙකම තියෙනවා පල්ලෙහා බාගන්න, අහන්න, බලන්න..
ජෝ වාදා කියා වෝ - ටජ් මහල් (Happy Mood)
ජෝ වාදා කියා වෝ - ටජ් මහල් (Sad Mood)

මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය නම් අති ජනප්රියයි..
"සමන් මල් පියල්ලේ.. සඳේ රැස් කැරැල්ලේ..
ප්රීති වලාවන් එක්වී..
සංගීත රාවෙන් මත්වී..
මගේ රංගනීයේ..
සමන් මල් පියල්ලේ.. සඳේ රැස් කැරැල්ලේ.. "
බණ්ඩාර කේ. විජයතුංග මහත්තයා ලියපු පද ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා.. හරිම ලස්සන පද ගැලපීමක් කරලා මේ මුල් තනුවට සාධාරණයක් කරලා තියෙනවා.. ඒකයි අදටත් මේ ගීතය ජනප්රිය.. ඔන්න පල්ලෙහායින් තියෙනවා මේ ගීතයේ මුල් පිටපතම බාගන්න.. ඒවගේම සුරේන්ද්ර පෙරේරා සිරස සූපර් ස්ටාර් තරඟාවලියට ගායනා කල හැටිත් බලාගන්න පුළුවන් ඔන්න..
හ්ම්.. මේ හින්දි ගීතයේ සිංහල තේරුම අපේ ඇබ්නෝර්මල් මයින්ඩ්ස් කරන මලී ළමයත් ලියලා තිබුනා.. ඔන්න එතනට යන්න පුළුවන් මෙතනින්.. :)
සමන් මල් පියල්ලේ - එච්. ආර්. ජෝතිපාල








