:: Kaun hai jo.. සුදුපාට මීදුම් ගලාලා.. ::



ඔන්න තවත් සූපර් හිට් එකක් රජරට පුත්‍රයා අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්න හදන්නේ.. හැමෝම ආස කරන තාමත් දෙසවනේ රැව්දෙන ගීත කීපයක් තමයි මේ අරගෙන එන්නේ.. එහෙනම් බලමු අද මොකක්ද අරගෙන ආවේ කියලා..

කෝන් හේ ජෝ සප්නෝ මේ ආයා.. කෝන් හේ ජෝ දිල් මේ සමායා.. ‍ලෝ ජුක් ගයා ආසමාන් බී.. ඉෂ්ක මේරා රංගලායා.. ඕ ප්‍රියා.....

කවුරුන්ද මගේ සිහින වලට පැමිණියේ... කවුරුන්ද මගේ හදවතේ ලැගුම් ගත්තේ... පරිසරයත් පුබුදුවා මගේ ආදරයටත් පැහැයක් අරං ඇවිත්..

මම මාර්තු මාසේ මේ ගීතය අඩංගු වෙලා තිබ්බ චිත්‍රපටියේ තිබ්බ තවත් ජනප්‍රිය ගීයක් ගැන ලිපියක් ලිව්වා.. ඉතින් ඒකම මම මෙතනත් දාන්නම් වැඩිපුර තොරතුරුත් එක්ක..

1968 තිරගත වුන "ජුක් ගයා ආසමාන්" (Jhuk Gaya Aasman) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා ති‍බුනේ.. මේ චිත්‍රපටිය 1941 තිරගතවුන "Here Comes Mr. Jordan" චිත්‍රපටියේ හින්දි කොපිය කිව්වොත් හරි... ලේක් තන්ඩන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර් සමග සයිරා බානු.. හස්රත් ජයපූරිගේ පද වලට ස්වර ගැලපුවේ ශංකර්-ජයකිශන් සහෝදර සමාගම... සුපුරුදු විදිහට ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. මේ ගීතය තමයි මේ චිත්‍රපටියේ තේමා ගීතයත් වුනේ..

කොහොමහරි පුදුම වැඩේ කියන්නේ මේ ගීතයත් කොපියක්.. මේක කොපි කරලා තියෙන්නේ "එල්විස් ප්‍රෙස්ලි" 1963 රඟපෑ "Fun in Acapulco" කියන චිත්‍රපටියේ තිබුනු "මාගරීටා" කියන ගීතයේ තනුවෙන්.. ඉතින් කොයින් කොහොම හරි මේ ඉංග්‍රීසි ගීතය තමයි මුල් තනුවේ අයිතිකාරයා වෙන්නේ.. ඔන්න ඒ සින්දුව බලන්න අවස්ථාව තියෙනවා පහලින්..




ඉතින් කොයින් කෝමහරි පස්සේ කාලෙක ඒ කියන්නේ 1972 දී විතර ලංකාවේ තිරගතවුනා චිත්‍රපටියක් "එදත් සූරයා අදත් සූරයා" කියලා.. කාටත් මේ චිත්‍රපටිය මතක ඇති.. ගාමිණි-මාලිනී ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය ඒ කාලේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා... ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ගීත 07ක් අඩංගු වෙලා තිබුණා.. ඉතින් අපේ අයත් ඇරියේ නෑ හින්දි ගීතයට අනුව මෙන්න මේ ගීතය සිංහලෙන් හැදුවා..




"සුදු පාට මීදුම් ගලාලා.. අර පේන කන්දේ හැපීලා.. මදහාස පෙන්වා බැඳිලා.. දෙදෙනාට රහසේ කියාදේ.. ආදරේ..."

අපේ ‍එච්. ආර්. ජෝතිපාල මහත්මයාත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය තමයි ගායනා කලේ.. අහන්න බලන්න බාගන්න අවශ්‍ය සියළු දෑ පල්ලෙහා තියෙනවා.. සෑහෙන්න මහන්සි වුනා මේවා හොයාගන්න.. ඉතින් පරිස්සමෙන් බලන්න ළමයිනේ.. ;)











සුදු පාට මීදුම් ගාලාලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

8 comments:

තිස්ස දොඩන්ගොඩ said...
April 10, 2010 at 2:04 AM

මල්ලියා මේක නම් මැක්සා වැඩක්...!!! මම ඉස් ඉස්සෙල්ලමයි එල්විස් ගේ මේ ගීය අහුවේ.... සින්දු තුනම එල.... රජරට පුත්‍රයාට ජයවේවා....!!

Jay said...
April 10, 2010 at 8:46 AM

listened to Elvis's song for the first time.
:O

Anonymous said...
April 10, 2010 at 11:46 AM

පළමු වතාවටයි එල්විස් ප්‍රෙස්ලිගේ මේ ගීතය ඇහුවේ!!!!! නියමයි!!! ඒ වාගේම ස්තූතියි ගො‍ඩක් :-)

දුකා said...
April 10, 2010 at 12:46 PM

අඩේ මේක්ට එල්විස් ප්‍රෙස්ලිගේ සමන්ධයක් තියෙන බව දන්නේ අදයි . . .

තැන්කූ මලේ මේ විස්තර හොයලා දැම්මට . ..

Udara || උදාර ධර්මසේන said...
April 10, 2010 at 3:23 PM

ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට මාගේ හදපිරි සාතිශය චිත්ත: ප්‍රීතිය.. :D

දිල් said...
April 10, 2010 at 5:12 PM

හින්දි සහ සින්හල ගීත් දෙකටම මම හුගාක් ආස කරනවා.හැබැයි ඉංග්‍රීසි සින්දුව නම් ඇහුවෙ අදයි...ස්තුතියි ඔයාට මේ ලස්සන සින්දු ටික දුන්නට

Hasitha Gunasinghe said...
April 14, 2010 at 2:48 PM

එල්විස් ප්‍රෙස්ලිත් මේකේ කොණක ඉන්නවා කියලා අදනේ දන්නේ. දන්නා යමක් නොදන්නා අප සමඟ බෙදා ගැනීම ගැන තුති

Anonymous said...
April 16, 2010 at 9:25 PM

ගීතයක අතිතය සොයා යෑමත් හරිම රසවත් ... බොහොම ස්තූතියි මලේ. මහන්සිය අපතේ ගිහින් නැහැ....

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...