:: Aye Mere Dile.. මේ නොනිමෙන දිවි ගමනේ.. ::

(ලතා මංගේෂ්කාර්)

සිංහල හින්දු අළුත් අවුරුද්දට මුකුත් දෙන්න බැරිවුන නිසා ඔන්න අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන ගීත දෙකක්.. හැබැයි සිංහල එක නම් චිත්‍රපටියක ගීතයක් නෙමෙයි.. පහුගිය ලිපියේ අරගෙන ආවේ දෙමළ ගීතයක් වුනත් මේ පාර නම් ගෙනාවේ හින්දි එකක්..

ඒ මේරේ දිලේ නාදාන්..
තුම් හම්සේ නා ගබ්රානා..
ඉක් දින්කෝ සමජ්යේ ගී..
දුනියා තෙරා අෆ්සානා..

1962 තිරගත වුන “ටවර් හවුස්“ කියන චිත්‍රපටියේ තමයි මේ මියුරු ගීතය අඩංගු වුනේ.. නිසාර් අහමඩ් අන්සාරි අධයක්ෂණය කල මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ශකිලා සමග අජිත්.. මේ නළු නිළි දෙපළ නම් ඒ තරම් ජනප්‍රිය නෑ.. නමුත් මේ ගීතය ගායනා කරන තැනැත්තිය නම් කොයි කවුරුත් දන්නවා.. ඒ තමයි ලතා මංගේෂ්කාර් මහත්මිය.. සංගීතය රවීගෙන්.. පද අසාද් බෝපාලීගෙන්..

ඔන්න පහලින් බාගෙන බලාගෙන යන්න පුළුවන් සිංහල ගීතයට...

(ලතා මංගේෂ්කාර්)



සුපුරුදු විදිහට දැන් ඉතින් මුමුණනවා ඇති මේ ගීතයේ සිංහල ගීතය.. එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන මෙන්න මේ මව් ගුණ ගීතය තමයි මේ හින්දි තනුවට ගැයුනු සිංහල ගීතය...

මේ නොනිමෙන දිවි ගමනේ..
නිවනේ මග පෙනෙන තුරා..
අම්මේ ඔබේ පුතෙකු වෙලා..
මම එන්නම් සසර පුරා..

1984 වසරේ තිස්ස ඩයස් කියන මහත්මයා තමයි මේ ගීතය ජෝතිපාල මහත්මයාට ලියලා දීලා තියෙන්නේ.. චිත්‍රපටියක අඩංගු වුන ගීතයක් නෙමෙයි කියන එකත් සඳහන් කරන්න ඕනේ.. ඔන්න පහලින් බාගන්න බලාගන්න අවස්ථාව තියෙනවා..




උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Unnei Kandu.. පණ වාගේ හිටියාට.. ::


ඔන්න ඉක්මනටම තවත් ලස්සන ගීත දෙකක් අරගෙන මම ආපහු ආවා.. හැබැයි අද පොඩි අවුලක් තියෙනවා.. වෙනදා අරගෙන එන හින්දි ගීතය වෙනුවට අද අති පැරණි දෙමළ ගීතයක් තමයි අරගෙන ආවේ..

“උන්නෙයි කන්ඩු නාන් වාඩ..
චන්නෙයි කන්ඩු නී වාඩ..
කන්නීරු කදෙසුන්නුම් දීපාවලී..“


1959 තිරගත වුන “කල්‍යාන පරිසු“ (Kalyaana Parisu) කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. සී.වී. ශ්‍රීධර් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ සරෝජා දේවී සමග ජෙමිණි ගනේෂන්.. දමිළ සිනමාවේ “කින්ග් ඔෆ් රොමෑන්ස්“ හෙවත් “ප්‍රේම රජු“ විදිහට තමයි ජෙමිණි ගනේෂන්ව හැඳින්වුයේ.. අති ජනප්‍රිය හා නිහතමානී නළුවෙක් විදිහට හැම දෙනාම මොහුට ගරු කලා.. ඉතින් මේ චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කලේ ඒ. එම්. රාජා නැමැති සංගීතඥයා.. මේ ගීතය ඔහු වෙන අයෙකුට නොදී ඔහුමයි ගායනා කලේ..

පහලින් මේ ගීතය යූටියුබ් වල ඉඳන් අහන්න පුළුවන්.. ඒ වගේම බාගන්නත් පුළුවන් වෙනදා වගේම..




වෙනදා වගේ හැමෝටම මතක ඇති මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..

“පණ වාගේ හිටියාට, වෙන්වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි..
ආදරය එහෙනම්, සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා..“


මේ ගීතය මම දන්න හැටියට නම් චිත්‍රපටියක අඩංගු වුන ගීතයක් නෙමෙයි.. කරුණාරත්න අබේසේකර මහත්තයා ලියලා දුන්න ගීයක්.. 70 දශකයේ මැද භාගයේ විතර තමයි මේ ගීතය අහෙන්න පටන් ගත්තේ.. පද ගැලපුම හරිම මියුරු විදිහට ලියලා තියෙනවා.. ඉස්සර කොල්ලෝ බූට් කාපුවාම මේ ගීතයලු ලියලා කෙල්ලට අවසානෙට යවන්නේ කියලා අපේ තාත්තා කියනවා මතකයි..

අහන්න කැමති අයට පහල තියෙන යූටියබ් එකෙන් බලාගන්න පුළුවන්.. බාගන්න ඕනේ අයට බාගන්න ඊටත් පහලින් තියෙන ලින්ක් එකෙන් පුලුවන්..

අයෙත් ලස්සන ගීත දෙකක් අරගෙන දුවලා එන්නම්.. ජය !!!





උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Sunlo Ji Sunlo.. වැල්ලේ කිරි වැල්ලේ.. ::



ටික කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා මේ පැත්තේ සුපුරුදු විදිහට ගීත දෙකක්ම අරගෙන.. දවස් කීපයකට කලින් ටීවීටරේ යාළුවෝ දෙන්නෙක් මගේ බ්ලොග් එක මතක් කරද්දී තමයි මට මතක් වුනේ මම මෙහෙම බ්ලොග් එකක් කරනවා නේද කියලා.. ඉතින් ඔන්න දිලින සහ සූලාරීව මුලින් මතක් කරලා ඉන්නවා අද විස්තර කියන්න කලින්..

හරි අද මම අරගෙන ආවේ 1957 තිරගත වුන “දෝ රොටී“ (Do Roti) කියන චිත්‍රපටියේ ජනප්‍රිය වුන ගීතයක් අරගෙන..

සුන්ලෝ ජී සුන්ලෝ බජේ ගී බාත්..
රෝටි බිනා ජීවන් හේ කාලී රාත්..

තනිකරම රොටී ගැන කියවෙන ගීතයක්.. අවසාන පද පේලියේ තේරුම “රොටී නැති ජීවිතය කළුවර රැයක් වගේ“ කියලා තමයි කියන්නේ.. 1957 ඉස්මයිල් මෙමොන් අධ්‍යක්ෂණය සහ තිර රචනය කල මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ නිරූපා රෝයි සමග බල්රාජ් සාහ්නි.. ඒ වගේම ජොනී වෝල්කර් සහ මෙහෙමූද් යන නළුවනුත් මෙහි චරිත රඟදැක්වූවා.. සුමන් කල්යාන්පූර් සමග ශංකර් දාස්ගුප්තා ගායනා කරන මේ ගීතයට මියුරු සංගීතය යෙදුවේ රොෂාන් කියන සංගීතඥයා.. පද ගැලපුවේ කුමාර් බරාබන්ක්වි කියන ශිල්පියා..

පහලින් මේ ගීතය බලන්නත් කැමති අයට බාගන්නත් වෙනදා වගේම අවස්ථාව තියෙනවා ඔන්න..







දැන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී..
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී..

1958 තිරගත වුන “දෙයියන්නේ රටේ“ චිත්‍රපටියේ තමයි මේ ලස්සන ගීතය අඩංගු වුනේ.. එල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ හෙළදිව ෆිල්ම්ස්.. ප්‍රධාන චරිත රඟපෑවේ සේනාධීර කුරුප්පු, පුන්‍යා හීන්දෙනිය සමග ධර්මසිරි කල්දේරා.. ගීතය මියුරු ලෙස ගායනා කලේ මොහිදීන් බෙග් සමග ජී.එස්.බී. රානි මහත්මිය.. ඔවුන් දෙදෙනාම අද අප අතර නැහැ..

හැබැයි අදටත් මේ ගීතය ප්‍රසංග වේදිකාවේ වගේම ගුවන් විදුලියේ නිතරම අහන්න ලැබෙනවා.. ඔන්න පහලින් තියෙනවා කැමති අයට බලන්න.. ඒත් එම්බෙඩ් කරන්න බෑ.. ලින්ක් එකට කෙලින්ම ගිහින් බලන්න.. අවශ්‍ය අයට බාගන්න අවස්ථාව තියෙනවා ඊට පහල ලින්ක් එකෙන්.. තවත් ලස්සන ගීත යුගලයක් අරගෙන ඉක්මනින් එන්නම්... සුභ !!!



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Aane Se Uske.. ආලෝකේ බිහිවී.. ::


තවත් ටිකක් ජනප්‍රිය පැරණිම පැරණි හින්දි ගීතයක් ගැන කියන්න තමයි අදත් ආවේ.. මෙන්න මේකයි ගීතය...

ආනේසේ උස්කේ ආයේ බහාර්..
ජානේසේ උස්කේ ජායේ බහාර්..
බඩී මස්තානිහේ මේරි මෙහෙබූබා..
බඩී සින්දගානීහේ මේරි මෙහෙබූබා..

1969 වර්ෂයේදී තිරගතවුන “ජීනේ කී රාහ්“ (Jeene Ki Raah) කියන චිත්‍රපටියේ.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය කලේ එල්. වී. ප්‍රසාද්. ජිතේන්ද්‍ර, තනූජා සමග ජග්දීප් සහ සංජීව් කුමාර් රංගනයෙන් දායක වුනා.. ගමේ ඉඳන් නගරයට රැකියාවක් සොයාගෙන යන තරුණයෙක් ගැන තමයි මේ කථාවේ කියැවෙන්නේ.. 1953 තිරගත වුන තෙලිඟු චිත්‍රපටියක කථාවක් ආශ්‍රෙයන් තමයි ජීනේ කී රාහ් චිත්‍රපටිය නිෂ්පාදනය වුනේ.. ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් සහෝදර දෙපළගේ සුමියරු සංගීතයට ආනන්ද් බක්ෂි තමයි පද ගැලපුවේ.. සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා මේ ගීතය ගායනා කරනවා..

ඔන්න පහලින් ගීතය බලාගන්නත් ගීතය බාගන්නත් වෙනදා වගේම අවස්ථාව තියෙනවා..





දැන් බලමු මේ හින්දි ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා.. මතකද බලන්න පහල තියෙන පද පේලි කියවලා..

අලෝකේ බිහිවී පැතිරෙයිදෝ
ආශාව ඉටුවී සපිරෙයිදෝ
වැළලුනු මල ඊයේ.. තව හෙටත් තියේ..
සටනකි ජීවිතේ.. ජය පරාජ වේ..

අපේ තාත්තාගේ ආසම සින්දුවක් හින්දා මට පොඩි කාලේ ගොඩක් මේ ගීතය අහන්න ලැබුනා.. ඒත් මේ ගීතය අඩංගු වුනේ 1973 තිරගත වුන “සුහද පැතුම“ චිත්‍රපටියේ.. කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ කැමිලස් පෙරේරා.. ප්‍රධාන යුවලට පණ පෙව්වේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලනී ෆොන්සේකා.. මේ ගීතය ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්මයා.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා..




උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන