:: Beegi Beegi.. සිඳි බිඳි ආදරේ.. ::



ඔන්න සති දෙකකට විතර පස්සේ තමයි රජරට පුත්‍රයා ශ්‍රී ලංකාවේ ‍ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අපේ රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. අළුත් අවුරුද්දෙන් පස්සේ වැඩ කන්දරාවක් තිබුන හින්දා ලිපියක් ලියන්න වෙලාවක් කලාවක් හොයා ගන්න අපහසුවෙන් හිටියේ.. දැනුත් වැඩ තිබුනත් ඔළුවට පොඩි නිදහසක් ඕනේ නිසා ලිපියක් ලියන්න හිතුවා..

අද අරගෙන ආවේ මෑතකදී සිංහල පද යොදා ගැයුනු මේ දවස් වල සෑහෙන ජනප්‍රිය ගීයක්.. නමුත් මේ මුල් තනුව අඩංගු ගීය නම් ටිකක් විතර පරණයි.. බලන්න මතකද කියලා..

"බීගී බීගි රාතොන් මේ..
මීටි මීටි බාතොන් මේ..
ඒසී බරසාතෝ මේ..
කේසා ලගතා හේ.."

1974 වර්ෂයේ ශක්ති සමන්තා අධ්‍යක්ෂණය කරපු ගිරිජා සමන්තා නිෂ්පාදනය කරපු "ආජ්නාබී" (Ajnabee) චිත්‍රපටියේ තමයි මේ ලස්සන ආදර ගීතය අඩංගු වුනේ.. රාජේශ් ඛන්නා සමග සීනාත් අමාන් තමයි ප්‍රධාන යුවළ විදිහට රංගනයෙන් දායක වුනේ.. මේ යුවළ අදටත් ජීවතුන් අතර ඉන්නවා බොහොම හොඳන්.. ඒ වගේම ප්‍රේම් චොප්රා, අස්රානී, මධන් පූරි යන අයත් මේ චිත්‍රපටියේ රඟපෑවා.. රාහුල් දේව් බර්මන් නොහොත් ආර්. ඩී. බර්මන් මහත්තයා තමයි සංගීත අධ්‍යක්ෂණය කලේ.. මේ ගීතය ගායනා කලේ කිශෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් නෝනා.. පල්ලෙහායින් බාගන්න බලන්න අහන්න අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහට..



බිගී බීගී රාතෝන් මේ.. - ආජ්නාබී

ඉතින් මේ ගීතය මෑතක ඉන්දියාවේ රීමික්ස් එකක් විදිහටත් එළියට ආවා.. ලෙස්ලි ලෙවිස් කියලා ගායකයෙක් හා අනූපමා වර්මා කියලා ගායිකාවක් නව සංගීතයට මේ ගීය ලස්සනට ගායනා කරන හැටි පල්ලෙහායින් බලා ගන්න පුළුවන් ඔන්න..




දැන් නම් ඉතින් සිංහල ගීය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න උවමනා නෑනේ.. මේ ලස්සන හින්දි මුල් තනුව යොදා ගෙන කවීශ කවිරාජ් සමග බේබි ශානිකා නැත්නම් ශානිකා වනිගසේකර තමයි මේ ගීතය ගායනා කරන්නේ.. 2009 වර්ෂයේ මුල් භාගයේ විතරදී තමයි මට මතක හැටියට මේ ගීතය එළි දැක්වුනේ.. මුල් ගීයට තනුවට හානියක් නොකර හරිම ලස්සනට කවීශ හා ශානිකා මේ ගීතය ගායනා කරලා තියෙනවා.. මේ ගීතයේ එම්.පී.3 එක හොයාගන්න පුළුවන් වුනාට තාම වීඩියෝ එකක් නම් නෑ.. එහෙනම් අපි ගියා ඔන්න.. ජය..

සිඳී බිඳී ආදරේ - කවීශ කවිරාජ් සමග ශානිකා වනිගසේකර
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Maan Jaiyee.. ජීවනයේ මීවනයේ.. ::



ඔන්න සිංහල / හින්දු අළුත් අවුරුද්දට පස්සේ අද තමයි තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන එන්නේ.. මේ ගීතයේ තනුවට ගැයුණු සිංහල ගීතය නම් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඒත් මේ මුල් ගීය ගොඩක් අය අහලා නැතුව ඇති.. අද මේ ගීය පළකරන්න හිතුනේ අපේ අසංකා සොයුරිය ට්වීටරේ මේක කොඳුරපු නිසා.. :)

"මාන්ජයියේ.. මාන්ජයියේ.. බාත් මෙරි දිල් කී මාන්ජයියේ.."
"පිළිගන්නකෝ.. පිළිගන්නකෝ.. මගේ හදවත පවසනා දේ පිළිගන්නකෝ.."

1970 වර්ෂයේ තිරගත වුනු "හිම්මත්" (Himmat) චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුලත් වුනේ.. රවිකාන්ත් නාගයිච් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කථාව එස්. එම්. අබ්බාස් ගේ.. ජීතේන්දු සමග මුම්තාස් ප්‍රධාන චරිත රඟපෑවා.. දුෂ්ඨයාගේ චරිතේ රඟපෑවේ ප්‍රේම් චොප්රා.. මේ ගීයේ සංගීතය ලක්ෂ්මිකාන්ත් - ප්යාරේලාල් සහෝදර යුවලගෙන්.. පද රචනය ආනන්ද් බක්ෂිගේ.. සුපුරුදු විදිහට ගායනා කරන්නේ මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්..



මාන්ජයියේ මාන්ජයියේ - හිම්මත් (Maan Jaiye Maan Jaiye - Himmat)





හරි දැන් මතකයි නේද මේ තනුවට ගැයුනු සිංහල ගීතය ? මෙන්න මේකද බලන්න..

"ජීවනයේ.. මීවනයේ.. පෙම් ඵල රස ලැබ දෙයි නිබදේ.."

70 දශකයේ තිරගත වුන තුෂාරා චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. විජය - මාලිනි යුවල රඟපෑ මේ චිත්‍රපටිය නම් කොයි කාටත් මතක ඇති.. මෑතකදි මේ චිත්‍රපටය නැවත නිෂ්පාදනයකුත් සිදුවුනා.. ඇන්ජලීන් ගුණතිලක නෝනත් එක්ක අපේ හදවත රත්තරං ‍ජෝතිපාල මහත්තයා ගායනා කරන මේ ගීතය අදටත් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඔන්න පල්ලෙහායින් බලන්න අහන්න බාගන්න අවශ්‍ය පහසුකම් තියෙනවා ඔන්න.. තවත් ගීයකින් මුණගැසෙමු.. :)




ජීවනයේ.. මීවනයේ.. - තුෂාරා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Dil Ko Dekho.. අවුරුදු ආවා නව අවුරුදු ආවා.. ::



ඔන්න අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ලබන්නා වූ සිංහල හින්දු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරුණු සෞභාග්‍යමත් එකක් වෙන්ඩ කියලා මුලින්ම රජරට පුත්‍ර්‍රයා ප්‍රාර්ථනා කරනවා...

අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය ගීතයක මුල් ගීය.. බලන්ඩ මතකද කියලා..



දිල්කෝ දේකෝ.. චෙහෙරා නා දේකෝ..
චෙහෙරෝනේ ලාකෝකෝ ලූටා..
දිල් සච්චා ඕර් චෙහෙරා ජූටා...

හදවත දිහා බලන්න.. මුහුණ දිහා නොබලන්න..
මුහුණු වලින් ලක්ෂ ගණන් අය රැවටිය හැකියි..
හදවතයි සත්‍යය.. මුහුණු බොරුවයි..

1970 වර්ෂයේ "මන්මෝහන් දේසායි" අධ්‍යක්ෂණය කරපු "සච්චා ඡුටා" (Sachcha Jhutha) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගුවුනේ.. රාජේශ් ඛන්නා ද්විත්ව චරිත රඟපෑ මේ චිත්‍රපටියේ මුම්ටාස්, විනෝද් ඛන්නා යන නළු නිළියනුත් රංගනයෙන් දායක වුනා.. 1970 වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවපු චිත්‍රපටියක් මේක.. ඒවගේම 1971දී හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයා සම්මානයත් රාජේශ් ඛන්නාට ලැබුනේ මේ චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන්.. කිෂෝර් කුමාර් ගායනා කරන මේ ගීතයට සංගීතය මුසු කලේ කළ්‍යාන්ජී-ආනන්ද්ජී සහෝදර යුවල.. ඔන්න පල්ලෙහායින් බලාගන්න පුළුවන්.. එවගේම බාගන්නත් පුළුවන්..



දිල්කෝ දේකෝ - සච්චා ඕර් ජූටා



හ්ම්... දැන් අපේ රසික රසිකාවියොන්ට පැටලිලා ඇති නේද මොකක්ද ‍මේ තනුවට ගායනා වුන හරි සිංහල ගීතය කියලා.. නේද ? හරි.. ඇත්තම කිව්වොත් මේ තනුවට ගීත දෙකක් ගායනා වෙලා තියෙනවා.. එකක් තමයි මං මාතෘකාව විදිහට අරං තියෙන්නේ.. ඒ මේක..

"අවුරුදු ආවා.. නව අවුරුදු ආවා..
බක් මාසේ මංගල්ලේ ආවා..
එරබදු මල් පෙති අතු අග සැනහේ..
කාගෙත් සිත් තුල සම්පත හිනැහේ.."

අවුරුදු ආවා.. නව අවුරුදු ආවා.. - එච්. ආර්. ජෝතිපාල


මේ ගීතය ජෝතිපාල මහත්තයා ගායනා කරන්නේ.. මේ දවස් වල රේඩියෝ වල නිතරම ඇහෙන ගීතයක් වෙලා.. ඔන්න මේ ගීතය බාගන්න ඕනේ නම් උඩ තියෙන සබැඳියෙන් බාගන්න පුළුවන්.. මේකේ යූටියුබ් එකක් නම් ති‍බුනේ නෑ..

හ්ම් අපි දැන් බලමු අනික් වර්ෂන් එක මොකක්ද කියලා.. ආහ් මේක අවුරුදු නැති දවස් වලට ඇහෙන එක.. ඔන්න බලන්න මතකද කියලා..

"පන්දම් අල්ලා ගත් නම්බු නාමේ..
මේ කාලේ අවලංගුයි නෝනේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ.."

මේ ගීතය අඩංගු වුනේ ජේ. සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කරපු "කවුද රජා" චිත්‍රපටියේ.. ගාමිණි-මාලිනී යුවල රඟපෑ මේ චිත්‍රපටියත් ඒ කාලේ බොක්ස් ඔ‍ෆිස් වාර්තා පිහි‍ටෙව්වා.. එච්. ආර්. ජෝතිපාල ගායනා කල මේ ගීතය අදටත් සෑහෙන ජනප්‍රියයි.. ඔන්න කැමති අයට බලන්න කැමති අයට බාගන්න අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහ‍ට..

එහෙනං ඔන්න තවත් පැරණි හින්දි ගීතයක් හා එහි තනුවට ගැයුනු සිංහල ගීයකින් මුණ ගැසෙමු.. සුභ නව වසරක් වේවා..



පන්දම් අල්ලා ගත් නම්බු නාමේ.. - කවුද රජා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Jo bath thujme.. ඇයි නාවේ මා සොයලා.. ::



ඊයේ පළ කරපු :: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. :: ලිපියට තිබුනු ප්‍රතිචාරත් රවීන් ‍සහෝදරයා කල ඉල්ලීමත් සලකලා ඔන්න අදත් ගේනවා ටජ් මහල් චිත්‍රපටියේ අඩංගු තවත් ජනප්‍රිය ගීයක්..

"ජෝ බාත් තුජ්මේ හේ..
තේරී තස්වීර් මේ නහී..
තස්වීර් මේ නහී.. "

"ඔබ තුල තිබෙනා දෙය..
ඔබේ ඡායාරූපය තුළින් දැකිය නොහැකිය..

පසුගිය ලිපියේ ටජ් මහල් චිත්‍රපටිය ගැන විස්තරයක් පළකරපු නිසා අද ආපහු ලියන්න අදහසක් නෑ.. මේ ගීතයත් ගායනා කරන්නේ සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා.. සංගීතය රෝෂාන් ගෙන්..



ජෝ බාත් තුජ්මේ හේ - ටජ් මහල්


ඉතින් දැන් අපි බලමු මේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..

"ඇයි නාවේ මා ‍සොයලා..
සිතේ සංකා මවා තියා..
ඇයි නාවේ සොයා..

කීදේ කළදේ දැන හිටියේ මා පමණයි..
අවසානේ දුක යැයි මා හට දැනුනේ පසුවයි..
ඇයි මා.. ඇයි මා.. තනිකලේ ඔබ..
වැරදී මා නොවේ..

ඇයි නාවේ මා සොයලා..

සොඳුරේ ඔබගේ ප්‍රේමේ පතා මා හිටියේ..
ඇයි මේ වගේ දුක් සාගරයක මා හෙළුවේ..
ඇයි මා.. ඇයි මා.. කොන්කලේ ඔබ..
වැරදී මා නොවේ..

ඇයි නාවේ මා සොයලා..




ජේ. ඒ. රොම්ලස් - දිවයින පුවත්පතෙන්

මේ මියුරු ගීය ගායනා කරන්නේ ජේ. ඒ. රොම්ලස් පෙරේරා මහත්තයා.. 1969 වර්ෂයේ විතර රංජිත් පීරිස් මහත්තයා තමයි හින්දි තනුවට ගැලපෙන විදිහට සිංහල ගී පද රචනාව කරලා තියෙන්නේ.. කොයින් කොහොමහරි 1970 දශකයේදී ගුවන් විදුලි සංස්ථාවෙන් හොඳ ගීතය විදිහට තේරුනෙත් මේ "ඇයි නාවේ මා සොයලා.." ගීතය..


ඇයි නාවේ මා සොයලා - ජේ. ඒ. රොම්ලස් පෙරේරා (Download)


ඇයි නාවේ මා සොයලා - ජේ. ඒ. රොම්ලස් පෙරේරා (Listen)
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන