
ඔන්න සති දෙකකට විතර පස්සේ තමයි රජරට පුත්‍රයා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අපේ රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. අළුත් අවුරුද්දෙන් පස්සේ වැඩ කන්දරාවක් තිබුන හින්දා ලිපියක් ලියන්න වෙලාවක් කලාවක් හොයා ගන්න අපහසුවෙන් හිටියේ.. දැනුත් වැඩ තිබුනත් ඔළුවට පොඩි නිදහසක් ඕනේ නිසා ලිපියක් ලියන්න හිතුවා..
අද අරගෙන ආවේ මෑතකදී සිංහල පද යොදා ගැයුනු මේ දවස් වල සෑහෙන ජනප්‍රිය ගීයක්.. නමුත් මේ මුල් තනුව අඩංගු ගීය නම් ටිකක් විතර පරණයි.. බලන්න මතකද කියලා..
"බීගී බීගි රාතොන් මේ..
මීටි මීටි බාතොන් මේ..
ඒසී බරසාතෝ මේ..
කේසා ලගතා හේ.."
1974 වර්ෂයේ ශක්ති සමන්තා අධ්‍යක්ෂණය කරපු ගිරිජා සමන්තා නිෂ්පාදනය කරපු "ආජ්නාබී" (Ajnabee) චිත්‍රපටියේ තමයි මේ ලස්සන ආදර ගීතය අඩංගු වුනේ.. රාජේශ් ඛන්නා සමග සීනාත් අමාන් තමයි ප්‍රධාන යුවළ විදිහට රංගනයෙන් දායක වුනේ.. මේ යුවළ අදටත් ජීවතුන් අතර ඉන්නවා බොහොම හොඳන්.. ඒ වගේම ප්‍රේම් චොප්රා, අස්රානී, මධන් පූරි යන අයත් මේ චිත්‍රපටියේ රඟපෑවා.. රාහුල් දේව් බර්මන් නොහොත් ආර්. ඩී. බර්මන් මහත්තයා තමයි සංගීත අධ්‍යක්ෂණය කලේ.. මේ ගීතය ගායනා කලේ කිශෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් නෝනා.. පල්ලෙහායින් බාගන්න බලන්න අහන්න අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහට..
බිගී බීගී රාතෝන් මේ.. - ආජ්නාබී
ඉතින් මේ ගීතය මෑතක ඉන්දියාවේ රීමික්ස් එකක් විදිහටත් එළියට ආවා.. ලෙස්ලි ලෙවිස් කියලා ගායකයෙක් හා අනූපමා වර්මා කියලා ගායිකාවක් නව සංගීතයට මේ ගීය ලස්සනට ගායනා කරන හැටි පල්ලෙහායින් බලා ගන්න පුළුවන් ඔන්න..
දැන් නම් ඉතින් සිංහල ගීය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න උවමනා නෑනේ.. මේ ලස්සන හින්දි මුල් තනුව යොදා ගෙන කවීශ කවිරාජ් සමග බේබි ශානිකා නැත්නම් ශානිකා වනිගසේකර තමයි මේ ගීතය ගායනා කරන්නේ.. 2009 වර්ෂයේ මුල් භාගයේ විතරදී තමයි මට මතක හැටියට මේ ගීතය එළි දැක්වුනේ.. මුල් ගීයට තනුවට හානියක් නොකර හරිම ලස්සනට කවීශ හා ශානිකා මේ ගීතය ගායනා කරලා තියෙනවා.. මේ ගීතයේ එම්.පී.3 එක හොයාගන්න පුළුවන් වුනාට තාම වීඩියෝ එකක් නම් නෑ.. එහෙනම් අපි ගියා ඔන්න.. ජය..
සිඳී බිඳී ආදරේ - කවීශ කවිරාජ් සමග ශානිකා වනිගසේකර









