:: Unnei Kandu.. පණ වාගේ හිටියාට.. ::


ඔන්න ඉක්මනටම තවත් ලස්සන ගීත දෙකක් අරගෙන මම ආපහු ආවා.. හැබැයි අද පොඩි අවුලක් තියෙනවා.. වෙනදා අරගෙන එන හින්දි ගීතය වෙනුවට අද අති පැරණි දෙමළ ගීතයක් තමයි අරගෙන ආවේ..

“උන්නෙයි කන්ඩු නාන් වාඩ..
චන්නෙයි කන්ඩු නී වාඩ..
කන්නීරු කදෙසුන්නුම් දීපාවලී..“


1959 තිරගත වුන “කල්‍යාන පරිසු“ (Kalyaana Parisu) කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. සී.වී. ශ්‍රීධර් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑවේ සරෝජා දේවී සමග ජෙමිණි ගනේෂන්.. දමිළ සිනමාවේ “කින්ග් ඔෆ් රොමෑන්ස්“ හෙවත් “ප්‍රේම රජු“ විදිහට තමයි ජෙමිණි ගනේෂන්ව හැඳින්වුයේ.. අති ජනප්‍රිය හා නිහතමානී නළුවෙක් විදිහට හැම දෙනාම මොහුට ගරු කලා.. ඉතින් මේ චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කලේ ඒ. එම්. රාජා නැමැති සංගීතඥයා.. මේ ගීතය ඔහු වෙන අයෙකුට නොදී ඔහුමයි ගායනා කලේ..

පහලින් මේ ගීතය යූටියුබ් වල ඉඳන් අහන්න පුළුවන්.. ඒ වගේම බාගන්නත් පුළුවන් වෙනදා වගේම..




වෙනදා වගේ හැමෝටම මතක ඇති මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා..

“පණ වාගේ හිටියාට, වෙන්වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි..
ආදරය එහෙනම්, සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා..“


මේ ගීතය මම දන්න හැටියට නම් චිත්‍රපටියක අඩංගු වුන ගීතයක් නෙමෙයි.. කරුණාරත්න අබේසේකර මහත්තයා ලියලා දුන්න ගීයක්.. 70 දශකයේ මැද භාගයේ විතර තමයි මේ ගීතය අහෙන්න පටන් ගත්තේ.. පද ගැලපුම හරිම මියුරු විදිහට ලියලා තියෙනවා.. ඉස්සර කොල්ලෝ බූට් කාපුවාම මේ ගීතයලු ලියලා කෙල්ලට අවසානෙට යවන්නේ කියලා අපේ තාත්තා කියනවා මතකයි..

අහන්න කැමති අයට පහල තියෙන යූටියබ් එකෙන් බලාගන්න පුළුවන්.. බාගන්න ඕනේ අයට බාගන්න ඊටත් පහලින් තියෙන ලින්ක් එකෙන් පුලුවන්..

අයෙත් ලස්සන ගීත දෙකක් අරගෙන දුවලා එන්නම්.. ජය !!!





උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

2 comments:

උදාර said...
March 16, 2012 at 8:00 AM

mp3 දෙන එක නම් හුඟක් වටිනව. ටැමිල් එක මාත් බාගත්ත. දිගටම මේ වැඩේ කරමු. ජයවේවා....

Unknown said...
September 18, 2021 at 11:18 PM

පැරණි ගීත පිළිබඳව ඉමත් වටිනා කියන රසවත් තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ඳව ඔබට අතිශයින්ම ස්තුතිය🙏

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...