:: Mera Chohta Sa Deko.. මට ආලෝකේ ගෙන දේවි.. ::




ඔන්න තවත් ජනප්‍රිය ගීතයක් අරගෙන මම ආපහු ආවා.. පහුගිය ලිපියට තිබුන ප්‍රතිචාර වලින් තේරුනා තාම මගේ බ්ලොග් එක කියවන අය ඉන්නවා කියන එක.. බොහෝම සතුටුයි ඒ ගැන ඉතින්..

අද අරගෙන ආවේ 1956 තිරගත වුන “බායි බායි“ කියන චිත්‍රපටියේ අඩංගු වුන අති ජනප්‍රිය ගීතයක්.. මේ ගීතය මතක් කලේ අපේ නිලුපුල් සහෝදරයා.. මුලින්ම නිලුපුල්ට ස්තූතිවන්ත වෙනවා මේ ගීතය මතක් කලාට..

“මෙරා චෝටා සා දේකෝ යේ සංසාර හේ..
මෙරා ජීවන් හේ යේ මෙරා සිංගාර හේ..
මෙරා චෝටා සා දේකෝ යේ සංසාර හේ..“

මම දන්න තරමින් මෙන්න මෙහෙමයි මේ පද වල සිංහල අරුත තියෙන්නේ-

“මගේ පොඩි පුතා දෙස බලන්න මොහු මගේ සංසාරය වගේ..
මගේ ජීවනයත් ඔහුයි මගේ ආත්මයත් ඔහුයි..“

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ නිතායි පලිත්.. ප්‍රධාන නළු නිළි යුවල විදිහට රඟපෑවේ අශෝක් කුමාර් සමග නිම්මි.. ඒවගේම ජනප්‍රිය ගායක කිෂෝර් කුමාර්, නිරූපා රෝයි සහ ඕම් ප්‍රකාශ් යන අයත් රංගනයෙන් දායක වුනා.. මේ ගීතයට මියුරු සංගීතය සැපයුවේ මදන් මෝහන්.. පද පෙළ ගැලපුවේ රජේන්ද්‍ර ක්‍රිෂාන්.. මියුරු හඩින් ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර්..

මෙරා චෝටා සා - ලතා මංගේෂ්කාර්






ඉතින් දැන් අමුතුවෙන් මතක් කරන්න දෙයක් නම් නෑ මේ ගීතයේ සිංහල කොපිය මොකක්ද කියලා.. මොකද මෑතකදි මේ ගීතය ලොකු ජනප්‍රියත්වයක් ලබපු නිසා..

“මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ..
මගේ ජීවන මගේ බැමි ස්ථීර වේ..
මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ..“

1960 තිරගත වුන “අයියයි මල්ලියි“ කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ජික්කි කියන දකුණු ඉන්දියානු ගායිකාව තමයි මේ ගීය මියුරුවට ගායනා කරන්නේ.. පසු කාලෙදි කලාවතී කියන ගායන ශිල්පිනියත් මේ ගීතය ගායනා කරලා තියෙනවා.. ඉරාජ් මීට වසර කීපයකට කලින් කරපු රීමික්ස් එක නිසා මේ ගීතය නව පරම්පරාව අතරත් ජනප්‍රිය වුනා..

ඔන්න පහලින් මේ ගීත දෙකම බාගන්න බලාගන්න අවස්ථාව තියෙනවා ඔන්න..

මට ආලෝකේ ගෙන දේවී - කලාවතී

මට ආලෝකේ ගෙන දේවී - ඉරාජ්

උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

6 comments:

Bunny said...
November 9, 2011 at 9:19 PM

හිංදි එක නම් අහලා තිබ්බෙ නැ කලින්.. මොනා උනත් ආයෙ මේක අප්ඩෙට් වෙන එකට නම් මාර සතුටුයි.. :D

උදාර said...
November 10, 2011 at 11:54 AM

තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.

Anonymous said...
November 11, 2011 at 1:17 AM

niymaii sahodaraya mata denna puluwanda hoyala sidi bidi adare kiyana song eke hindi song eka??? mage email eka madusha244@gmail.com

Sula (සුලා) said...
November 16, 2011 at 6:39 PM

නියමයි කොල්ලා.... මොනා උනත් මේ කැන එක නම් වැදගත් ඔරිජිනල් එකයි කොපියයි දෙකම පෙන්වන එක.

lionel Ratnatilake said...
February 13, 2012 at 2:46 PM

හරිම ලස්සනයි , මම හින්දි පැරණි ගී රසිකයෙක්. ඕස්ට්‍රේලියාවේ හිටියත් අමතක නොවේ.

Dulan said...
January 18, 2013 at 9:00 PM

නියමයි අයියා වැඩේ මමත් හින්දි ගීත ප්‍රිය කරන කෙනෙක් විදියට හරිම ආසයි මේකට

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...