:: Aane Se Uske.. ආලෝකේ බිහිවී.. ::


තවත් ටිකක් ජනප්‍රිය පැරණිම පැරණි හින්දි ගීතයක් ගැන කියන්න තමයි අදත් ආවේ.. මෙන්න මේකයි ගීතය...

ආනේසේ උස්කේ ආයේ බහාර්..
ජානේසේ උස්කේ ජායේ බහාර්..
බඩී මස්තානිහේ මේරි මෙහෙබූබා..
බඩී සින්දගානීහේ මේරි මෙහෙබූබා..

1969 වර්ෂයේදී තිරගතවුන “ජීනේ කී රාහ්“ (Jeene Ki Raah) කියන චිත්‍රපටියේ.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය කලේ එල්. වී. ප්‍රසාද්. ජිතේන්ද්‍ර, තනූජා සමග ජග්දීප් සහ සංජීව් කුමාර් රංගනයෙන් දායක වුනා.. ගමේ ඉඳන් නගරයට රැකියාවක් සොයාගෙන යන තරුණයෙක් ගැන තමයි මේ කථාවේ කියැවෙන්නේ.. 1953 තිරගත වුන තෙලිඟු චිත්‍රපටියක කථාවක් ආශ්‍රෙයන් තමයි ජීනේ කී රාහ් චිත්‍රපටිය නිෂ්පාදනය වුනේ.. ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් සහෝදර දෙපළගේ සුමියරු සංගීතයට ආනන්ද් බක්ෂි තමයි පද ගැලපුවේ.. සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා මේ ගීතය ගායනා කරනවා..

ඔන්න පහලින් ගීතය බලාගන්නත් ගීතය බාගන්නත් වෙනදා වගේම අවස්ථාව තියෙනවා..





දැන් බලමු මේ හින්දි ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා.. මතකද බලන්න පහල තියෙන පද පේලි කියවලා..

අලෝකේ බිහිවී පැතිරෙයිදෝ
ආශාව ඉටුවී සපිරෙයිදෝ
වැළලුනු මල ඊයේ.. තව හෙටත් තියේ..
සටනකි ජීවිතේ.. ජය පරාජ වේ..

අපේ තාත්තාගේ ආසම සින්දුවක් හින්දා මට පොඩි කාලේ ගොඩක් මේ ගීතය අහන්න ලැබුනා.. ඒත් මේ ගීතය අඩංගු වුනේ 1973 තිරගත වුන “සුහද පැතුම“ චිත්‍රපටියේ.. කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ කැමිලස් පෙරේරා.. ප්‍රධාන යුවලට පණ පෙව්වේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලනී ෆොන්සේකා.. මේ ගීතය ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්මයා.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා..




උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

8 comments:

ලකී වික්‍රමසිංහ said...
November 29, 2011 at 9:51 PM

Tope Top! Thanks! :) Thumbs up for your effort brother! :) :)

Buru Babe said...
November 30, 2011 at 12:04 AM

ඇති යම්තම්...
කී පාරක් නම් කිව්වද ලියන්න ගන්න කියලා.

දැන් දිගටම ලියන්න.

Udara || උදාර ධර්මසේන said...
November 30, 2011 at 9:02 AM

ලකී අයියා: ස්තූති දිරිමත් කිරීමට..

රංගි අක්කා: අක්කාගේ උනන්දුවට තමයි මේ ටික හරි ලියවෙන්නේ ඉතින්.. වෙලාව තියෙන හැදෙන විදිහට ලියලා දාන්නම්.. :]

තිස්ස දොඩන්ගොඩ said...
November 30, 2011 at 11:11 PM

චහ් මේක මම කැමතිම සින්දුවක්... තැන්කෝ තැන්කෝ....

Anonymous said...
December 2, 2011 at 2:20 PM

This is an excellent effort.
=amaratunga=

Anonymous said...
July 17, 2013 at 8:16 AM

plz mata "ek phool do mali" film eke "thujhe suraj Kahoon ya chanda" geethaye thanuwata thiyena "nadanna mage sudu malli" geethaya hoyala denna.

me thanuwatama thawa sinhala geetha 2k thiyenawa
1. tharu payana raye tharinda - h.r jothipala
2. mora surana maha warusawe - mohidin beg

MPP Gunasinghe said...
October 12, 2013 at 8:20 PM

ඔබ කර ඇති දේනම් විශීෂ්ටයි !

MPP Gunasinghe said...
October 12, 2013 at 8:24 PM

වීවේක පැමිණි මොහොතේම ඔබ සොයා එන්නට සිතුනා. අද උදේ ක්‍රියාත්මක කළ වැඩ සටහනට සම්බන්ධ වෙන්ට ලැබීම වාසනාවක්.ආචාර්ය ලියනගේ ඇතුළු ඔබ සහ සම්බන්ධ පිරිස ගන්නා වෑයම තුළ රටට සැබෑලෙසම ආදරය කරන පිරිසගෙන් අඩුවක් නැති බව සිතුනා.එවන් ඔබ සැමට නමස්කාර කරමි.

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...