:: Aajab Hai Malik.. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි.. ::



හරියටම මාස තුනකටත් වැඩි කාලෙකට පස්සේ තමයි ඔන්න අළුත් ගීතයක් අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. මුලින්ම සමාව ඉල්ලලා ඉන්නවා මාස තුනක නිහැඬියාවට..

ඔන්න අද අරගෙන ඇවිත් තියෙන්නේ තවත් ජනප්‍රිය ගීතයක්..

ආජබ් හේ මාලික් තෙරා ජහාන්
චිරාග් කහා රෝෂනී කහා...
ආග් ලගේ නහී උටේ දුවා
චිරාග් කහා රෝෂනී කහා...

ගොඩක් අය මේ ගීතය අහලා ඇති.. ඒත් දැකලා නම් නැතුව ඇති.. 1959 තිරගත වුන "චිරාග් කහා රෝෂනී කහා" (Chirag Kahan Roshni Kahan) කියන චිත්‍රපටියේ තේමා ගීතය තමයි මේ.. මේ නමේ තේරුම "පහන කොහේද ? නමුත් ආලෝකය කොහේද ?" කියන එක.. දේවේන්ද්‍ර ගොඒල් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ හින්දි සිනමාවේ කඳුලු බින්දුව මීනා කුමාරි එක්ක රාජේන්ද්‍ර කුමාර්... රවි ශංකර් මහත්තයා සංගීතවත් කල මේ ගීතය ගායනා කරන්නේ සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා.. 1960 වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළියට සහ හොඳම කථාවටත් නිර්දේශ වුනා.. ඔන්න පහලින් බාගන්නත් බලා ගන්නත් අවස්ථාව තියෙනවා..



ආජබ් හේ මාලික් තෙරා ජහාන්...





ඉතින් පස්සේ කාලෙක මේ චිත්‍රපටියම සිංහ‍ලින් දෙබස් කවලා ලංකාවේ ප්‍රදර්ශණය වුනා "මගේ පුතා" නමින්... මේ ගීතය මේ ආකාරයෙන්ම පරිවර්තනය වෙලත් තිබුනා.. කාටත් මතක ඇති...

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
පහණ ළඟයි ආලෝකේ දුරයි...

මේ ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි මහත්තයා.. ඔන්න කැමති අයට පහලින් බාගන්න එහෙම පුළුවන් ඔන්න..

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

6 comments:

sahan ළියනගෙරත්ගමයා said...
October 11, 2010 at 1:03 AM

එල....එල..නියමයි සහෝ........හොදට කරනවා බ්ලොග් එක.....

ස්වප්නා said...
October 11, 2010 at 9:44 AM

නියමයි !!

Jay said...
October 12, 2010 at 9:05 PM

සුපිරි..!

කංචු said...
October 15, 2010 at 12:17 AM

සෑහෙන කාලෙක ඉඳල හොය හොය හිටිය සිංදුවක්. එත් සිංහල එක බාගන්න බැහැනෙ. හිංදි එක නම් බාගත්ත.ටිකක් චෙක් කොරල ආයෙ අප්ලෝඩ් පාරක් දාන්න පුලුවන්නම් වටී මචෝ.....

Udara || උදාර ධර්මසේන said...
October 15, 2010 at 8:45 AM

දැන් සිංහල සින්දුවේ ලින්ක් එක හරි.. බාගන්න පුළුවන්.. ස්තූතියි කමෙන්ට් වලට.. :]

කංචු said...
October 15, 2010 at 11:46 PM

ස්තූතියි මචෝ බොහොමත්ම..... විශේෂයෙන්ම උඹේ ක්ෂණික ප්‍රතිචාරය අගය කරනව. ඔන්න මං බාගත්ත......

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...