:: Beegi Beegi.. සිඳි බිඳි ආදරේ.. ::



ඔන්න සති දෙකකට විතර පස්සේ තමයි රජරට පුත්‍රයා ශ්‍රී ලංකාවේ ‍ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අපේ රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. අළුත් අවුරුද්දෙන් පස්සේ වැඩ කන්දරාවක් තිබුන හින්දා ලිපියක් ලියන්න වෙලාවක් කලාවක් හොයා ගන්න අපහසුවෙන් හිටියේ.. දැනුත් වැඩ තිබුනත් ඔළුවට පොඩි නිදහසක් ඕනේ නිසා ලිපියක් ලියන්න හිතුවා..

අද අරගෙන ආවේ මෑතකදී සිංහල පද යොදා ගැයුනු මේ දවස් වල සෑහෙන ජනප්‍රිය ගීයක්.. නමුත් මේ මුල් තනුව අඩංගු ගීය නම් ටිකක් විතර පරණයි.. බලන්න මතකද කියලා..

"බීගී බීගි රාතොන් මේ..
මීටි මීටි බාතොන් මේ..
ඒසී බරසාතෝ මේ..
කේසා ලගතා හේ.."

1974 වර්ෂයේ ශක්ති සමන්තා අධ්‍යක්ෂණය කරපු ගිරිජා සමන්තා නිෂ්පාදනය කරපු "ආජ්නාබී" (Ajnabee) චිත්‍රපටියේ තමයි මේ ලස්සන ආදර ගීතය අඩංගු වුනේ.. රාජේශ් ඛන්නා සමග සීනාත් අමාන් තමයි ප්‍රධාන යුවළ විදිහට රංගනයෙන් දායක වුනේ.. මේ යුවළ අදටත් ජීවතුන් අතර ඉන්නවා බොහොම හොඳන්.. ඒ වගේම ප්‍රේම් චොප්රා, අස්රානී, මධන් පූරි යන අයත් මේ චිත්‍රපටියේ රඟපෑවා.. රාහුල් දේව් බර්මන් නොහොත් ආර්. ඩී. බර්මන් මහත්තයා තමයි සංගීත අධ්‍යක්ෂණය කලේ.. මේ ගීතය ගායනා කලේ කිශෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් නෝනා.. පල්ලෙහායින් බාගන්න බලන්න අහන්න අවස්ථාව තියෙනවා සුපුරුදු විදිහට..



බිගී බීගී රාතෝන් මේ.. - ආජ්නාබී

ඉතින් මේ ගීතය මෑතක ඉන්දියාවේ රීමික්ස් එකක් විදිහටත් එළියට ආවා.. ලෙස්ලි ලෙවිස් කියලා ගායකයෙක් හා අනූපමා වර්මා කියලා ගායිකාවක් නව සංගීතයට මේ ගීය ලස්සනට ගායනා කරන හැටි පල්ලෙහායින් බලා ගන්න පුළුවන් ඔන්න..




දැන් නම් ඉතින් සිංහල ගීය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න උවමනා නෑනේ.. මේ ලස්සන හින්දි මුල් තනුව යොදා ගෙන කවීශ කවිරාජ් සමග බේබි ශානිකා නැත්නම් ශානිකා වනිගසේකර තමයි මේ ගීතය ගායනා කරන්නේ.. 2009 වර්ෂයේ මුල් භාගයේ විතරදී තමයි මට මතක හැටියට මේ ගීතය එළි දැක්වුනේ.. මුල් ගීයට තනුවට හානියක් නොකර හරිම ලස්සනට කවීශ හා ශානිකා මේ ගීතය ගායනා කරලා තියෙනවා.. මේ ගීතයේ එම්.පී.3 එක හොයාගන්න පුළුවන් වුනාට තාම වීඩියෝ එකක් නම් නෑ.. එහෙනම් අපි ගියා ඔන්න.. ජය..

සිඳී බිඳී ආදරේ - කවීශ කවිරාජ් සමග ශානිකා වනිගසේකර
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

14 comments:

Jay said...
May 4, 2010 at 11:36 AM

නව සංගීතයට ගැයුණු ගීතයට මම වැඩියෙන්ම කැමතියි.

Jay said...
May 4, 2010 at 12:30 PM

සිංහල සින්දුව බාන්නට බැරියෝ..
Firefox doesn't know how to open this address, because the protocol (ttp) isn't associated with any program.
:(

Raven said...
May 4, 2010 at 12:40 PM

මුල් හින්දී ගීය ඇහුවේ අදමයි. ස්තූතියි මිත්‍රයා.

විශ්මි said...
May 4, 2010 at 1:02 PM

හින්දි සින්දු දෙකම නියමයි........ සිංහල සින්දුව නම් මම අහල තිබුනේ නෑ උදාර..... ස්තුතියි ඔයාට.......

ත‍රිඳු said...
May 4, 2010 at 1:17 PM

මුජේ භී පුරානේ ගානා කේ බාරේමේ ආජ් හි පතා චලා. ධන්යවාද් භායී

මින්දද said...
May 4, 2010 at 2:14 PM

ක්‍රිශෝර් කුමාර් හිටියෙ නැත්නම් ලෙස්ලි ලුවිස්ලා නැහැ... ලෙස්ලි ලුවිස් හිටියේ නැත්නම් කවීශ කවිරාජ්ලා නැහැ..

නියම බ්ලොග් එකක් උදාර...

Udara || උදාර ධර්මසේන said...
May 4, 2010 at 2:20 PM

@Ansh - ඔන්න ළමයෝ ඒ ලින්ක් එකේ තිබ්බ අඩුපාඩුව හැදුවා.. දැන් බාගන්න පුළුවන් වෙයි කරදරයක් නැතිව.. :)

@Raven, Vishmi & Tharindu - ස්තූතියි යාළුවනේ.. උඹලා තමයි මේකේ නිත්‍ය රසික රසිකාවියෝ.. :)

@මින්දද - ආයෙත් අහලා.. මුල් නැතුව කොහෙන්ද ළමයෝ ගෙඩි කිව්වලු.. තැන්කුන් සහෝ.. :)

Lishan Puwakovitage said...
May 4, 2010 at 3:42 PM

මරු මචන් මාරම ගති මම සිංහල සිංදුව අහලා තිබ්බට මොකෝ හින්දි එක ඇහුවේ අදමයි..! උඹට පිං..!

Isuru Wijesinghe said...
May 4, 2010 at 5:23 PM

බොහොම ස්තූතියි මිත්‍රයා. මම දවසක් මේ සිංදුව රේඩියෝ එකේ ඇහුවා. එදා ඉඳන් හෙව්වත් අද තමයි හම්බුනේ.... බොහොමත්ම ස්තූතියි

Anonymous said...
May 4, 2010 at 5:31 PM

කරුණාකරල මේ පොඩ් එකා ඉස්සෙල්ලම කියන සිංදුවේ ඔරිජිනල් සිංදුව දෙන්න පුලුවන්ද

http://www.youtube.com/watch?v=Mq2a6FEREE0

Udara || උදාර ධර්මසේන said...
May 4, 2010 at 6:27 PM

@ Anonymous - ආහ් මේ සින්දුව මම දාලා තියෙනවා මාර්තු මාසේ.. ඔන්න පල්ලෙහායින් තියෙනවා ලින්ක් එක.. :) http://slhindihits.blogspot.com/2010/03/hum-kaale-hain-tho_05.html

Supun Sudaraka said...
May 4, 2010 at 6:55 PM

සිංහල සින්දුවට නම් මම පුද්ගලිකව කැමති නෑ.
හින්දු සින්දුව, උපරිමයි!

Surani said...
May 9, 2010 at 6:04 PM

Thougt the sinhala song has a hindi sounnd to it. First time I heard the hindi one. Thanx

Anonymous said...
August 1, 2010 at 10:51 PM

බොහොම ස්තූතියි. සිංහල ගීතයේ පද රචනය කාගෙද දන්නවනම් ඒ ගැනත් සඳහනක් කරන්න. ස්තූතියි.

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...