:: Maan Jaiyee.. ජීවනයේ මීවනයේ.. ::



ඔන්න සිංහල / හින්දු අළුත් අවුරුද්දට පස්සේ අද තමයි තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන එන්නේ.. මේ ගීතයේ තනුවට ගැයුණු සිංහල ගීතය නම් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඒත් මේ මුල් ගීය ගොඩක් අය අහලා නැතුව ඇති.. අද මේ ගීය පළකරන්න හිතුනේ අපේ අසංකා සොයුරිය ට්වීටරේ මේක කොඳුරපු නිසා.. :)

"මාන්ජයියේ.. මාන්ජයියේ.. බාත් මෙරි දිල් කී මාන්ජයියේ.."
"පිළිගන්නකෝ.. පිළිගන්නකෝ.. මගේ හදවත පවසනා දේ පිළිගන්නකෝ.."

1970 වර්ෂයේ තිරගත වුනු "හිම්මත්" (Himmat) චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුලත් වුනේ.. රවිකාන්ත් නාගයිච් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කථාව එස්. එම්. අබ්බාස් ගේ.. ජීතේන්දු සමග මුම්තාස් ප්‍රධාන චරිත රඟපෑවා.. දුෂ්ඨයාගේ චරිතේ රඟපෑවේ ප්‍රේම් චොප්රා.. මේ ගීයේ සංගීතය ලක්ෂ්මිකාන්ත් - ප්යාරේලාල් සහෝදර යුවලගෙන්.. පද රචනය ආනන්ද් බක්ෂිගේ.. සුපුරුදු විදිහට ගායනා කරන්නේ මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්..



මාන්ජයියේ මාන්ජයියේ - හිම්මත් (Maan Jaiye Maan Jaiye - Himmat)





හරි දැන් මතකයි නේද මේ තනුවට ගැයුනු සිංහල ගීතය ? මෙන්න මේකද බලන්න..

"ජීවනයේ.. මීවනයේ.. පෙම් ඵල රස ලැබ දෙයි නිබදේ.."

70 දශකයේ තිරගත වුන තුෂාරා චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. විජය - මාලිනි යුවල රඟපෑ මේ චිත්‍රපටිය නම් කොයි කාටත් මතක ඇති.. මෑතකදි මේ චිත්‍රපටය නැවත නිෂ්පාදනයකුත් සිදුවුනා.. ඇන්ජලීන් ගුණතිලක නෝනත් එක්ක අපේ හදවත රත්තරං ‍ජෝතිපාල මහත්තයා ගායනා කරන මේ ගීතය අදටත් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඔන්න පල්ලෙහායින් බලන්න අහන්න බාගන්න අවශ්‍ය පහසුකම් තියෙනවා ඔන්න.. තවත් ගීයකින් මුණගැසෙමු.. :)




ජීවනයේ.. මීවනයේ.. - තුෂාරා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

3 comments:

Jay said...
April 23, 2010 at 9:01 PM

මේක නම් නියමයි. මගේ ප්‍රියතම සින්දුවක්. ඔව් නෙ මට දැන් තමයි මතක් උනේ මේක උදේ මම tweet කලා කියලා. තැන්ක් යූ.
:)
awesome..!

Raven said...
April 24, 2010 at 4:02 PM

තවත් ලස්සන ගීයක් සහෝ. හින්දි ගීතය නම් මුල් වරටද කොහෙද ඇහුවෙ. ස්තූතියි.

විශ්මි said...
April 25, 2010 at 10:01 PM

මම කැමති සිංහල ගීතයක්.... හින්දි ගීතය නම් අහල තිබුනේ නෑ... ස්තුතියි උදාර.....

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...