:: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. ::



ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..
රෝකේ සමානා චාහේ..
රෝකේ ක්හුදායී තුම්කෝ ආනා පඩේගා..
ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..

ඔන්න අද අරගෙන එන ගීතය සඳහන් කරලාම වැඩේ පටන් ගත්තා.. මේ ගීතය ගැන ලිපියක් පළ කරන්න කියලා ඉල්ලීම් කීපයක්ම තිබුන නිසාත් මම පොරොන්දු වුන නිසාත් "ජෝ වාදා කියා වෝ නිබා කරූන්ගා.." :)

අමුතුවෙන් මේ ගීතය ගැන කියන්න දෙයක් නෑ.. ගොඩක් දෙනෙක් හොඳටම දන්නවා මේ ගීතය ගැන.. ඒ වුනාට ඉතින් පිළිවෙත වෙනස් කරන්න බැරි නිසා අදත් විස්තරය ලියන්නම්..

1963 වර්ෂයේ එම්. සාදිඛ් අධ්‍යක්ෂණය කරපු "ටජ් මහල්" (Taj Mahal) චිත්‍රපටයේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ප්‍රදීප් කුමාර් සමග බීනා රායි ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය ඒ. කේ. නදියාද්වාලාගේ නිෂ්පාදනයක්.. සංගීතය රෝෂන්ගෙන්.. ගායනය මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්.. මේ ගීතය දෙවරක් මේ චිත්‍රපටියේ ගායනා වෙනවා.. එකක් *happy* මූඩ් එකෙන්.. අනික *sad* මූඩ් එකෙන්.. මට නං හැබැයි දෙකම නිකං *sad* මූඩ් වගේ.. ;) ඔන්න දෙකම තියෙනවා පල්ලෙහා බාගන්න, අහන්න, බලන්න..




ජෝ වාදා කියා වෝ - ටජ් මහල් (Happy Mood)



ජෝ වාදා කියා වෝ - ටජ් මහල් (Sad Mood)






මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය නම් අති ජනප්‍රියයි..

"සමන් මල් පියල්ලේ.. ස‍ඳේ රැස් කැරැල්ලේ..
ප්‍රීති වලාවන් එක්වී..
සංගීත රාවෙන් මත්වී..
මගේ රංගනීයේ..
සමන් මල් පියල්ලේ.. සඳේ රැස් කැරැල්ලේ.. "

බණ්ඩාර කේ. විජයතුංග මහත්තයා ලියපු පද ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා.. හරිම ලස්සන පද ගැලපීමක් කරලා මේ මුල් තනුවට සාධාරණයක් කරලා තියෙනවා.. ඒකයි අදටත් මේ ගීතය ජනප්‍රිය.. ඔන්න පල්ලෙහායින් තියෙනවා මේ ගීතයේ මුල් පිටපතම බාගන්න.. ‍‍ඒවගේම සුරේන්ද්‍ර පෙරේරා සිරස සූපර් ස්ටාර් තරඟාවලියට ගායනා කල හැටිත් බලාගන්න පුළුවන් ඔන්න..

හ්ම්.. මේ හින්දි ගීතයේ සිංහල තේරුම අපේ ඇබ්නෝර්මල් මයින්ඩ්ස් කරන මලී ළමයත් ලියලා තිබුනා.. ඔන්න එතනට යන්න පුළුවන් මෙතනින්.. :)




සමන් මල් පියල්ලේ - එච්. ආර්. ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

12 comments:

තිස්ස දොඩන්ගොඩ said...
April 11, 2010 at 9:26 PM

එල වැඩක් අදත්....!!

Jay said...
April 11, 2010 at 9:39 PM

ෂා.....!! මේ සින්දුව නම් මාරයි. සෑහෙන්න අතීත මතකයකුත් එකපාරටම හිතට ආවා මේ සින්දුව දැක්ක ගමන්.
:D

Dili said...
April 11, 2010 at 9:55 PM

නිවන් යන්න නම් හම්බවෙන්නෙ නෑ මේවට හිත ගිහිල්ල, හැබැයි නිවන් ගාවට ගියා වගේ තමයි මේව අහනකොට :D

රවා said...
April 11, 2010 at 9:58 PM

නියම සින්දුවක්..හින්දි එකයි සිංහල එකයි දෙකම එක වගෙ හදවත ඉල්ලන ගිත දෙකක්..දෙකම තිබුනා. හින්දි එක හොද ගිතයත්.. සිංහල එකෙ ටිකක් සද්ද බද්ද වැඩි ගිතයකුත්.. මෙක දැන් බලන්න බැහැ ස්ලො වෙලා තියන්නෙ නෙට්...ස්තුති දැම්මට හොයලා

Anonymous said...
April 11, 2010 at 10:22 PM

නියමම නියම සින්දුවක් (විශේෂයෙන්ම හින්දි සින්දුව) - කියන්න වචන නෑ
උදාර මල්ලිට බොහොම පින් මේක දැම්මට

Udara || උදාර ධර්මසේන said...
April 11, 2010 at 11:27 PM

@තිස්සායියා - තැන්කුන් අයියණ්ඩි..

@අසංකා - මගෝ ඩිගෝ ඩයි සීන් එකක්ද ඔලුවට ආවේ ? :P තැන්කුන් කමෙන්ටුවට ළමයා..

@දිලින - පන්සලේ දොරෙන් හරි බාර් එකේ දොරෙන් හරි නිවන් නම් නිවන් කිව්වාලු..

@රවා - බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට.. දිගටම බලන්න.. තව සින්දු ගොඩක් ගේනවා..

@ඇනෝ අයියා හෝ අක්කා - තැන්කුන් අයියා හෝ අක්කා කමෙන්ටුවට..

Raven said...
April 12, 2010 at 8:51 AM

මමත් ප්‍රිය කරන ලස්සන ගීයක්. ප්‍රේමණීය ගීත බොහොමයකින් සමන්විත චිත්‍රපටයක්.
මෙහි එන ‍"ජෝ බාත් තුජ්මේ හේ" යන ගීයෙනුත් බිහිඋන සිංහල ගීයක් තියනව නේද?

Udara || උදාර ධර්මසේන said...
April 12, 2010 at 8:58 AM

@ රවීන් - ඔව් සහෝදරයා.. ජෝ බාත් තුජ්මේ හේ ගීතය මම ඊළඟ ලිපිය විදිහට එකතු කරන්නම්.. දිගටම බලන්න.. ස්තූතියි..

විශ්මි said...
April 12, 2010 at 11:27 AM

මම ආසම කරන හින්දි ගීතයක්....... ස්තුතියි උදාර........ :)

Anonymous said...
April 12, 2010 at 12:40 PM

ෂා...... හරිම ලස්සන වැඩක් නෙ මම කැමති මේ විදියට හින්දි ගීතයත් එක්කම ඒකෙන් නිපන් සින්හල ගීතයත් දානවනම්

naya said...
April 12, 2010 at 3:01 PM

කියලා වැඩක් නැහැ..මම මේ සිංදු 2කටම මාර ආසයි...!

Unknown said...
May 31, 2010 at 9:47 AM

මම ආසම කරන සින්දුවක්....බොහොම ස්තූතියි සහෝ....

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...