:: Tum Bin... මේ ගී කාටදැයි.. ::



ඔන්න යාළුවනේ අද ගෙනාවා මගේ ප්‍රියතම හින්දි ගීත වලින් එකක් එක්ක ඒකේ සිංහල කොපිය..

තුම් බින් ජා‍ඕ කහා.. කේ දුනියාමේ ආකේ.. කුච්නා පිර් චහා සනම්.. තුම්කෝ චාහකේ.. තුම් බින්...

මේ සින්දුව අහලා නැති කෙනෙක් හොයන එක නම් නිකං කළුනික හොයනවා වගේ වෙයි... ඒ තරමට මේ සින්දුව ලංකාවේ ජනප්‍රියයි.. අඩුම තරමේ මේ තනුවවත්.. ඉතින් මේ සින්දුව අඩංගු‍ වෙලා තිබ්බේ 1969 තිරගත වෙච්ච "ප්යාර් කා මෝසම්" (Pyar Ka Mausam) කියන චිත්‍රපටියේ.. ආශා පරේක් එක්ක ශෂී කපූර් තමයි ප්‍රධාන රංගනයෙන් දායක වුනේ.. මේ ගීතය මේ චිත්‍රපටියේ දෙපාරක් ගායකයෝ දෙන්නෙක් ගායනා කරනවා.. ඒත් එක්කම ලතා මංගේෂ්කාර් යුග ගායනයෙනුත් දායක වෙන කොටසක් එක් ගීයක තියෙනවා.. මජ්රූ සුල්තාන්පුරීගේ පද වලට ආර්. ඩී. බර්මන් නොහොත් රාහුල් දේව් බර්මන් මහත්තයා තමයි තනුව සැකසුවේ..

මෑතකදී ආයෙත් මේ ගීතය "දිල් විල් ප්යාර් ව්යාර්" කියන චිත්‍රපටියට එකතු කලා.. හැබැයි නව සංගීතයත් එක්ක.. දකුණු ඉන්දියානු ගායකයෙක් වන "හරිහරන්" මහත්තයා තමයි මේ ගීතය අළුතින් ගායනා කලේ.. ඒත් පරණ ගීතය වගේ සංගීතය මිහිරි අඩු වුනාට, හරිහරන් මහත්තයාගේ ස්වර අලංකරණ වලින් මේ ගීතයට අළුත් එළියක් ලැබුනා කියලයි මට නම් හිතෙන්නේ..

ලංකාවේ මේ තනුව පාවිච්චි කරලා ගීතයක් ගායනා කලේ අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා.. කරුණාරත්න අබේසූරිය මහත්තයාගේ ගී පද වලින් තමයි මුල් තනුව හැඩවැඩ ගැන්නු‍නේ..

මේ ගී.. කාටදැයි.. ඔබ දන්නවා ඇති.. හිත ‍මගේ පිදු හැටී.. සිහිවේ නොනැවතී.. මේ ගී...

ඔන්න පල්ලෙහා හින්දි ගීත වල යූටියුබ් විඩීයෝ ටිකයි.. ඒ ගීත වල එම්.පී3 ගොනු සියල්ලමයි තියෙනවා අපේ යාළුවොන්ට බා ගන්න.. ඔන්න සිංහල ගීතයත් තියෙනවා...










තුම් බින් ජා‍ඕ කහා..1 - ප්යාර් කා මෝසම්

තුම් බින් ජා‍ඕ කහා..2 - ප්යාර් කා මෝසම්

තුම් බින් ජාඕ කහා..3 - දිල් විල් ප්යාර් ව්යාර්

මේ ගී කාටදැයි... - ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

::: Muje Teri... කලක් තිස්සේ... :::



ඊයේ දාපු පෝස්ට් කීපයට හිතපු තරම් නැතිවුනත් සාමාන්‍ය මට්ටමක ප්‍රතිචාර තිබුනා.. ඉතින් ඒ ප්‍රතිචාර වල ප්‍රතිපලයක් විදිහට සයිබර් ලෝකෙදි දැන අඳුනා ගත්ත මං වගේම හින්දි පිස්සෙක් (ආදරේට හොඳේ) (නමින් හෂිනි මද්දුමගේ සහෝදරිය) මට සෑහෙන්න වටින අති ජනප්‍රිය සින්දු කීපයක් එවලා තිබුනා.. ඉතින් ඔන්න ඒවා දැන් එකින් එක දානවා.. ඔන්න ඉතින් මුලින්ම හසිනි සහෝදරියට තැන්කුන් කියලා ඉමු...

අද ගෙනාපු සින්දුව තමයි හැමෝම දන්න කියන ළගදී රීමේක් කරපු තුෂාරා එකෙත් තිබුන මේ දවස් වල සූප ස්ටාර් කඩ වලිනුත් ඇහෙන "කලක් තිස්සේ.. සිතක් පත්ලේ..." සින්දුව... ලතා වල්පොල නෝනත් එක්ක අපේ හදවත රත්තරං ‍ජෝතිපාල මහත්තයා තමයි මේ සින්දුව ගායනා කරන්නේ.. 70 දශකයේ තිරගත වුන තුෂාරා චිත්‍රපටියේ රඟපෑවේ කවුද කියලා කියන්න ඕනේ නෑනේ.. දන්නේම නැත්තම් පල්ලෙහා යුටියුබ් වීඩියෝ ටික බලන්න..

ඉතින් මේ "කලක් තිස්සේ" සින්දුවේ තනුවත් හින්දි කොපියක් කියලා සමහරු දන්නවා ඇති.. 1971 තිරගත වුන ආප් ආයේ බහාර් ආයේ (Aap Aye Bahaar Ayee) චිත්‍රපටියේ තමයි මේ මුල් ගීය තිබ්බේ.. "මුජේ තේරී මොහාබත් කා.." කියලා තමයි ඒ සින්දුව පටන් ගන්නේ.. රාජේන්ද්‍ර කුමාර් එක්ක සධානා ශිවදාසනී තමයි මේ චිත්‍රපටියට රඟපෑවේ.. මේ නිළියයි නළුවයි නම් මතකත් ඇති.. මේ නළුවා ගීත් එකේ රඟපෑවා.. නිළිය ඒක් පූල් දෝ මාලික් චිත්‍රපටියේ හිටියා.. සුපුරුදු විදිහට ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් ගේ සංගීතයට ආනන්ද භක්ෂි තමයි පද ටික ගැලපුවේ.. ඉන්දියාවේ ජෝති, මොහොමඩ් රාෆි එක්ක ඉන්දියාවේ ලතා නෝනා තමයි හිත ඇද බැද ගන්න විදිහට සින්දුව කිව්වේ.. ඔන්න තියෙනවා ඔක්කොම බාගෙන විඳින්න.. තව ඕනේ නම් කියන්න ඈ.. ;)

කලක් තිස්සේ - එච්. ආර් ජෝතිපාල සමග ලතා වල්පොල

මුජේ තේරී මොහොබත් කා - මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්




උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Tum Kamsin hu - ඔබ කවුද ප්‍රියේ ?



ඔන්න අද දවසට "ශ්‍රී ලංකාවේ පැරණි හින්දි ගී" බ්ලොග් එකේ දාන තුන්වෙනි ලිපිය...

ආයෙත් ගෙනාවා ඔන්න අති ජනප්‍රිය තවත් ගීතයක්.. ජේ. ඒ. මිල්ටන් පෙරේ‍රා මහත්තයා එදා ගායනා කරපු, අද ප්‍රියංකර පෙරේරා හෝ චලක චමුපති ගායනා කරන සින්දුවක් තමයි මේ..

" ඔබ කවුද ප්‍රියේ... මන්ද මෙසේ... රන් රස සේ... ඉන්නේ බැඳී..."

හැමෝම දන්න කියන මේ සින්දුවත් හින්දි කොපියක් කියලා ගොඩක් අය දන්නේ නැතුව ඇති.. ඒ තරම් දක්ෂ විදිහට මුල් තනුව පාවිච්චි කරලා තියෙනවා.. මේ මුල් ගීතය අඩංගු වෙලා තිබ්බේ 1964 තිරගත වුන "ආයේ මිලන් කී බේලා" (Ayee Milan Ki Bela) කියන චිත්‍රපටියේ... ශංකර්-ජයකිශන්ගේ මියුරු සංගීතයට මොහොමඩ් රාෆි මහත්තයා තමයි ගීය ගායනා කලේ.. මේ චිත්‍රපටියේ රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර්, සයීරා බානු එක්ක ධර්මේන්ද්‍ර... ඒ කිව්වේ ‍සනී ඩියෝල්, බොබී ඩියොල්, ඊෂා ඩියොල්ගේ තාත්තා... කොහොම හරි අහන්න ලැබුන විදිහට ධර්මේන්ද්‍රගේ පළමුවෙනි චිත්‍රපටියත් මේකලු.. දුෂ්ඨයාට තමයි ඉතින් රඟපාලා තියෙන්නේ.. :)

ඔන්න තියෙනවා යූටියුබ් වීඩියෝ එකයි... ඔබ කවුද ප්‍රියේ සිංහල සින්දුවේ එම්පී3 එකයි.. තුම් කම්සින හූ එම්පී3 එකයි.. ඔක්කෝම..




ඔබ කවුද ප්‍රියේ... - ජේ. ඒ. මිල්ටන් පෙරේරා

තුම් කම්සින හූ... - මොහොමඩ් රාෆි
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

පැරණි හින්දි ගී රසිකයන්ට පණිවිඩයක්...




මට දැන ගන්න ලැබුනා පැරණි හින්දි ගී රසිකයන් සෑහෙන්න ප්‍රමාණයක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ ඉන්නවා කියලා.. ඒ වුනාට පැරණි හින්දි ගී විතරක්ම නෙමෙයි අද හෙට එන ඒවාත් අපි අහනවා විඳිනවා...

ඉතින් ඒක හින්දා මං හිතුවා අපේ යාළුවෝන්ට අවස්ථාවක් දෙන්න.. මෙන්න මේකයි කාරණේ.. ගොඩක් අය ඇති සිංහල සින්දුවේ ඔරිජිනල් හින්දි සින්දුව හොය හොයා ඉන්න අය... තව ඇති හින්දි සින්දුවේ සිංහල කොපිය හොය හොයා ඉන්න අය.. තවත් සමහරු ඇති සින්දුවේ තාලය හරි, පද කීපයක් හරි, නැත්නම් චිත්‍රපටිය ගැන හෝඩුවාවක් දන්න ඒත් සින්දුව හොයා ගන්න බැරි..

අන්න ඒ අයට උදව් කරන්න තමයි මේ වැඩේ පටන් ගන්න යන්නේ.. ඒ වගේ ඇවිලෙන ගැටළු :) තියෙන අය මෙතන කමෙන්ට් එකක් විදිහට අහන්න පුළුවන්.. එතකොට මට පුළු පුළුවන් විදිහට මං උදව් කරන්නම්.. හරිද යාළුවනේ ?
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Muje Tum... ස‍ඳේ එන්නම් ඔබේ ලෙනටා...



අදත් ගෙනාවා කාලයක් සෑහෙන ජනප්‍රිය වුන ගීතයක්... සුපුන් මලයා, තමීර, දුකායියා, නොදරුවා දාපු කමෙන්ට් ටික නම් මට වටිනවා වැඩේ කරං යන්න..

කොයි කවුරුත් අපේ රූපා ඉන්දුමතී නෝනා දන්නවා ඇති නේද ? අර එක ගඟක ඉවුරු දෙක කවදා සින්දුව කියන්නේ... අර විදුලි දුම්රියේ චංචල නාදේ කියන්නේ... දැන් මතකයි නේද ? ආහ් හරි.. ඒ නෝනාම කියන තව සින්දුවක් තියෙන්නේ,
"සඳේ එන්නම්, ඔබේ ලෙනටා... සිසාරා නිල් ගුවන් ගැබටා.." කියලා.. ඔන්න ඒක තමයි අද අරගෙන ආවේ..

ගොඩක් අය දන්නේ නැතුව ඇති ඒක හින්දි කොපියක් කියලා නේද? ඒ තරම් ලස්සනට මුල් තනුවට සිංහල පද ගලපලා තියෙනවා..

‍මේ සිංහල සින්දුවට අදාල මුල් තනුව තිබුනේ 1966 තිරගත වුන "ලව් ඉන් ටෝකියෝ" (Love in Tokyo) චිත්‍රපටයේ.. මුජේ තුම් මිල් ගයේ හම් දම්..." කියන සින්දුවේ... සුපුරුදු විදිහට භාරත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය, ශංකර්-ජයකිෂන්ගේ මන මෝහනීය සංගීතයට තමයි මේ සින්දුව ගායනා කලේ.. තවත් මේ චිත්‍රපටියේම ආපු ජනප්‍රිය ගීයක් තමයි "ස‍යොනාරා සයොනාරා" කියන එක.. ගොඩක් අය අහලා ඇති.. ජෝයි මුඛර්ජි එක්ක ආශා පරේක් කියන සුරූපි නිළිය තමයි මේකේ රඟපෑවේ..

ඔන්න තියෙනවා හින්දි සින්දුවේ යූටියුබ් වීඩියෝ එකත් එක්ක සිංහල සින්දුවේ එම්පී 3 එකයි හින්දි සින්දුවේ එම්පී 3 එකයි... බාගෙන රස විඳින්න...




ස‍‍ඳේ එන්නම් ඔබේ ලෙනටා - රූපා ඉන්දුමතී

මුජේ තුම් මිල් ගයේ ‍හම් දම් - ලතා මංගේෂ්කාර්
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Jab Jab bahar aaye... දෙව්දුව පලාගියාදෝ...


කාලෙකින් තමයි ඔන්න පැරණි ගීතයක් බෙදා හදා ගන්නේ... පහුගිය ටිකේ වැඩ ගොඩකුයි ගමන් ගොඩකුයි තිබුන නිසා මුකුත් කරගන්න බැරිවුනානේ... මගේ අනික් බ්ලොග් එකේ නම් ලිපියක් දෙකක් දැම්මා ඉතින්...

ඔන්න අද ගෙනාවා අදටත් ගොඩාක් ජනප්‍රිය ගීතයක්... කලින් දාපු ගීත ගොඩක් ජොතිපාල මහත්මයා ගායනා කරපුවා.. අද ගීතය ගායනා කරන්නේ ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා.. ඒ කියන්නේ ප්‍රියංකර පෙරේරාගෙයි චලක චමුපතිගෙයි තාත්තා...

දෙව්දුව පලා ගියාදෝ... පුදසුන ගරා වැටීදෝ... හද රන් දේවාලේ...

මේ සිංහල ගීතයේ තනුව හින්දි එකක්... 1967 තිරගත ‍වුන තක්දීර් (Taqdeer) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. තක්දීර් කියන්නේ "දෛවය"ට..

ජබ් ජබ් බහාර් ආ‍යේ.. ඔර් පූල් මුස්කුරායේ... මුජේ තුම් යාද් ආයේ...
(සිංහල තේරුම - වසන්තය නැවත නැවතත් උදාවන විට.. මල් හිනැහෙන විට... මට ඔබව මතකයට එනවා...)

භාරත් භූෂන්, ෆරීදා ජලාල් තමයි මේ චිත්‍රපටියේ රඟපෑවේ.. ෆරීදා ජලාල් නම් තාමත් රඟපානවා.. කුච් කුච් හෝතා හේ එකේ අම්මාට හිටපු නිළිය මතක ඇති හැමෝටම... අන්න එයාට තමයි ෆරීදා ජලාල් කියන්නේ... මෙයා ආරාධනා චිත්‍රපටියෙත් රඟපෑවා..

ජබ් ජබ් බහාර් ආයේ ගීතය ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර් එක්ක මොහොමඩ් රාෆි... ‍ආනන්ද් භක්ෂි ලියපු පද වලට ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් තමයි සංගීතය මුසු කරලා මෙච්චර හිතට වදින විදිහට ගීතය හැඩ වැඩ කරලා අරන් තියෙන්නේ...

ඔන්න පල්ලෙහා තියෙනවා ලින්ක් හින්දි සින්දුව බලන්න හා බාගන්න... හින්දි සින්දුවේ මොහොමඩ් රාෆි කියන එක මුලින්ම තියෙනවා.. මේ ළඟදී සෝනු නිගම් මහත්තයාත් ලස්සනට කියලා තිබුනා... ඒක නිසා ඒකත් අහලා බලන්න... සිංහල එකේ එම්පී3 එකත් තියෙනවා ඔන්න...




ජබ් ජබ් බහාර් ආයේ.. - මොහොමඩ් රාෆි

ජබ් ජබ් බහාර් ආයේ.. - සෝනු නිගම්

දෙව්දුව පලා ගියාදෝ... - මිල්ටන් පෙරේරා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Ye Shyam Masthani... ජීවිතේ තරුණ කාලේ...




ඔන්න දවස් කීපයකින් තමයි අළුත් බ්ලොග් ලිපියක් ලියන්නේ.. වැඩ වැඩ වැඩ තමයි ඉතින්...

අදත් ඉතාමත් ජනප්‍රිය වුන පැරණි හින්දි ගීතයක් හා එහි රසය නොනැසෙන ආකාරයට ලංකාවේ නිපදවූ පිටපත අපේ හින්දි ගී රසිකයෝ එක්ක බෙදා හදා ගන්න හිතුනා...

"යේ ෂ්‍යාම් මස්තානී..." "මේ ප්‍රීතිමත් සැන්දෑව..." මේ ගීතය 1970 වර්ෂයේ තිරගත වුන "කට්ටි පතන්" චිත්‍රපටයේ අඩංගු වන එකක්.. "කති පතන්" කියන්නේ "නූල කැඩුනු සරුංගලය" කියන එක.. රාජේශ් ඛන්නා සමග ආශා පරේකාර් තමයි රංගනයෙන් දායක වූනේ.. ආනන්ද් බක්ෂි රචනා කල ගී පද වලට සංගීතය මුසු කලේ රාහුල් දේව් බර්මන්.. ඒ කියන්නේ කොයි කවුරුත් දන්න කියන ආර්. ඩී. බර්මන්... එතකොට මේ ගීය ගායනා කරන්නේ කිෂෝර් කුමාර්... ඔන්න පල්ලෙහා දාලා තියෙනවා Youtube වලින් ගත්ත වීඩියෝ එකත් mp3 ආකාරයට තියෙන ගීතයත් දාලා තියෙනවා..

යේ ෂ්‍යාම් මස්තානී ගීතය අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා "ජීවිතේ තරුණ කාලේ" කියලා සිංහල පද යොදලා මුල් ගීතයේ රසයට කිසිම හානියක් නොවෙන විදිහට ලස්සනට ගායනා කලා... මේ දවස් වල මේ ගීතය එක එක ස්ටාර් වැඩසටහන් වල බොහෝවිට ගායනා කරනවා.. මං දන්න තරමින් මේ ගීය චිත්‍රපටයකට ගායනා කල එකක් නෙමේ.. කවුරුහරි මේ ගීය ගැන වැඩිදුර විස්තර දන්නවා නම් කරුණාකරලා කියන්න.. ඔන්න ජෝතිපාල මහත්තයා ගායනා කරන ඒ ගීතයේ mp3 එකත් පහලින් තියෙනවා..





Ye Shyam Masthani

ජීවිතේ තරුණ කාලේ



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Dheere Dheere Machal... හර්දේ රස මාළිගේ...

ඔන්න තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් මගේ පැරණි හින්දි ගී රසිකයන් එක්ක බෙදාගන්න හිතුනා... හැබැයි මේ හින්දි ගීතය අහලා නැති වුනාට තනුව නම්‍ හොඳට අහලා පුරුදු ඇති... හර්දේ රස මාළිගේ.. ප්‍රීතී දේ මා‍ හදේ.. කිව්වාම පොඩි ළමයෙක් පවා දන්නවා.. සකුන්තලා චිත්‍රපටයට සුජාතා අත්තනායක මහත්මිය තමයි ගායනා කලේ... මේ දවස් වල නම් සුපර්ස්‍ටාර් තරඟ වල ගොඩක් මේ ගීතට ගැයෙනවා මං අහලා තියෙනවා..

හැබැයි ගොඩක් අය දන්නේ නෑ මේ ගීතයේ ඔරිජිනල් එක... ඒක තමයි දීරේ දීරේ මචල් කියන ගීතය... 1966 අවුරුද්දේ තිරගත වුන අනූපමා චිත්‍රපටයට ලතා මංගේෂ්කාර් නෝනා තමයි ගායනා කරලා තියෙන්නේ...

මේ ගීත දෙකේම රූප රචනාව එකම වගේ.. අපි හරිම හොඳට කොපි කරලා තියෙනවා.. :)

ඔන්න වාසනාව‍ට වගේ සින්දු දෙකම youtube එකේ තිබ්බා... හින්දි සිංහල දෙකේම Mp3 ‍ගොනුත් හම්බුනා... ඔන්න තියෙනවා බාගන්න... තව විස්තර ඕනේ නම් අහන්නත් පුළුවන් ඕං..

Dheere Dheere Machal - Anupama


හර්දේ රස මාළිගේ - සකුන්තලා



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Gunguna Rahi... සුසුදු රැල්ල...

මේ හින්දි ගීතය බොහෝ අය රසවිඳලා ඇති... ආරාධනා චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ආශා බොස්ලේ ගායනා කරන "ගුන්ගුනා රහී හේ" ගීතයට රංගනයෙන් දායක වුනේ රාජේශ් ඛන්නා හා ශර්මිලා තාගෝර්... මේ ශ්‍රේෂ්ඨ නළු නිළි දෙපළම තාමත් අප අතරේ ඉන්නවා.. රාජේශ් ඛන්නා නම් දැනට රඟපාන්නේ නෑ.. හැබැයි ශර්මිලා තාගෝර් නම් මේ ළඟදිත් ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිතයට රඟපාන චිත්‍රපටියක මවකගේ චරිතය රඟපෑ‍වා... 8X10 Thasweer ඒ චිත්‍රපටියේ නම... ඒ ගැන තොරතුරු මෙතනින් බලන්න පුළුවන්... ශර්මිලා තාගෝර් කියන්නේ සයිෆ් අලී ඛාන්ගේ අම්මා බව ගොඩක් අය දන්නවා ඇති.. ඉතින් ආරාධනා චිත්‍රපටිය නරඹපු කාටවත් මේ සින්දුව නම් අමතක වෙන්න විදිහක් නෑ.. ආහ්.. මේ ගීතය රචනා කලේ ආනන්ද් බක්ෂි, සංගීතය එස්. ඩී. බර්මන්...

හැබැයි කොයි කවුරුත් දන්නවා "සුසුදු රැල්ල වැල්ලේ පෙරලී" ගීතය... ගුන්ගුනා රහී‍ හේ ගීතයේ තනුවට අපේ එච්. ආර්. ජෝතිපාල (හදවත රත්තරන් ජෝතිපාල) මහත්තයා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය එක්ක "අභිරහස" චිත්‍රපටියට තමයි සුසුදු රැල්ල ගීතය ගායනා කලේ... හින්දි ඔන්න පහල දාලා තියෙනවා ඔරිජිනල් එකයි සිංහල කොපියයි දෙකම කට්ටියට බලාගන්න... හින්දි එකේ Mp3 එකත් මෙතන තියෙනවා...

මෙතනින් mp3 ගොනුව බාගන්න..



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

පළමුවෙනි සටහන...

ඔන්න මම මගේ අනික් බ්ලොගේ පොරොන්දු වුන විදිහටම පටන් ගන්න යන්නේ අළුත් වැඩේ...

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගීත.....

සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ බොහෝ දෙනෙක්ට හොඳ රසඥතාවයක් තියෙනවා කියලා මට දැනෙනවා.. ඒ වගේම අපිට හොරා කමෙන්ට් නොදමා අපේ බ්ලොග කියවන බොහෝ දෙනෙකුටත් හොඳ රසඥතාවයක් ඇති කියල හිතෙනවා... ඉතින් පැරණි හින්දි ගීත කියන්නේ ඒ රසඥතා පිපාසය සංසිඳුවන්න පුළුවන් දිය දෝතක් වගේ මට නම් දැනෙන්නේ... ඒක නිසාම අද පටන් මං පැරණි හින්දි ගීත මගේ මිතුරු මිතුරියන් එක්ක බෙදා හදා ගන්නවා...

මේ බ්ලොග් සටහනේ ආකෘතිය වෙන්නේ මෙන්න මේකයි...
1. පැරණි හින්දි ගීතය - Mp3 ආකාරයට හා Youtube වල තිබේනම් පමණක්
2. එම පැරණි හින්දි ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය - Mp3 ආකාරයට හා Youtube වල තිබේනම් පමණක්
3. එම පැරණි හින්දි ගීතයේ සිංහල තේරුම - හින්දි සාමාන්‍යයෙන් මට පුළුවන් වුනත් මෙය කිරීමට කාලවේලාව ප්‍රශ්ණයක් විය හැක... නමුත් රුහුණු යකා එකඟ වුනොත් පහසු වනු ඇත...

ඉතින් තව අදහස් ‍තියෙනවා නම් මට කියන්න.. මෙන්න මගේ විද්‍යුත් තැපෑල....

ඉතින් අපි රසවිඳිමු... පැරණි හින්දි ගී....
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන