තවත් ටිකක් ජනප්‍රිය පැරණිම පැරණි හින්දි ගීතයක් ගැන කියන්න තමයි අදත් ආවේ.. මෙන්න මේකයි ගීතය...
ආනේසේ උස්කේ ආයේ බහාර්..
ජානේසේ උස්කේ ජායේ බහාර්..
බඩී මස්තානිහේ මේරි මෙහෙබූබා..
බඩී සින්දගානීහේ මේරි මෙහෙබූබා..
1969 වර්ෂයේදී තිරගතවුන “ජීනේ කී රාහ්“ (Jeene Ki Raah) කියන චිත්‍රපටියේ.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය කලේ එල්. වී. ප්‍රසාද්. ජිතේන්ද්‍ර, තනූජා සමග ජග්දීප් සහ සංජීව් කුමාර් රංගනයෙන් දායක වුනා.. ගමේ ඉඳන් නගරයට රැකියාවක් සොයාගෙන යන තරුණයෙක් ගැන තමයි මේ කථාවේ කියැවෙන්නේ.. 1953 තිරගත වුන තෙලිඟු චිත්‍රපටියක කථාවක් ආශ්‍රෙයන් තමයි ජීනේ කී රාහ් චිත්‍රපටිය නිෂ්පාදනය වුනේ.. ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් සහෝදර දෙපළගේ සුමියරු සංගීතයට ආනන්ද් බක්ෂි තමයි පද ගැලපුවේ.. සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා මේ ගීතය ගායනා කරනවා..
ඔන්න පහලින් ගීතය බලාගන්නත් ගීතය බාගන්නත් වෙනදා වගේම අවස්ථාව තියෙනවා..
දැන් බලමු මේ හින්දි ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා.. මතකද බලන්න පහල තියෙන පද පේලි කියවලා..
අලෝකේ බිහිවී පැතිරෙයිදෝ
ආශාව ඉටුවී සපිරෙයිදෝ
වැළලුනු මල ඊයේ.. තව හෙටත් තියේ..
සටනකි ජීවිතේ.. ජය පරාජ වේ..
අපේ තාත්තාගේ ආසම සින්දුවක් හින්දා මට පොඩි කාලේ ගොඩක් මේ ගීතය අහන්න ලැබුනා.. ඒත් මේ ගීතය අඩංගු වුනේ 1973 තිරගත වුන “සුහද පැතුම“ චිත්‍රපටියේ.. කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ කැමිලස් පෙරේරා.. ප්‍රධාන යුවලට පණ පෙව්වේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලනී ෆොන්සේකා.. මේ ගීතය ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්මයා.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා..