අදටත් ජනප්රිය තවත් රසවත් සින්දුවක් අරගෙන ඔන්න අද මම ආවා...
මේ හින්දි සින්දුව නම් වැඩිය අහලා නැතිව ඇති...
"දිල් යුසේ දෝ ජෝ ජානේ දේ..."
මේ සින්දුව තිබුනේ 1971 තිරගත වුන අන්දාස් චිත්රපටියේ.. රමේෂ් සිප්පි අධ්යක්ෂණය කරපු මේ චිත්රපටියට ශම්මි කපූර් රාජේශ් ඛන්ණා එක්ක හේමා මාලිනි තමයි ප්රධාන රංගනයෙන් දායකවුනේ.. ශංකර්-ජයකිශන්ගේ මියුරු සංගීතයට ශයිලේන්ද්ර තමයි පද ගලපලා තියෙන්නේ.. ගායනා කලේ සුපුරුදු පරිදි මොහොමඩ් රාෆි මහත්තයාත් එක්ක මේ ළඟදී ලංකාවට ආපු ආශා බෝස්ලේ මහත්මිය..
ඉතින් ලංකාවේ මේ තනුවටම සින්දුවක් හැදුවා "හොඳට හොඳයි" චිත්රපටියේ... ඒ තමයි...
"මල් වැහි සීතල මල් වැස්සේ... මල් මදහාස මං දැක්කේ..."
ගාමිණී - මාලිනී යුවල රංගනයෙන් දායක වුන මේ චිත්රපටියේ මේ සින්දුව ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්තයාත් එක්ක ඇන්ජලීන් ගුණතිලක මහත්මිය..
ඔන්න තියෙනවා සින්දු දෙකම බාගන්න.. යූටියුබ් වීඩියෝ දෙකත් තියෙනවා බලාගන්න...
දිල් යුසේ දෝ ජෝ ජානේ දේ...
මල් වැහි සීතල මල් වැස්සේ...