:: Hum Hain To Chandh.. අපි පාගලා යාමුකෝ හැටේ.. ::



ඔන්න ගිය සතියේ පොරොන්දු වුන විදිහටම අදත් ආවා ඉපැරණි ජනප්‍රිය ගී යුගලයක් අරගෙන.. සතියට අඩුම එක් ලිපියක් හෝ පලකරන එක පුරුද්දක් කරගන්න හිතුවා මොන රාජකාරිය තිබ්බත්..

ඉතින් අද අරගෙන ආපු පැරණි හින්දි ගීතය මෙන්න මේකයි:

හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..
ජහා කේ රංගී නසාරේ..
හායෙරේ හායේ ඕ දුනියා..
හම් තෙරි නසර් මේ අවාරේ..

1959 වසරේ තිරගත වුන මේ චිත්‍රපටියේ නම තමයි “මේ නශේ මේ හූ“ (Main Nashe Main Hu). මේ නමේ තේරුම තමයි “මා මත්වී සිටී“ යන්න.  නරේශ් සේගල් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ රඟපෑවේ රාජ් කපූර් සමග මාලා සින්හා.

ගීත 09ක් අඩංගු වුන මේ චිත්‍රපටියේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් තමයි මේ හම් හේ තෝ ගීතය. හස්රත් ජයපුරි හා ශයිලේන්ද්‍ර පද රචනා කල මේ ගීතයේ සංගීතය ශංකර් සහ ජයකිෂන් සහෝදර යුවලගේ. ගායනය මුකේෂ්.

ඔන්න මේ ගීතය අහන්න බලන්න හැමදාටම තියා ගන්න බාගන්නත් අවස්ථාව තියෙනවා පහලින්.


හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ.. 




ඉතින් මේ හින්දි ගීතය අහද්දි කොයි කාටත් මතක් වෙන්න ඇති මේ තනුවට වැයුනු සිංහල ගීතය මොකක්ද කියලා. හින්දි ගීතයේ තේරුමට හාත්පසින්ම වෙනස් තේරුමක් ඇති මේ ගීතය තමයි “අපි පාගලා යාමුකෝ හැටේ“.


1960 අප්‍රේල් මාසේ 28 වෙනි දින තිරගත වුන සුන්දර බිරිඳ චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ. ඩී. යෝගනාදන් අධ්‍යක්ෂණය කල චිත්‍රපටිය නිෂ්පාදනය කලේ ජබීර්. ඒ. කාදර්. ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ රවින්ද්‍ර රූපසේන සමග ක්ලැරිස් ද සිල්වා. මේ ගීතයේ වීඩියෝවක් නම් හොයා ගන්න බැරි වුනා. ඒත් ඒත් එම්.පී.3 එකක් නම් හොයා ගත්තා ටොප්සිංහලඑම්පී3 අඩවියේ තිබිලා.

ඔන්න ඒ ගීතය බාගන්න පුළුවන් පහලින්.

අපි පාගලා යාමුකෝ හැටේ


උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Itnee Haseen Itni Jawan.. කඳුලැල් සලා දෙනෙත් පියවී.. ::


සෑහෙන කාලයකට පස්සේ ඔන්න ආයෙත් හිතුනා මගේ පරණ විනෝදාංශය පටන් ගන්න.. 2012 අප්‍රේල් මාසේ තමයි මම මීට කලින් ලිපියක් පල කරලා තියෙන්නේ.. පැරණි හින්දි ගී ප්‍රිය කරන බොහොමයක් දෙනා ඊමේල් පණිවිඩ හා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරා ආපහු මේ වැඩේ පටන් ගන්න කියලා.. ඉතින් ඔන්න අද ඉඳලා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරය රීස්ටාට් වෙනවා..

අද අරගෙන ආවේ 1963 තිරගත වුන ආජ් ඕර් කල් (Aaj Aur Kal) කියන චිත්‍රපටියේ ඉතා ජනප්‍රිය ගීතයක්.. මේ ගීතයේ මුල් පද පේලි ටික මෙන්න මෙහෙමයි ගායනා වෙන්නේ..

“ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ..
ජාගේ හේ කුච් අජීබ් සේ ජස්බාත් ක්යා කරේ..
ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ..“

සිංහල තේරුම:
“ඉතා සුන්දර තාරුණයයෙන් පිරි මේ රාත්‍රියේ කුමක් නම් කරමුද?
යම්කිසි අමුතු හැඟීම් පිබිදෙමින් තිබේ කුමක් නම් කරමුද?
ඉතා සුන්දර තාරුණයයෙන් පිරි මේ රාත්‍රියේ කුමක් නම් කරමුද? “

වසන්ත් ජෝග්ලේකාර් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටියේ සුනිල් දත් සමග නන්දා ප්‍රධාන චරිතයන්ට පණ පොවනු ලැබුවා. මීට අමතරව රාජ් කුමාර්, තනූජා, අශෝක් කුමාර්, දේවන් වර්මා සහාය රංගනයෙන් දායක වුනා. රවී සංගීතවත් කල මේ චිත්‍රපටියේ මෙම ගීතය ගායනා කරනු ලැබුවේ මොහොමඩ් රාෆි විසින්.

මේ ගීතය පහලින් බලන්න වගේම බාගන්නත් අවස්ථාව සුපුරුදු පරිදි තිබෙනවා ඔන්න



ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ.. - මොහොමඩ් රාෆි 

මෙම ගීතයේ තනුවට පසුකාලීනව සුපුරුදු පරිදි එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගීතයක් ගායනා කලා.. ඒ තමයි “කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ..“ කියන ගීතය.. මේ ගීතය චිත්‍රපටියකටද ගායනා කලේ කියන තොරතුරක් නම් හොයාගන්න බැරිවුනා.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න.. කොහොම වුනත් හරිම ලයාන්විත විදිහට මුල් තනුව තවත් අලංකාර කරමින් මේ ගීතය අපේ ජෝතිපාල මහත්මයා ගායනා කරලා තියෙනවා.. 

පහලින් මේ ගීතය අහන්න බලන්න වගේම බාගන්නත් අවස්ථාව තියෙනවා ඔන්න.. තවත් මේ වගේ ලස්සන ගීත යුගලක් අරගෙන පරක්කු නොවී එන්නම්.. 




කඳුලැල් සලා දෙනෙත් පියවිලි - එච්. ආර්. ජෝතිපාල 

උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන