:: Itnee Haseen Itni Jawan.. කඳුලැල් සලා දෙනෙත් පියවී.. ::
සෑහෙන කාලයකට පස්සේ ඔන්න ආයෙත් හිතුනා මගේ පරණ විනෝදාංශය පටන් ගන්න.. 2012 අප්‍රේල් මාසේ තමයි මම මීට කලින් ලිපියක් පල කරලා තියෙන්නේ.. පැරණි හින්දි ගී ප්‍රිය කරන බොහොමයක් දෙනා ඊමේල් පණිවිඩ හා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරා ආපහු මේ වැඩේ පටන් ගන්න කියලා.. ඉතින් ඔන්න අද ඉඳලා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරය රීස්ටාට් වෙනවා..
අද අරගෙන ආවේ 1963 තිරගත වුන ආජ් ඕර් කල් (Aaj Aur Kal) කියන චිත්‍රපටියේ ඉතා ජනප්‍රිය ගීතයක්.. මේ ගීතයේ මුල් පද පේලි ටික මෙන්න මෙහෙමයි ගායනා වෙන්නේ..
“ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ..
ජාගේ හේ කුච් අජීබ් සේ ජස්බාත් ක්යා කරේ..
ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ..“
සිංහල තේරුම:
“ඉතා සුන්දර තාරුණයයෙන් පිරි මේ රාත්‍රියේ කුමක් නම් කරමුද?
යම්කිසි අමුතු හැඟීම් පිබිදෙමින් තිබේ කුමක් නම් කරමුද?
ඉතා සුන්දර තාරුණයයෙන් පිරි මේ රාත්‍රියේ කුමක් නම් කරමුද? “
වසන්ත් ජෝග්ලේකාර් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටියේ සුනිල් දත් සමග නන්දා ප්‍රධාන චරිතයන්ට පණ පොවනු ලැබුවා. මීට අමතරව රාජ් කුමාර්, තනූජා, අශෝක් කුමාර්, දේවන් වර්මා සහාය රංගනයෙන් දායක වුනා. රවී සංගීතවත් කල මේ චිත්‍රපටියේ මෙම ගීතය ගායනා කරනු ලැබුවේ මොහොමඩ් රාෆි විසින්.
මේ ගීතය පහලින් බලන්න වගේම බාගන්නත් අවස්ථාව සුපුරුදු පරිදි තිබෙනවා ඔන්න
ඉත්නී හසීන් ඉත්නී ජවාන් රාත් ක්යා කරේ.. - මොහොමඩ් රාෆි
මෙම ගීතයේ තනුවට පසුකාලීනව සුපුරුදු පරිදි එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගීතයක් ගායනා කලා.. ඒ තමයි “කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ..“ කියන ගීතය.. මේ ගීතය චිත්‍රපටියකටද ගායනා කලේ කියන තොරතුරක් නම් හොයාගන්න බැරිවුනා.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න.. කොහොම වුනත් හරිම ලයාන්විත විදිහට මුල් තනුව තවත් අලංකාර කරමින් මේ ගීතය අපේ ජෝතිපාල මහත්මයා ගායනා කරලා තියෙනවා..
පහලින් මේ ගීතය අහන්න බලන්න වගේම බාගන්නත් අවස්ථාව තියෙනවා ඔන්න.. තවත් මේ වගේ ලස්සන ගීත යුගලක් අරගෙන පරක්කු නොවී එන්නම්..
කඳුලැල් සලා දෙනෙත් පියවිලි - එච්. ආර්. ජෝතිපාල
Labels:
'60,
H. R. Jothipala,
Ravi,
Sunil Dutt
උදාර මදුෂංක

Subscribe to:
Post Comments (Atom)
4 comments:
ලස්සන ගීතයක්.. මේ වගේ සින්දු දැන් අහන්න හම්බෙන්නේ ඉතාම කලාතුරකින් ඇහුනත් එක්වරම මුල් ගීතය මතක් වෙන්නෙත් නැ... මේ වැඩේට ස්තූතියි.
Good to see it up and running.
Charitha
මෙරා ලෝන්ගවචා එකේ කිචි බිචි හඩ දෙන ගීතය නැද්ද හොයාගන්න
නියම වැඩක්
Post a Comment
වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...