:: Aye Mere Dile.. මේ නොනිමෙන දිවි ගමනේ.. ::

(ලතා මංගේෂ්කාර්)

සිංහල හින්දු අළුත් අවුරුද්දට මුකුත් දෙන්න බැරිවුන නිසා ඔන්න අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන ගීත දෙකක්.. හැබැයි සිංහල එක නම් චිත්‍රපටියක ගීතයක් නෙමෙයි.. පහුගිය ලිපියේ අරගෙන ආවේ දෙමළ ගීතයක් වුනත් මේ පාර නම් ගෙනාවේ හින්දි එකක්..

ඒ මේරේ දිලේ නාදාන්..
තුම් හම්සේ නා ගබ්රානා..
ඉක් දින්කෝ සමජ්යේ ගී..
දුනියා තෙරා අෆ්සානා..

1962 තිරගත වුන “ටවර් හවුස්“ කියන චිත්‍රපටියේ තමයි මේ මියුරු ගීතය අඩංගු වුනේ.. නිසාර් අහමඩ් අන්සාරි අධයක්ෂණය කල මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ශකිලා සමග අජිත්.. මේ නළු නිළි දෙපළ නම් ඒ තරම් ජනප්‍රිය නෑ.. නමුත් මේ ගීතය ගායනා කරන තැනැත්තිය නම් කොයි කවුරුත් දන්නවා.. ඒ තමයි ලතා මංගේෂ්කාර් මහත්මිය.. සංගීතය රවීගෙන්.. පද අසාද් බෝපාලීගෙන්..

ඔන්න පහලින් බාගෙන බලාගෙන යන්න පුළුවන් සිංහල ගීතයට...

(ලතා මංගේෂ්කාර්)



සුපුරුදු විදිහට දැන් ඉතින් මුමුණනවා ඇති මේ ගීතයේ සිංහල ගීතය.. එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන මෙන්න මේ මව් ගුණ ගීතය තමයි මේ හින්දි තනුවට ගැයුනු සිංහල ගීතය...

මේ නොනිමෙන දිවි ගමනේ..
නිවනේ මග පෙනෙන තුරා..
අම්මේ ඔබේ පුතෙකු වෙලා..
මම එන්නම් සසර පුරා..

1984 වසරේ තිස්ස ඩයස් කියන මහත්මයා තමයි මේ ගීතය ජෝතිපාල මහත්මයාට ලියලා දීලා තියෙන්නේ.. චිත්‍රපටියක අඩංගු වුන ගීතයක් නෙමෙයි කියන එකත් සඳහන් කරන්න ඕනේ.. ඔන්න පහලින් බාගන්න බලාගන්න අවස්ථාව තියෙනවා..




උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

8 comments:

Unknown said...
April 18, 2012 at 9:23 PM

ජෝතිගේ ගීතය භරිමහැගුම්බරයි.මේවගේ රසවත් අරුත් බරගීත තවදෙන්න.

Unknown said...
April 18, 2012 at 9:24 PM

ජෝතිගේ ගීතය භරිමහැගුම්බරයි.මේවගේ රසවත් අරුත් බරගීත තවදෙන්න.

තිස්ස දොඩන්ගොඩ said...
April 20, 2012 at 12:29 AM

සුභ අලුත් අවුරුද්දක් වේවා....

ලකී වික්‍රමසිංහ said...
April 20, 2012 at 8:54 AM

බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මෙහි සංගීතය සැපයූ "බොම්බෙ රවි" හෙවත් රවි ශංකර් ශර්මා සංගීතවේදියාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!

ලක්මාල් බලපිටිය - LaKmAl BaLaPiTiYa said...
June 10, 2012 at 10:42 AM

මේ නොනිමෙන දිවි ගමනේ කියන ගීතය "නොහඬන් ළඳුනේ" කියන චිත්‍රපටියේ අඩංගු වුණ ගීතයක් ඊට අමතරව ටවර් හවුස් එකේ තනුවට ලතා වල්පොල මහත්මිය ගායනා කරලා තියෙනවා දීපශිකා චිත්‍රපටියට මේ ජීවිතේ කතන්දරේ කියලා ගීතයක්

Bindi said...
September 2, 2012 at 8:30 PM

සින්දු දෙකම අනර්ගයි . පුළුවන් නම් හින්දි සින්දු වල තේරුමත් සොයා දෙන්න .හරිම වටිනවා

Anonymous said...
August 11, 2013 at 12:09 PM

ඔයාට ගොඩක් පිං මේ කරන මෙහෙවරට
පුලුවන් නම් මේ තනුවට ඇති සිංහල සින්දුත් දාන්න.

thujhe suraj kahoon-ek phool do maali.(manna dey)

1.හිරු පායා නැගී බැස යනවා-unknown artist
2.නාඩන්න මගේ සුදු මල්ලී-unknown artist
3.තරු පායන රැයේ තරින්දා-h.r jothipaala
4.සිර කුටිය පුරා ලියු කවියේ-punsiri soysa
5.මොර සූරන මහ වරුසාවේ-mohidin beg

kasun said...
January 20, 2015 at 10:14 PM

.හිරු පායා නැගී බැස යනවා

http://lakmusic.com

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...