+Download+MP3+Songs+And+Soundtracks.jpg)
ඊයේ දාපු පෝස්ට් කීපයට හිතපු තරම් නැතිවුනත් සාමාන්‍ය මට්ටමක ප්‍රතිචාර තිබුනා.. ඉතින් ඒ ප්‍රතිචාර වල ප්‍රතිපලයක් විදිහට සයිබර් ලෝකෙදි දැන අඳුනා ගත්ත මං වගේම හින්දි පිස්සෙක් (ආදරේට හොඳේ) (නමින් හෂිනි මද්දුමගේ සහෝදරිය) මට සෑහෙන්න වටින අති ජනප්‍රිය සින්දු කීපයක් එවලා තිබුනා.. ඉතින් ඔන්න ඒවා දැන් එකින් එක දානවා.. ඔන්න ඉතින් මුලින්ම හසිනි සහෝදරියට තැන්කුන් කියලා ඉමු...
අද ගෙනාපු සින්දුව තමයි හැමෝම දන්න කියන ළගදී රීමේක් කරපු තුෂාරා එකෙත් තිබුන මේ දවස් වල සූප ස්ටාර් කඩ වලිනුත් ඇහෙන "කලක් තිස්සේ.. සිතක් පත්ලේ..." සින්දුව... ලතා වල්පොල නෝනත් එක්ක අපේ හදවත රත්තරං ජෝතිපාල මහත්තයා තමයි මේ සින්දුව ගායනා කරන්නේ.. 70 දශකයේ තිරගත වුන තුෂාරා චිත්‍රපටියේ රඟපෑවේ කවුද කියලා කියන්න ඕනේ නෑනේ.. දන්නේම නැත්තම් පල්ලෙහා යුටියුබ් වීඩියෝ ටික බලන්න..
ඉතින් මේ "කලක් තිස්සේ" සින්දුවේ තනුවත් හින්දි කොපියක් කියලා සමහරු දන්නවා ඇති.. 1971 තිරගත වුන ආප් ආයේ බහාර් ආයේ (Aap Aye Bahaar Ayee) චිත්‍රපටියේ තමයි මේ මුල් ගීය තිබ්බේ.. "මුජේ තේරී මොහාබත් කා.." කියලා තමයි ඒ සින්දුව පටන් ගන්නේ.. රාජේන්ද්‍ර කුමාර් එක්ක සධානා ශිවදාසනී තමයි මේ චිත්‍රපටියට රඟපෑවේ.. මේ නිළියයි නළුවයි නම් මතකත් ඇති.. මේ නළුවා ගීත් එකේ රඟපෑවා.. නිළිය ඒක් පූල් දෝ මාලික් චිත්‍රපටියේ හිටියා.. සුපුරුදු විදිහට ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් ගේ සංගීතයට ආනන්ද භක්ෂි තමයි පද ටික ගැලපුවේ.. ඉන්දියාවේ ජෝති, මොහොමඩ් රාෆි එක්ක ඉන්දියාවේ ලතා නෝනා තමයි හිත ඇද බැද ගන්න විදිහට සින්දුව කිව්වේ.. ඔන්න තියෙනවා ඔක්කොම බාගෙන විඳින්න.. තව ඕනේ නම් කියන්න ඈ.. ;)
කලක් තිස්සේ - එච්. ආර් ජෝතිපාල සමග ලතා වල්පොල
මුජේ තේරී මොහොබත් කා - මොහොමඩ් රාෆි සමග ලතා මංගේෂ්කාර්
9 comments:
well done and this is very good.I am also Hindi fan and like most old songs.
this is one of my very fav songs ... u r doing a great job bro... keep it up ...
මම නම් කැමති සිංහල සිංදු වලට වඩා පරණ හිංදි සිංදු වලට.. මේකත් ඒ වගේ ආස සිංදු වලින් එකක්.
මමත් ආස හින්දි සින්දුවට...
කවුද මේ Anonymous ළමයා ?? අපි අඳුනන කෙනෙක්ද? කමක් නෑ කවුරුහරි රස විඳිනවා නම් මේ ගී.. ස්තූතියි Anonymous ! :)
මලීයා - ඔව් මලියෝ.. ඒත් අපේම කියලා හැඟීමක් එනවා සිංහල කොපි වලිං.. අපේ කණ් ටියුන් වුනේ ඒ සිංහල කොපියෙ තනුවටනේ.. නැද්ද ?
අන්ජු - දිගටම බලන්න.. තව ගොඩාක් සින්දු දෙනවා යාළුවොන්ට..
thanx udara malli
this is my fav
udara ur doing a great job
thanx million
hello Anonymous..
may i know who u r ?
ආප් ආයේ බහාර් ආයේ කියන්නේ " ඔබ පැමිණියොත් වසන්තය ඒවී" කියන එක
මීදුම් ගලා ක්නදේ සිංදුවේ හින්දි එකත් තියෙන්නේ මේ චිත්‍රපටියේ http://www.youtube.com/watch?v=JAtFjvKzuhg
Post a Comment
වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...