ඔන්න අද දවසට "ශ්‍රී ලංකාවේ පැරණි හින්දි ගී" බ්ලොග් එකේ දාන තුන්වෙනි ලිපිය...
ආයෙත් ගෙනාවා ඔන්න අති ජනප්‍රිය තවත් ගීතයක්.. ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා එදා ගායනා කරපු, අද ප්‍රියංකර පෙරේරා හෝ චලක චමුපති ගායනා කරන සින්දුවක් තමයි මේ..
" ඔබ කවුද ප්‍රියේ... මන්ද මෙසේ... රන් රස සේ... ඉන්නේ බැඳී..."
හැමෝම දන්න කියන මේ සින්දුවත් හින්දි කොපියක් කියලා ගොඩක් අය දන්නේ නැතුව ඇති.. ඒ තරම් දක්ෂ විදිහට මුල් තනුව පාවිච්චි කරලා තියෙනවා.. මේ මුල් ගීතය අඩංගු වෙලා තිබ්බේ 1964 තිරගත වුන "ආයේ මිලන් කී බේලා" (Ayee Milan Ki Bela) කියන චිත්‍රපටියේ... ශංකර්-ජයකිශන්ගේ මියුරු සංගීතයට මොහොමඩ් රාෆි මහත්තයා තමයි ගීය ගායනා කලේ.. මේ චිත්‍රපටියේ රඟපෑවේ රාජේන්ද්‍ර කුමාර්, සයීරා බානු එක්ක ධර්මේන්ද්‍ර... ඒ කිව්වේ සනී ඩියෝල්, බොබී ඩියොල්, ඊෂා ඩියොල්ගේ තාත්තා... කොහොම හරි අහන්න ලැබුන විදිහට ධර්මේන්ද්‍රගේ පළමුවෙනි චිත්‍රපටියත් මේකලු.. දුෂ්ඨයාට තමයි ඉතින් රඟපාලා තියෙන්නේ.. :)
ඔන්න තියෙනවා යූටියුබ් වීඩියෝ එකයි... ඔබ කවුද ප්‍රියේ සිංහල සින්දුවේ එම්පී3 එකයි.. තුම් කම්සින හූ එම්පී3 එකයි.. ඔක්කෝම..
ඔබ කවුද ප්‍රියේ... - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
තුම් කම්සින හූ... - මොහොමඩ් රාෆි
2 comments:
නියම ඉසව්වක් ඉලක්ක කරගත් වැඩක් ... හදවතින්ම සතුටු වෙනව! පුලුවන්නම් මේ ගීත වල mp3 හෝ RM ලින්ක් කරන්න!ස්තුතියි ඔබට!
ස්තූතියි නුවන් කමෙන්ටුවට.. මං පුළුවන් හැම ගීයකම එම්.පී3 ලින්ක් දෙනවා.. හැම ලිපියකම අග දාලා තියෙනවා.. ස්තූතියි නැවතත්..
Post a Comment
වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...