ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගීත.....
සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ බොහෝ දෙනෙක්ට හොඳ රසඥතාවයක් තියෙනවා කියලා මට දැනෙනවා.. ඒ වගේම අපිට හොරා කමෙන්ට් නොදමා අපේ බ්ලොග කියවන බොහෝ දෙනෙකුටත් හොඳ රසඥතාවයක් ඇති කියල හිතෙනවා... ඉතින් පැරණි හින්දි ගීත කියන්නේ ඒ රසඥතා පිපාසය සංසිඳුවන්න පුළුවන් දිය දෝතක් වගේ මට නම් දැනෙන්නේ... ඒක නිසාම අද පටන් මං පැරණි හින්දි ගීත මගේ මිතුරු මිතුරියන් එක්ක බෙදා හදා ගන්නවා...
මේ බ්ලොග් සටහනේ ආකෘතිය වෙන්නේ මෙන්න මේකයි...
1. පැරණි හින්දි ගීතය - Mp3 ආකාරයට හා Youtube වල තිබේනම් පමණක්
2. එම පැරණි හින්දි ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය - Mp3 ආකාරයට හා Youtube වල තිබේනම් පමණක්
3. එම පැරණි හින්දි ගීතයේ සිංහල තේරුම - හින්දි සාමාන්‍යයෙන් මට පුළුවන් වුනත් මෙය කිරීමට කාලවේලාව ප්‍රශ්ණයක් විය හැක... නමුත් රුහුණු යකා එකඟ වුනොත් පහසු වනු ඇත...
ඉතින් තව අදහස් තියෙනවා නම් මට කියන්න.. මෙන්න මගේ විද්‍යුත් තැපෑල....
ඉතින් අපි රසවිඳිමු... පැරණි හින්දි ගී....
3 comments:
එළ එළ හොඳ වැඩක්! අපිත් ඉතින් හොඳ පැරණි හින්දි ගීත රසිකයො තමයි, ඒත් ඕව තිබුණු චිත්‍රපටි ගැන නළු නිළියො ගැන එච්චර තේරුමක් බේරුමක් නෑ. අනිත් එක අමතක වෙලා තිබිච්ච සින්දුත් අහුවේවිනෙ.
දිගටම ලියමු!
තමීර - බොහොම ස්තූතියි කමෙන්ටුවට.. මං නම් ටිකක් වැඩිපුර මේවා ගැන හොයලා බලන හින්දා හිතුනා යාළුවොත් එක්ක බෙදා කියා ගන්න... දිගටම බලන්න...
ඔය කවුරුත් දන්න හින්දි චිත්‍රපටිවල ගීතවලට වඩා ලස්සන ගීත රාෆිලා ලතාලා ඒ ගොල්ලන්ගේ ඇල්බමි වල කියලා තියෙනවා
www.mp3hungama.com එකේ හින්දි mp3 තියෙනවා ඇති තරම්
Post a Comment
වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...