Showing posts with label Gunguna rahi hay. Show all posts
Showing posts with label Gunguna rahi hay. Show all posts

Gunguna Rahi... සුසුදු රැල්ල...

මේ හින්දි ගීතය බොහෝ අය රසවිඳලා ඇති... ආරාධනා චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ආශා බොස්ලේ ගායනා කරන "ගුන්ගුනා රහී හේ" ගීතයට රංගනයෙන් දායක වුනේ රාජේශ් ඛන්නා හා ශර්මිලා තාගෝර්... මේ ශ්‍රේෂ්ඨ නළු නිළි දෙපළම තාමත් අප අතරේ ඉන්නවා.. රාජේශ් ඛන්නා නම් දැනට රඟපාන්නේ නෑ.. හැබැයි ශර්මිලා තාගෝර් නම් මේ ළඟදිත් ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිතයට රඟපාන චිත්‍රපටියක මවකගේ චරිතය රඟපෑ‍වා... 8X10 Thasweer ඒ චිත්‍රපටියේ නම... ඒ ගැන තොරතුරු මෙතනින් බලන්න පුළුවන්... ශර්මිලා තාගෝර් කියන්නේ සයිෆ් අලී ඛාන්ගේ අම්මා බව ගොඩක් අය දන්නවා ඇති.. ඉතින් ආරාධනා චිත්‍රපටිය නරඹපු කාටවත් මේ සින්දුව නම් අමතක වෙන්න විදිහක් නෑ.. ආහ්.. මේ ගීතය රචනා කලේ ආනන්ද් බක්ෂි, සංගීතය එස්. ඩී. බර්මන්...

හැබැයි කොයි කවුරුත් දන්නවා "සුසුදු රැල්ල වැල්ලේ පෙරලී" ගීතය... ගුන්ගුනා රහී‍ හේ ගීතයේ තනුවට අපේ එච්. ආර්. ජෝතිපාල (හදවත රත්තරන් ජෝතිපාල) මහත්තයා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය එක්ක "අභිරහස" චිත්‍රපටියට තමයි සුසුදු රැල්ල ගීතය ගායනා කලේ... හින්දි ඔන්න පහල දාලා තියෙනවා ඔරිජිනල් එකයි සිංහල කොපියයි දෙකම කට්ටියට බලාගන්න... හින්දි එකේ Mp3 එකත් මෙතන තියෙනවා...

මෙතනින් mp3 ගොනුව බාගන්න..



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන